බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බීබීසිය මෝදි ගැන අමුතු වාර්තාවක් හැදුවේ ඇයි?

by Lanka Sara Editor
පෙබරවාරි 15, 2023
in දේශපාලන
Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)

Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)

Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ බී.බී.සී. ආයතනය විසින් නිර්මාණය කරන ලද India The Modi Question නමැති කොටස් දෙකකින් යුත් වාර්තා වැඩසටහනේ මුල් කොටස පසුගිය ජනවාරි 17 වැනිදා මුල්වරට විකාශය වීමත් සමගම, එක්සත් රාජධානිය සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබන්ධතා පවා සෙලවීමකට ලක් විය. ඒ මෙම වාර්තා වැඩසටහන මගින් මුළුමනින්ම පදනම් විරහිත කරුණු උපයෝගී කරගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හට විශාල අපහාසයක් සිදුකිරීමයි. එය පැහැදිලිවම, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයා වන නරේන්ද්‍ර මෝදි කෙරෙහි ලෝක ප්‍රජාව තුළ අප්‍රසාදයක් ජනිත කරවීම ඉලක්ක කරගත් වැඩසටහනක් පමණක් විය. කෙසේවෙතත් මෙම වාර්තා වැඩසටහන ඉන්දීය රජය විසින් තහනමට ලක් කරනු ලැබිණි. ඊට විශේෂ හේතුව වී තිබුණේ, 2002 දී ගුජරාටයේ සිදුවූ හින්දු-මුස්ලිම් කෝලාහලවලට, ගුජරාටයේ උපන්, එවකට ගුජරාටයේ ප්‍රධාන ඇමැතිව සිටි, වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි කෙළින්ම සම්බන්ධ වූයේය යන්න එහි ප්‍රකාශ වීම නිසාය. ඒ අනුව India The Modi Question වාර්තා චිත්‍රපටය හෝ එහි කොටස් හෝ ප්‍රසිද්ධියේ තිරගත කිරීම හෝ සමාජ මාධ්‍යවල පළකිරීම වැළැක්වීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

BBC වාර්තා චිත්‍රපටයේ සඳහන් වන ගුජරාට් ප්‍රාන්තයේ කෝලහාලයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බැවින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නිරවද්‍යතාව තහවුරු කර ඇත්තේ වසර ගණනාවකට පෙර බව සඳහන් වෙයි. එසේම 2019 දී ගුජරාට් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලද, 2002 ගුජරාට් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ‘නානාවතී කොමිෂන් සභා වාර්තාවේ’ පවා සඳහන් කර ඇත්තේ, “මෙම ප්‍රහාරයන් කිසිදු රජයට සම්බන්ධ ඇමැතිවරයකුගේ මෙහෙයවීමෙන් හෝ උසිගැන්වීමකින් සිදුකෙරුණු බව පෙන්වීමට කිසිදු සාක්ෂියක් නොමැත.” යනුවෙනි. එසේනම් ගුජරාට් කෝලාහලයට අගමැති නරේන්ද්‍ර මෝදි සම්බන්ධ කරමින් මෙම අපහාසාත්මක නිෂ්පාදනය නිර්මාණය කර විකාශය කිරීමට බීබීසීය තීරණය කළේ ඇයි? එම හේතුව හෝ හේතු පිළිබඳව විමසා බැලිය යුත්තේ මෑත කාලිනව වර්ධනයවූ තත්ත්ව කිහිපයක්ම සලකා බලමිනි.

BBC යේ මෙම සැලසුම්සහගත ක්‍රියාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මෙම චිත්‍රපටය පක්ෂග්‍රාහීත්වය සහ යටත් විජිත මානසිකත්වයක් පිළිබිඹු කරන බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “මෙය ඉන්දියාව අපකීර්තියට පත්කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රචාරක වැඩසටහනක්” යනුවෙනි.

