බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සාමයේ බලාපොරොත්තුවට බෝම්බ ගසයි… අද අලුයම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර…

by editor
ජූනි 11, 2026
in සමාජ

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම   ඉහළම මට්ටමකට ගෙන යමින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට අලුතින්ම ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. අද අලුයම එල්ල වී ඇති මෙම ප්‍රහාර මාලාව නිසා ලෝකයේ තත්ත්වය සම්පූරණයෙන්ම උඩු යටිකුරු වී ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද දැඩි අනතුරු ඇඟවීම් පසුගිය දින කීපය පුරාම ඇසුනි. එය අද සක්‍රිය විය.  මේ සමගම  ලෝක වෙළඳපොළට අතිශය තීරණාත්මක වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඉරානය තීරණය කළේය. ප්‍රතිඵලය  මැදපෙරදිග කලාපය දැඩි සේ නොසන්සුන් වීම පමණක් නොව ලෝක වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමය.

සිදුවූයේ කුමක්ද?

ඇමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) නිල වශයෙන් තහවුරු කරන ආකාරයට, ඉරාන හමුදාවට අයත් ගුවන් ආරක්ෂක පද්ධති, රේඩාර් පද්ධති සහ අණදෙන මධ්‍යස්ථාන ඇතුළු යුදමය වශයෙන් වැදගත් ස්ථාන රැසකට මෙම ප්‍රහාර එල්ල වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියට ආසන්නව පිහිටි බන්ඩර් අබ්බාස් (Bandar Abbas), සිරීක් (Sirik), ජාස්ක් (Jask) සහ කෙෂ්ම් දූපත (Qeshm Island) යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇත.

කලාපය තුළ පියාසර කරමින් තිබූ ඇමෙරිකානු යුද හමුදාවට අයත් ‘ඇපාචි’ (Apache) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බිම හෙළීමට ඉරානය කටයුතු කළ බවට එල්ල වූ චෝදනාවෙන් අනතුරුව ඇමෙරිකාව විසින් මෙම ප්‍රතිප්‍රහාර මාලාව දියත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටියේ, ඇමෙරිකාව විසින් ඉරානයට “එල්ල විය යුතු උපරිම ප්‍රහාරය” (Hard) එල්ල කර ඇති බවය. එමෙන්ම ඉතා කඩිනමින් සාමකාමී එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද හෙතෙම අනතුරු ඇඟවීය. සාම සාකච්ඡා ප්‍රේරණය කිරීම ඉරානය විසින් හිතාමතාම ප්‍රමාද කරන බවට ද ට්‍රම්ප් මෙහිදී චෝදනා කළේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඇමෙරිකානු ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඉරාන බලධාරීන් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ, සියලුම වාණිජ සහ වෙළඳ නැව් සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවය. එම සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නැවක් තම ඉලක්ක බවට පත්වන බවට ඉරාන සන්නද්ධ බලකායන් දැඩි ලෙස අනතුරු අඟවා ඇත.

මීට අමතරව කලාපය තුළ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ද තමන් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.

හානිය සහ බලපෑම

ඉරානයේ ‘ෆාර්ස්’ (Fars News) ඇතුළු එරට ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මිලිටරි මධ්‍යස්ථානවලට මෙන්ම සිවිල් යටිතල පහසුකම්වලට ද බරපතළ හානි සිදුව ඇත.

විශේෂයෙන්ම සිරීක් ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත ජනතාවකට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රවන ජලාශ සහ ගබඩා පද්ධති වෙත ද ප්‍රහාර එල්ල වී  ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇමෙරිකාව මෙම ප්‍රහාර සාධාරණීකරණය කරමින් කියා සිටින්නේ, ජාත්‍යන්තර මුහුදු ගමන් බිමන්වලට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා “ස්වයං ආරක්ෂාව” වෙනුවෙන් මෙම පියවර ගත් බවය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් නිර්මාණය වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඒ අනුව ජාත්‍යන්තර ‘බ්‍රෙන්ට්’ (Brent crude) බොරතෙල් මිල 1%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, දැනට එය බැරලයක් ඇමෙරිකානු ඩොලර් 92කට ආසන්න අගයක් ගෙන තිබේ. මෙම සැපයුම් බාධාවන් හේතුවෙන් තෙල් මිලෙහි පවතින අස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට පැවැත්විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වනවිට ලෝකය මැදිහත් වෙමින් ඇති කරන්නට උත්සාහ කළ සාමය පිළිබඳ දැඩි අවිනිශ්ඡිතතාවයක් නිර්මාණය වි ඇත. අවසාන ප්‍රතිඵලය එයය. මෙම කලාපය තුළ මහා පරිමාණ යුද්ධයක් හටගතහොත්, එය ලෝකයේ බලශක්ති මිල ගණන්වලට, සාගර ප්‍රවාහන කටයුතුවලට මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම ආර්ථිකයන්ට සෘජුවම සහ බරපතළ ලෙස බලපානු ඇත.

මේ හේතුවෙන් බොහෝ රටවල් වහාම සාමය රැකීමට කටයුතු කරන ලෙසත්, කඩිනමින් නැවත සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසත් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටී. අනුන්ගේ යුද්ධයකට වන්දි ගෙවීමට ලෝකය තව කොතෙක්කල් උපේක්ෂා සහගත විය යුතුදැයි කිසිවෙකුට අවබෝධයක් නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීමල් වීරවංශට හේලිස් ගැන කතා බෑ – අධිකරණයෙන් වාරණයක්

Next Post

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.