බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ගෝලීය අරගලවලට ශ්‍රි ලංකාව වේදිකාවක් වීමේ අවදානමෙන් ගැලවෙමු

by Lanka Sara Editor
ජූලි 28, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉන්දියාව දෙසට විතැන් කර තිබුණද, විශේෂයෙන් පැවැති රාජපක්ෂ ආණ්ඩු  පසුගිය දශකයකට වැඩි කාලය පුරාම  ශ්‍රී ලංකාවට සමීප කරගනු ලැබුවේ චීනය ය. නැතහොත් එම ආණ්ඩු හරහා චීනය මෙරටට සිදුකළ කළ මැදිහත්වීම අති විශාලය. විශේෂයෙන් චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ (Belt & Road-BRI) වැඩසටහන ආරම්භ කිරීමත් සමග, එම සැලසුමේ, භූගෝලීය වශයෙන් පහළ කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබුණි. ආරම්භයක් ලෙස හම්බන්තොට වරායත්, දෙවන සහ ප්‍රධාන පියවර ලෙස කොළඹ වරාය නගරයත් ඉදිවන්නේ ඒ අනුවය. ඊට සමගාමි ව චීනය විසින් ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරිණ. එම නිසාම ගෙවී ගිය වසර 10දී ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතුව ඇති වාණිජ ණය ප්‍රමාණය 2021 අප්‍රේල් මාසය වනවිට ‘කන්දක්’ බවට පත්ව තිබෙන බව රජයේ සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. එනම් ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණයවලින් සියයට 12ක ප්‍රමාණයක්ම ගෙවීමට ඇත්තේ චීනයටය.

 

ශ්‍රී ලංකාව තුළ මෙම චීන මැදිහත්වීම ඉන්දියාවට මෙන්ම කලාපයේ එක්සත් ජනපද ක්‍රියාකාරකම්වලටද සෘජු තර්ජනයක් වුවද, විශේෂයෙන් එක්සත් ජනපදය පාර්ශ්වයෙන් මෙරට හිටපු තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් හරහා සිය ප්‍රතිවාදියා ප්‍රමාණවත් ලෙස කළමනාකරණය කර ගැනීමට ඇමරිකාව සමත්වූ බවක් පසුගිය වකවානුවේ දැක ගැනීමට නොහැකි විය. ඇමරිකාව විසින් පසුගිය පෙබරවාරි මාසයේදී සිය නව නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවට, දකුණු කොරියාවේ උපන්, චීනය පිළිබඳ විශේෂ අවබෝධයක් සහිත ජුලී චුන්ග් නම් ආසියාතික ගැහැණිය පත් කර එවන්නේ එවැනි පසුබිමකය. නව එක්සත් ජනපද තානාපතිනිය මෙරටට පත්ව ආ දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන පරිවර්තන ගණනාවක් සිදුව තිබේ. ජනතාව වික්ෂිප්ත කරවූ රාජ්‍ය පාලන සම්මිශ්‍රණයක් සිදුවද්දී පසුගිය පෙබරවාරියේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත භූ-දේශපාලනයේද බරපතල වෙනස්කම් රැසක් සිදුවූ අතර ඊට පැහැදිලිව ම එක්සත් ජනපදයේ සබඳතාවක් පැවැති බව සමීපව එම ක්‍රියාවලිය දෙස බලන විට හඳුනාගැනීම අසීරු නැත.

 

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙම වසර ආරම්භයේ සිටම ඉන්දියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ උපදේශය බවට පත්ව තිබුණේ අනුක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර  මුල්‍ය අරමුදල (IMF) වෙත යොමුවන ලෙසය. එම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට පවතින එකම බාධකය චීනය බව බටහිරට රහසක් වුයේ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානම ද්විපාර්ශ්වික ණය දෙන්නකු වන චීනය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟ වීමකින් තොරව ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සාර්ථක කරගැනීමට හැකියාවක් නැත. එහෙත් චීනය සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟතාව  පළකිරීමෙන් වැලකී දිගින් දිගටම නිහඬව සිටි අතර, ඊට සමගාමි ව එක්සත් ජනපදය ප්‍රමුඛ පාර්ශ්වය IMF වැඩසටහන කඩිනම් කිරීමට සහ එය ගැලවීමේ එකම විකල්පය බව ශ්‍රී ලංකාවට අවබෝධ කරදීමට අඛණ්ඩ ව කටයුතු කරනු ලැබීය. ඒ අතර චීනයේ අනුග්‍රහය ලැබූ රාජපක්ෂ ආණ්ඩුවටද නරක කලදසාවක් ලැබූ අතර අවසානයේ, චීනයට අනාගතයේ සිදුවෙතැයි අපේක්ෂා කරන ආණ්ඩු මාරුවකදී සිය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උපක්‍රමශීලි ලෙස රාජපක්ෂවරුන්ගෙන් ඈත්වීමට පියවර ගනු ලැබිණි. නැත්නම් සියුම් ලෙස ‘අරගලයට’ සහය දක්වන දේශපාලන කණ්ඩායම් වෙත අනුග්‍රහය දක්වන ආස්ථානය දක්වා සිය ස්ථාවරය හුවමාරු කරවීම සිදු කළේය. කෙසේ වෙතත් එම ගමනේදී චීනය මේ වන විට ශ්‍රී ලංකාව තුළ යම් සිරවිමකට ලක්ව සිටින අතර, ඊට හේතුවී ඇත්තේ එක් අතකින් සිය අනුග්‍රහය ලැබූ ආණ්ඩු පාර්ශවය සමග සෘජුව පැවැති සමීපභාවය අහිමිවීම සහ බටහිර බලපෑම මත IMF වැඩසටහන නමැති අවසන් තුරුම්පුව වෙත ශ්‍රී ලංකාව යොමුවීමය. මෙහි දෙවැනි කරුණ හෙවත් IMF ක්‍රියාවලියට චීනය අනුග්‍රහය නොදක්වන නමුත් දැන් පවතින තත්වය මත චීනයට ඊට සහාය නොදක්වා සිටීමට නොහැකි තැනට වැඩ සිදුවී තිබේ. ඊට සහාය දැක්වීමට නම් චීනය මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟ විය යුතුය. එසේ කළහොත් චීනයට ශ්‍රී ලංකාව සමග පවතින සිය දීර්ඝ කාලින ‘සුහදතාව’ සහ මිතුරකුගේ දුෂ්කර අවස්ථාවේ පිහිටවීම නමැති ‘ගුණය’ ලෝක ප්‍රජාව හමුවේ ආරක්ෂා කරගත හැකිය. එහෙත් එලෙස ශ්‍රී ලංකාවට උපකාර කළහොත් චීනය මුහුණදෙන ප්‍රධානම අර්බුදය වන්නේ, මේ වන විටත් ලොව බොහෝ ස්ථානවලදී අසාර්ථකවී ඇති ‘එක් තීරයක්-එක් මාවතක්’ වැඩසටහනේ ව්‍යාපෘති වෙනුවෙන් චීන ණය ලබාගෙන, ‘අමාරුවේ වැටී’ එම ණය ගෙවාගත නොහැකිව  සිටින රටවලටද, ශ්‍රී ලංකාවට ලබාදුන් සහනයම ලබාදීමට සිදුවීමය. එනම් එම රටවලද ගෙවාගත නොහැකි චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනයට සිදුවන බවය.

ඒ අනුව චීනය ශ්‍රී ලංකාව හමුවේ දැන් මුහුණදී සිටින්නේ උභතෝකෝටිකයකට බව පැවසීම අසත්‍යයක් නොවේ. කෙසේ වෙතත් මෙහිදී කීමට ඇත්තේ සියුම්ව විමසා බැලීමේදී චීනය මෙලෙස ශ්‍රී ලංකාවේදී යම් පමණකට ‘කොටුවීම’ ඉබේ සිදුවූවක් නොවන බවය. ඒ පිටුපස පැහැදිලිවම එක්සත් ජනපද හස්තය පැවැති අතර, ශ්‍රී ලංකාව චීන ණය උගුලේ පැටලුණු බවට බටහිර විසින් අඛණ්ඩව සිදුකරන චෝදනාවට තරගකාරීව පිළිතුරු ලබාදීමට චීනය අසමත් ව තිබේ.

