අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

 T Shirts අඳින්නේ දැනගෙන ද..?

විලාසිතා කරන්න ගිහින් විහිලුවක් නොවීම සඳහායි

by editor
මැයි 14, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගෑනු ළමයාට  කියන සමාන පදයක්… Fashion

මං  වැරදි නෑනේ. ගෑනු ළමයකුට Fashion කියන දේ කොයි තරම් සමීපද. කෙල්ලෝ රොත්තක් එකතු වුණාම කියවන්නෙම Fashion ගැන. ඔබ කරන තව දෙයක් මම කියන්නද..

නොගැළපෙන විකාර Fashion කරන කෙල්ලන්ට හිනා වෙන එක.!!!!

මං වැරදිද.. ක්ලාස් එකේ, ඉන්ස්ටිටියුට් එකේ, කැම්පස් එකේ, ඔෆිස් එකේ විතරක් නෙවෙයි බස් එකේ යද්දී පවා ඔබට දැක්ක ගමන් හිනා යන විලාසිතාකාරියෝ නැද්ද..?

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ටිකක් බය හිතෙන දෙයක් කියන්නද!!!

නොහිතුවට ඔයත් කෙල්ලන්ගේ හිනාවට ලක් වෙනවා ඇති. හරි හරි… කලබල වෙන්න එපා. වැරදි තියනවා නම් කරන්න ඕනේ හදාගන්න එක. බලන්න ඔබත් මේ නොගැළපෙන වැඩ කරන කෙල්ලක්ද කියලා.

දැන් මෙහෙම හිතන්න. අපි කාගෙත් සාමාන්‍ය ඇඳුම ඩෙනිමයි ටී ෂර්ට් එකයි. වැඩිය ලොකු stylish look එකක් එන්නෙත් නෑනේ. හැබැයි ඔය ටී ෂර්ට් වල ගහලා තියන නානාප්‍රකාර වදන් ගැන ඔබ හිතනවද… “හානේ රෝස පාටයි.. මම ආසම මෙරූන් පාට.. මම අඳින්නේ බ්ලැක් විතරයි” කියලා ගෙනාවට   ලියලා තියන දේවලුත් කියවන්න.

“අංගොඩ හිඹුටාන.. මොරටුව අඟුලාන” කියලත් දැන් ටි ෂර්ට් වල ගහලා තියෙනවා. ඉතින් වෛද්‍ය සිසුවියක් ඕක ඇඳන් පාරක ගියොත් දොස්තර කෙසේ වෙතත් කොන්දොස්තර පාටක් ඒවි.

අනවශ්‍ය තැන්වල click me කියලා ලියපු ටි ෂර්ට් එකක් ඇඳන් ගිහින් කාන්තා හිංසනයට විරුද්ධව බස්වල කෑගහලා වැඩක් නැහැ. සමහර විට ඔබට තට්ටු දාන්න ආව කෙනා ඔබ ලිඛිතව ඉල්ලලා තියන  දේ කළා වෙන්නත් ඇති.

තව දෙයක්, සමහර ටි ෂර්ට්ස් තියෙනවා අපි නොදන්නා භාෂාවකින් වචන ප්‍රින්ට් වෙලා තියන. ෆුල් මාවලස් කියලා හිතාගෙන ඕවා ඇන්දට ඒ වචනේ ඇත්තම තේරුම ඔබ දන්නවද?“ මගේ කසින් ඉටැලි වලින් එව්වේ “ කියලා තමයි අඳින්නේ, බ්‍රෑන්ඩඩ් කියලා පොඩි අහංකාරකමකුත් එක්ක. ඒත් ඔහොම අඳිනකොට නොහිතන දේවල් වෙනවා.

