සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටම තිගස්වමින් තිස් දහසක් උසස් පෙළ සියලුම විෂයන් අසමත් කරවන දුගී අධ්‍යාපන පද්ධතියක ඛේදවාචකය…

the-tragedy-of-the-education-system-on-al-results-crisis-sri-lanka

by editor
අප්‍රේල් 3, 2026
in සමාජ
AL-Fail
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න .
විදුහල්පති – දෙමටලුව මහා විද්‍යාලය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ. විභාගයෙන් සිසුන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් විෂයන් තුනම අසමත් වී ඇත. අප විශ්වාස කරන්නේ මේ තිගස්වන සුළු ප්‍රතිඵලය සාමාන්‍ය සංඛ්‍යාත්මක දත්තයක් ලෙස නොව, රටේ අධ්‍යාපන පද්ධතියේ ගැඹුරු අර්බුදයක් ලෙස විසින් කියවිය යුතු බවය.

මේ ප්‍රකාශ වී ඇත්තේ එකවර සිසුන්ගේ අසමත් වීමක් නොවේ. ප්‍රකාශ වී ඇත්තේ පද්ධතියේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් එකට එකතු වූ ඛේදවාචකයකි. මෙවන් තත්ත්වයක් දිගටම පවතින්නේ නම්, අපේ අනාගතය ඇත්තේ බරපතළ අවදානමකය.

පාසල් පරිපාලකයින් ලෙස අප දකින්නේ බොහෝ සිසුන් තමන්ගේ හැකියාවන්, රුචිකතා සහ ශක්ති පරාසය නිවැරදිව හඳුනා නොගෙන විෂයයන් තෝරා ගැනීම මේ ප්‍රශ්නයේ මූලික හේතුව බවය. සමාජයේ ඇති “විද්‍යා” හෝ “වාණිජ” වැනි විෂය ප්‍රවාහයන්ට අධික ගරුත්වයක් ලබා දීමත්, දෙමාපියන්ගේ අධික බලාපොරොත්තුත්, සිසුන්ට අකමැති විෂය ධාරා තෝරා ගැනීමට බලපෑම් කරයි. එහි ප්‍රතිඵලය වන්නේ, ඔවුන්ට තෝරාගන්නා ක්ෂේත්‍රය තුළ අසාර්ථක වීමය.

එමෙන්ම අධ්‍යාපන  පද්ධතිය තුළ තවමත් පවතින රටාව මතක ශක්තිය මත පදනම් වූ ඉගැන්වීම් ක්‍රමයකි. සිසුන්ගේ නිර්මාණශීලීත්වය, විශ්ලේෂණාත්මක සිතීම, සහ ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය අවස්ථා බොහෝ විට නොලැබේ. එමෙන්ම, පාසල් මට්ටමේ වෘත්තීය මාර්ගෝපදේශන සේවා දුර්වල වීම නිසා සිසුන්ට තමන්ගේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් නොලැබේ. එනවාට ඇවිත් ඒ මොහොත ගත කිරීම සඳහා කුමක් හෝ දෙයක් කර නැවත නිවසට යෑමට වඩා හැඟීමක් නැති දරුවන් පරම්පරාවකගේ ඛේදවාචකය අප අත් විඳින්නේ මේ වටපිටාවේදී ය.

මානසික පීඩනය සහ සමාජයේ බලපෑම

උසස් පෙළ විභාගය ජීවිතයේ එකම සාර්ථකත්වය ලෙස සලකන සමාජ මනෝභාවය සිසුන්ට දැඩි මානසික පීඩනයක් ඇති කරයි. විභාගයක් අසමත් වීම “අපහාසයක්” ලෙස සලකන සංස්කෘතිය තුළ, සිසුන් බිය, අවිශ්වාසය, සහ අසාර්ථකත්ව භීතිය යටතේ ඉගෙන ගනී. මේ තත්ත්වය ඔවුන්ගේ කාර්ය සාධනයට අහිතකර ලෙස බලපායි. අප  විවෘතව  බැලුවහොත් අපේම බොහෝ දරුවන් මේ මනෝභාවයේ ගොදුරු වී බිඳ වැටෙන අන්දම තේරුම් ගත හැකිය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

මේ තත්ත්වය තුළ  විෂයන් තුනම අසමත් වීම බොහෝ දෙනා විසින් ජීවිතයේ අවසානයක් ලෙස සලකනු පෙනේ. එමෙන්ම ඉහළ ප්‍රතිඵල අත් කරගත් දරුවන් මහත් අභිමානයෙන් වර්ණනය කරනු ද මේ මොහොතවනවිට සුලභය. එහෙත් සරසවි ජීවිතය අවසානයේ දී පවා ජීවිත අර්ථනය නොකරන බොහෝ දෙනෙක් සම්බන්ධව නිශ්චිත සමාජ කියවීමක් තවමත් නැති පසුබිමක උසස්පෙළ සමත්වීම මංගල්ලයක් සේ සැලකීම නිසරු ප්‍රලාපයක් බව අප තේරුම් ගත යුතුව තිබේ.

