fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

සල්ලි කෝටි  600ක් බිලිගන්න බහිරවයන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ යළිත් වැඩ

වසර 2ක් ago
in සෞඛ්‍යය
473 5
0
Share on FacebookShare on Twitter

රුපියල් ලක්ෂ 10කටත් අඩු වියදමකින් ශ්‍රි  ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිපදවන ලද  වෛද්‍යමය ඡායා පිටපත්  ගබඩා කිරීමේ සහ භාවිත කිරීමේ පරිගණකගත පද්ධතියක් (PACS- Picture Archiving and Communication System) රුපියල් කෝටි 600කට  ආසන්න අති විශාල වියදමක් දරා විදේශීය පෞද්ගලික සමාගමක් වෙතින්  ලබා ගැනීමට පසුගිය රජය කාලයේ දියත් වූ වැඩපිළිවෙළ යළිත් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ දියත් වන බව වාර්තා වේ. 

මෙරට වෛද්‍යවරුන් විසින් ඉතා අඩු වියදමකින් නිපදවන ලද අංගසම්පූර්ණ මෙවැනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් තිබියදී අතිවිශාල ධනස්කන්ධයක් වැය කර එවැනි පද්ධතියක් යළිත් මෙරට රෝහල් වෙත හඳුන්වා දීමේ අරමුණ පසුපස සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු ඇතුළු කණ්ඩායමක් සිටින බවද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

 මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය පිළිබඳව මුලින්ම 2016 වසරේදී යෝජනාවක් පැමිණි නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊට අදාළ විශේෂඥයන් මෙන්ම අමාත්‍යංශ තාක්ෂණ  කමිටුවද එය අනවශ්‍ය මුදල් නාස්තියක් බව පෙන්වා දෙමින් ප්‍රතික්ෂේප කොට ඇත. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට හිතවත් ව ක්‍රියා කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ කණ්ඩායමක් පසුව මෙම තාක්ෂණ ඇගයීම් කමිටුවටද තර්ජනය කොට පිටින් ගෙන්වා ගත් තාක්ෂණ කමිටුවක් හරහා මෙය අනුමත කරවාගෙන ඇත.

කිසිදු ටෙන්ඩර ගැනීමේ ක්‍රියාවලියකින් තොරව දියත් වූ මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය  රජය සමයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාල සමාගම් සමඟ ගිවිසුම් ගත ව දියත් කිරීමට සැලසුම් කර තිබුණද පැවැති විරෝධතා මත වර්තමාන රජය විසින් නවතා දැමීමට කටයුතු කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා ඊට විරුද්ධ වීම නිසා ය.

අති නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ මඟින් ලබා ගන්නා රෝගීන්ගේ  සී.ටී සහ එම්.ආර්.අයි ස්කෑන් එක්ස් රේ වැනි පරීක්ෂණවලට අදාළ  ඇතුළු සියලුම පරිගණකගත ඡායා පිටපත් විද්‍යානුකූලව ගබඩා කිරීම සහ රෝගියා සම්බන්ධයෙන් යළි හැදෑරීමකදී පරිගණකය හරහා පහසුවෙන් ඒවා නිරීක්ෂණය කිරීමේ සහ හුවමාරු කිරීම මෙම තොරතුරු තාක්ෂණ පද්ධතියෙන් සිදුවේ.

මෙම පද්ධතිය මෙරට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිපදවා ඇත්තේ රුපියල් ලක්ෂ 09ක් වැනි මුදලක් වැය කරමිනි.

එසේ සාපෙක්ෂව ඉතා අවම වියදමකින් නිපදවන ලද මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය මේ වනවිට දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම භාවිත වෙයි.

එසේ වුවද ඊට වඩා විශේෂාංගවලින්  අඩු මෙවැනි පද්ධතියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක්  වියදමක් දරා ලබා ගැනීමට අදාළ සමාගම් සමඟ ගිවිසුම්වලට එලඹී ඇත්තේ පසුගිය රජය සමයේ එනම් පසුගිය ජනාධිපතිවරණයට මාස එකහමාරකට ආසන්න කාලයකට පෙරය.

