ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අඟහරුවාදා… නලින්ද නාන දවස….

by editor
මාර්තු 18, 2025
in දේශපාලන
nalinda
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

ජනාධිපති අනුර කුමාර දිසානායක සහොදරයා මෙහෙම කියා තිබුණේය. ” අපේ රටේ ඉන්නෙ ඕනෑම අපරාධකරයෙක් අත් අඩංගුවට ගත හැකි තරමේ විශිෂ්ඨ හැකියාවක් වෘත්තීය කුසලතාවයක් තියෙන නිලධාරීන්ගෙන් සමන්විත පොලිසියක්. යම් අපරාධක් විමර්ශනයක් කල් යනවා නම් නිසැකවම ඒක යට තියෙන්නෙ පොලිසියෙ අකාර්යක්ෂමතාවය නෙමෙයි. දේශපාලන බලපෑමක්…” අනුර සහෝදරයා මේ කතාව කියන විට උන්නේ විපක්ෂයේ ය.

දැන් අනුර සහෝදරයා අපේ ජනාධිපතිය. දවස් 18ක් තිස්සේ මේ වර්ග කිලෝ මීටර 65610 තුළ රටේ පොලිස්පති පොලිසියට හොයා ගන්නට බැරි වීමේ ඉතිහාස ගත ගොබ්බ නාඩගම මේ මොහොතේ රඟ දැක්වෙමින් තිබේ. දක්ෂ කුසලතා පූර්ණ වෘත්තීය පොලිසිය පොලිස්පති හොයන්නේය. හොයන්නේය. හොයන්නේය. හොයාගන්න බැරිය. ” කල් යනවා නම් නිසැකවම ඒක යට තියෙන්නෙ පොලිසියෙ අකාර්යක්ෂමතාවය නෙමෙයි. දේශපාලන බලපෑමක්…” එහෙම අපට කියා දුන්නේ විපක්ෂයේ සිටි අනුර සහෝදරයා ය.

අනුර කුමාර දිසානායක නැමැති පුද්ගලයා නොව, ඔහුගෙන් නියෝජනය වූ මතවාදය උඩට ගන්නට දශක ගණනාවක් පරිප්පු කෑ පරම්පාරවක මිනිස්සු ලෙස අප දැන් ඉන්නේ වික්ෂිප්තවය. මොකක්දෝ තැනක අනුර සහෝදරයා හා ඔහු ජනාධිපතිකම දරන අපේ ආණ්ඩුව බෙල්ල මුලින් හිරවී ඇතිදැයි අපට සිතෙන්නේය. ඒ හිරවීමට මේ වනවිට අනුර සහෝදරයා ප්‍රමුඛ ආණ්ඩුව හිරවී ඇති තරම රටට පෙන්වන්නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සය. අය වැයෙන් පසු ඔහු පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට කීවා සේ අපට කියන්නට ඇත්තේ ”  ලෝකයේ කිසිම රටක කිසිම තැනක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකුට පමණක් නොව,  වනේ වන හතුරෙකුටවත් මේ වගේ අතුරු ආන්තරාවක් නම් සිදුනොවේවා” යන්නය. දැන් හැම අඟහරුවාදාම නලින් ද ප්‍රසිද්ධියේ නාන දවස බවට පත් වී ඇත්තේය. එක අතකට මේ මනුස්සයා පවුය.

දේශබන්දු ගැන අදත් කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණේය. මාධ්‍ය පුන පුනා ඇසුවේ දේශබන්දු ගැන රජයේ ස්ථාවරය කුමක් ද යන්නය. ඔහු ගැන රජයේ ස්ථාවරය කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ නැත. හිනාවෙන්නේය. වටපිට බලන්නේය. ගොත ගසන්නේය. තමන්ගේ රජයේ පොලිස්පති නිලයට සහිත, එහෙත් අධිකරණය හමුවේ විවෘත වරෙන්තුකරුවෙක් වී සිටින රාජ්‍ය නිලධාරියා සම්බන්ධ රජයේ ස්ථාවරය කෙලින් කියන්නට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අහවල් එකෙක් දැයි රටට හිතෙන්නේය. අපට ඒ විදිහට හිතවන්නට ඉඩ අරින එක ආණ්ඩුවට පවුය.

