සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

හබරාදූව මුහුදේ  සිය පුතුන් දෙදෙනා  අත් අල්ලාගෙන එකට  දියේ ගිලී මිය යනු දුටු තාත්තාගේ සාක්ෂිය…

by editor
අප්‍රේල් 16, 2026
in ජීවිතය
HABARADUWA-DROWNING
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හබරාදුව පොලිසිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ප්‍රබල රළ පහරකට හසුව දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේය.

මේ සිදුවීම ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ජලා කම්පා කරමින්  ගලා ගියේය.  මෙලෙස මියගොස් ඇත්තේ කටුනායක, දුම්රියපොළ පාරේ පදිංචිව සිටි 26 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ජුඩ් ෂෙවන්ත පෙරේරා සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටි 21 හැවිරිදි ඇන්ටන් සෙනාල් පෙරේරා යන සහෝදරයින් දෙදෙනාය.

සිද්ධිය වු වහාම  ප්‍රදේශවාසීන්  මැදිහත් වී ඔවුන් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් එම තරුණ සහෝදරයන් දෙදෙනා මෙලොව හැරගොස් සිටි බව පොලිසිය  පැවසුවේය.

සිද්ධිය සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය ඊයේ පැවැත්විනි. එහිදී තමන්ගේ දරුවන් දෙදෙනා අත් අල්ලාගෙන දියේ ගිලී එකට මිය යන මහා ඛේදවාචකය ඇස් දෙකට දුටු දරුවන්ගේ පියා මෙසේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි  දී තිබිණි.

දෙදරුවන්ගේ  පියා වන චමින්ද ජුඩ් ප්‍රනීත පෙරේරා (55) පවසා සිටියේ තම දරුවන් දෙදෙනා අවසන් මොහොත දක්වාම දෑත් එකිනෙකා තදින් අල්ලාගෙන රළ පහරින් බේරීමට උත්සාහ කළ බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

දකුණු පළාතේ සංචාරයක නිරතව සිටි මෙම පිරිස, අප්‍රේල් 14 වැනිදා දහවල් කටුනායක බලා ආපසු එන අතරතුර ප්‍රදේශවාසියෙකු පැවසූ තොරතුරකට අනුව මෙම ස්ථානයෙන් මුහුදට බැස තිබේ. පිරිමි පුද්ගලයින් මුහුදේ දිය නාමින් සිටින විට, කාන්තාවන් වෙරළේ සිට ඔවුන් දෙස බලා සිට ඇත.

“පැය භාගයක් විතර අපි නෑවා. එකපාරටම මහා රළ පහරක් ඇවිත් මගේ පුතාලා දෙන්නව මුහුද දිහාවට ඇදගෙන ගියා. මමයි, නෝනාගේ අයියයි පුතයිත් රළට අහුවෙන්න ගියත් අපි බේරුණා. පුතාලා දෙන්නා මීටර් 100ක් විතර ඈතට ගහගෙන ගියා. ඒ දෙන්නා දෑත් එකට අල්ලාගෙන බේරෙන්න උත්සාහ කරනවා අපි වෙරළේ ඉඳන් දැක්කා. විනාඩි 10ක් විතර ඒ දෙන්නා දියේ උඩ යට යමින් පොරබදමින් හිටියා,”   පියා වේදනාවෙන් යුතුව සාක්ෂි ලබා දුන්නේය.

අසල හෝටලයක සිටි ජීවිතාරක්ෂක භටයින් පැමිණ තරුණයින් දෙදෙනා ගොඩට ගෙන ප්‍රථමාධාර ලබා දී හබරාදුව දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත්, රෝහලට රැගෙන යන විටත් ඔවුන් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

මෙම මරණ පරීක්ෂණය හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක විසින් කරාපිටිය ජාතික රෝහලේදී පවත්වනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා විසින් සිදු කරන ලද අතර, ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට තීන්දු කළේය.

හබරාදුව පොලිසියේ පොලිස් කොස්තාපල් (32474) පෙරේරා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී.

මේ තරුණ දරුවන් දෙදෙනාගේ වියෝවෙන් පළාතම කම්පා වී තිබිණි.  ප්‍රදේශවාසියෙක් ඔවුන් පිළිබඳ සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබිණි.

“අම්මයි තාත්තයි කොහොම දරාගන්නද පුතේ ඔයාලා දෙන්නම එයාලව තනි කරලා යන්න ගියහම…   ගමේම හිටපු හරිම නිහඬ, යහපත්  පවුලක් ඔයාලගෙ පවුල… කාටවත්ම වචනෙකින්වත් කරදරයක් වදයක් වෙලා නැතුව ඇති ඔයාලා… ඔයාලට මෙහෙම උනේ… ??? අදහා ගන්නත් බෑ පුතේ… “

“ශෙනාල් පුතේ… ඇන්ටන් ශෙනාල් පුතේ… මම දන්නේ සම්පූර්ණ නමින්මයි ඔයාව… ඔයා දහම් පාසලේ මට මතක විදිහට අට වසරෙදි මගෙ පන්තියෙ… ඒ අවුරුද්දේ මගෙ පන්තියෙ හිටපු දක්ෂම දරුවා ඔයා… නිහතමානිකමත් ඒ තරම්මයි… ඔයා පන්තියෙදි දවසක් අහපු දෙයක් නිසා, ඊට පස්සේ හැම අවුරුද්දකම, හැම පන්තියකදිම මම ඔයාව මතක් කරනවා අනිවාර්යයෙන්ම… ඒ තමයි පුතේ ඔයා දවසක් මං ගාවට ඇවිත් ඉතාම බැහැපත්ව මගෙන් ඇහුවා ටීචර් අපි ශුද්ධවූ බයිබලය කියලා කිව්වට හරි නං කියන්න ඕනා ශුද්ධ බයිබලය කියලා නේද බයිබලයට… මම ඒක ඊට පස්සේ හැම පන්තියකදිම වාගේ කියනවා ළමයින්ට, ළමයි… දවසක් අයියා කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවා කියලා…”

“ඔයාලා හරි රත්තරං දරුවෝ දෙන්නෙක් පුතේ… සහෝදරයෝ දෙන්නෙක්ටත් වඩා ඔයාලා යාළුවෝ දෙන්නෙක් වගේ ජීවත් උනේ… ඉරිදා පූජාවට ඔයාලා දෙන්නා අම්මා තාත්තා… එන විදිහ මැවිලා පේනවා පුතේ…”

“ජේසුට ඔයාලව ඕනා වෙන්න ඇති… අම්මා තාත්තට මේ වේදනාව දරා ගන්න ශක්තිය දෙන්න කියලා අපි ජේසුට කියන්නං පුතේ…  ඔයාලා දෙන්නා ජේසු අම්මගෙ තුරුලට දැනටමත් ගිහින් ඇති…   ආදරෙයි පුතේ… ජේසු පිහිටයි ඔයාලට “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවසානයේ දී චීනය ඉරානය පාවා දී පැත්තකට වුනා ද?

Next Post

යුද්ධයෙන් ඇමරිකානු ගුවන් යානාවලට සිදුවූ හානියේ තරම පමණක් ඩොලර් බිලියන 02ක්… රුපියල් කෝටි හැට දාහක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.