එනම් 2019 ඔක්තෝබර් මස මුල් සතියේදීය.මෙම විශාල මුදල ණයක් ලෙස විදේශීය බැංකුවකින් ලබා ගැනීමට නියම වී තිබුණු අතර එම ණය මුදල සෘජුවම අදාළ ව්‍යාපෘතිය සිදු කරන සමාගම වෙත යැවෙන අතර ණය වාරික සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ගෙවීමට යෝජනා වී ඇත.

ඒ අනුව රුපියල් කෝටි 590කට ආසන්න වන මෙම පරිගණක ගත පද්ධතිය මෙරට ජාතික රෝහල් දෙක සහ තවත් රෝහල් 18ක් සම්බන්ධ කෙරෙන පද්ධතියක් ලෙස ජාල ගත කිරීමට යෝජනා වී තිබුණි.

මීට අදාළ කොන්ත්‍රාත්තුවට මැලේසියානු සමාගමක් වන රෙඩ්ටෝන් සහ හිනාකොම් නම් චීන සමාගම සමඟ අමාත්‍යංශය ගිවිසුම් ගත වී ඇත.

අතිවිශාල මහජන මුදලක් වැය කරන මෙම ව්‍යාපෘතියේ ඵලදායීතාව පිළිබඳ මතවාදයක් අමාත්‍යංශය සහ වෛද්‍ය ප්‍රජාව අතර ඇති වුණද ඊට පසුව බාහිරින් පත් කරන ලද කමිටුවක් හරහා මෙම ගනුදෙනුව සඳහා අවශ්‍ය තාක්ෂණික නිර්දේශ ලබා ගැනීමට අදාළ සමාගම් සහ ඔවුන්ට සම්බන්ධ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු ප්‍රමුඛ කණ්ඩායමක් ක්‍රියා කොට ඇත.

එහෙත් පැවැති විරෝධතා මත අමාත්‍යංශ බලධාරීන් විසින් නතර කළද පසුගිය දිනවල  මෙම ව්‍යාපෘතියට  අදාළ සමාගම්  රෝහල් සමඟ සම්බන්ධ වෙමින් හෙමින් සීරුවේ ය ක්‍රියාත්මක කරන ආකාරයක් දැකිය හැකි බව ‍සෞඛ්‍ය අරංචි මාර්ග පෙන්වා දෙයි. 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නියෝග අනුව නතර වූ මෙම ව්‍යාපෘතිය ඇය ඇමතිකම දරන අවස්ථාවේදීම මැතිවරණයක් ආසන්නයේ තබාගෙන යළිත් ක්‍රියාත්මක වන්නේ කාගේ අනුහසින්දැයි මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් අතර පවතින්කෙන් දැඩි කුකුසකි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

Next Post

මාසෝ ගේ සාක්කියෙන් හෙළිවන වැඩ බැරි ලොක්කන්ගේ මාරක නොසැලකීම

Related Posts

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

මැයි 24, 2022
Muruththettuwe-Ananda-Thero

දොස්තරලා කියන්නෙ තමන් හැර කිසි කෙනෙකුට කිසි දෙයක් ලැබෙනවට කැමති නැති පිරිසක්!

පෙබරවාරි 19, 2022

අලුත් මාරක කොවිඩ් ප්‍රභේදය නියෝකොව්… වැළඳුන අයගෙන් තුනෙන් එකකට මරණිය අවදානමක්!

ජනවාරි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…
  • අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    273 shares
    Share 109 Tweet 68
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    172 shares
    Share 69 Tweet 43
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    172 shares
    Share 69 Tweet 43
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    209 shares
    Share 84 Tweet 52
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

by editor
මැයි 28, 2022
0

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ...

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

by editor
මැයි 28, 2022
0

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist