fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ගෝලීය අරගලවලට ශ්‍රි ලංකාව වේදිකාවක් වීමේ අවදානමෙන් ගැලවෙමු

Lanka Sara Editor by Lanka Sara Editor
ජූලි 28, 2022
in දේශපාලන
0
Share on FacebookShare on Twitter

උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉන්දියාව දෙසට විතැන් කර තිබුණද, විශේෂයෙන් පැවැති රාජපක්ෂ ආණ්ඩු  පසුගිය දශකයකට වැඩි කාලය පුරාම  ශ්‍රී ලංකාවට සමීප කරගනු ලැබුවේ චීනය ය. නැතහොත් එම ආණ්ඩු හරහා චීනය මෙරටට සිදුකළ කළ මැදිහත්වීම අති විශාලය. විශේෂයෙන් චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ (Belt & Road-BRI) වැඩසටහන ආරම්භ කිරීමත් සමග, එම සැලසුමේ, භූගෝලීය වශයෙන් පහළ කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබුණි. ආරම්භයක් ලෙස හම්බන්තොට වරායත්, දෙවන සහ ප්‍රධාන පියවර ලෙස කොළඹ වරාය නගරයත් ඉදිවන්නේ ඒ අනුවය. ඊට සමගාමි ව චීනය විසින් ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරිණ. එම නිසාම ගෙවී ගිය වසර 10දී ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතුව ඇති වාණිජ ණය ප්‍රමාණය 2021 අප්‍රේල් මාසය වනවිට ‘කන්දක්’ බවට පත්ව තිබෙන බව රජයේ සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. එනම් ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණයවලින් සියයට 12ක ප්‍රමාණයක්ම ගෙවීමට ඇත්තේ චීනයටය.

 

RelatedPosts

සබ්රි මේ තරම් ගොබ්බ ද?

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

ශ්‍රී ලංකාව තුළ මෙම චීන මැදිහත්වීම ඉන්දියාවට මෙන්ම කලාපයේ එක්සත් ජනපද ක්‍රියාකාරකම්වලටද සෘජු තර්ජනයක් වුවද, විශේෂයෙන් එක්සත් ජනපදය පාර්ශ්වයෙන් මෙරට හිටපු තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් හරහා සිය ප්‍රතිවාදියා ප්‍රමාණවත් ලෙස කළමනාකරණය කර ගැනීමට ඇමරිකාව සමත්වූ බවක් පසුගිය වකවානුවේ දැක ගැනීමට නොහැකි විය. ඇමරිකාව විසින් පසුගිය පෙබරවාරි මාසයේදී සිය නව නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවට, දකුණු කොරියාවේ උපන්, චීනය පිළිබඳ විශේෂ අවබෝධයක් සහිත ජුලී චුන්ග් නම් ආසියාතික ගැහැණිය පත් කර එවන්නේ එවැනි පසුබිමකය. නව එක්සත් ජනපද තානාපතිනිය මෙරටට පත්ව ආ දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන පරිවර්තන ගණනාවක් සිදුව තිබේ. ජනතාව වික්ෂිප්ත කරවූ රාජ්‍ය පාලන සම්මිශ්‍රණයක් සිදුවද්දී පසුගිය පෙබරවාරියේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත භූ-දේශපාලනයේද බරපතල වෙනස්කම් රැසක් සිදුවූ අතර ඊට පැහැදිලිව ම එක්සත් ජනපදයේ සබඳතාවක් පැවැති බව සමීපව එම ක්‍රියාවලිය දෙස බලන විට හඳුනාගැනීම අසීරු නැත.

 

මෙම වසර ආරම්භයේ සිටම ඉන්දියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ උපදේශය බවට පත්ව තිබුණේ අනුක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර  මුල්‍ය අරමුදල (IMF) වෙත යොමුවන ලෙසය. එම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට පවතින එකම බාධකය චීනය බව බටහිරට රහසක් වුයේ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානම ද්විපාර්ශ්වික ණය දෙන්නකු වන චීනය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟ වීමකින් තොරව ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සාර්ථක කරගැනීමට හැකියාවක් නැත. එහෙත් චීනය සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟතාව  පළකිරීමෙන් වැලකී දිගින් දිගටම නිහඬව සිටි අතර, ඊට සමගාමි ව එක්සත් ජනපදය ප්‍රමුඛ පාර්ශ්වය IMF වැඩසටහන කඩිනම් කිරීමට සහ එය ගැලවීමේ එකම විකල්පය බව ශ්‍රී ලංකාවට අවබෝධ කරදීමට අඛණ්ඩ ව කටයුතු කරනු ලැබීය. ඒ අතර චීනයේ අනුග්‍රහය ලැබූ රාජපක්ෂ ආණ්ඩුවටද නරක කලදසාවක් ලැබූ අතර අවසානයේ, චීනයට අනාගතයේ සිදුවෙතැයි අපේක්ෂා කරන ආණ්ඩු මාරුවකදී සිය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපක්‍රමශීලි ලෙස රාජපක්ෂවරුන්ගෙන් ඈත්වීමට පියවර ගනු ලැබිණි. නැත්නම් සියුම් ලෙස ‘අරගලයට’ සහය දක්වන දේශපාලන කණ්ඩායම් වෙත අනුග්‍රහය දක්වන ආස්ථානය දක්වා සිය ස්ථාවරය හුවමාරු කරවීම සිදු කළේය. කෙසේ වෙතත් එම ගමනේදී චීනය මේ වන විට ශ්‍රී ලංකාව තුළ යම් සිරවිමකට ලක්ව සිටින අතර, ඊට හේතුවී ඇත්තේ එක් අතකින් සිය අනුග්‍රහය ලැබූ ආණ්ඩු පාර්ශවය සමග සෘජුව පැවැති සමීපභාවය අහිමිවීම සහ බටහිර බලපෑම මත IMF වැඩසටහන නමැති අවසන් තුරුම්පුව වෙත ශ්‍රී ලංකාව යොමුවීමය. මෙහි දෙවැනි කරුණ හෙවත් IMF ක්‍රියාවලියට චීනය අනුග්‍රහය නොදක්වන නමුත් දැන් පවතින තත්වය මත චීනයට ඊට සහාය නොදක්වා සිටීමට නොහැකි තැනට වැඩ සිදුවී තිබේ. ඊට සහාය දැක්වීමට නම් චීනය මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟ විය යුතුය. එසේ කළහොත් චීනයට ශ්‍රී ලංකාව සමග පවතින සිය දීර්ඝ කාලින ‘සුහදතාව’ සහ මිතුරකුගේ දුෂ්කර අවස්ථාවේ පිහිටවීම නමැති ‘ගුණය’ ලෝක ප්‍රජාව හමුවේ ආරක්ෂා කරගත හැකිය. එහෙත් එලෙස ශ්‍රී ලංකාවට උපකාර කළහොත් චීනය මුහුණදෙන ප්‍රධානම අර්බුදය වන්නේ, මේ වන විටත් ලොව බොහෝ ස්ථානවලදී අසාර්ථකවී ඇති ‘එක් තීරයක්-එක් මාවතක්’ වැඩසටහනේ ව්‍යාපෘති වෙනුවෙන් චීන ණය ලබාගෙන, ‘අමාරුවේ වැටී’ එම ණය ගෙවාගත නොහැකිව  සිටින රටවලටද, ශ්‍රී ලංකාවට ලබාදුන් සහනයම ලබාදීමට සිදුවීමය. එනම් එම රටවලද ගෙවාගත නොහැකි චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනයට සිදුවන බවය.

ඒ අනුව චීනය ශ්‍රී ලංකාව හමුවේ දැන් මුහුණදී සිටින්නේ උභතෝකෝටිකයකට බව පැවසීම අසත්‍යයක් නොවේ. කෙසේ වෙතත් මෙහිදී කීමට ඇත්තේ සියුම්ව විමසා බැලීමේදී චීනය මෙලෙස ශ්‍රී ලංකාවේදී යම් පමණකට ‘කොටුවීම’ ඉබේ සිදුවූවක් නොවන බවය. ඒ පිටුපස පැහැදිලිවම එක්සත් ජනපද හස්තය පැවැති අතර, ශ්‍රී ලංකාව චීන ණය උගුලේ පැටලුණු බවට බටහිර විසින් අඛණ්ඩව සිදුකරන චෝදනාවට තරගකාරීව පිළිතුරු ලබාදීමට චීනය අසමත් ව තිබේ.

 

ඒ අනුව මේ මොහොතේ පැහැදිලිවම දැකගැනීමට ලැබෙන කරුණ නම් දකුණු ආසියානු කලාපයේ ව්‍යාප්ත, චීනයේ දශකයක පමණ කාලයක අත්තනෝමතික වෙළඳ උපක්‍රමවලට පහරදීමට මේ වන විට එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුළ ‘ප්‍රසිද්ධියේ පිටිය සකසමින් සිටින’ බවය. එහිදී එක්සත් ජනපදය එක් පසකින් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන අතර අනෙක් පසින් ඇමෙරිකාව,ඉන්දියාව,ජපානය සහ ඕස්ට්‍රේලියාවේ එකමුතුවෙන් සැදුම්ලත් ‘ක්වාඩ්’ සංවිධානයේ උපකාරය බලාපොරොත්තු වේ. අවසානයේ දැන් තමන් චීනයේ ග්‍රහණයෙන් දකුණු ආසියානු කලාපයේ රටවල් මුදාගැනීම වෙනුවෙන් පෙළගැසෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද එක්සත් ජනපදය සිය ප්‍රමුඛතම ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා ලවාම පසුගිය සතියේ පියවර ගනු ලැබිණි. වාර්ෂිකව පවත්වනු ලබන ඇස්පෙන් ආරක්ෂක සමුළුව මෙවර පවාත්වන ලද්දේ එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රන්තයේදීය. එහිදී CIA සංවිධානයේ ප්‍රධානි විලියම් බර්න්ස් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව මෙරට නායකයන් විසින් චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ‘අදුරදර්ශී විශ්වාසයක්’ තැබීම බවය. එහිදී ජනමාධ්‍යවේදිනිය විසින් CIA ප්‍රධානියාගෙන් විමසන්නේ දකුණු ආසියානු කලාපයේ චීන මැදිහත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය කුමක්දැයි කියාය. ඊට පිළිතුරු ලබාදෙමින් CIA ප්‍රධානියා මෙසේ පවසයි.

