බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රනිල් වික්‍රමසිංහ… මේ ඝාතනයේ වගකීම ඔබ බාරගත යුතුයි…  ටිල්වින්

අපි කබලබ වෙන්නෙ නෑ.. ආණ්ඩුවේ  මර්දන වියරුව නතර කරන්න සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා.

by editor
පෙබරවාරි 27, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ  ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ඊයේ පහර දී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (27) කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“අපි ඊයේ (26 දා) මැතිවරණ අයිතිය ඉල්ලා ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණය් සිදුකළේ. ඒ උද්ඝෝෂණයට රනිල් වික්‍රමසිංහලා අධිකරණ තුනකින් වාරණ නියෝග ගත්තා. ඉන්පසුව ම්ලේච්ඡ ආකාරයෙන් පහරදීමෙන් 28 දෙනෙකුට තුවාල සිදුවී රෝහල්ගත කළා. එයින් දෙදෙනෙකු ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ සිටියා.

මේ වනවිට එම දෙදෙනාගෙන් එක අයෙක් වන රත්නපුරයේ නිමල් අමරසිරි සහෝදරයාගේ ජීවිතය අහිමිවී තිබෙනවා. ඔහු නිවිතිගල ප්‍රාදේශී සභාවේ අපේක්ෂකයෙක් ලෙස සිටි සහෝදරයෙක්. මේ ජීවිතය අහිමිවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. අපි ගියේ ජනතාවගේ අයිතියක් වන මැතිවරණය පැහැර ගැනීමට විරුද්ධව සාමකාමී ලෙස විරෝධය පෑමටයි. නමුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒකාධිපති වියරුව මුදාහරිමින් පාලනය ආරක්ෂාකර ගන්න උත්සාහ කරනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන්නේ බොරුවක්. මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණය යම් නීතියකින් හෝ අධිකරණයෙන් නතර කර නැහැ. මැතිවරණ නීතිය පැත්තකට දමා නිලධාරීන්ට බලපෑම් කර, මුදල් දීම නවත්වා මැතිවරණ කොමිසමට පසුගිය අයවැයෙන් අනුමත කළ මුදල නොදී උමතු හැසිරීමක් ජනාධිපතිවරයා ප්‍රදර්ශන කරනවා.

පිනට ලැබුණු ජනාධිපතිකම, අතේ තියාගෙන තමන්ගේ සාමකාමී උද්ඝෝෂණය අයිතිය අනුව ක්‍රියාකරන ජනතාවට පහරදීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් නතර කළ යුතුයි.  ඒකාධිපති ක්‍රියාමාර්ගවලට ගමන් කරන්න උත්සාහ කරනවා නම්, ජාතික ජන බලවේගය ඊට එරෙහිව ගත හැකි සියලුම ප්‍රජාතනත්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ උද්ඝෝෂණයේදී ජීවිතය අහිමි වූ අපේ සහෝදරයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිත අහිමි විය යුතු නැහැ. නිමල් අමරසිරි සහෝදරයා උද්ඝෝෂණයට එක්වුණේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන්. ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනයන බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

ජනතාව පාරට බැස්සේ අපට තිබුණු අයිතිය නැති කරපු නිසයි. මාර්තු 09වැනිදා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේ ස්වාධීන මැතිවරණ කොමිසම. අපි ඒ මැතිවරණ ක්‍රියාවලියට අනුව කටයුතු කරගෙන ගියා. අන්තිම මොහොතේ වෙන දහංගැට ගහලා මැතිවරණය නවත්වන්න අනීතිකව සිදුකරන බලපෑම් නවත්වන්න බලකිරීම සඳහායි අපි ලිප්ටන් වටරවුමට පැමිණියේ.

මේ පළාත්පාලන මැතිවරණය ගිය වසරේ පවත්වන්න තිබුණේ. මැතිවරණ නීතියට අනුව සහ ව්‍යවස්ථාවට අනුව මේ මාර්තු මාසයේදී පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතුමය. ජනාධිපති කැමති දිනයක් දක්වා මැතිවරණ කල්දැමීම අපේ රටේ සම්ප්‍රදායක් කර ගත හොත් ඊට පසු ලැබෙන්නේ පවතින ආණ්ඩුවට දිනන්න පුළුවන් මැතිවරණ විතරයි. ඒ නිසා මේ ක්‍රියාමාර්ග පටන් ගත්තැනම පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත් කරන්න අධිකරණය ඉදිරියේ නඩු පැවරීම, ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරිම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සිදුකරමින් යන අතරතුරයි සාමකාමී, උද්ඝෝෂණයක නිරත වූනේ.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ඉඩදිය යුතු නැහැ. මේ ආණ්ඩුවටත් ජනාධිපතිටත් කිසිම ජන වරමක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පිනට ලැබුණු ජනාධිපතිකම යොදාගෙන උමතුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලුම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතුයි.

මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන ජනාධිපති විශාල මුදලක් වියදම් කර, නිදහස් දින උත්සවයක් පැවැත්වූවා. ජනරජ පෙරහරක් පැවැත්වූවා. ඊට අමතරව තව විශාල නාස්තිකාර වියදම් සිදුකරමින් යනවා. ජනතාවට දරාගත නොහැකි විශාල බදු බරක් පටවමින් ඔහු ඇතුළු කණ්ඩායමේ සතුට වෙනුවෙන් ක්‍රියාකරමින් ඉන්නවා.

ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයක් අපට තිබෙනවා. ආණ්ඩුවේ මේ හැසිරීමෙන් පේන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව බියට පත්වී සිටින බවයි. ආණ්ඩුවේ අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න, ආණ්ඩුවේ වියරු මර්දනය නතර කරන්න සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා.

ඒ වගේම අපි කලබල වෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අපි දන්නවා. මිනිස් ජීවිතවල වටිනාකම අපි දන්නවා. දස දහස් ගණනින් ජනතාව එක්වී ඉතාමත් සාමකාමීව සහ විනයගරුකව විරෝධය දැක්විය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි. ආණ්ඩුව පහර දුන්නේ එවැනි ජනතාවකට. අපිට අපේ සහෝදරයා පිළිබඳව හදවතේ කණගාටුවක් තිබෙනවා. නමුත් අපි පස්සට යන්නේ හෝ සැලෙන්නේ නැහැ.

මේ උද්ඝෝෂණයට පුද්ගලික අරමුණු වෙනුවෙන් කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ග අපි හැමෝම එක්වී පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් පෙළගැසෙන්න කියා ආරාධනා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ ජාතික ජන බලවේග විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය නීති විරෝධීයි! මානව හිමිකම් කොමිසමින් කඩිනම් පරීක්ෂණයක්…

Next Post

මැතිවරණ කල් දමන රටක ප්‍රතිරූපය උත්සව තබා ගොඩ නැගිය හැකි ද?. පැෆරල් අසයි!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.