බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

 ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ඉනිමේ පළමු පරාජය

by Lanka Sara Editor
අප්‍රේල් 10, 2022 - Updated on අප්‍රේල් 30, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ක්‍රිකට් පිටියෙන් දේශපාලන පිටියට පැමිණි පාකිස්ථානයේ ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ගමන අවසානයට මේවන විටත් පැමිණ ඇතැයි කිව්වොත් බොහො දුරට නිවැරදිය. දේශපාලන පිටිය තුළ ඔහුගේ ඉනිම ස්ථාවර කර ගැනීම පහසු වූයේ නැත.  ඔහු ආවේ කාගේවත් පිළක එල්ලී නොවේ. ඔහුම අලුත් දේශපාල පක්ෂයක් පිහිටුවාගෙන අලුත් පිලක් සමඟ දේශපාලනයට ආවේ ශ්‍රි ලංකාවේ මෙනම් පාකිස්තාන ජනතාවට ලොකු බලාපොරොතතු රැසක් දල්වාලමිනි. ඔු බලයට පැමිණි ගමන් අනුගමනය කළ ප්‍රගතිශීලී පියවර ඔහු ක්‍රිකට් පිටියේදී එල්ල කළ ආකර්ෂණීය හයේ හතරේ පහරවල් වැනි විය. කඩුළු විසිවෙන පන්දු යැවීමක් වැනි විය. ඔහුගේ ක්‍රිකට් හපන්කම් ඉදිරියේ නැගෙන ඔලවසරසන් හඬ සේම ඔහුගේ දේශපාලන ඉනිමේ ආරම්භයද ආකර්ෂණීය වූ ලෝකයේම  අවධානය ලක් වන එකක් විය.

බලාපොරොත්තු රැසක් දල්වමින් 2018 වර්ෂයේ බලයට පැමිණි ඉම්රාන් ඛාන් ට එරට නව මානයකට ගෙන යන්නට හැකි වනු ඇති බවට බොහෝ මත පළවිය. එහෙත් ඒ සියලු දෑ අවසන් වූයේ ක්‍රිකට් පිටියේ  පවතින අවිනිශ්චිතතාවට නොදෙවෙනි අස්තීර බවකිනි. දැන්  ඔහුට හිස් අතින්ම ගෙදර යන්නට සිදුව තිබේ.

පකිසතානයේ අගමැතිවරුන් තිදෙනකුට ඉතිහාසය තුළ විශ්වාස භංග ඉදිරිපත් ව තිබේ. එහෙත් පාකිස්ථාන ඉතිහාසයේ විශ්වාසභංගයකින් පරාජයට පත්වූ පළමු අග්‍රාමත්‍යවරයා බවට පත්වන්නට සිදුවූයේ ඉම්රාන් ඛාන්ටය.  ඛාන් මෙම ලැජ්ජාශීලි අත්දැකීමෙන් ඈත් වන්නට  උත්සහ කළද ඊට අවස්ථාවක් නොලැබිණි. ඔහු මේ සඳහා අනුගමනය කළ එක් පියවරක් වූයේ  විපක්ෂයෙන් ඉදිරිපත් වූ විශ්වාසභංගය මඟ හැරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එහෙත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එමඋත්සාහය ප්‍රතික්ෂේප කරන ලදී.  එයින් අගමැති ඉම්රාන් ඛාන්ගේ අවසන් තුරුම්පුවද පුස්සක් බවට පත්  කළේය.

 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

2018 වසරේදී ඉම්රාන් ඛාන්  බලයට පත්වෙන විට රටේ පකිසථාන දේශඔපාලනය ගැන මෙනම් ඉම්රාන් ඛාන්ට පෞද්ගලිකව ප්‍රිය කරන ලෝ පුරා රසිකයන් හිතුවේ එරට ඉතිහාසයේ මුළු ධුර කාලයම බලයේ සිටි ප්‍රථම අග්‍රාමත්‍යවරයා වනු ඇති බවය. ඒ අවස්ථාවේදී ඉම්රාන්  ඛාන්ට බලයට පත්වීම සඳහා  එරට හමුදාවේද අශිර්වාදය හිමිව තිබිණි.  මන්ද මෑත ඉතිහාසයයේ පුරාවට පාකිස්ථාන දේශපාලන භූමිය තුළ බලයට පත්වීමට එරට හමුදාවේ සහය අනිවාර්ය  සාධකයක් නිසාවෙනි.

