බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17ට පෙර තිබීම අනිවාර්යයි… ඒ ජනාධිපතිවරණ වේදිකාව ගමේ විකට ඇඳුම් තරගයක් වැනි අරුමෝසම් පිරෙන එකක් වන හැටි අනුර කියයි!

by editor
පෙබරවාරි 19, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

සැප්තැම්බර් 17 පෙර අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්   එම මැතිවරණ වේදිකාව අවුරුදු උත්සවයක විකට ඇඳුම් තරගයක් වැනි අරුමෝසම් පිරුණු එකක් වනු ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ ( 18) කුරුණැගල පැවති කුරණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. වාර්තාගත කාන්තාවන් ප්‍රමාණයක් එම දැවැන්ත ජන රැළියට එක්වී සිටියහ.

“සාටකය දාගත්ත මහින්ද එක පැත්තකින්, අනික් පැත්තෙන් ටයි කෝට් දාගතුත් රනිල්,  අනික් පැත්තෙන් ඔසරිය දාගත්තු චන්ද්‍රිකා,  අනික් පැත්තෙන් තරු පටි ගහගත්තු ගෝඨාභය, අනෙක් පැත්තේන් පොලොන්නරුවෙ ගැමියා මෛත්‍රීපාල සිරිසේන.”

“එක වේදිකාවෙ.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“විකට ඇඳුම් තරගයක් වගෙ. අප එක අතකින් වාසනාවන්තයි මේ වගේ ජුගුප්සාජනක දර්ශන අපේ ඇස් ඉදිරිපිට දකින්නට ලැබිම ගැන. අපි කවාදවත් මෙහෙම දර්ශනයක්  බලාපොරොත්තු වුනා ද. අවුරුදු උත්සවයක තියනවා නේද පොඩි විකට ඇඳුම් තරග. ඒ වගේ වේදිකාවක් හැදෙන්නේ. “”

“ඒ හැදෙන්නේ අපට විරුද්ධව.”

ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු සිය කතාව අතර මෙසේ ද පැවසුවේය.

“අපේ ගම්වල දරුවා ඉපදෙනකොට වෙලාව අරන් ගමේ වෙද මහත්තයා ගාවට ගිහින් වෙලා පත්තරයක් හදා ගන්නවා. ඉපදෙනකොට මොකද කරන්නෙ  දරුවගෙ අනාගත ය බලනවා. කේතු 4 කිව්වොත් කලබල වෙනවා. සෙනසුරු 7 කිව්වොත් කලබල වෙනව.  අපි බාරහාර උනා. පඬුරු ගැටගැහුවා. බෝධිපූජා තිබ්බා. කිරිඅම්මලගේ දාන දුන්නා. මොකද වෙලාපොතේ තියන නිසා දරුවට අපල කියලා.  දරුවට සෙනසුරා ලබලා කියලා.  අපල දුරුවෙන්න කියලා.”

“එහෙම කරලා අපල දුරුවෙන්න කියලා බාර හාර වෙලා චන්දේ දවසේ ගිහින් මහින්දට කතිරෙ ගහනවා. මේකනේ වැඩේ. ගෙදර වෙලාව බලමින් බලි තොවිල් කරමින් බෝධිපූජා කරමින් හෙනහුරා පරද්දන  හදනවා. ඡන්ද දිනේ සෙනහුරා මහ පුටුවට ගේනවා. “

“ඒ නිසා අපට වෙලා තියෙන්නේ අප මොනතරම් වෙලාපත බැලුවත් කොච්චර බෝධි පූජා තිබ්බත් කොච්චර බාර හාර උනත් පඩුරු ගැටගැහුවත් අපි අවශ්‍ය වැඩේ කරලා නෑ. “

“අන්න ඒ අවශ්‍යම වැඩේ නොකළ නිසා  දරුවට නෙමෙයි, මේ රටට, පවුලට නෙමෙයි රටේ ජනතාවට හෙනහුරා ලබලා තියනවා දශක ගණනාවක්. දැන් මේ තොවිලෙ හරියට කපන්න ඕන. “

“කවද්ද දිනේ. ඔක්තොම්බර් 17 කලින් සුබ මොහොතට එනවා. ඔය කිව්වට එන්නෙ නැති වෙයි කියලා කට්ටිය කියනවා ඇහෙනවා.”

“එන්නේ නැතිනම් මොකද වෙන්නෙ හෙනහුරාට කලින්ම යන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ජනාධිපති ඡන්දය නොතියා වෙට්ටු දාන්න එයාට වෙන්නේ ගොඩක් කලින් ගෙදර යන්න. ඒක මම අද කියන්නම්”

“සමහර අය හිතනවා රනිල් වික්‍රමසිංහ මාර ගැට කාරයා.  මොනවා හරි ගැටයක් ගහයි.  මොන ගැටකාරය ද අනේ.. මේක උනේ මොකක් ද දන්නවද?”

“සමහර අය කියනවා තනි මන්ත්‍රී.  පාර්ලිමේන්තුවට ගිහිල්ලා  මාර සටකපට මෑන්. ජනාධිපති වුනා. මාර මෑන්… “

“ඒක බොරුවක්.”