“පක්ෂපාතීත්වය, වාස්තවිකත්වය නොමැතිකම සහ අවංකව, අඛණ්ඩ යටත් විජිත මානසිකත්වයක් පැහැදිලිව මෙමගින් පෙනේ. මෙම අභ්‍යාසයේ අරමුණ සහ එහි පිටුපස ඇති න්‍යාය පත්‍රය පිළිබඳව එය ව පුදුමයට පත් කරන අතර අවංකවම එවැනි උත්සාහයන් ගෞරවාන්විත ඒවා ලෙස හැඳින්වීමට අප කැමති නැත.” යැයි බග්චි වැඩිදුරටත් පවසා ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ද එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද්දේ BBC චිත්‍රපටය ඔස්සේ ඉන්දීය අගමැතිවරයාව නිරූපණය කරන ආකාරයට තමා එකඟ නොවන බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පකිස්ථාන සම්භවයක් ඇති ඉම්රාන් හුසේන් විසින් වාර්තා චිත්‍රපටය ගැන විමසූ විට, අගමැති සුනක් මෙසේ පැවසීය පවසා තිබේ.

“එක්සත් රාජධානියේ රජයේ ස්ථාවරය පැහැදිලි සහ දිගුකාලීන එකක් වන අතර එය වෙනස් වී නැත. ඇත්ත වශයෙන්ම, පීඩාවන් ඕනෑම තැනක දිස්වන විට අපි ඒවා ඉවසන්නේ නැත. එහෙත් මෙහි නිරූපණය වන චරිතයට(නරේන්ද්‍ර මෝදිගේ) කිසිසේත්ම එකඟ වන්නේ නැත.”

එක්සත් රාජධානියේ සාමි මණ්ඩලයේ සාමාජිකයෙකු වන රාමි රේන්ජර් සාමිවරයාද BBCයේ පක්ෂග්‍රාහී වාර්තාකරණය සම්බන්ධයෙන් චෝදනා කළ අය අතර විය.

“”බීබීසිය, ඔබ බිලියනයකට අධික ඉන්දියානුවන්ට විශාල හානියක් කර ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ඉන්දීය අගමැතිවරයාට, ඉන්දීය පොලිසියට සහ ඉන්දීය අධිකරණයට අපහාස කරයි. අපි කැරලි සහ ජීවිත හානි හෙළා දකින නමුත් ඔබේ පක්ෂග්‍රාහී වාර්තාකරණය හෙළා දකිමු,” යැයි ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ අතර යුරෝපයේ වාසය කරන බොහෝ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් මෙම චිත්‍රපටය සමච්චලයට ලක් කරමින් පවසා ඇත්තේ, බීබීසිය විසින් UK: The Churchill Question නමින් බෙංගාල සාගතය පිළිබඳව විශේෂ චිත්‍රපටයක් නිර්මාණය කළයුතු බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1943 වසරේදී බෙංගාලයේ ඇතිවුණු මෙම සාගතය හේතුවෙන් මිලියන තුනක පමණ ඉන්දීය ජනතාවක් මන්දපෝෂණයෙන් හෝ රෝගවලින් මිය ගියේය. එවකට එක්සත් රාජධානියේ අගමැතිවරයා වූ වින්ස්ටන් චර්චිල් විසින්, කුසගින්නෙන් පෙළෙන ඉන්දියානුවන් සතුව පැවැති ආහාර බලහත්කාරයෙන් ලබාගනිමින්, ඒ වනවිටත් ප්‍රමාණවත් ලෙස ආහාර ලැබෙමින් පැවැති බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට සහ බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ ගබඩාවලට එම ආහාර යැවීමට නියෝග කළේය.