අද කැබිනට් මාධ්‍ය හමුවේ දී වැඩි කාලයක් ගතවන්නේ දේශබන්දු ගැන මාධ්‍යය කළ විමසීමටය. ඉතාම අඩු කාලයක් ඒ කාලය තුළ කතා කරන්නට ගත කරගත්තේ උත්තර හිඟ නලින්ද ජයතිස්සය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මාධ්‍ය – දේශබන්දු තෙන්නකෝන් ගැන රජයේ ස්ථාවරය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද?. .

නලින්ද – ඔහුව අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. රජයේ තීන්දුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ කණ්ඩායම් 06ක් යොදවලා තියනවා අත් අඩංගුවට ගන්න.

මාධ්‍ය – දේශන්දු තෙන්නකෝන් දුටු තැන අත් අඩංගුවට ගන්න නියෝග නික්තු කළ වරෙන්තු කරුවෙක්. ඔහුගේ බිරිය සහ දරුවන් ඇවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කට උත්තර දුන්නා . අපට මතකයි පාතාල නායකයෙක්ගේ ඝාතනයට සම්බන්ධව සැකකාරිනියගේ ගෙදර බල්ලා විතරයි පොලිසියට ගෙනාවේ නැත්තේ. නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙනවාද?. අධිකරණ නියෝග මග හැර අධිකරණ නියෝග කඩ කරමින් ඉන්න රජයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙක් මේ ඉන්නේ . අප අහන්නේ ඔහු ගැන රජයේ ස්ථාවරය කුමක් ද? ඊට තවත් ප්‍රශ්න මාධ්‍යයෙන් එකතු වුනේය.

“අත් අඩංගුවට ගැනීම පසෙක තබන්න. මෙයාට විනයානුකූලව කටයුතු කරන්නට වැඩ පිළිවෙළක් තියනව ද?. මොකද අනෙක් හය දෙනා හැංගිලා නෑ. ඔවුන් ප්‍රකාශ දීලා තියනවා. වැඩ තහනම් වෙලා. නමුත් පොලිස්පතිවරයාගේ වැඩ තහනම් වෙලා නෑ. අධිකරණයෙන් දීපු වෙනත් නියෝගයක් තියනවා තමන්ගේ බලය පාවිච්චි කරන්න බෑ කියලා පමණක්. විනය කටයුත්තක් සිද්ධ වෙනව ද ?. ”

නලින්ද – අධිකරණයෙන් ලබා දුන් තීන්දුවේ තිබෙන්නේ ඔහුට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවලා. වැඩ තහනමක් නෙමෙයි.

ආණ්ඩුව හැටියට මට කියන්න තියෙන්නෙ නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක කරනවා. ඊයේ අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුවෙ තිබෙනවා ඔහුව අත් අඩංගුවට ගැනීම පමණක් නොවෙයි, ඔහුට රැකවරණය සපයන අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. සෙව්වන්දි හොයාගෙන යනකොට නීතිය ක්‍රියාත්මක කළා වගේම අනුරාධපුරයේ වෛද්‍යවරිය දූෂණය කළ අයට කටයුතු කළා වගේම දේශබන්දු තෙන්නකෝන් සඟවාගෙන ඉන්න අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒකට වැඩි දවසක් යන එකක් නෑ. පොලිසිය උපරිමව කටයුතු කරනවා. ”

මාධ්‍ය – “දවස් 18ක් ගිහින් තියනවා අත් අඩංගුවට ගන්න. ගණේමුල්ල සංජීවගේ අපරාධකාරයා පැය කීපයකින් අත් අඩංගුවට ගත්තා. නීතිය සුරකින ආයතනයේ ප්‍රධානිය හොයා ගන්න නීතිය සුරකින ආයතනයට බැරි ඇයි.?” නලින්ද කතා නැත. ඒ අතර තවත් ප්‍රශ්නයක් නැගෙන්නේය.

“පොලිසිය ලැජ්ජා වෙන්න ඕන. අපිඩවිට් එක අත්සන් කරලා තියෙන්නේ නීතිඥ මහත්තයා ඉදිරියෙ නෙ. ඉතින් ඉන්න තැන දන්නවනේ. නීතිඥ තුමාගෙන් අහන් බෑ. සදාචාරාත්මක නැති නිසා. හැබැයි මොකටද මෙහෙම සීඅයිඩී එකක්. ප්‍රසිද්ධ නීතිඥ මහත්මයෙක් දන්නවා අපරාධකරාය ඉන්න තැන. සීඅයිඩී එක ලජ්ජා වෙන්න ඕන.” ඒ සමගම මතුවන තවත් ප්‍රශ්නයකි.