“ඉස්සරවෙලා අගමැතිකම ගන්න කිව්වේ සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාස ගත්ත නම් රනිල් තාමත් තනි මන්ත්‍රී. බෑ කිව්වා. ඊට පස්සේ යෝජනා කළා ෆොන්සේකට. එතුමා කිව්වා මට දවස් තුනක් දෙන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ. ගෝඨාභය හිරවෙලා හිටිය හිරවිල්ලට දවස් තුනක්වත් බලාගෙන ඉන්න බෑ. “

“ ඊට පස්සේ තුන්වන තේරීම තමයි රනිල්. දෙන්නම් කිව්වට පස්සේ හා කිව්වා. නැතිවෙන්න දෙයක් නෑ. තනි මිනිහා. පක්ෂයක් නෑ. ව්‍යාපාරයක් නෑ. හා කිව්වා. හැබැයි මතයක් හදනවා මාර මෑන්. තනි මිනිහා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනාධිපතිකම ගත්තා. “

“මොන මාර මෑන් ද. හෘද සාක්ෂියක් නැති මිනිස්සු . තමන් හිරේ දාන්න කියලා ඡන්දය ඉල්ලපු මිනිස්සු. මහබැංකුවට ප්‍රහාර එල්ල කලා,  එයාව හිරේ දාන්න ඡන්දය දෙන්න කියලා ඉල්ලුවේ. තමන් පරාද කරන්න ඡන්දය ඉල්ලපු අයගෙන් තමන් ජනාධිපති වෙන්න ඡන්ය ඉල්ලන එක වීරකමක් ද?. ඒක ලැජ්ජා නැතිකම. මාර ගැටකාරයෙක් නෙමෙයි.”

“එයාට අනිවාර්යයෙන් මේ ජනාධිපති ඡන්දය තියන්න වෙනවා. රටේ විනාශකාරි ගමන් මග අවසන් කරලා නව දේශපාලන ගමන් මගකට අවතීර්ණ කරන්න. “

ඒ ගමනේ ප්‍රමුඛතම වගකීම ඇත්තේ කාන්තාවට බවත් ගමක සක්‍රීයම චරිතය සපයන ගමේ ක්‍රියාශීලී අධ්‍යාත්මය කාන්තාව බවත් අනුර කුමාර දිසානායක කීවේය. කාන්තාව දේශාපාලන වශයෙන් සවිඥානික වෙමින්,  සක්‍රීය වෙමින් රට වෙනුවෙන් ගොඩනගන බලය රටේ අලුත්ම දේශපාලන ප්‍රවනතාවය බව කී ජාතික ජන බලවේග නායකයා මේ ඉන්නේ අලුත්ම ජනතාවක් බව කීවේය. .

“මෑත ලෝක ඉතිහාසයේ පාරට බැහැලා හැට නව ලක්ෂයක ජන වරමක් තිබුණු පාලකයා තුනෙන් දෙකේ පාලනයක් තිබ්බ අගමැතිවරයා පාරට බැහැලා පන්නපු ජනතාවක් මේ රටේ  ඉන්නේ. ඒක මතක තබා ගන්න.”

“රනිල් හිතනවා මේ ඉන්නේ  පැරණි ජනතාව කියලා. මේ ඉන්නෙ පැරණි ජනතාව නෙමෙයි.   ජනතාව පාරට බැහැලා පාලකයා පලවා හැරියා. හැට නව ලක්ෂයේ ඡන්දය අරන් අවුරුද දෙක හමාරෙන් පැන්නුවෙ.  තුනෙන් දෙකේ බලය අරන් අවුරුදු දෙක හමාරෙන් පැන්නුවේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් හාල් කිලෝ විස්සට ඉඩම් ඔප්පුවට, තහඩු දෙකකට අස්වැසුමට මේ ජනතාව රවට්ටන්න පුලුවන් කියලා අප කියන්නේ  රවට්ටන්න පුලුවන් කියලා රවට්න්න බෑ කියන එක.”

පැමිණ සිටි කාන්තා සෙනග…

“රනිල් ඔයාලා තාම දේශපාලනය කරන්නේ පරණ ජනතාවත් එක්ක. අලුත් ජනතාව එක්ක දේශපාලනය කරන්නේ ජාතික ජන බලවේගය. “

“මේ අතරේ කරු ජයසුරිය, චන්ද්‍රිකා කුමාරතුංග එකතු වෙලා විධායක ජනාධිපති  ධූරය අහෝසි කරගන්න හදනවා . මහින්ද මහත්තයා කියනවා දැන්නම් අහෝසි කළත් කමක් නෑ මම ඒ පුටුවෙ රස වින්දා කියලා.”

“කියනවා නෙමෙයි. කියැවෙනවා.”

“ මේවට තමයි අපේ ගම්වල කියන්නෙ මරු කියවනවා කියලා. නැතිනම් මෙලෝ ඔළුවක් තියන මිනිහෙක් කියයි ද මම ඒකෙ වාඩිවෙලා හොඳට රස වින්දා. දැන්නම් ඉතින් අහෝසි කළත් කමක් නෑ කියලා.”

