අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ආර්ථිකය අමාරුයි… ජනාධිපතිවරණයකට නොගොස් ජනමත විචාරණයකින් ධූර කාලය දික් කරගන්න ජනපතිගේ පාර්ශවයෙන් සැලැස්මක්! 

Examining the Possibility of Bypassing Costly Presidential Elections through Referendum

by editor
ජූනි 25, 2023
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කරගෙන අනතුරුව  ඊට වඩා අඩු වියදමක් සහිත ජනමත විචාරණයකට ගොස් වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරගැනීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු වී ඇතැයි විශ්වාස කටයුතු දේශපාලනන ආරංචි මාර්ග ලංකාසරට හෙලි කරයි.

වඩාත් සුදුසු ජනමත විචාරණයක් ද ජනාධිපතිවරණයක් ද යන්න තීන්දු කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට මේ වනවිට යෝජනා වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම ජනමත විචාරණයෙන් විමසන්නේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට තව අවුරුදු 05ක් සඳහා බලය ලබා දිය යුතු ද?, නැද්ද ?, යන්න බවත් මෙවැනි ජනමත විචාරණයක දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊලඟ ධූර කාලය සඳහා බලය ලැබෙනු ඇති බවට දැඩි විශ්වාසයක් ජනාධිපතිවරයාගේ පාර්ශවයට ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙත්ත ලබන නොවැම්බර් මස අවසන්වනවිට අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වන බැවින් ඊට පෙර මෙම ජනමත විචාරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවට පැවරෙනු ඇතැයි වාර්තා වේ.

1982 ලාම්පු කලගෙඩි සෙල්ලම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට පෙර ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට මැතිවරණයක් අවශ්‍ය ද නැද්ද විමසා ඡන්දයක් පවත්වනු ලැබුවේ  1982 දීය. මෙය හැඳින්වූයේ ලාම්පු කලගෙඩි සෙල්ලම නමිනි.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ  මෙතෙක් පවත්වා ඇති එකම ජනමතවිචාරණය වන අතර එය පැවැත්වූයේ රනිල්වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාගේ මාමා කෙනෙක් වන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෙස සිටිද්දී ය.

විශේෂ කාරණාවල දී  පාර්ලිමේන්තුවේ සාමාන්‍ය හෝ විශේෂ අනුමැතිය (එනම් සරළ බහුතරය හෝ තුනෙන් දෙක) ලබා ගැනීමට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත වීමේ අවශ්‍යතාව හඳුන්වා දෙනු ලැබුවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83, 85, 86 සහ 87 වැනි වගන්තිවල මීට අදාළ ප්‍රතිපාදන අඩංගුය.

ව්‍යවස්ථාවේ 62(2) වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හයක් වන අතර එය දීර්ඝ කරන්නේනම් ජනමත විචාරණයක් අවශ්‍යය.

ඒ අනුව වර්ෂ 1982 දී  ‘වත්මන් පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකින් දීර්ඝ කිරීම ඔබ අනුමත කරනවාද?’ යන ප්‍රශ්නය මහජනතාවගෙන් අසන ලදී. එනම් මෙහිදී සිදුවූයේ මැතිවරණයක් නොපවත්වා තවත් අවුරුදු 06ක් මේ ආණ්ඩුව පවත්වාගෙන යනවා ද නැද්ද යන්න ජනතාවගෙන් විමසීමය.

ඊට කැමතිනම් ලාම්පුව ලකුණටද අකමැතිනම් කළගෙඩිය ලකුණටද තම ඡන්දය සළකුණු කළ යුතු විය.

මෙය සෑම අතකින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් විය. එහිදී මහජන කැමැත්ත විමසන ලද්දේ මැතිවරණයක් නොතියා සිටීමටය. විශේෂත්වය වන්නේ  අපේ ඡන්ද දායකයෝ ඡන්දය එපා යයි කියන්නට ඡන්දය දුන්නෝය.

මහ මැතිවරණයක් අකුලාගෙන බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට එරෙහි විරෝධය අවසනායේ දී පිපිරී ගියේ 88 -89 ඇතිවූ ජනතා කැරැල්ලෙනි. ඉන් තරුණ ජීවිත 60 000කට ආසන්න ප්‍රමාණයක් දකුණේ විනාශ වූයේය.

ජනමත විචාරණය පිළිබඳ වත්මන් තත්ත්වය

ජනමත විචාරණය නොපැවැත්වීමට මූලික සාධකය ලෙස ජනාධිපතිවරයා පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ වත්මන් ආර්ථික පරිසරය තුළ ජනාධිපතිවරණයක් සඳහා අධික පිරිවැයක් දැරිය නොහැකි බවය.

පලාත් පාලන මැතිවරණය දින නියමකින් තොරව අවලංගු වන්නේත් ආර්ථිකව විශාල පිරිවැයක් මේ මොහොතේ දී දැරිය නොහැකි බව පවසමිනි.

එහෙත් ජනමත විචාරණයකට සාපේක්ෂව අඩු පිරිවැයක් දැරිය හැකි බව රජය පිළිගෙන ඇතැයි වාර්තා වේ.  කෙසේ වෙතත් මෙම ජනමත විචාරණය ජනාධිපතිවරයා පැරදුනහොත් නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමේ විශාල සම්භාවිතාවක් ද තිබෙන බැවින් මෙය වියදම දෙගුණ වීමක් බවට ද මතයක් ඇති වී තිබේ.

දේශපාලන   අදහස්

1982 වර්ෂයේ  අතීත අත්දැකීම සහිතව ජේ.ආර්. ජවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍ර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයක් නොතියා ඉදිරි ධූර කාලය ලබා ගැනීම වෙනුවෙන් ජනමත විචාරණයක් සඳහා සූදානම් වීම දෛවෝපගත සිදුවීමක් බව දේශපාලන ආරංචි මාර්ග පවසන්නේය.

මහ මැතිවරණයේ දී සෝදාපාලුවට ලක්වන ලෙස  ජනතා ඡන්දයෙන් පැරදී , එක්සත්  ජාතික පක්ෂයට හිමි එකම  ජාතික ලයිස්තු   මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණ,  රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවලට එරෙහි වීම සඳහා වූ ජනවරම සහිත පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත්වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයක් නොපත්වා සිය ධූරකාලය දීර්ඝ කරගැනීමට මෙවැනි උත්සාහයක නිරත වන්නේ නම් එය කිසිසේත්ම රටේ අනාගත සමාජ පරිසරයට යහපතක් නොවනු ඇති බවට විචාරක මත පලවෙමින් තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවය මෙම ජන මත විචාරණයෙන් ජනාධිපතිවරයාට තව වසර 05ක ධූර කාලයක් ලබා ගැනීමට ජනතා කැමැත්ත ලැබෙනු ඇති බවට දැඩි විශ්වාසයකින්  පසුවන බව  වාර්තා වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බැංකු පද්ධතියට නිවාඩු දී  දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාව හදිසි අවශ්‍යතාවක් සේ සලකා ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුවට?

Next Post

වසරක් තුළ ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 70ක් සේවය හැර ගිහින්… තවත් පිරිසක් යන්න සූදානම්! –

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.