බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“මහබැංකුවේ නිලධාරීන්ට කෑගැහුවට ආර්ථිකය හැදෙන්නේ නෑ”

චම්පික රණවක 'ලංකාසර' සමඟ පිළිසඳරක

by Lanka Sara Editor
ජූනි 19, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු මෙරට සමාජ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හමුවේ ඉදිරි ගමන් මග මඟ හා සමගි ජන බලවේගයේ අරමුණු සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායක සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය- covid-19 වසංගතය සාර්ථක ලෙස මැඩ පැවැත්වීමට වත්මන් රජයට හැකි වූ බවත් යහපාලන රජය තිබුනානම් මහමග මිනිස්සු මැරී වැටෙන තත්ත්වයකට පත්වීමට ද ඉඩ තිබූ බව වත්මන් ආණ්ඩුවේ මැතිඇමතිවරු ප්‍රකාශ කරනවා. කොවිඩ්-19 පාලනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගත් පියවර සම්බන්ධව ඔබේ තක්සේරුව මොකක්ද?

පිළිතුර – covid-19 මර්දනය කළා කියන කතාව තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණයි. මර්දනය කරන්න covid එකක් ලංකාවේ තිබුණේ නැහැ. ගොවි තිබුණේ චීනය ඇතුළු විදේශ රටවල. ලංකාව යනු මුහුදෙන් වටවූ දූපත් රටක්. මේ රටට මිනිස්සු පැමිණෙන්නේ ගුවන් තොටුපළ හරහා. නියම දවසේ ගුවන්තොටුපළ වහලා දාන එඩිතර තීරණය, නියම තීරණය, බුද්ධිමත් හා විද්‍යාත්මක තීරණය ගන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමත් වුණේ නැහැ. එහෙම ඔවුන් සමත් වුණා නම් මේ රටේ covid නැහැ. මේ අය කුමක්ද කළේ කොවිඩ්-19 නැහැ කිව්වා. එපමණක් නොවෙයි සංචාරකයෝ ඉඹලා පිළිගත්තා. හැකි තරම් සංචාරකයන්ට රට විවෘත කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ප්‍රථම covid රෝගියා සංචාරක මගපෙන්වන්නෙක් ලෙස බිහි වුණා.

ලංකාවේ covid රෝගීන් අතරින් තුනෙන් දෙකක් ඉන්නේ ආරක්ෂක හමුදා කඳවුරුවල. රටේ විනයානුකූලම තැන වන්නේ ආරක්ෂක හමුදාවයි. එවැනි විනයක් සහිත කඳවුරුවල කොවිඩ් පැතිරීම වළක්වා ගන්න නොහැකි වූ පාලකයින් විසින් රටේ covid පාලනය කරන්නේ කොහොමද?

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

ගුවන්තොටුපල වහන්නෙ නැතුව මේ පාලකයින් රට ඡන්දයකට කුලප්පු කළා. එහි ප්‍රතිඵලයක් නිසා රටේ සෑම නිවසක්ම වහන්න සිදුවුණා. රටම lockdown කරන්න සිදු වුණා. මේ නිසා මුළු ආර්ථිකයම ගිනිබත් වුණා. මේ නිසා සේවකයින්ට වැටුප් නැතිවුණා. දීමනා නැති නැතිවුණා. බෙහෙත් ආහාරපාන නැතිවුණා. ස්වයං රැකියා බිද වැටුණා. මේ සියල්ලේ අනිසි ප්‍රතිඵල දැන්නම් දැනෙන්න පටන් ගෙන තිබෙනවා .

ප්‍රශ්නය- මෙතෙක් ඔබ සහ ඔබේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව සිට දැන් මේ මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග එක්වෙනවා. මොකක්ද මේ වෙනස?

