බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

සල්ලි කෝටි  600ක් බිලිගන්න බහිරවයන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ යළිත් වැඩ

by Lanka Sara Editor
ජූලි 6, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

රුපියල් ලක්ෂ 10කටත් අඩු වියදමකින් ශ්‍රි  ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිපදවන ලද  වෛද්‍යමය ඡායා පිටපත්  ගබඩා කිරීමේ සහ භාවිත කිරීමේ පරිගණකගත පද්ධතියක් (PACS- Picture Archiving and Communication System) රුපියල් කෝටි 600කට  ආසන්න අති විශාල වියදමක් දරා විදේශීය පෞද්ගලික සමාගමක් වෙතින්  ලබා ගැනීමට පසුගිය රජය කාලයේ දියත් වූ වැඩපිළිවෙළ යළිත් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ දියත් වන බව වාර්තා වේ. 

මෙරට වෛද්‍යවරුන් විසින් ඉතා අඩු වියදමකින් නිපදවන ලද අංගසම්පූර්ණ මෙවැනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් තිබියදී අතිවිශාල ධනස්කන්ධයක් වැය කර එවැනි පද්ධතියක් යළිත් මෙරට රෝහල් වෙත හඳුන්වා දීමේ අරමුණ පසුපස සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු ඇතුළු කණ්ඩායමක් සිටින බවද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

 මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය පිළිබඳව මුලින්ම 2016 වසරේදී යෝජනාවක් පැමිණි නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊට අදාළ විශේෂඥයන් මෙන්ම අමාත්‍යංශ තාක්ෂණ  කමිටුවද එය අනවශ්‍ය මුදල් නාස්තියක් බව පෙන්වා දෙමින් ප්‍රතික්ෂේප කොට ඇත. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට හිතවත් ව ක්‍රියා කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ කණ්ඩායමක් පසුව මෙම තාක්ෂණ ඇගයීම් කමිටුවටද තර්ජනය කොට පිටින් ගෙන්වා ගත් තාක්ෂණ කමිටුවක් හරහා මෙය අනුමත කරවාගෙන ඇත.

කිසිදු ටෙන්ඩර ගැනීමේ ක්‍රියාවලියකින් තොරව දියත් වූ මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය  රජය සමයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාල සමාගම් සමඟ ගිවිසුම් ගත ව දියත් කිරීමට සැලසුම් කර තිබුණද පැවැති විරෝධතා මත වර්තමාන රජය විසින් නවතා දැමීමට කටයුතු කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා ඊට විරුද්ධ වීම නිසා ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අති නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ මඟින් ලබා ගන්නා රෝගීන්ගේ  සී.ටී සහ එම්.ආර්.අයි ස්කෑන් එක්ස් රේ වැනි පරීක්ෂණවලට අදාළ  ඇතුළු සියලුම පරිගණකගත ඡායා පිටපත් විද්‍යානුකූලව ගබඩා කිරීම සහ රෝගියා සම්බන්ධයෙන් යළි හැදෑරීමකදී පරිගණකය හරහා පහසුවෙන් ඒවා නිරීක්ෂණය කිරීමේ සහ හුවමාරු කිරීම මෙම තොරතුරු තාක්ෂණ පද්ධතියෙන් සිදුවේ.

මෙම පද්ධතිය මෙරට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිපදවා ඇත්තේ රුපියල් ලක්ෂ 09ක් වැනි මුදලක් වැය කරමිනි.

එසේ සාපෙක්ෂව ඉතා අවම වියදමකින් නිපදවන ලද මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය මේ වනවිට දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම භාවිත වෙයි.

එසේ වුවද ඊට වඩා විශේෂාංගවලින්  අඩු මෙවැනි පද්ධතියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක්  වියදමක් දරා ලබා ගැනීමට අදාළ සමාගම් සමඟ ගිවිසුම්වලට එලඹී ඇත්තේ පසුගිය රජය සමයේ එනම් පසුගිය ජනාධිපතිවරණයට මාස එකහමාරකට ආසන්න කාලයකට පෙරය.

එනම් 2019 ඔක්තෝබර් මස මුල් සතියේදීය.මෙම විශාල මුදල ණයක් ලෙස විදේශීය බැංකුවකින් ලබා ගැනීමට නියම වී තිබුණු අතර එම ණය මුදල සෘජුවම අදාළ ව්‍යාපෘතිය සිදු කරන සමාගම වෙත යැවෙන අතර ණය වාරික සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ගෙවීමට යෝජනා වී ඇත.

ඒ අනුව රුපියල් කෝටි 590කට ආසන්න වන මෙම පරිගණක ගත පද්ධතිය මෙරට ජාතික රෝහල් දෙක සහ තවත් රෝහල් 18ක් සම්බන්ධ කෙරෙන පද්ධතියක් ලෙස ජාල ගත කිරීමට යෝජනා වී තිබුණි.

මීට අදාළ කොන්ත්‍රාත්තුවට මැලේසියානු සමාගමක් වන රෙඩ්ටෝන් සහ හිනාකොම් නම් චීන සමාගම සමඟ අමාත්‍යංශය ගිවිසුම් ගත වී ඇත.

අතිවිශාල මහජන මුදලක් වැය කරන මෙම ව්‍යාපෘතියේ ඵලදායීතාව පිළිබඳ මතවාදයක් අමාත්‍යංශය සහ වෛද්‍ය ප්‍රජාව අතර ඇති වුණද ඊට පසුව බාහිරින් පත් කරන ලද කමිටුවක් හරහා මෙම ගනුදෙනුව සඳහා අවශ්‍ය තාක්ෂණික නිර්දේශ ලබා ගැනීමට අදාළ සමාගම් සහ ඔවුන්ට සම්බන්ධ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු ප්‍රමුඛ කණ්ඩායමක් ක්‍රියා කොට ඇත.

එහෙත් පැවැති විරෝධතා මත අමාත්‍යංශ බලධාරීන් විසින් නතර කළද පසුගිය දිනවල  මෙම ව්‍යාපෘතියට  අදාළ සමාගම්  රෝහල් සමඟ සම්බන්ධ වෙමින් හෙමින් සීරුවේ ය ක්‍රියාත්මක කරන ආකාරයක් දැකිය හැකි බව ‍සෞඛ්‍ය අරංචි මාර්ග පෙන්වා දෙයි. 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නියෝග අනුව නතර වූ මෙම ව්‍යාපෘතිය ඇය ඇමතිකම දරන අවස්ථාවේදීම මැතිවරණයක් ආසන්නයේ තබාගෙන යළිත් ක්‍රියාත්මක වන්නේ කාගේ අනුහසින්දැයි මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් අතර පවතින්කෙන් දැඩි කුකුසකි.

Tags: නවතම
Share85Tweet43
Previous Post

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

Next Post

මාසෝ ගේ සාක්කියෙන් හෙළිවන වැඩ බැරි ලොක්කන්ගේ මාරක නොසැලකීම

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.