 

ඒ අනුව මේ මොහොතේ පැහැදිලිවම දැකගැනීමට ලැබෙන කරුණ නම් දකුණු ආසියානු කලාපයේ ව්‍යාප්ත, චීනයේ දශකයක පමණ කාලයක අත්තනෝමතික වෙළඳ උපක්‍රමවලට පහරදීමට මේ වන විට එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුළ ‘ප්‍රසිද්ධියේ පිටිය සකසමින් සිටින’ බවය. එහිදී එක්සත් ජනපදය එක් පසකින් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන අතර අනෙක් පසින් ඇමෙරිකාව,ඉන්දියාව,ජපානය සහ ඕස්ට්‍රේලියාවේ එකමුතුවෙන් සැදුම්ලත් ‘ක්වාඩ්’ සංවිධානයේ උපකාරය බලාපොරොත්තු වේ. අවසානයේ දැන් තමන් චීනයේ ග්‍රහණයෙන් දකුණු ආසියානු කලාපයේ රටවල් මුදාගැනීම වෙනුවෙන් පෙළගැසෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද එක්සත් ජනපදය සිය ප්‍රමුඛතම ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා ලවාම පසුගිය සතියේ පියවර ගනු ලැබිණි. වාර්ෂිකව පවත්වනු ලබන ඇස්පෙන් ආරක්ෂක සමුළුව මෙවර පවාත්වන ලද්දේ එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රන්තයේදීය. එහිදී CIA සංවිධානයේ ප්‍රධානි විලියම් බර්න්ස් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව මෙරට නායකයන් විසින් චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ‘අදුරදර්ශී විශ්වාසයක්’ තැබීම බවය. එහිදී ජනමාධ්‍යවේදිනිය විසින් CIA ප්‍රධානියාගෙන් විමසන්නේ දකුණු ආසියානු කලාපයේ චීන මැදිහත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය කුමක්දැයි කියාය. ඊට පිළිතුරු ලබාදෙමින් CIA ප්‍රධානියා මෙසේ පවසයි.

“චීනයට ආර්ථික වශයෙන්  සඳහා උපරිම ප්‍රතිලාභ හිමිකර ගැනීමේ ඉහළ  හැකියාවක් පවතිනවා (සිය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා චීනය ඕනෑම උපක්‍රමයක් ක්‍රියාත්මක කරන බව). ආරක්ෂක වශයෙන් ඔවුන් සාමාන්‍යයෙන් පරික්ෂාකාරී වන බව කිව හැකියි. පසුගිය කාලය තුළ මැදපෙරදිග සහ දකුණු ආසියාවේ ඇමෙරිකානු අත්දැකීම් ගැන අවධානය යොමුකිරිම ඊට හේතුවක්. මේ නිසා මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවලින් ඔවුන් යම් ආකාරයක දුරස්වීමක් සිදුකරනු දැකගත හැකියි. ශ්‍රී ලංකාව වැනි රටවලින්ද ඔවුන් යම් පාඩමක් ඉගෙන ගන්නට ඇතැයි සිතේ.. සිය ආර්ථික අනාගතය උදෙසා චීන ව්‍යාපෘති පිළිබඳව අදුරදර්ශී බලාපොරොත්තු තබමින් අධික ලෙස ණයගැති වීමේ ප්‍රතිඵලයක් ලෙසයි අද ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන බිඳවැටීමක් සිදුව තිබෙන්නේ. මම හිතනවා එය මැදපෙරදිග හා දකුණු ආසියාවේ පමණක් නොව ලොවපුරා රටවල් රැසකට මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් විවෘතව සිතබලිම සඳහා ආදර්ශයක් වන බව.”

 

ඒ අනුව පැහැදිළි වම දැකගත හැක්කේ එක්සත් ජනපදය මෙලෙස ඉන්දු-පැසිෆික් කලාපයේ චීන බලපෑම හුදෙක් වෙළෙඳ යුද්ධයක් අර්ථයෙන්ම පමණක් ගෙන නැති බවය. සිය ජාතික බුද්ධි ප්‍රධානියා හරහා මෙලෙස ඇමෙරිකාව ප්‍රකාශ කරවන්නේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද චීනය යම් බලපෑමක් සිදුකරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සුදානම් බවය. එසේනම් ශ්‍රී ලංකාව මෙහිදී සිදු කළ යුත්තේ කුමක්ද? මෙම ගෝලීය නාටකයට වේදිකාව සපයමින් නිහඬව සිටීමද? නැත්නම් අත්වැල් ගායනයට හෝ වෙනත් අයුරකින් එහි ‘පෙළට’ සම්බන්ධ වී නැවතත් තවත් පාර්ශවයක් සමීප කරගැනීමද? ඊට පිළිතුරු සැපයිය යුත්තේ ඉදිරි සතියේ නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවය.

Share69Tweet43
Previous Post

අති විශේෂ ගැසට් නිවේදනයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි!

Next Post

පැතුම් කර්නර් අද අධිකරණයට… වේරංග පුෂ්පික 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට….

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.