ලලිත් චාමින්ද –
ශ්‍රි.ල.නි.පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඊයේ (08) රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්විමේ දි ශ්‍ර..ල.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තියවේදින් දැඩි ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.
හබරාදුව ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂ සංවිධායක හා මධ්‍යම කාරක සභික තිසර ගුණසිංහ මේ බව මාධ්‍යයට හෙළි කරමින් කීවේ ආර්ථිකය කඩා වැටිම හා රටේ ඇතිවි තිබෙන අයහපත් තත්වය පිළිබඳ සංඛ්‍යා ලේඛන සහිතව වෘත්තියවෙදින් විසින් මධ්‍යම කාරක සභා රැස්විමේ දි පෙන්වා දුන් බවය.
ශ්‍රි.ල.නි.පක්ෂ මධ්‍යමකාරක සභාව නියෝජනය කරන වෘත්තියවේදින් වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, ධම්ම දිසානායක, සෝමරත්න දිසානායක, චමලි ලියනගේ යන විද්වතුන් වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව කියා සිට ඇත. අතුල රාහුබද්ධ, ගාමිණි තිලකසිරි, මනෝජි සිරිසේන, යන මධ්‍යමකාරක සභිකයින්ද සඳහන් කර සිටි ඇත්තේ ශ්‍රි.ල.නි පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වි වෙනම ගමනක් යා යුතු බවටය.
ශ්‍රි.ල.නි.පයේ මධ්‍යම කාරක සභා රැස්විම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි.ල.නි.ප මුලස්ථානයේ දි පැවැත්විණි. මෙම මධ්‍යම කාරකසභා රැස්විම සඳහා වෙනදාට වඩා මධ්‍යමකාරක සභිකයින් දැඩි උද්‍යෝගයකින් යුතුව සහභාගි වි ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රි.ල.නි.පක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනාම මධ්‍යම කාරක සභා රැස්විමට එක්ව සිටියහ.
ශ්‍රි.ල.නි.පක්ෂයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි පිළිබඳ මෙහිදි මධ්‍යමකාරක සභිකයින්ගේ කථා බහට ලක්ව ඇත.
ශ්‍රී.ල.නි.ප යේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන වෘත්තියවේදින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළද පැය දෙකක පමණ සාකච්ඡාවකින් පසු ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය යන තීරණයට එළඹෙන්නට නොහැකි වී ඇත.
මේ පිළිබද තවදුරටත් පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් පොහොට්ටුවේ ඇතමුන් කියන කථා ගණන්ගතයුතු නැති බවත් ශ්‍රි.ල.නි.ප යේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා තිබේ.
ජ.වි.පේ සහ සමගි ජන බලවේගය ගමට ගොස් විරෝධතා සිදුකරන බවත් ශ්‍රි.ල.නි.ප ය ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් නිසා මේ ප්‍රශ්නය ගැන කථා කිරීමට නොහැකිවී ඇති බවත් වෘත්තිකන් විසින් පෙන්වා දී තිබේ.
මේ අතර ශ්‍රි.ල.නි.පක්ෂයේ මන්ත්‍රිවරුන් 14 දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිම සඳහා දිනයක් ලබා දි ඇති බවද දැනගන්නට තිබේ.
මෙම මධ්‍යමකාරක සභා රැස්විමේ දි ශ්‍රි.ල.නි.ප ය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 14 දෙනා කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරිම ද විශේෂත්වයකි.