“චීනයට ආර්ථික වශයෙන්  සඳහා උපරිම ප්‍රතිලාභ හිමිකර ගැනීමේ ඉහළ  හැකියාවක් පවතිනවා (සිය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා චීනය ඕනෑම උපක්‍රමයක් ක්‍රියාත්මක කරන බව). ආරක්ෂක වශයෙන් ඔවුන් සාමාන්‍යයෙන් පරික්ෂාකාරී වන බව කිව හැකියි. පසුගිය කාලය තුළ මැදපෙරදිග සහ දකුණු ආසියාවේ ඇමෙරිකානු අත්දැකීම් ගැන අවධානය යොමුකිරිම ඊට හේතුවක්. මේ නිසා මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවලින් ඔවුන් යම් ආකාරයක දුරස්වීමක් සිදුකරනු දැකගත හැකියි. ශ්‍රී ලංකාව වැනි රටවලින්ද ඔවුන් යම් පාඩමක් ඉගෙන ගන්නට ඇතැයි සිතේ.. සිය ආර්ථික අනාගතය උදෙසා චීන ව්‍යාපෘති පිළිබඳව අදුරදර්ශී බලාපොරොත්තු තබමින් අධික ලෙස ණයගැති වීමේ ප්‍රතිඵලයක් ලෙසයි අද ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන බිඳවැටීමක් සිදුව තිබෙන්නේ. මම හිතනවා එය මැදපෙරදිග හා දකුණු ආසියාවේ පමණක් නොව ලොවපුරා රටවල් රැසකට මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් විවෘතව සිතබලිම සඳහා ආදර්ශයක් වන බව.”

 

ඒ අනුව පැහැදිළි වම දැකගත හැක්කේ එක්සත් ජනපදය මෙලෙස ඉන්දු-පැසිෆික් කලාපයේ චීන බලපෑම හුදෙක් වෙළෙඳ යුද්ධයක් අර්ථයෙන්ම පමණක් ගෙන නැති බවය. සිය ජාතික බුද්ධි ප්‍රධානියා හරහා මෙලෙස ඇමෙරිකාව ප්‍රකාශ කරවන්නේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද චීනය යම් බලපෑමක් සිදුකරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බවය. එසේනම් ශ්‍රී ලංකාව මෙහිදී සිදු කළ යුත්තේ කුමක්ද? මෙම ගෝලීය නාටකයට වේදිකාව සපයමින් නිහඬව සිටීමද? නැත්නම් අත්වැල් ගායනයට හෝ වෙනත් අයුරකින් එහි ‘පෙළට’ සම්බන්ධ වී නැවතත් තවත් පාර්ශවයක් සමීප කරගැනීමද? ඊට පිළිතුරු සැපයිය යුත්තේ ඉදිරි සතියේ නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවය.

Share76Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අති විශේෂ ගැසට් නිවේදනයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි!

Next Post

පැතුම් කර්නර් අද අධිකරණයට… වේරංග පුෂ්පික 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට….

RelatedPosts

සබ්රි මේ තරම් ගොබ්බ ද?
දේශපාලන

සබ්රි මේ තරම් ගොබ්බ ද?

සැප්තැම්බර් 27, 2023
හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!
දේශපාලන

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

සැප්තැම්බර් 20, 2023
easter-attack
දේශපාලන

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

සැප්තැම්බර් 4, 2023
Next Post
පැතුම් කර්නර් අත්අඩංගුවට….

පැතුම් කර්නර් අද අධිකරණයට... වේරංග පුෂ්පික 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    518 shares
    Share 207 Tweet 130
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    274 shares
    Share 110 Tweet 69
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    265 shares
    Share 106 Tweet 66
  • පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

    215 shares
    Share 86 Tweet 54

නවතම ලිපි

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!
  • 17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.