බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ මහබැංකු විවේචන හිටපු ඇමති රවී කරුණානායක අගයන හැටි

by Lanka Sara Editor
ජූනි 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමහරු කියාවි මම පවතින ආණ්ඩුවට කඩේ යනවා කියලා. නමුත් වසර 5 ක් තිස්සේ මම මගේ චරිතය ඝාතනය කරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඒත් අපේ වත්මන් ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය හොදින් තේරුම් අරන් කටයුතු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. මම සටන් කරන්නේ මගේ ජනතාව වෙනුවෙන්. මම හැමදාමත් කිව්වේ මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධය පැරදුනොත් අපේ රට විශාල පසුබෑමකට ලක්වෙනවා කියලා” යැයි කොළඹ දිස්ත්‍රික් එක්ස්ත ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ, ඊයේ (18) මාධ්‍ය වෙත කරුණු ඉදිරිප්ත කිරීමකට එක් වෙමිනි.

මෙහිදී මාධ්‍ය විසින් මහබැංකු බැදුම්කරය පිළිබදව නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් කරුණානායක මහතා..,

මහා බැංකුවක් තිබේන්නේ ඒ රටේ ආර්ථික ස්ථාවර කරන්නයි. රුපියලේ ශක්තිමත් භාවය ඇති කිරීම මහ බැංකුවේ විශේෂ වගකීමක්. එය නිතර දෝලනය වෙන දෙයක්. සැබැ සංවර්ධනයක් ඇති කර ආර්ථිකය ශක්තිමත් කිරීමත් මහ බැංකුවේ කාර්ය භාරයක්.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

“1949 සිට මේ දක්වාම මහ බැංකුවට දේශපාලන ඇගිලිගැසිම් සිදුවන තාක්කල් මහ බැංකුවේ මනා වර්ධයක් ඇතිවී තිබුණා. ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් වසර 2000 දි සිදුවූ දේශපාලන පත්වීම් තුළින් මහ බැංකුවේ කඩා වැටීම් ආරම්භ වුණා. මේ ආණ්ඩුව මාස 08 ක් පාලනයේ සිටියා. අපි බලයේ සිටින විට මේ අය කිවේවේ අපට ර‍ට කරන්න බැහැ කියලා. නමුත් අද වෙද්දි රට2015 තිබූ තත්ත්වයට ආර්ථිකය ආපස්සට  ගිහින් නේද.

මොනවද මේ මහ බැංකුව දැන් කරලා තිබෙන්නේ. එදා අපේ රටට අවශ්‍ය  වෙනවා කිව්වේ මූල්‍ය ආයතන 25 ක් පමණ. නමුත් මේ වෙද්දි මේ රටේ මූල්‍ය ආයතන තිබෙනවා 55ක්. කවුද මේවට ලයිසන් දුන්නේ. මහ බැංකුව තමයි මේවට අවශ්‍ය බලය දීලා තිබෙන්නේ.

මේවායින් ආයතන ගණනාවක් විශාල වශයෙන් කඩාවැටීමකට ලක්වුණා. මේවාට වගකිව යුත්තේ කවුද. ජනාධිපතිතුමා මේ ගැන තිබෙන සැබෑ තත්තවය පැහැදිලි කළා මහ බැංකුවට. ඇයි ඒවා මහබැංකු නිලධාරීන්ට මීට කළින් තේරුම් අරන් ක්‍රියා කරන්න, තීරණ ගන්න බැරි වුණේ.

එදා අපි ඉන්න කාලේ අවම මිලකට ලැබුණු බෙහෙත් දැන් ගන්න පුලුවන්ද. අධ්‍යාපන පහසුකම්,පොලී නැති ණය හෝ අවම පොලී සහිත ණය ලබාදිම් ආදිය අපි නිසි පරිදි ජනතාවට ලබා දුන්නා මහා බැංකුවේ ඇගිලි ගැසීම් වලින් තොරව. ඒත් අද ම් තත්ත්වය විශාල වශයෙන් වෙනස්වී තිබෙනවා. ඔවුන් ඒ ගැන ඇහුවම උද්ධමනයක් ගැන කතා කරනවා.

අද මහා බැංකුව ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තෝ බවට පත්වෙලා. ඒ නිසා ලංකාවට හෙනගැහුවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති තමයි ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. අපට බැංකු විශාල සංඛ්‍යාවක් ඕන නැහැ. කරගෙන යන බැකු කිහිපය හරි නිසි පරිදි කරනන්නයි ඕන. මූල්‍ය ආයතන කොපමණ කඩා වැටුනත්, මහ බැංකු නිලධාරීන් එක්කෙනෙක්වත් මේ කාලය පුරාවට ගෙදර ඇරලා තිබෙනවාද. පව් සේරම මහජනතාව. පින් ඔවුන්ට.

වරදක් වූණොත් බනින්නේ මුදල් ඇමතිට. නමුත් ඒවාට වගකිව යුත්තේ මහා බැංකුවයි. නමුත් මේ රටේ වෙන්නේ අනිත් පැත්ත. පසුගිය දිනක අමානුෂික පහරදීමකට ලක්ව සුනිල් සහෝදරයා නිරපරාදේ මිය ගියෙත් මේ මහා බැංකුවේ අනවබෝධය නිසයි. ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන ගැන සෙවිය යුතතේ මහා බැංකුව මිසක් මුදල් ඇමතිවරයා නොවෙයි. ඇයි මහා බැංකුව නින්දෙන් අවදි වෙලා වගේ කටයුතු කරන්නේ.