පිළිතුර – මේ රටට අද සමාජ විප්ලවයක් අවශ්‍යයි. ඒ නිසා තමා අපි පසුගිය ජනාධිපති වරණයේදී සජිත් සමග සමාජ විප්ලවයට මුල පිරුවේ. මේ රටේ ජනතාව අද ඉල්ලන විප්ලවය එයයි. කුසලතාවයට හැකියාවට මුල්තැන ද දෙන රටක් නිර්මාණය කිරීමට අද අවශ්‍යයි. පුම්බන මිනිසුන් වෙනුවට හැකියාව දක්ෂතාවය ඇති මිනිසුන් කරළියට ගෙන ඒම සදහා අපි සමගි ජන බලවේගය ඇති කළා. මේ සමගි ජන බලවේගය අංගසම්පූර්ණ ක්‍රියාවලියක් නොවෙයි. නමුත් එක්සත් ජාතික පක්ෂයට සාපේක්ෂව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාපේක්ෂව මේ රටේ ඉදිරිගාමී ප්‍රගතිශීලී බලවේගය මෙයයි. මෙහි බැංකු හොරු නැහැ. වෙනත් හොරු නැහැ. ඩීල්කාරයෝ නැහැ. සියලු ජාතීන් නියෝජනය කරන පිරිසිදු නායකයෝ මෙහි සිටිනවා. රටේ සිව්කොන ජය ගත හැකි බලවේගය සමගි ජන බලවේගය යි.

ප්‍රශ්නය- ඉතිහාසය පුරාවට මෙරට රජය පාලනය භාරව කටයුතු කළේ දිගු කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතව ඒ පිළිබඳව පළපුරුද්දක් ඇති නායකයෙක්. නමුත් අද අපේ රටේ නායකයා ඊට වඩා වෙනස්. ඔහු හිටපු රාජ්‍ය නිලධාරියෙක්. ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය සම්බන්ධව ඔබේ ස්ථාවරය මොකක්ද කියා අප දැන ගන්න කැමතියි.

පිළිතුර- ඔබ ඔය කියන ගෝටාභය ජනාදිපතිතුමාගේ පාලනය අලුත් එකක් නෙවෙයි. මේ රාජපක්ෂ පවුල් පරම්පරාවේ දූෂිත වංචාකාර මෙන්ම පවුල මූලික කරගත් ඒ දේශපාලන ක්‍රියාදාමයේ ම තවත් පිටුවක් තමයි. අද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරළා තිබෙන්නේ මේ බලවේගය මේ දූෂිත පාලනය 2015 දී අපි මෙරටින් පන්නා දැමුවා. මේ රටේ සමාජ ආර්ථික හා දේශපාලනික ක්‍රියාවලියට මහින්ද මහින්ද රාජපක්ෂ විසින් 2010 සිට 2014 දක්වා සිදුකළ කටයුත්තට ඔබ්බෙන් එක දශමයක් කිරීමේ හැකියාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නැහැ.

ප්‍රශ්නය- නමුත් වත්මන් ජනාධිපතිතුමා බලයට පත්ව ගෙවී ගොස් ඇත්තේ ඉතා කෙටි කාලයක්. මේ කෙටි කාලය තුල එතුමා රට වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගන්නා බවක් අපට පෙනෙන්නට තිබෙනවා. මේ දේවල් ඔබට නොපෙනෙන්නේ දේශපාලන කෝණයෙන් ඔබ ඒ දෙස බලන නිසාවෙන් ද?

පිළිතුර – මේ රට වෙනුවෙන් කරන කිසිම දෙයක් මා දේශපාලන කෝණයෙන් බලන්නේ නැහැ. මට අවශ්‍ය මේ රට ගොඩ ගැනීමටයි. එය කවුරුහරි සිදුකරනවා නම් මම ඒ ගැන ඉහළින්ම සතුටු වෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත් වී දැන් මාස හතක් අටක් ගෙවී ගොස් තිබෙනවා. එතුමා ජනාධිපති වරණයේදී මවාපෙන්වූ දැවැන්ත ප්‍රතිරූපයට අනුකූලව වැඩ සිදුවන බවක් පෙනෙන්නට නැහැ. අද ඔහු වැඩක් කරගන්න බැරිව ඉතාම අසරණ තත්ත්වයට පත්ව මර්දනය තමන්ගේ එකම අවිය බවට පත්කරගෙන වැලි ජාවාරම්කාරයින්ට සහල් මාෆියාවට මෙරට ක්‍රියාත්මක වූ අවි ජාවාරම්කාරයින්ට, මාෆියාවන්ට වැනි ජාවාරම්කාරයින්ට යට වෙලා යන ගමනක් තමා අද අපට පෙනෙන්නට තිබෙන්නේ. වියත් කම් ගැන කතා කළත් නොවියත් ගමනක එතුමා නිරත වී සිටිනවා.

