සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ආරක්ෂාව අඩු කළේ නෑ… ප්‍රමිතිගත කළා… බල්ලො නාවන්නත් යොදවපු හමුදා සෙබළු ඉවත් කරනකොට කිපෙන්න එපා… මහජන ආරක්ෂක ඇමති!

by editor
දෙසැම්බර් 17, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

සිදුකළේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි කිරීම නොව, ගෙදර සුනඛයින් බලා ගැනීම සඳහා හමුදා නිලධාරීන් යොදවමින් සිදුකළ සාහසික මහජන මුදල් නාස්තිය වළක්වා ආරක්ෂාව ප්‍රමිතිගත කිරීම පමණක් බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධව මතු වී ඇති චෝදනාවට පිළිතුරු සහිතව විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණක් ත්‍රිවිධ හමුදාවේ 228ක් පොලිසියේ 60 දෙනෙකුට අමතරව යොදවා ඇති බවත් මේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ කාර්ය කුමක් දැයි විමසූ විට නිශ්ඡිත පිළිතුරුත් නැති බවය.

මේ වනවිට විශ්‍රාමික ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව මේ රටේ ජනතා බදු මුදලින් වැය කරන රුපියල් මිලියන 1408ක ප්‍රමාණයෙන් අඩුම තරමින් මිලියන 1200ක් අඩු කරගැනීමේ අභිලාෂය සහිතව නියමිත විද්‍යානුකූල ආරක්ෂක තක්සේරුවකින් පසු මෙම ප්‍රමිතිගත කිරීම කළ බව කී මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා කීවේ සෑම මාස හයකටම වරක් ආරක්ෂාව සම්බන්ධ කරන ආරක්ෂක සමාලෝචනයකින් අනතුරුව ආරක්ෂක තක්සේරුවක් සිදුකරන බවය.

අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශය සිදුකරමින් මෙසේ ද පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙකුට පහසුකම් දෙන්න පනතක් තියනවා ඒ තමයි 1986 අංක 6 දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පනත. ඒ පනතේ කියලා තියනවා හිටපු ජනාධිපතිවරයෙකුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්න කියලා. ඒ පනතේ කිිසිම තැනක සඳහන් කරලා නෑ කොපමණ ආරක්ෂාවක් දෙන්න ඕන ද කියලා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඒ නිසා මම අහන්න කැමතියි ආරක්ෂාව ප්‍රමාණවත් නෑ කියන පුද්ගලයින්ගෙන් එහෙම අහන්නේ මොන පදනමක් මත ද කියලා. අනෙක් අතට කාර්ය මණ්ඩල අඩු කිරිමක් ගැන කියැවෙනවා. කාර්ය මණ්ඩලය අවශ්‍ය වෙන්නෙ මොනවට ද කියලත් අපට කියන්න අවශ්‍යයයි.

අපි අඛණ්ඩව මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා වගේම ඒ වෙනුවෙන් වැඩ කරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ඒ අමාත්‍ය මණ්ඩලය විසින් මේ කරුණු අධ්‍යනය කරලා නිර්දේශ ලබා දෙන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා

මේ රජය කිසිම දෙයක් ගැන මතුපිටින් පෙන්වන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නෑ. ඒ වෙනුවට ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා විද්‍යාත්මක එළඹුමකින් තමයි කටයුතු කරන්නේ. මේ සම්බන්ධවත් කටයුතු කළේ එහෙමයි.

චිත්‍රසිරි කමිටු නිර්දේශය

මේ සම්බන්ධව විධිමත් අධ්‍යයනයක් කළ චිත්‍රසිරි කමිටුව නිර්දේශ විශාල ප්‍රමාණයක් ලබා දීලා තියනවා. එතන ප්‍රධාන කාරණයක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ලබා දී තිබෙන නිර්දේශය.

එතන සඳහන් කරලා තියනවා ආරක්ෂාව සම්බන්ධ තර්ජනයන් විධිමත්ව ඇගයීමකින් පසුව අවශ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත්ව ලබා දෙන්න කියන එකයි . එතනදි අපි කිසිම කෙනෙකුගේ ආරක්ෂාව අඩු කරන්න සහ වැඩි කරන්න යන්නේ නෑ. අපි කරන්නේ ඒ පිළිබඳ විශේෂඥයන් විසින් දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි.