ඇත්තෙන්ම එවැනි ඉතිහාසයක් සහිත බ්‍රිතාන්‍යය, සිය රජය මගින් අරමුදල් සපයන BBC පුවත් සේවය හරහා මෙවැනි වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරවන්නේ පැහැදිලිවම සැලසුමක් සහිතවය. අද වන විට ලෝක බල තුලනය අද වන විට කෙමෙන් වෙනස්වෙමින් පවතී. වෙනත් ආකාරයකින් කිවහොත් බටහිරින් නැගෙනහිරට මාරුවෙමින් පවතී. පසුගිය ශතවර්ෂයේදී ලෝක බලය අත්පත් කරගෙන සිටියේ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර ජාතීන් විසිනි. කෙසේවෙතත් කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව යුක්රේන යුද්ධය වැනි සාධක හේතුවෙන් මේ ආධිපත්‍යය බටහිර ජාතීන්ට අහිමිවෙමින් පවතින බව දැකගැනීමට ලැබේ. එහිදී මෙම අහිමිවන බලය කෙමෙන් මාරුවෙමින් පවතින්නේ ඉන්දියාව ප්‍රමුඛ පෙරදිග කලාපය වෙතය. විශේෂයෙන්ම ඉන්දියාව මේ වන විට ලොව ලබමින් තිබෙන ජයග්‍රහණ, මේ ආකාරයට පෙරදිගට ගෝලීය බලය කේන්ද්‍ර වෙමින් පැවතීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ. ඉන්දියාව මේ වන විට ලොව පස්වන විශාලතම ආර්ථික බලවතා බවට පත්ව සිටී. අන්තර්ජාතික මුල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇති ආකාරයට, 2023 වසරේදී ලෝක ආර්ථිකයෙන් හරි අඩක්ම පාලනය කරනු ඇත්තේ ඉන්දියාව සහ චීනය විසිනි. එහිදී චීනය මේ වසරේදී සියයට 05ක ආර්ථික වර්ධනයක් ලඟාකර ගනිද්දී, ඉන්දියාව සියටට 6.8ක ඉහල ආර්ථික වර්ධනයක් අත්කරගනු ඇතැයි මුල්‍ය අරමුදල පෙන්වාදෙයි.

තවත් අතකින් ඉන්දියාව G20 කණ්ඩායමේ නායකත්වයට පත්ව ඇත. G20 සභාපතිත්වය ලබාගැනීමෙන් අනතුරුව ඉන්දියාව එහි බලතල භාවිත කරමින් ලෝකය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකිරීමට සුදානම් වන බව දැකගන්නට ඇත. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ සමස්ත ලෝකයටම බරපතල අභියෝගයක් වී ඇති රුසියානු-යුක්‍රේන යුද්ධය වෙනුවෙන් මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වීමට පවතින ඉන්දියාවේ සුදානමයි. එම භූමිකාව වෙනුවෙන් ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවලින් දැනටමත් ඉන්දියාවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.

ඒ අනුව බලනවිට ඉන්දියාවේ මෙම නැගීම ගෝලීය බටහිරට ඉවසාගත හැකි තත්වයක් නොවන බව පෙනේ. එහිදී බටහිර වෙනුවෙන් ඉන්දියාවට පහරදී එහි ප්‍රතිරූපය විනාශ කර දැමීමේ භූමිකාව නියෝජනය කරනු ලබන්නේ බ්‍රිතාන්‍යය බව දැකගත හැකිය. ඊට හේතුව බ්‍රිතාන්‍යයට එවැනි කාර්යභාරයක් වෙනුවෙන් සියවස් ගණනාවක අධිරාජ්‍යවාදී අත්දැකීම් පවතින බැවිනි. එමනිසා වෙනත් බටහිර රටහට වඩා ඉන්දියාවට පහරදීම බ්‍රිතාන්‍යයට පහසු වේ. අනෙක් අතට මෙහිදී බ්‍රිතාන්‍යට පෞද්ගලිකවම රිදෙන කාරණයක්ද වේ. එනම් ඉන්දියාව ලොව ශක්තිමත්ම ආර්ථිකයන් අතර 05වන ස්ථානයට පත්වූයේ, සැලකිවයුතු කාලයක් එම ස්ථානයේ රැඳී සිටි බ්‍රිතාන්‍යය පසුපසට ඇදදමමිනි. මෙම සියලු කාරණා ඒකරාශී කර බලන විට බ්‍රිතාන්‍යය විසින් හදිසියේ BBC ය ඇතුළු තවත් මාධ්‍ය ගණනාවක් භාවිත කරමින් පහරදීමට පටන්ගෙන ඇත්තේ ඇයි යන්න අවබෝධ කරගැනීම එතරම් අපහසු නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය නගර සභාවේ අලුත් නගරාධිපති ඉදිරිපත් කළ අය වැයත් පරාදයි!

Next Post

පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවිකළ වෛද්‍යවරයා සම්බන්ධව GMOA දැඩි ස්ථාවරයක…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.