අපේ දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 17 ක් පමණ වෙනනවා. දිනකට බිලියන් 50 ක් පමණ වෙනවා. මේ කොරෝනා ප්‍රශ්නයේදී සමාගම් වහන්න තීරණය කළා. රජය විසින් සමාගම් වලට 4%ක පොලියට ණය දෙන්න තීරණය කළා මේ ගැටළුව විසදන්න. නමුත් මහා බැංකුවට අදත් මේ කාර්යය කරන්න බැරි වෙලා තිබෙනවා. ඔවුන් කරන්නේ මේ ප්‍රශ්නයේදී බැංකු හිර කරන එකයි.

වෙන රටවල ආණ්ඩුව කියන දේ තමයි මහා බැංකුව ක්‍රියාත්මක කරන්නේ. නමුත් අපේ රටේ ආණ්ඩුව දකුණට හැරෙන්න කිව්වාම, මහා බැංකුව වමට හැරෙනවා. වමට හැරෙන්න කිව්වාම දකුණට හැරෙනවා.. ජනාධිපතිතුමා කිව්වම කරන්න පුළුවන් වුණානම්, ඇයි මෙච්චර දවසක් නොරක හිටියේ. අන්න එතනයි ගැටළුව තියෙන්නේ

අපි ජනතාවට යහපත් දේ කරන්න ඕන. නමුත් රටේ මූල්‍ය ප්‍රතිපත්ති වලට පටහැනි වෙන්න බැහැ. දැන් මේ රටේ ණය පියවන්න තිබෙනවා. කොහොමද මේ ණය ගෙව්වේ. ඒ ණය ගෙව්වේ මේ රටේ තිබුන සංචිත වලින්. ඒ නිසා මේ වනවිට බිලියන් 6.1 ක් දක්වා රටේ සංචිත අඩු වෙලා තිබෙනවා. තවත් බිලයන් 2.3ක් ණය ගෙවන්න තිබෙනවා. ඒවා ගෙවන්න වෙන්නේත් සංචිත වලින්. මේ ප්‍රශ්න විසදන්න නම් අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන.

වත්මන් රජය සමග මම ජාතික ආර්ථිකයක් ගැන කතා කලාම, මෛත්‍රිපාල සිරිසේන එක්ක ඩීල් ගහලා, මහ ගෙදරින් එළියට බැහැලා ගිය කට්ටිය කිව්වේ මම ජාතික ආණ්ඩුවක් හදන්න හදනවා කියලා. අපේ  ආණ්ඩුව පැහැර හැරුණේ ඒ කට්ටිය නිසයි. අපිට කා එක්කවත් ඩීල් ගහන්න ඕන  නැහැ. අලියා කියන්නේ වැඩකාරයෝ. නමෙන්ම ඒ බව පේනවා. අපෙනුත් වැරදි සිදුවුණා. අපි ඒවා හදාගෙන ජනතාවට සේවය කරන්න ඕන. ජනාධිපතිතුමා කියනවා මේ මාස 8 කට මොනවත් සිදුවුණේ නැහැ කියලා. අද මුදල් ඇමති තමයි අගමැතිත්. එහෙනම් අගමැති ජනාධපති එකතුවෙලා අද කරන්න බැරිවුණ දේවල්, එදා මම මුදල් ඇමති කාලයේ සිදුකලේ කෝහෝම ද.

අපිට ලැබුණේ දනගැස්සුව ආර්ථිකයක්. නමුත් අපි දින 23 කින් රජයේ සේවකයන්ට  රු. 10,000 දීමනාව ලබා දුන්නා. තවත් සහන ලබා දුන්නා. අපිට  ඔවුන් ඡන්දය නොදුන්න බවත් අපි දන්නවා. දැන් මහ බැංකුව කරන්නේ මහා බැංකු වාර්තාව ලියන එක විතරමයි. ඒකත් දේශපාලනය තුළින් සිදුවන යහපත් දේ ඔවුන්ගේ තීරණ විදියට එළිදක්වන එක තමයි කරන්නේ.

කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ යන්නෙපා. මේ අයට නැවෙන්නේ නැතිව ආර්ථකය විසදන්න පුලුවන්. අපි ඒ දේ ජනතාව වෙනුවෙන් කළ යුතුමයි. ජනතාවගේ රැකියා ප්‍රශ්නය විසදිය යුතුයි. අවම පොළියකට ණය ලබ දියයුතුයි. මේ ප්‍රශ්නය විසදන්න නයාගෙ වල්ගෙන් අල්ලලා බැහැ, ඔලුවෙන්ම ඇල්විය යුතුයි. බැදුම්කරය ගැනම කතා කරලා වැඩක් නැහැ. වැඩ කරන අයට වැඩ කරන්න ඉඩ දෙන්න. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේත්, ඔවුන්ගේ වරම අපට දෙන්න කියලා මේ ගැටළුව විසදන්න” යැයි පැවසීය.

Share96Tweet43
Previous Post

පරණ පත්තර කාරයන්ගෙ අලුත් වැඩේ – ද නිවුස් පේපර්

Next Post

“මහබැංකුවේ නිලධාරීන්ට කෑගැහුවට ආර්ථිකය හැදෙන්නේ නෑ”

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.