ප්‍රශ්නය- මෙරට කඩා වැටී තිබෙන ආර්ථිකයට යළි පණ දීමට එතුමා දැඩි උත්සාහයක් ගෙන කටයුතු කරනවා නේද?

පිළිතුර- අද වත්මන් ජනාධිපතිතුමාත් ක්‍රියාවට නංවන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළම තමයි. ඔහු එදා ප්‍රශ්නයක් මතුවන හැම විටම ප්‍රකාශ කළේ මං නම් මේවා දන්නේ නැහැ. නිලධාරීන්ට කිව්වට ඒවා කරන්නේ නැහැ. මං මේක දැනගත්තේ පත්තරෙන්. අද අපිට අහන්න ලැබෙන්නෙත් ඒ දේම නේද?

ප්‍රශ්නය- නමුත් ඝෝටාභය ජනාධිපතිතුමා ඉන් ඔබ්බට ගොස් පසුගියදා මහ බැංකු නිලධාරීන් ගෙන්වා කොරෝනා වසංගත ඉන්පසු වසංගතයන් පසු රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට තමන් කරන දෙය, උපදෙස් වත් නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ නැති බවට බරපතළ විවේචනයක් කළා. ඇත්තටම මෙයින් පෙන්නුම් කෙරුණේ ප්‍රශ්නය විසඳීමට ඇති එතුමාගේ සැබෑ උවමනාව නේද?

පිළිතුර- ඔව්. මට මතකයි කොරෝනා වසංගතයන් පසු මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන්ගේ සේවා ස්ථානවල වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතු සඳහා 4% පොලියට ණය ලබා දෙන ලෙස ඉල්ලමින් එතුමා ණය සහන ක්‍රියාවලියක් දියත් කළා. මෙලෙස රුපියල් මිලියන 60ක ආර්ථික පැකේජයක් ගැන කියමින් පසුගිය කාලයේ රජය විසින් ජනමාධ්‍ය ආයතන ආයතනවලට විශාල වශයෙන් මුදල් ගෙවා දැන්වීම් පළ කළ අයුරු අප දුටුවා.

පසුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මහ බැංකුව පොරොන්දු ප්‍රකාරව එම මුදල් රාජ්‍ය බැංකුවට ලබා නොදී සුළු මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. එලෙස මහ බැංකුව ලබා දුන් සුළු මුදල් ප්‍රමාණය පවා ඇතැම් ජාවාරම්කාර මාධ්‍ය ආයතනවලට ලබා දී තිබෙන බව දැන් හෙළිවී තිබෙනවා. මේ අතර කැබිනට් මණ්ඩලයට හා ජනාධිපතිතුමා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට රුපියල් බිලියන 150ක් ගැන ක්‍රියාවලියක් මේ බැංකු හරහා ක්‍රියාත්මක කරන්න තීරණය වී තිබෙනවා. නමුත් මේ ලෙස බිලියන 150ක් මහ බැංකුවට එළියට දමන්නට බැහැ. එවැනි මුදලක් එළියට දාන්න මහ බැංකුව සතුව එවැනි මුදලක් නැහැ.

මෙහිදී මහ බැංකුවට කරන්න තියෙන එකම කාර්යය වන්නේ දැනට අච්චු ගසා තිබෙන මුදල් හෝ අලුතින් අච්චු ගසන මුදල් බැංකුවලට බෙදාදීමයි. නමුත් දැනටමත් රුපියල් බිලියන 200කට අධික මුදලක් අච්චු ගසා තිබෙනවා. කිසිදු වටිනාකමක් සඳහන් කරන්නේ නැතුව එම මුදල් සමාජයට මේ වනවිට මුදාහැර තිබෙනවා.