විෂයන් තුනම අසමත් නම් එය  නව අනාගත  මාර්ගයක් සොයා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස අපි නැවත අර්ථකථනය කරගැනීමේ අවශ්‍යතාවය දැන් මතු වී තිබේ. විෂයන් තුනම  අසමත් වී  ඇත්තනම් අසමත් වී ඇත්තේ තමන්  තෝරා ගත් විෂය ධාරාව පිළිබඳ තේරීම පමණය. ලෝකයේ බොහෝ මාවත් විවර වී ඇති බව ඒ දරුවන්ට අවබෝධ කර දිය යුතුය. වෘත්තීය අධ්‍යාපනය, කාර්මික පුහුණුව, සහ විවිධ තාක්ෂණික පාඨමාලා මඟින් ලෝකය දිනා ගත් බොහෝ දෙනා වෙති.  අවශ්‍ය වන්නේ නිශ්චිත නිවැරදි තේරීම පමණය‍. එම අවබෝධය ලබා දීම අධ්‍යාපනයේම වැදගත් අංශයක් ලෙස වර්ධනය විය යුතුව ඇත.

අනාගතය සඳහා කළ යුතු වෙනස්කම්

මෙවන් දුස් ප්‍රතිඵල ඇති නොවීමට   අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික වෙනස්කම් සිදු  කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් මතුව තිබේ. වෘත්තීය මාර්ගෝපදේශනය ශක්තිමත් කිරීම, නවීන ඉගැන්වීම් ක්‍රම හඳුන්වා දීම, ගුරුවරුන්ට නව පුහුණු ලබා දීම, සහ මානසික උපදේශන සේවා වර්ධනය කිරීම  මේ පද්ධතිය විසින් යලි යලිත් ඉල්ලා සිටී.

ඊලඟ වැදගත්ම කාරණය දෙමව්පියන් තමන්ගේ ඔලු හදා ගැනීමය. තමන්ට ලඟා වීමට නොහැකි වූ හීන සහ ජීවිතයේ ඇරියස් තම දරුවන් ලවා ලබා ගැනීමට උත්සාහ කිරීම තරම් මුග්ධ කමක්  නැති බව විශේෂයෙන්ම අම්මලා තේරුම් ගත යුතුය.      දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන මාර්ගයක් තෝරා ගැනීමට සහාය වීමේ දෙමව්පිය වගකීම ඉටු නොකර දරුවන් පරාජිතයයන් කිරීමේ පාපයෙන් පසු උන්ව මරාගෙන කන්නට යෑම කිසිවෙකුට යහපතක් උපදවන්නේ නැත.

යළිත් කිව යුත්තේ  මෙවර සිසුන් තිස් දහසක් අසමත් වීම පද්ධතියක් ලෙස අපේ අසමත්කම ගැන අපට අනතුරු අඟවන බවය. එය සිසුන්ගේ පරාජයක් නොවේ.  රටේ අධ්‍යාපන  ක්‍රියාවලියේ වේදනාත්මක පරාජයකි. අධ්‍යාපනයේ සැබෑ වගකීම සෑම දරුවෙකුටම සාර්ථක වීමට හැකි පරිසරයක් සකස් කිරීමය.

මුලින්ම අසාර්තක දරුවන් නොව රටක් වශයෙන් අප බව පිළිගත යුතුව ඇත.   දෙවනුව විභාගයක අසමත් වීම ජීවිතයේ අවසානයක් නොව, නව ප්‍රවේශ සිය ගණනක් විවර වීම බව දරුවන්ට සාධනීයව තේරුම් කර දිය යුතුව ඇත.    අනාගතය සඳහා සාධනීය වෙනසට ඉන්  ඉතාම ඉහළ ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගත හැකි වනු බව විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය: අනුරාධපුරයේ සිට කොළඹට ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩම කරවයි!

Next Post

ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කෙරේ !

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.