බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා දුෂ්ඨ එම ආණ්ඩුවේම දිගුවක් වූ කල්ලිය සමග කිසිම ගනුදෙනුවක් නෑ! – විපක්ෂ නායකවරයා නිවේදනය කරයි…

by editor
අප්‍රේල් 16, 2023
in දේශපාලන, පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

මොනම කොන්දේසියක් මතවත්  දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්වන  වරතමාන ආණ්ඩුව සමග එකතු නොවන බවත්, වරදාන වරප්‍රසාදවලට ගිජු වී සමගි ජන බලවේගය ආණ්ඩුව සමග එකතුවන බවට ප්‍රචාරය වෙමින් ඇති ප්‍රවෘත්ති පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු  අගාධයකට මෙම ආණ්ඩුව රට තල්ලු කරමින් සිටින බව අනතුරු අඟවන විපක්ෂ නායකවරයා වැඩි කල් නොගොස් මේ අසාර්ථක ආණ්ඩුවේ නිරුවත හෙළිවනු ඇති බව පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහත දැක්වේ.

සමගි ජන බලවේගය සහ අප මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග  එක්වීමට සූදානම් වන බවට නවතම ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණයකොට සමාජගත කර තිබේ.

මේ ව්‍යාජ, ප්‍රවෘත්තිය අප සහමුලින්ම ප්‍රතික්ෂේප කරන අතර අදාළ ව්‍යාජ ප්‍රවෘත්තියටම හිමි පිළිකුලෙන් යුතුව එය හෙළා දකිමු.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

පැවති දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වන වර්තමාන ආණ්ඩුව, පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට අපේ රට තල්ලු කරමින් සිටින බවට අප මුල සිටම අනතුරු අඟවන අතර වැඩිකල් නොගොස් මේ  ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙළෙහි නිරුවත හෙළිවනු නොඅනුමානය.

  • පොහොට්ටුවේ සෙවනැලි ආණ්ඩුවක් බවට පත්වෙමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමගි ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බලන්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය.ලුම්පත් ධනවාදී කල්ලිවලත්,ප්‍රතිගාමී බලවේගවලත් එකම අභියෝගය සමගි ජන බලවේගය වන අතර සමගි ජනබලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එම කල්ලි දෙවරක් සිතන්නේ නැත.
  • සමගි ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින් දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලි සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිතා කරන්නේ අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් සමගි ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බව ය. එය අමූලික බොරුවකි.පදනම් විරහිත මෘග්ධ ප්‍රවෘත්තියකි.
  • එම කල්ලිවලත් සමගි ජන බලවේගයේත් තීරණාත්මක බෙදුම් රේඛාව වන්නේ ඔවුන් විස්වාස කරන්නේ  ඩීල් සහ විකෘතිය වනවිට අප විශ්වාස කරන්නේ ජනතා බලය සහ ප්‍රකෘතිය වීමයි.මැතිවරණයකින් මෙපිට මේ අභාග්‍යසම්පන්න ඉරණමෙන් අපේ රට මුදවා ගත නොහැකි බව අප තරයේ විශ්වාස කරමු.දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිතා කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ටසම්පන්න මාධ්‍යයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි.
  • තමන්ට ගෙවනු ලබන මිල වෙනුවෙන් ඕනෑම මිත්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්තව සහ ආචාර විද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන්නේනම් මැනවැයි අපි යෝජනා කරමු.
  • නමුත්,සිය ස්වාමියාගේ මතය ජනගත කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ගනු ලබන උත්සාහයට අප අනුකම්පා කරමු. මිනිස්සුන්ට සත්‍ය වෙනස් කළ නොහැකි මුත්,සත්‍යයට මිනිසුන් වෙනස් කළ හැකි බව පමණක් අවධාරණය කරමු.
  • මේ ගෙවී යමින් තිබෙන සෑම තත්පරයක්ම අපේ රටේ අහිංසක අසරණ ජනතාවගේ ජීවිත ඉරණම පිළිබඳව තීරණාත්මක බව අප ආණ්ඩුවට අවධාරණය කරන අතර,ඒ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කිරීම වෙනුවෙන් කාලය වෙන් කරනවා වෙනුවට ඩීල්,කුමන්ත්‍රණ,සහ බිලිබෝයි දේශපාලනයක යෙදීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය සහ පිළිකුල මේ අන්තනෝමතික දුර්දාන්ත ආණ්ඩුවට පළකර සිටිමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසල් ගෙනුත් ශතකයක්…

Next Post

රිදියගම සෆාරි උද්‍යානයේ අනවසරයෙන් සිටි හමුදා සෙබලෙක් යැයි කී පුද්ගලයෙක් අත්අඩංගුවට… 

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.