මෙහිදී මුලින්ම කියන්න ඕන මේක කිසිසේත්ම හිටපු ජානාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරිමක් නොවන බව. මෙතන දී සිදුවෙලා තියෙන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ ආක්ෂාව නිවැරදි ඇගයීමකින් පසුව ලබා දීමයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා අනුයුක්ත කර සිටි අතිරික්ත පිරිස් ඉවත් කිරීම.

වැරදි ප්‍රකාශ

පසුගිය මැතිවරණයේ දී ප්‍රතික්ෂේප කළ බංකොලොත් දේශපාලකයින් ජනතාව නොමග යවමින් ප්‍රකාශ නිකුත් කරලා තියනවා. පළමුවෙන්ම කියන්න ඕන මේක මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙමෙයි කියන එක. ඒ පියවර අනුගමනය කළේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ කාර්ය මණ්ඩල විධිමත් නිර්නායකයක් මත ඇගයීමකට ලක් කර ප්‍රමිතිගත කිරීමක් පමණයි. ඒ නිසා මෙතන රජය කිසිම ජනාධිපතිවරයෙක් ගැන පුද්ගලිකව හිතා බලා තීරණයක් ගත්තා කියන දේ තරයේ ප්‍රතික්ෂේප කරනවා.

අදත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පොලිසියෙ හැටක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් ආරක්ෂාව යොදවා තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට හමුදා නිලධාරීන් 04ක් සහ පොලිස් නිලධාරීන් 60ක් සේවයට යොදවලා තියනවා.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලිස් නිලධාරීන් 22ක් ලෙස ආරක්ෂකයින් 210ක් යොදවලා තියනවා.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවයාට හමුදාවේ 58ක් සහ පොලිස් නිලධාරින් 60ක් ලෙස 117ක් ආරක්ෂාව අද වෙනවිටත් යොදවලා තියනවා.

චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියට පොලිස් නිලධාරීන් 60ක් ද හේමා ප්‍රේමදාස මැතිණියට පොලිස් නිලධාරීන් 10ක් ද ලෙස වර්ථමානයේ ආරක්ෂාව පවතිනවා.

පසුගිය මාස එකොලහ හමාර තුළ වැය බර

2024 තුළ වර්ෂය පසුගිය මාස එකොලහ හමාර තුළ විශ්‍රාමික ජනාධිපතිවරු නඩත්තු කරන්න විශාල වැය බරක් මහජන මුදලින් රජය දරා තියනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ආයතන 03ක් වැය බර දරලා තියනවා. එකක් ත්‍රිවිධ හමුදාව. අනිත් එක පොලිසිය. අනෙක් එක ජනාධිපති කාර්යාලය.

ත්‍රිවිධ හමුදාව මිලියන 328ක්. පොලිසියෙන් මිලිය 327ක්. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියනවා. ඒ අනුව පසුගිය මාස එකොළහ හමාර තුළ රුපියල් මිලියන 710ක් වැය බරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත දරා තියනවා.

මෛත්‍රීපාල සිරිසේන වෙත ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 06ක්, පොලිසියෙන් මිලියන 185ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලිය 16ක්. සමස්ථ වියදම මිලියන 208ක වැය බරක් රට දරා තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 158ක්, පොලිසිය මිලියන 39ක් ජනාධිපති කාර්යාලය මිලියන 10ක් මුලු වැය බර මිලියන 307ක් දරා තිබෙනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය මාස තුනක කාලය සඳහා පමණක් ත්‍රිවිධ හමුදාවමිලියන 19ක් පොලිසිය මිලියන 60ක්, ජනාධිපති කාර්යාලයෙන් මිලියන 03ක්… මිලියන 82ක් මාස තුනට වැය කර තිබෙනවා.

චන්ද්‍රිකා කුමාරතුංග වෙත පොලිසිය මිලියන 99ක්. ජනාධිපති කාර්යාලය මිලියන 12ක් ලෙස සම්පූර්ණ වියදම රුපියල් මිලියන 111ක් දරා තිබෙනවා.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව හේමා ප්‍රේමදාස වෙනුවෙන් පොලිසිය මිලියන 30ක් ජනාධිපති කාර්යාලය මිලියන 3ක් ලෙස මුලු වියදම මිලියන 33ක් දරා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න මේ රට පසුගිය මාස එකොළහ හමාරට දැරූ මුළු වැය බර දල වශයෙන් රුපියල් මිලියන 1408ක්. මේක ඉතාම පීඩාකාරී තත්ත්වයක්.