මේ තත්ත්වය මත තවත් රුපියල් බිලියන 150ක් මුදා හැරියොත් රජය බැංකු හරහා රටේ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබෙනවා. එමෙන්ම රුපියල අවපාතය වීම සිදුවනවා. එය ආර්ථිකය ගැන දන්න සියලු දෙනාටම අවබෝධ කරගත හැකියි. හැකි මෙලෙස ඵලදායිතාවයකින් තොරව මුදල් දැමීමෙන් තාවකාලික සහනයක් ලබාදිය හැකි නමුත් එය ඊළඟ වටයේදී බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

මෙවැනි පසුබිමක මේ ගැන මහ බැංකු නිලධාරීන්ට කෑ ගැසීමෙන් හෝ ඔවුන්ට දොස් නැගීමෙන් පලක් නැහැ. අපි හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නිලධාරීන්ගෙන් ඊට සහනයක් නැහැ කියමින් ජනතාව දැනුවත් කිරීමෙන් වැඩක් නැහැ. මහබැංකුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී තමන් ජනාධිපති වී 8 මාසයක් සිටියත් කිසිවක් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ බව ජනාධිපතිතුමා බොහොම ශෝකාලාපයක් ප්‍රකාශ කළා.

අද රට මුහුණ පා සිටින මේ අර්බුදයට පාර කැපුවේ covid 19 නෙමෙයි. මෙයට පාර කැපුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. එතුමා පසුගිය දෙසැම්බර් මස පළවෙනිදා මෙරට ධනපතියන්ට දැවැන්ත වූ බදු සහනයක් ලබා දුන්නා. ඒ බදු සහනය නිසා රාජ්‍ය ආදායමෙන් 30% රජයට අහිමි වුණා. ඒ නිසා පසුගිය ජනවාරි පළමුවෙනිදා සිට විශ්‍රාමිකයන්ට යහපාලන ආණ්ඩුවෙන් ලබා දී තිබූ වැටුප් වර්ධකය ලැබුණේ නැහැ. පහළොස් ලක්ෂයක් වන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධකය නතර කළා. එමෙන්ම කොරෝනාවට මුවාවී සියලුම අතිකාල හා අනෙකුත් ගෙවීම් නතර කළා.

ප්‍රශ්නය- covid 19 නිසා ලෝකයේම ආර්ථිකය කඩා වැටුණා. ඒ තත්ත්වය මත මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය ඒ නිසා ඇති වූවක් නොවන බව ඔබ කියන්නේ කොහොමද?

පිළිතුර- කොවිඩ්-19 නිසා ප්‍රශ්න ගණනාවක් මතු වුණා. නමුත් අද අප මුහුණ දෙන මේ අර්බුදයට හේතුව ධනපතියන්ට අසීමිතව බදු සහන ලබාදීමෙන් රජයට අපේක්ෂිත බදු ආදායම නොලැබීමයි. මේ ප්‍රශ්න සියල්ලටම රජයේ වැරදි මුදල් ප්‍රතිපත්තිය හේතු වී තිබෙනවා.

අද සුවවිරුවන් ගැන මහ ලොකුවට කතා කරනවා. දැන්වීම් දාලා ඔවුන් ගැන පෙන්වනවා. නමුත් ඇත්ත කතාව අද සුව විරුවෝ පාරට බැහැලා තම අයිතිවාසිකම් නොදීමට එරෙහිව කතා කරන්න වෛද්‍යවරුන්ට සිදු වෙනවා නම්, මාධ්‍ය සාකච්ඡා පවත්වා පෙබරවාරි මාසයේ සිට අපේ දීමනා ගෙවලා නෑ කියන්න සිදුවෙනවා නම්, ඒ වගේම අපේ දීමනා දීපු කියලා හෙද හෙදියන්ට පාරට බැහැලා බෝඩ් අල්ලන්න සිදුවෙනවා නම්, මෙය හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේ සියල්ල සිදු වූයේ ආදායම් කපා හැරීම නිසයි.

