බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෙසක් සතිය තුළ හජ් උත්සවය යෙදීම – ජාතිවාදී විකෘතිවල ම්ලේච්ඡත්වයට ඉඩ නොතබා ජාතියක් ලෙස අවබොධයෙන් පසු කළ යුතු මොහොතක කතාව…

by editor
මැයි 2, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

විසා නැකත උදාවන නිවැරදි දිනය සැලකිල්ලට ගනිමින්, එළඹෙන මැයි 01 වනදාට යෙදී තිබූ වෙසක් පුන් පොහොය මැයි මස 30 වනදා දක්වා කල් දැමීමට රජය තීරණය  කළේය. මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දින සංශෝධනය සිදු කර තිබිණි.  එහෙත් මෙම නව වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මුස්ලිම් ප්‍රජාව තුළ සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ වෙසක් සතියේ හජ් උත්සවය ද යෙදී තිබීමය.

වෙසක් පොහොය කල් දැමීමට හේතුව

බුදුන් වහන්සේගේ උප්පත්තිය, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුලම විසා නැකතිනි.  මේ බව පෙන්වා දුන්  මහානායක හිමිවරුන්, 2025 දෙසැම්බර් 20 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් මෙම කරුණ අවධාරණය කර තිබිණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් කලින් නිකුත් කර තිබූ දින දර්ශනයට අනුව මැයි 01 වනදා විසා නැකත යෙදී නොමැති බවත්, එබැවින් අධිපොසොන් පොහොය ලෙස නම් කර තිබූ මැයි 30 වන දින වෙසක් පොහොය ලෙස නම් කිරීම ශාසනික වශයෙන් උචිත බවත් උන්වහන්සේලා පෙන්වා දුන්හ.

මෙම යෝජනාවට අනුව 2026 ජනවාරි 06 වන දින පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද 2026 මැයි 27 සිට ජූනි 02 දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට තීරණය විය. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කළ ඉල්ලීමකට අනුව අදාළ අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් මණ්ඩල සංදේශයට පසුගිය මාර්තු 30 වනදා අනුමැතිය හිමි විය.

වෙසක් සතිය සහ හජ්ජි සැමරුම අතර ගැටලුව

නව දින දර්ශනයට අනුව ප්‍රකාශිත වෙසක් සතිය තුළ මැයි 28 වන දිනට ඉස්ලාම් බැතිමතුන්ගේ හජ්ජි සැමරුම යෙදී තිබේ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් ඇත. මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් ප්‍රශ්න කර සිටින්නේ වෙසක් සතියේ බලපෑම හජ් සැමරුමේ කුර්බාන් පූජාවන්ට කෙසේ බලපානු ඇත්ද යන්නයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අර්ෂාඩ් කාදර් ද සිය අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ, වෙසක් සතියේ පවතින මස් මාංශ අලෙවිය තහනම් කිරීම වැනි සීමාවන් හජ් උත්සවයේ සාම්ප්‍රදායික චාරිත්‍රවලට බාධාවක් විය හැකි බවය.

ඉස්ලාමීය බැතිමතුන් වසරකට වරක් පවත්වනු ලබන ප්‍රධානතම ආගමික වත්පිළිවෙතක් වන ‘කුර්බාන්’ පූජාවට බාධා වනු ඇති බවට ඔවුන් සැක කරන්නේ වෙසක් සතිය සත්ත්ව හිංසනයෙන් තොර මස් මාංශ අලෙවිය තහනම් කරන සෑම සත්ත්වයෙකුගේම ජීවත් වීමේ හිමිකම තහවුරු කරන සතියක් ලෙස ප්‍රකාශයට පත්  කෙරෙන බැවිනි.

කුර්බාන් පූජාව යනු  හජ් උත්සව සමය තුළ සිදු කරනු ලබන වඩාත් සුවිශේෂී චාරිත්‍රයකි. මෙමගින් මූලිකවම සංකේතවත් කරනු ලබන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇති අපරිමිත භක්තිය සහ කැපවීමයි. ඉස්ලාමීය ඉතිහාසයට අනුව, ඉබ්‍රාහිම් නබිතුමා දෙවියන්ගේ අණට කීකරුව තම ආදරණීය පුත්‍රයාව පූජා කිරීමට පවා ඉදිරිපත් වූ අසිරිමත් සිදුවීම සිහිපත් කරමින් මෙම චාරිත්‍රය ඉටු කරනු ලබයි. එහිදී දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙන් පුත්‍රයා වෙනුවට බැටළුවෙකු පූජා කිරීමට අවස්ථාව ලැබුණු බව ශුද්ධ වූ ලේඛනවල සඳහන් වේ. ජූජා කරනු ලබන්නේ  එම සත්ත්වයා ඝාතනය කිරීමෙනි.