පාකිස්ථානයේ ආණ්ඩු පිහිටුවීමට එරට හමුදාව සෘජුව හෝ වක්‍රව දායක වන බව නොරහසකි. එය එරට ඉතිහාසය පුරාවටම දක්නට ලැබිණි. එහිදී ඛාන් හට ආණ්ඩු බලය ලබා ගැනීමට එරට හමුදාව විවිධ අයුරින් සහය ලබාදීම සිදුකෙරිණි.

 

ඉම්රාන් ඛාන් බලයට පත්වන විට ඔහුගේ ප්‍රධානතම තරඟකරුවා වූයේ නවාස්  ශෙරීෆ්ය.ෂෙරීෆ් පළපුරුදු දේශපාලකයෙකි.එමෙනම් ඔහු හිටපු අගමැතිවරයෙකි.  කෙසේ වුවද ඒ නිසාම  ඔහුට විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබුණි. එහිදී බොහෝ දෙනෙකු  එම චෝදනාවලට සම්බන්ධ බවට විශ්වාස කරන අතර ඒ සඳහා අවශ්‍ය වටාපිටාවත් මනාව සකස්ව තිබිණි. එහෙත් මීට ශරීෆ් සහ  එරට හමුදාවන් අතර ඒ වනවිට  පැවති මතභේදාත්මක තත්ත්වයද ඉම්රාන්ගේ ජයග්‍රහණය කෙරෙහි යම් ආකාරයකින් බලපෑ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

කෙසේ වෙතත් මේ සියල්ල ඉතාම සාර්ථකව කළමනාකරණය කරගනිමින් ඛාන් 2018 වර්ෂයේදී අග්‍රමාත්‍යවරයා වශයෙන් බලයට පත්වෙන අතර එහිදී ඔහුට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවමින් කටයුතු කිරීමට අවස්ථාව හිමිවිය.

 

මෙලෙස සිය පාලන සමය ආරම්භ කළ ඉම්රාන් ඛාන් මෙතෙක් පාකිස්ථානය ගමන් කළ මඟ වෙනස් කරමින් චීනයට වැඩි නැඹුරුවක් දකවන විදේශ ප්‍රතිපත්තික් අනුගමනය කිරීමට ආරම්භ කළේය.චීනයද සිය එක් මාවතක් එක් තීරයක් සිය කලාපීය  සංවර්ධන සහ බල ව්‍යාප්ති සංකල්පය තුළ පාකිස්ථානය ක්‍රමෝපායයික හවුල්කරුවකු බවට පත් කර ගත්තේ ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාප්තියට එය දැවැන්ත සවියක් කර ගනිමිනි.  එහිදී ඔහු එරට සංවර්ධන ව්‍යාපෘති විශාල වශයෙන් චීනයට ලබාදීම සිදුකෙරිණි.

මෙහිදී ඔහු මේවන විට විශාල වශයෙන් ආන්දෝලනයට තුඩු දී තිබෙන චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියත්මක කෙරිණි. මෙලෙස ආරම්භ කෙරුණු ඇතැම් ව්‍යාපෘති  නිසි ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන ඒවා වුවද ඔහුගේ ආණ්ඩුව එවැනි  ව්‍යාපෘති රැසක් ආරම්භ කළේය.

එහිදී න්‍යෂ්ටික රාජ්‍යක් වූ පාකිස්ථානයට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට චීන සහය ලබා ගැනීමට පිළිබඳවද විශාල කතාබහකට ලක්වූ අතර එමගින් ඛාන් චීනය මත යැපීම කෙතරම්ද යන්න පැහැදිලි කිරීමට එක් උදාහරණයක් ලෙස ගෙන හැර දැක්විය හැකිය.