“මගෙ මිතුරෙකුගේ   ඔෆිස් එකට ගෑනු ළමයෙක් වෙනදට වඩා හැඩ වැඩ වෙලා අලුත් පන්නේ ටි ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තිබුණා. ඇත්තටම ලස්සන මේ ගෑනු දරුවාට මේ ටී ෂර්ට් එක ගෙනත් දීලා තියෙන්නෙ ස්පාඤ්ඤයේ සවාරියක් ගිය පෙම්වතා. කෙල්ල හරි අඩම්බරෙන් මේ වග  කියලා තිබුණා. හැබැයි වට වෙලා හැඩ බලපු කවුරුත් නොදන්නා රහසක් මගේ මිත්‍රයා රහසේම අර ගෑනු ළමයට කියලා තිබුණා.

“මෝඩියේ. ඔය වචනේ තේරුම ස්පැනිෂ් වලින් ගත්තම prostitute. තමුන් එහෙමද”

ඊට පස්සේ  දඩිබිඩියේ ඇඳුම මාරු කර ගැනීම වෙනම කතාවක්. හැබැයි ඔෆිස් එකට එන අතරමඟ ස්පාඤ්ඤ භාෂාව දන්නා කී දෙනෙක් මේ කෙල්ල දිහා නක්කලේට බලන්න ඇද්ද..

ඒ නිසා මෙහෙම ඇඳුම් අඳිනකොට ටිකක් හිතලා මතලා අඳින්න.  Im princess වගේ එකක් ඇඳල යද්දී ඔබ ඒ ඇඳුම හිතලා බලල තෝරා ගත්තු විත්තිය ඕනේ කෙනෙක්ට හිතේවි.

ප්‍රින්ටඩ් ටී ෂර්ට් අඳින්න ඇත්තටම ආස නම් දන්නා වචන තියෙන ඒවා අඳින්න. ෆොටෝ එකක් ප්‍රින්ට් වෙලා නම් ඒකත් හිතලා මතලා තෝරා ගන්න. මොකද සනි ලියෝන්ගේ ඉඳල ශිවන්‍යා වෙනකම් කට්ටිය දැන් ගෑනු ළමයිගේ ටී ෂර්ට් ඉස්සරහා දත් සෙට් එක පෙන්නගෙන ඉන්නවා. මේවා අඳින්න කලින් ඔබේ ප්‍රතිරූපයට වෙන දේ ගැන දෙපාරක් නෙවේ,  තුන් පාරක්ම හිතන්න.

අනික තමයි තමන්ට ගැළපෙන වර්ණය තෝරා ගන්න. කිසිම විදියකට නොගැළපෙන පාට අඳින්න එපා. හරි කැතයි.

තව දෙයක්. ඔබ වැඩිය පැහැපත් නැත්නම් ටිකක් ලා වර්ණ තෝරා ගන්න. අනික තැනට ගැළපෙන පාට අඳින්න. තද රතු ඇඳන් පන්සල් යන්න එපා.

Fashion කියන්නෙ කලාවක්.  කලාවකින් කරන්නෙ උච්තම දේ උචිත විදිහට ගලපගෙන  අපූර්වත්වයක් මතු කිරීම. සංයමයකින් කල්පනාවෙන්  සිදුකළයුතු ඒ ගලපා ගැනීම් වෙනස් උනොත් එතන කලාවක් නෑ. තියෙන්නෙ විකෘතියක්.

Fashion කරන්න ගිහින් වරදින හැම පුංචි තැනකදීම පවා අපිව සමාජයට විහිලුවක් වෙන්නෙ ඒ නිසා.

ඒ නිසා, පරෙස්සමෙන්.

ඉස්සරහට අපි මේ ගැන තවත් කතා කරමු.

– පවීටා –

 

 

 

Share69Tweet43
Previous Post

ඇසූවන්ට කඳුළු එන කෝලිගේ අංක  18 ජර්සියේ කතාව

Next Post

මරණය දකිමින් ලෝකය සනසන ඇල්ප්ස් කඳු පාමුල රිෂී මාමා

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.