මෙම පූජාවේදී සතුන් ඝාතනය කිරීම හුදු චාරිත්‍රයක් පමණක් නොවේ.  එය ගැඹුරු සමාජීය වගකීමක් හා බැඳී පවතින්නකි. පූජා කරනු ලබන සතාගේ මස් කොටස් තුනකට බෙදා වෙන් කිරීම ඉස්ලාමීය නීතියේ අනිවාර්ය කරුණකි. ඉන් එක් කොටසක් තමාගේ පවුල වෙනුවෙනුත්, තවත් කොටසක් නෑ හිතවතුන් වෙනුවෙනුත් වෙන් කරන අතර, වඩාත්ම වැදගත් වන තෙවන කොටස සමාජයේ වෙසෙන අන්ත අසරණ සහ දිළිඳු ජනතාව වෙනුවෙන් වෙන් කරනු ලබයි. මෙහි මූලික පරමාර්ථය වන්නේ උත්සව දිනකදී කිසිදු පුද්ගලයෙකු කුසගින්නේ නොසිටිය යුතු බවත්, තමා සතු සම්පත් අන් අය සමඟ බෙදා හදා ගත යුතු බවත් වන සමාජ පණිවිඩය ලබාදීමය.

මෙවර වෙසක් සතිය තුළ හජ් සැමරුම යෙදී තිබීම හේතුවෙන්, මෙම කුර්බාන් පූජාව සිදු කිරීමේදී අන්‍ය ආගමික සංවේදීතාවයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. විශේෂයෙන් වෙසක් සතිය තුළ මස් මාංශ අලෙවිය සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින සම්ප්‍රදායික සීමාවන් හමුවේ, මුස්ලිම් ප්‍රජාව සිය ආගමික වතාවත් ඉටු කිරීමේදී බෞද්ධ සංස්කෘතියට සහ රාජ්‍ය නීති රීතිවලට ගරු කරමින් කටයුතු කිරීමේ වැදගත්කම මේ වන විට සමාජ සංවාදයකට බඳුන් වී ඇත.

රජයේ ස්ථාවරය

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සඳහන් කරන්නේ මෙය ඉතා සංවේදී කාරණයක් බැවින් රජය ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන බවයි.

“ආගමික විශ්වාසයන් දෙකක් සම්බන්ධයෙන් පවතින මෙම ගැටලුව සුහදව විසඳා ගැනීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් පොහොය සහ පසු දින මස් කඩ සහ සුරාසල් වසා තැබෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත් කරන චක්‍රලේඛය බොහෝ දුරට හජ් දිනය සමඟ ගැටෙන්නේ නැති ආකාරයට සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු පැවසීය.

එමෙන්ම වෙසක් සතිය සහ හජ් උත්සවය එකම කාලයක යෙදෙන බැවින්, අනෙක් ආගමික සංස්කෘතීන්ට ගරු කරමින් ඉතා සංවේදීව කටයුතු කිරීමේ වගකීමක් මුස්ලිම් ප්‍රජාවට ද ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

තේරුම් ගත යුත්තේ නිර්මාණය වී ඇත්තේ අතිශය සංවේදී සමාජ මෙහොතක් බවය.  මනෝ විකෘතික ආගම්වාදීන්ට  අවශ්‍ය ආකාරයට හසුරුවා ගැනිමේ අවකාශ ඇති විවරණය කිරීමේ හැකියාවක් ඇති විරෝධයක් ඇති කිරීමේ අවස්ථාවක් ඇති මේ මොහොත ජාතීන් දෙකක අවබෝධය සහ එකිනෙකාගේ විශ්වාසයන්ට ගරු කිරීම් මත පසු කරගත හැකි වනු ඇතැයි රටක් ලෙස අපි විශ්වාස කරමු.  දැනට සමාජ මාධ්‍යයේ ඇති සංවාදය විකල් ම්ලේච්ඡයන්ගේ ගොදුරු බිමක් බවට පත් නොකිරීමට ජන සමාජයකට වගකීමක් ඇති බවත් සිහි කර සිටිමු. – ( බීබීසී ඇසුරිනි )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන රියදුරන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට: මාස 4කදී 4,750ක් කොටු වෙයි! වසරේ මුල් කාර්තුව තුළ  රිය අනතුරුවලත් කැපී පෙනන වැඩිවීමක්…

Next Post

රංග රාජපක්ෂ… ඔහු ගැන ලියන අන්තිම සටහන…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.