අද මේ රට මුහුණ පා ඇති ණය ආපසු ගෙවීමේ අර්බුදය හෝ විදේශ ණය ආපසු ගෙවීමේ අර්බුදය හෝ රාජ්‍ය එදිනෙදා වියදම් පියවා ගැනීම හෝ මේ කිසිවක් සලකන්නේ නැතිව ගනුලැබූ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය නිසා අද මෙරට භයානක තැනකට තල්ලු වෙමින් තිබෙනවා. මෙයට මහබැංකුවේ නිලධාරීන්ට ගෝරනාඩු පවත්වා පලක් නැහැ. ආර්ථික විද්‍යාවේ රාජ්‍ය මූල්‍ය කාරණයේ දී මූලික ප්‍රතිපත්ති පිළිබඳව යල්පැනගිය නිලධාරීන්ගෙන් හෝ ආර්ථික ඝාතකයින්ගෙන් උපදෙස් ලබාගෙන පලක් නැහැ. මේ උපදෙස් අනුව ගිය නිසා දැනටමත් රටත් පුද්ගලයිනුත් බංකොලොත් වී ආයෙත් ජනතාව අතේ සතේ නැති තත්ත්වයට පත්ව අවසන්. එසේම රටේ බහුතරයක් නම් ණයකාරයින් බවට පත්වෙලා අවසානයි. මේ බැරෑරුම් තත්ත්වය හමුවේ ජනාධිපතිතුමා ආර්ථික ඝාතකයින්ගෙන් මිදි නවතාවයකින් කටයුතු නොකළොත් මේ රට මුළුමනින්ම විනාශ වීම වැළැක්විය නොහැකියි.

අපේ රටේ ආර්ථිකය මෙහෙයවන රාජ්‍ය සේවකයින් කියන්නේ යුද්ධ හමුදාවක් හෝ වෙනත් හමුදාවක් නෙවෙයි ඒ අයට කෑගහලා අණ දීලා ක්‍රියාත්මක කරන්න. ඊට වඩා වැදගත් සංවාදශීලි ආකාරයකට මෙය විනයානුකූලව කරගෙන යායුතුයි.

ප්‍රශ්නය- මේ රටේ ආර්ථිකය කඩා වැටීම හා රාජ්‍ය නිලධාරිවාදය සම්බන්ධව වගකීම යහපාලන ආණ්ඩුව විසින් භාරගත යුතු බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ තත්ත්වයට ඔබ නියෝජනය කළ පසුගිය ආණ්ඩුවත් වගකියන්න ඕන නේද?

පිළිතුර- රජයේ නිලධාරිවාදයක් තිබෙනවා ඇතැම් කල්ලි කණ්ඩායම්වල ක්‍රියාදාමය ඉතා අපැහැදිලි. යහපාලන ආණ්ඩුව සමයේ ඇතැම් ආයතනවලට නිලධාරීන් පත්කරන්න කටයුතු කළ අවස්ථාවන්වලදී ඊට විරුද්ධව උද්ඝෝෂණ පවා මතු කළා. නමුත් වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශ්නවලට හමුදා නිලධාරීන් පත් කරන විට කිසිම විරෝධතාවක් නැහැ.

පැවති ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන් ඈත්වීමට කරුණු කිහිපයක් බලපෑවා. මහ බැංකු මංකොල්ලය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයා ඉවත් කිරීම, සහරාන්ගේ ප්‍රහාරය වැනි කරුණු බලපෑවා. නමුත් අපි මේ රටේ රාජ්‍ය සේවය අධිකරණය වැනි සියලු අංශ ස්වාධීන කොමිෂන් සභා හරහා ස්වාධීන කළා.

ප්‍රශ්නය- යහපාලන ආණ්ඩුව සමයේ ඇතැම් ඇමැතිවරු බලතල තමන් සතුව තබා ගෙන කිසිවක් නොකර සිටීමේ තත්ත්වයක් පෙනෙන්නට තිබුණා. ඔබට පැවරී තිබූ අමාත්‍යංශය යටතේ නිසි සේවාවක් රට වෙනුවෙන් සිදු කළා යැයි ඔබට සතුටු විය හැකිද?

