-
පළාත් සභා මැතිවරණයට පෙර එකතුවීම සඳහා සජිත් රනිල් සාකච්ඡා…
-
ආණ්ඩුවේ පිරිස සම්බන්ධීකරණය කිරීමේ කටයුත්තට ආගමික නායකයන් කීප දෙනෙකුගේ ආශීර්වාදය…
විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ඒකාබද්ධව ඉදිරියේදී පුළුල් දේශපාලන පෙරළියකට සූදානම් වෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔසසේ ලංකාසරට වාර්තා වේ.
පවතින ආණ්ඩුව වෙනස් කර රටේ නව පාලනයක් ඇති කරගැනීමේ අරමුණ ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙළේ මූලික පියවර ලෙස එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව පුළුල් සංධානයක් ගොඩනගා ගත යුතු බව ආණ්ඩුපක්ෂයෙන් විපක්ෂයට එක් වීමට සිටින මැති ඇමතිවරු යෝජනා කර තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි දෙපාර්ශවය එක් වීම සඳහා මේ වනවිට සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.
ඉදිරි පළාත්සභා මැතිවරණයට පෙර දෙපාර්ශවය ඒකාබද්ධ වීමට සැලසුම් කර තිබෙන අතර එහි සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වජිර අබේවර්ධන, සමගි ජනබලවේගය පැත්තෙන් රාජිත සේනාරත්න ප්‍රමුඛ පිරිසකගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල ආරම්භ කර ඇත.
මෙම සාකච්ඡා සාර්ථක වීමෙන් පසු එම පක්ෂ දෙක සමග සිටින සුළු පක්ෂ හා පසුගිය මැතිවරණයේ දී ආණ්ඩුවට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රභලයින් විපක්ෂයේ සංධානයට එක් කර ගැනීමට සැලසුම් කර තිබේ.
මෙලෙස විපක්ෂයේ හා ආණ්ඩුවේ පිරිස ඒකාබද්ධ කිරීමට ප්‍රධානතම ආගමික නායකයින් කීප දෙනෙකුගේ ආශීර්වාදය මෙන්ම සහයෝගය ලැබෙන බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.
විපක්ෂය සහ ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේ දී එක්ව පුළුලු සංධානයක් ගොඩනැගීමට පියවර ගෙන තිබෙනවා ද යන්න පිළිබඳව ලංකාසර කළ විමසුමක දී ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියා සිටියේ ඉදිරියේ දී සියල්ල ජනතාවට හා මාධ්‍යයට දැනගැනීමට හැකිවනු ඇති බවයි