 

මේ සියල්ල අතරේ පාකිස්ථාන ආර්ථිකය සීඝ්‍ර කඩා වැටීමකට ලක්විය.  එරට උද්ධමනය අංක දෙකක අගයක් දක්වා ඉහළ ගියේය. දැඩි ආර්ථික අර්බුදයක් පවතින තත්ත්වයක ඉකුත් පෙබරවාරි මාසයේදී   ඉම්රාන් ඛාන් විසින් එරට ඉන්ධන මිල  සහ විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගැණිනි.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ මෙම තීරණයත් සමඟ පාකිස්ථාන ආර්ථික අර්බුදය තවත් දරුණු අතට පත්විය. එහිදී එරට ගෙවුම් ශේෂ තත්ත්වය ඉතාම දරුණු අයුරින් පිරිහීමට ලක්විය. ඒ අනුව ඉකුත් සතියේදී පාකිස්ථාන රුපියලේ අගය ඉතිහාසයේ දරුණුතම ලෙස කඩා වැටීමට ලක්විය.

 

මේත් සමඟම පාකිස්ථාන තුළ පොහොර හිඟයක්ද නිර්මාණය වූ අතර ඉන් ඇති වූ ජනතා විරෝධය එරට පාර්ලිමේන්තුව දක්වාම වර්ධනය වීය. එහිදී විපක්ෂය විසින් ඉම්රාන් ඛාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති දරුණු ලෙස විවේචනයට ලක්කිරීම ආරම්භ කෙරිණි.

 

ඛාන් සිය චීන මිත්‍රත්තවය මත ගන්නා ලද බොහොමයක් තීන්දු තීරණ ඇස් පනා පිටම අසාර්ථක විය.ඒ පිළිබඳ බොහෝ විවේචන එල්ල විය.  එතෙක් යුධ හමුදාව සමඟ යම් අනොන්‍ය විශ්වාසයක් සහ සහයෝගයක් තිබූ යුධ හමුදාවේ “හිතවත්කම“ද ඉම්රාන් ඛාන් වෙතින් ඈත් වන්නට කරුණු යෙදිණි. ඊට මූලික හේතුවක් වූයේ චින අවි මිලදී ගැනීමට අගමැතිවරයා විසින් ගන්නා ලද තීරණයයි. මේ අවි ගනුදෙනුව සම්බන්ධයෙන්  එරට හමුදාවන්ගෙන්ම දැඩි විරෝධයක් මතුවිය.

 

මෙතෙක් කාලයක් බටහිර අවි භාවිත කළ පාකිස්ථාන හමුදාවන් චීන අවි ආයුධ භාවිතා කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් ඒ සඳහා  විරෝධය පළ කළ අතරම විශාල මුදලක් වැය කර චීනයෙන් ප්‍රහාරක යානා මිලදී ගැනීමට ද විශාල ප්‍රතිරෝධයක් එල්ල විය.

 

මෙම කරුණු කාරණා එකින් එක ගොඩ ගැසීමත් සමඟ ඉම්රාන් ඛාන්ට පකිස්තාන  හමුදාවන්ගෙන් ලැබී තිබුණු සහය කෙමෙන් කෙමෙන් අඩු වන්නට ගත්තේය.   හමුදාවේ විශ්වාසය ඔහු‍ කෙරෙන් කෙමෙන් ගිලිහී යද්දී ඉම්රාන්  ඛාන් හට සහය පළකළ සෙසු පක්ෂ ඔහු අත්හැර යාම ආරම්භ කෙරිණි. එයද ඉම්රාන්ගේ පන්දුවලට පිතිකරුවන් හයේ හතරේ පහර එලල් වනවිට ඉම්රාන්ගේ පන්දු යැවීම ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක් වන්නාක් මෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉතුත් මාසයේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ  අතර  අවසානයේ දී ඔහු පාකිස්ථාන ඉතිහාසයේ විශ්වාසභංගයකින් බලයෙන් පහකළ ප්‍රථම අග්‍රාමත්‍යවරයා බවට පත් වෙමින් සිය දෙශපාලන ගමනේ පළමු පරාජයට මුහුණ දදී පිටියෙන් ඉවතට ගියේය. ඉම්රාන්ගේ දෙවැනි ඉනිම කෙසේ වනු ඇතිද අපි බලා සිටිමු.

Share69Tweet43
Previous Post

විශ්වාස භංගයෙන් පරදී ! ඉම්රාන් ඛාන්ට අගමැති ධුරය අහිමි වෙයි !

Next Post

ණය ගෙවන්න  වෙනවාට ණය කරුවන් ණය දුන් කාන්තාව මරා  ඇයගේ යතුරු පැදියත් සමග වළ දාලා…

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.