පිළිතුර – යහපාලන ආණ්ඩුව තුළ පමණක් නොව ඊට ඉහත පැවති ආණ්ඩුවලදී පවා මට ලැබුණු අමාත්‍යංශ තුළින් අළුත් දෙයක් රට වෙනුවෙන් සිදු කිරීමට මට හැකි වුණා. යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහන යටතේ විශාල වැඩකොටසක් සිදු කිරීමට මට හැකි වුණා. විදුලිබල ඇමතිවරයා ලෙස එතෙක් පාඩු ලැබූ විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට මට හැකි වුණා. නමුත් අද වන විට නැවත විදුලිබල මණ්ඩලයට විශාල වශයෙන් පාඩු ලබන තැනට පත්ව තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව බාර ගෙන දින 15කින් තෙල් මිල අඩු කිරීමට මට හැකි වුණා. නමුත් අද මේ ආණ්ඩුව ඒ සියල්ල කනපිට පෙරලා ජනතාව මත අසීමිත බරක් පටවා තිබෙනවා. මේ ආණ්ඩුව අද වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 112ක බද්දක් අයකරනවා. ඩීසල් ලීටරයකින් රුපියල් 70 ක බද්දක් අයකරනවා. මගේ කාලය තුල ඉන්ධන මිල අඩු කරමින් ඒ සහනය ජනතාවට ලබා දුන්නා පමණක් නොව ඛනිජ තෙල් සංස්ථාවට ලාභ ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇති කළා.

ඉන් පසුව බස්නාහිර මහනගර අමාත්‍යංශය මට ලැබුණා. එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයේ සහයෝගය මට නොලැබුනත් අපේ අමාත්‍යාංශයකට අයත් නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය යටතේ දැවැන්ත වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරන්න හැකිවුණා.

කොළඹ නගරයේ පැල්පත් වාසීන්ගේ ප්‍රශ්න 100%කින් විසඳීමට පියවර ගත්තා. කොළඹ නගරයේ කසල ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳුවා. කොළඹ ගංවතුර පාලනය කිරීමට 10 පොම්පාගාරයේ ඉදිකිරීම් ක්‍රියාවලිය ආරම්භ කරා. එය ලබන වසර වන විට ඵල දැරීමට නියමිතව තිබෙනවා. අක්කර 700 කින් යුත් වරාය නගරය නිර්මාණය කලා. එමෙන්ම තාක්ෂණික නගරය නිර්මාණය කළා. මේ තාක්ෂණ නගරය සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක කළොත් මෙය තමයි ලංකාවේ අංගසම්පූර්ණ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන නගරය. ඒ නිසා කුමන පක්ෂයක් බලයට පත් වුණත් මෙය ඉදිරියට ගෙන යන ලෙස මා ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය- මෙවර මහ මැතිවරණයේදී පක්ෂ කාර්යාලවලට අපේක්ෂකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ ස්ථාවරය කුමක්ද ?

පිළිතුර – අපේක්ෂකයෙක්ද තමන්ගේ කාර්යාලයේ තම ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදීම බලවත් අසාධාරණයක්. මේ නිසා එය ඉවත් කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම ඊට අපි දැඩිව විරෝධය පළ කළා.

ප්‍රශ්නය – මැතිවරණය වෙනුවෙන් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය නිර්ණායක ප්‍රායෝගික නැති බව ඇතැම් අපේක්ෂකයින් ප්‍රකාශ කරනවා. ඇත්තටම මෙම නිර්ණායක ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි ද ?

පිළිතුර – සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එහි තර්කයක් නැහැ. නමුත් මේ හඳුන්වා දී තිබෙන ඇතැම් නිර්ණායක ප්‍රායෝගික නැහැ. මේවා සියයට සියයක්ම පිළිපැදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්න බැහැ.

Tags: විශේෂ
Share89Tweet43
Previous Post

ජනපතිගේ මහබැංකු විවේචන හිටපු ඇමති රවී කරුණානායක අගයන හැටි

Next Post

ජිනීවා නුවරට බෝම්බ බියක් – ජනතාව ඉවත් කෙරේ

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.