“දැන් අප පැහැදිලිව දන්නවා ඔක්තොම්බර 17ට කලින් ජනාධිපති ඡන්දය තියන්න ඕන. ඉස්සරවෙලා තියනේනේ ජනාධිපති ඡන්දය. මොකද රනිල් වික්‍රමසිංහ මේ පුටුවෙ වාඩිවෙලා ඉන්න අන්තිම දවස වෙනකම් වාඩිවෙනවා. පාර්ලිමේන්තු ඡන්දය තිබ්බොත් කලින්ම යන්න වෙනවා.”

“ඒ වගේම මේ ඡන්දය වෙනුවෙන් එකතු වේනන පුලුවන් ලොකුම සන්ධානය හදනවලු.  මහින්ද කේන්ද්‍ර කරන් රනිල්ට විරුද්ධව සන්ධාන හැදුනා. ඊට පස්සේ මෛත්‍රී කේන්ද්‍ර කරගෙන මහින්දට විරුද්ධව සන්ධාන හැදුනා. ලංකා ඉතිහාසයේ සන්ධාන වර්ග දෙකක් තියනවා. එකක් මහින්දට විරුද්ධව සන්ධාන හදලා තියනවා රනිල්ලා. රනිල්ලට විරුද්ධව සන්ධාන හදලා තියනවා මහින්දලා. “

“දැන් මොකක්ද වෙන්න යන්නේ. රනිල්ට එරෙහිව සන්ධාන හදපු මහින්දලයි, මහින්දලට විරුද්ධව සන්ධාන හදන මෛත්‍රීලයි දෙකම එකතුවෙලා සන්ධානයක් හදනවා ජාතික ජන බලවේගයට විරුද්ධව.”

“මතක තියාගන්න. ඊළඟ ජනාධිපති ඡන්දයේ වේදිකාව තරම් අරුමෝසම් තියන වේදිකාවක් කවදාවත් බලාගන්න බැරිවේවි. මොකක්ද වේදිකාව. “

“සාටකය දාගත්ත මහින්ද, අනික් පැත්තෙන් ටයි කෝට් දාගතුත් රනිල්, අනික් පැත්තෙන් ඔසරිය දාගත්තු චන්ද්‍රිකා,  අනික් පැත්තෙන් තරු පටි ගහගත්තු ගෝඨාභය, අනෙක් පැත්තෙන් පොළොන්නරුවෙ ගැමියා මෛත්‍රීපාල සිරිසේන.”

“එක වේදිකාවෙ. විකට ඇඳුම් තරගයක් වගෙ. අප එක අතකින් වාසනාවන්තයි මේ වගේ ජුගුප්සාජනක දර්ශන අපේ ඇස් ඉදිරිපිට දකින්නට ලැබිම ගැන. අපි කවාදවත් මෙහෙම දර්ශනයක්  බලාපොරොත්තු වුනා ද.”

ගමේ අවුරුදු උත්සවයක තියන පොඩි විකට ඇඳුම් තරගයක්  වගේ වේදිකාවක් හැදෙන්නේ අපට විරුද්දව. “

දූෂිත පාලකයින් පළවා හැරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, කිසිදෙයයකින් අඩුවක් නැති මේ  පුංචි වුනත් මහා රට හදන්නට එකතු වී වැඩකරමු යන ආරාධනය කරන බවත් ජාතික ජන බලවේග නායකයා කීවේ. ඔහු කිව්වේ බලය ඇත්තේ ජනතාව වටා පෙළ ගැසෙන බලවේගයක් තුළ මිස ජනධිපතිවරයා පාර්ලිමේන්තුව හෝ කැබිනට්ටුව තුළ නොවන බවය.

“ඉන්දියාවෙන් ආරධනා කරනකොට බලය බැලුවා නම්…  ජනාධිපති අපි නෙමෙයි. කැබිනට් මණඩලය අපි නෙමෙයි. පාර්ලිමේන්තුවේ ලොකු කණ්ඩායම අපි නෙමෙයි. විපක්ෂය අපි නෙමෙයි. පාර්ලිමේන්තුවෙ අපි තුනයි.”

“හැබැයි එන්න කියනවා අපට. බලය කොතැන ද. බලය තියෙන්නෙ කොතැන ද, ජනාධිපති ලඟ ද, කැබිනට් එකේ ද… නෑ බලය තියෙන්නේ ජනතාව ගාව. ජනතාව වඩාත් වැඩියෙන් පොදි බැඳන් ඉන්නේ ජනතාව ගාව. ඉන්දියාව ඒක තමයි මැනපු බලය. ඉන්දියාව ඒක තමයි බලය කියන්නේ.”

අනුර කුමාර දිසානායක කීවේය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2024 දකුණු පළාත් රාජ්‍ය ආයතනවල ස්ථානමාරු තාවකාලිකව අත් හිටුවයි!

Next Post

ෆොන්සේකා සම්බන්ධව කිසිම විනය ක්‍රියාමාර්ගයක්  ගැනීම වළක්වන අධිකරණ නියෝගයක්! සජිත්ට ෆොන්සේකා උත්තර දෙන්න ගනි… !

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.