“මෙතන ප්‍රශ්නය තියෙන්නේ අත් අඩංගුවට ගන්නෙ නැත්තේ ආණ්ඩුවත් එක්ක වෙන ඩීල් එකක් තියනව ද කියන එක. නැතිනම් පොලිසිය කටයුතු කරන්නේ වෙන වෙන කණ්ඩායම්වලට ඕන විදිහට ද?. නැතිනම් පොලිසිය ඇතුළෙ කණ්ඩායම් බෙදිල ද?”

“දැන් බලන්න ඇමති තුමා. පැහැදිලිවම අභියාචනාධිකරණය දුන්නනෙ තීන්දුවක්. ඔයාගේ චේනාව අවංක නෑ, ඔයා උසස් නිලධාරියෙක්. උසාවිය මගහැරලා කටයුතු කිරීම වැරදි ආදර්ශයක් දෙන්නේ කියලා. මේක මාර ප්‍රශ්නයක් නේ. පොලිසිය මෙහෙයවලා අත් අඩංගුවට ගන්න බැරි ඇයි.?

නලින්ද – දේශබන්දු තෙන්නකෝන් පමණක් නොවෙයි. දැන් ඔබ කතා බහ කරන තව කීප දෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් මැදිහත් වෙලා අත් අඩංගුවට ගන්න හොයන. දැන් කවුරුත් කියන්නේ නෑනෙ අපට ප්‍රසන්න රණවීරත් එක්ක මොකක් හරි ඩීල් එකක් තියනවා කියලා අපිට. එයත් හොයනවා. සෙව්වන්දිත් හොයනවා. නම නොදන්න කීප දෙනෙකුත් තව හොයනවා. පොලිස් කණ්ඩායම් යොදවලා තියෙන්නේ.

ගණේමුල් සංජීව ඝාතනය 13ක් අත් අඩංගුවට අරන් තියනවා. පොලිස් නිලධාරීන් 2ක් හා ජේලර්වරයෙක් ඉන්නවා ඒ 13 අතර. රාජ්‍ය යාන්ත්‍රණය තුළටත් විහිදිලා තියෙන්නේ විමර්ශන. අපි නොදන්න ඔබ දන්න තොරතුරු තියනවා නම් ඉදිරිපත් කිරීම තමයි හොඳ. අනිවාර්ය වශයෙන්ම අත් අඩංගුවට ගන්නවා.

මාධ්‍ය – තවම ඔබතුමා අපි අහපු ප්‍රශ්නයට උත්තරය දුන්නේ නෑ. මේ නිලධාරියා සම්බන්ධව රජය ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද,

නලින්ද – ඒක මට දැන් මේ වෙලාවේ කියන්න බෑ. පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කරයි. නැතිනම් මහජන ආරක්ෂක ඇමතිවරයා ඒ ගැන කතා කරයි.

මාධ්‍ය – මේ සම්බන්ධයෙන් නීතිය සහ සාමය අමාත්‍යාංශය පැත්තෙන් ඔහුගේ වැඩ තහනම් කිරීම ගැන ලිපියක් සකස් කරලා ඒ සම්බන්ධ විනය බලධාරියා වෙච්චි ජනාධිපතිවරයාට යවලා තියනවා කියලා වාර්තාවක් තියනව ද ඔබතුමා සතුව.

නලින්ද – මේ කටයුතු අවසන් වුනාට පස්සේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නිල වශයෙන්ම මේ ගැන දැනුම් දෙයි.

මාධ්‍ය – දේශබන්දු තෙන්නකොන් සම්බන්ධව එහෙම දෙයක් සිද්ධ වෙමින් තියනව ද?

නලින්ද – මට ඒ ගැන මේ මොහොතෙ කියන්න බෑ. ඒ කටයුතු අවසන් වුනාට පස්සෙ ඒ ගැන දැනුම් දේවි ඔබට.