අලුතින් කරන දේ

ඒ හේතුවෙන් ආරක්ෂාව පිලිබඳ ප්‍රමිතියක් ගෙනාව. විශේෂඥ නිර්දේශ  සැලකිල්ලට ගනිමින් ආරක්ෂාව තක්සේරු කරලා ඒ මත කළ සංශෝධනයි මේ සමග කළේ.

මේ විශාල හමුදා නිලධාරින් අවශ්‍ය සුනඛයින් බලා ගන්න ද,  සුනඛයින් නාවන්න ද, සුනඛයින් අසනීප උනාම ඉස්පිරිතාලෙට එක්ක යන්න ද කියලා මේ වෙලාවෙ ප්‍රශ්න අහන්න වෙනවා. මේ ජනාධිපතිවරුන්ගේ කාර්යමණ්ඩලව ඉන්න සමහර සෙබලුන් අනුයුක්ත කරලා ඉන්නවා මේ මේ කාර්යයන් සඳහා කියලා රටම දන්නවා. ”

අප ජනාතාව විසින් ලබා දුන් ජන වරම මත ක්‍රියා කරනවා. කිසිම තර්ජනයකට හෝ කන් කෙඳරි ගෑමකට එම තීන්දු වෙනස් කරන්නේ නෑ කියලා සහතික වෙනවා. ” මහජන ආරක්ෂක ඇමතිවරයා කීවේය.

මේ තත්ත්වය තුළ ලබන සතියේ සිට පොලිසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැර විශ්‍රාමික ජනාධිපතිරවරුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සපයන සියලු ආරක්ෂාව සහ අනෙකුත් රාජකාරිවලින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මාස හයකට වරක් කරන ආරක්ෂක තක්සේරු කරණයක් මත ආරක්ෂාව සපයන බවත් ඇමතිවරයා දැන්වූයේය.

“මේ විදිහට වැඩ කළොත් මෙතෙක් වැය කළ මුදලින් දළ වශයෙන් මිලියන 1200ක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව කිව යුතුයි.” ඇමතිවරයා ප්‍රකාශක කළේය.

නව ආරක්ෂාව.

මහජන ආරක්ෂක ඇමතිවරයා නව ආරක්ෂක තත්ත්වය මෙසේ දැන්වූයේය.

මේ වනවිට ආරක්ෂක විශේෂඥයින් දන්වා ඇති හැටියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිසියේ ආරක්ෂකයින් 60ක් අනුයුක්ත කරන්නත්, පොලිසියෙන් වාහනයක් සහ ජනාධිපති කාර්යාලයෙන් වාහන 03ක් ලබා දීමටත් කටයුතු කරනවා.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පොලිසියෙන් නිලධාරීන් 60ක් පොලිසියේ වාහනයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහන 03ක් වෙන් කරලා දීලා තියනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පොලිසියේ 22ක් පොලිස් වාහනයක් සහ ජනාධිපති කාර්යාලයෙන් වාහන 03ක් දීලා තියනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොලිසියෙන් 60ක් සහ වාහනයක් සමග ජනාධිපති කාර්යාලයෙන් වාහන 03ක් ලබා දීලා තියනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට පොලිසියෙන් 60ක් පොලිස් වාහනයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහන 3ක් ලබා දීලා තියනවා.

හේමා ප්‍රේමදාස මැතිණියට පොලිසියෙ 10ක් පොලිස් වාහනයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහන 02ක් යොදවනවා.

“විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පමණක් නොවෙයි රජයක් ලෙස අප මේ රටේ සමස්ථ ජනතාවගේ ආරක්ෂාව සඳහා වග කියනවා….” මහජන ආරක්ෂාව පිලිබඳ ඇමතිවරයා සහතික වුනේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැවත කථානායකවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නට මේ පාර්ලිමේන්තු වාරය තුළ ඉඩ නොලැබේවා… විපක්ෂ නායකවරයා ප්‍රාර්ථනා කරයි…..

Next Post

අලුත් කථානායක… පොලොන්නරුවේ ජගත් වික්‍රමරත්න ගැන නොදත් කතාව….

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.