මාධ්‍ය – ඊයේ නඩු විභාගයේම සඳහන් වුනා… නඩුව ගන්න දවසකට කලින් පොලිසිය ලබා දුන්න නිවේදනය නඩුවට බලපෑමක් කරන්න ඉදිරිපත් කරපු එකක් ද කියලා. පොලිසිය දුන්න කරුණු නිවැරදි නොවන බවත් ඒ වෙලාවෙ සඳහන් වුනා. ඒ කියන්නේ පොලිසිය ඇතුළෙ කොටසක් ඉන්නව ද පොලිස්පති ආරක්ෂා කරන්න. පොලිසියෙ ඇතුළේ බෙදීමක් තියනව ද?” නලින්ද නිහඬය. මාධ්‍ය ඊටම අදාලව තවත් ප්‍රශ්නයක් අසන්නේය.

“මමත් ඒ ප්‍රශ්නයටම තව ටිකක් එකතු කරන්නම්… ඒ කියන්නෙ මේ නිවේදනයේ සඳහන් වෙන්නේ 6 දෙනෙක් අත් අඩංගුවට ගන්නෙ නෑ කියලා. ඒ කරුණ පැහැදිලිව මහේස්ත්‍රාත් කෙනෙක් දුන්න නියෝගයක් ක්‍රියාත්මක කරන්නෙ නෑ කියලා ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් දාලා කියනවා. ඒකට පදනම් වෙලා තිබුණෙ මහේස්ත්‍රාත් නියෝගය දෙන්න කලින් අභියාචනාධිකරණයේ දි වෙච්ච එකඟතාවයක් ගැන. ජනවාරි මස ආපු එකඟතාවයක් මත පදනම් වෙලා තමයි මේ නිවේදනය දාන්නේ. හැබැයි දිලීප පිරීස් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කිව්වා දැනටමත් නීතිපති එක ඇතුළෙත් මොෂන් එකක් දාලා අරන් මහේස්ත්‍රාත්ගේ නියෝගය ගැන. ඒකෙදි පැහැදිලිවම කියනවා නීතිපති නීතියට ඉහළින් නෑ කියලා. මහේස්ත්‍රාත් කිව්වම ඇරස්ට් කරන්න කියලා අපට බෑ ඇරස්ට් කරන්නේ නෑ කියන්න කොහෙමද පොලිසිය. පොලිසිය කොහෙමද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියෙන් ඉඳලා නිවේදන නිකුත් කරන්නේ. කොහොමද ඒක වුනේ. කවුද ඒක කළේ. මේකෙ පිටපත් මුද්‍රණය කරලා දේශබන්දු තෙන්නකෝන්ගෙ නීතිඥයා බෙනදනවා නඩුවට කලින්. මේක පොලිසිය පැත්තෙන් වෙච්ච බරපතල දෙයක්.

නලින්ද – කොහොම උනත් ඒකෙන් යම් කිසි ආකාරයක … මොකක් ද… කරුණු විකෘති වෙලා වාර්තා වුනා නම් මාර්තු 21 නඩුව ගන්නවා. ඇත්තට ගත්තොත් මම හිතනවා අනවශ්‍ය වැඩක්. තේරුමක් නෑ… කලින් අභියාචනාධිකරණයෙන් ආපු එකඟතාවයක් යළි යළිත් කියවිය යුතු නෑ. මාර්තු 21 කොහොමත් මේ නඩුව ගැනෙනවා. එදාට නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ඒ නඩුව ඉදිරිපත් කරයි.

නැවතත් කියන්නට ඇත්තේ එක දෙයකි. නලින්ද පවුය. වරෙන්තු පිට ඉන්න මිනීමැරීමට තැත් කිරීමේ අපරාධයට චෝදනා ලද පොලිස්පති ඉන්ටර්ඩික් කරගන්න බැරි ආණ්ඩුවකට  තුනෙන් දෙකක ජන බලයක් දී අප විසින් පත් කරගෙන ඇත. ඒ වෙනුවෙන් දිවා රාත්‍රියේ කළ අසීමිත කැපකිරීම් සහිත අප වැනි නිහඩ මනුෂ්‍යයින්ගේ ජීවිතවල අවසාන කාලය නැවත වරක් මහා ප්‍රාර්ථනා කඩවීමක් අභියස නොවනු ඇතැයි තව දුරටත් විශ්වාස කරමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ පුපුරයි… ඉම්තියාස් සජබ සභාපති කමින් ඉල්ලා අස් වෙයි…

Next Post

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.