අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

5000-5000=2500

by editor
ජනවාරි 21, 2022
in සමාජ
colum
Share on FacebookShare on Twitter

රජයේ සෙවකයන්ට වැඩි කළායැයි අමර ප්‍රසිද්ධියක් ලබා දුන් රැපියල් පන්දාහේ දීමනාව අමන ලෙසින් නවතා (තාවකාලිකව) ඇතැයි දූෂමාන ආරංචියක් පැතිරයයි. එය නම් මේ සත්ගුණවත් ආණ්ඩුවේ අසත්පුරැෂ ක්‍රියාවක් විය නොහැකි බවත් කවුරැන් හෝ මේ හොදටම කරන ආණ්ඩුවේ උතුරා යන ජනප්‍රියත්වය ඉවසා ගත නොහී කළ ඉරිසියාකාර කඩාකප්පල් ක්‍රියාවකැයි මම තරයේ විශ්වාස කරමි.

‘මැරිලත් අවුරැදු පහක් යනකම් මම මෙයාලට ආදරෙයි’ කියා රජයට ඡන්දය දුන් මිතුරෙකු මා ඇමතුවේ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනි.

“යාන්තම් අවුරැදු දෙකක් ගියා. තව තුනයි” යන්නෙ කොහෙද මල්ලෙ පොල් පිළිතුරකි මිතුරා දුන්නේ.

“හරි දැන් පන්දාහට මොකද වුනේ කියනවකෝ?” මම මාතෘකාවට බැස්සෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මචං මගේ මිල සූත්‍රය අනුව නම් දීපු පන්දාහ අයෙත් ගත්තත් තාමත් දෙදහස් පන්සීයක් ඉතිරියි” මිතුරා සතුටින් කීය.

“අම්මපා උඹට ගැලපෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකකමක්”

“ඇයි ඒ?” මිතුරා⁣ තොදොල් වූවේය.

“නෑ ඔය වගේ විශිෂ්ට ගණිත ඥාණය තියෙන අය දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ එයාලට තමයි” මම කීවෙමි.

“දැන් බලහං ඔය කතාවෙන් පඩියට එල්ලපු පන්දාහ ගැලෙව්වට අපේ බෙල්ලේ එල්ලපු දෙදහස් පන්සීය තාම තියෙනවනේ” මිතුරා නැවත කීය.

“කොහෙද මිනිහෝ දෙදාස්පන්සීයක් බෙල්ලෙ එල්ලලා තියෙන්නේ. දැන් බෙල්ලෙ එල්ලිලා තිබුණු ඒවා වැඩිහරිියක් තියෙන්නේ උකස් කඩවල. තව ටික දවසකින් බෙල්ලෙ තියෙන එකම ප්‍රයෝජනය වෙන්නේ එල්ලෙන්න එක තමයි” මම කෝපයෙන් කීවෙමි.

“ආන්න ඒකයි ප්‍රශ්නේ. උඹලගෙ බෙල්ලේ දෙදාස්පන්සීය එල්ලගෙන නෑනෙ තාම. මුලින් දෙදාස්පන්සීය බෙල්ලෙ එල්ල ගනිනං. ඊට පස්සේ පන්දාහ දහදාහ ලැබුණත් එකයි නැතත් එකයි. අඩුගානේ දෙදාස්පන්සීය තියෙනවනේ තනි නොතනියට” මිතුරා ප්‍රීතියෙන් කීය.

“කොහේ තියෙන දෙදාස්පන්සීයක් ද යකෝ බෙල්ලේ එල්ල ගන්නේ?” මම බැරිම තැන ඇසුවෙමි.

“ඇයි යකෝ ඔය හැම තැනම තියෙන්නේ. ඇස් පේන්නෑ වගේනෙ කතා කරන්නේ. කැමති තැනකින් අරගෙන දෙදාස්පන්සීයක ශ්‍රෙෂ්ඨ සිංහල බෞද්ධ ඉතිහාසය බෙල්ලෙ එල්ල ගනිං.”

“ඒ දෙදාස්පන්සීයෙන් කන්න බඩු ගන්න පුළුවන් ද මනුස්සයෝ?” එවර නම් මිතුරා සමග ආවේ එසේ මෙසේ⁣ කේන්තියක් නොවේ.

“යකෝ රටේ ප්‍රධානම ව්‍යාපාරික පවුල විකුණන්නෙම ඒක. ඒ දෙදාස්පන්සීය විකුණලා ගෙවුණු දෙදාස්පන්සීයේ කවුරැවත් වැජඹුනේ නැති විදියට වැජඹිලා කාලා බීලා ජොලි කරලා මේ ඉන්නේ” මිතුරා කීවේ සැබෑවටය.

“මළකුණක් විකුණලා ධනවතෙක් වුණු දුප්පතාගේ කතාන්දරේ අහළා තියෙනවද?” මිතුරා මගෙන් විමසීය.

“දැන් උඹ කියන්නේ අපිටත් මළකුණු විකුණලා පෝසත් වෙමු කියලද?” මම මිතුරාගෙන් විමසුවේ කතාබහ අවසන් කරනු රිසියෙනි.

“නෑ නෑ දැන් ඒකට පරක්කු වැඩියි. මළකුණ විකුණන එක ඒගොල්ලෝ බාර ගෙන ඒකට කැම්පේන් කරලා, ප්‍රඩක්ට් එක මාර්කට් එකේ ඉහළටම ගෙනල්ලා හැට නම ලක්ෂෙකට විකුණලා අසංඛ්‍යෙය ප්‍රොෆිට් එකකුත් අරගෙන තියෙන්නේ.”

“එතකොට ඕක ගත්තේ රැවටිලා කියලා ඔහේලට ප්‍රඩක්ට් එක නැවත දෙන්න නැත්තං රිටර්න් කරන්න බැරිද?” මම ඇසුවේ දැන ගැනුම පිණිසය.

“ඇන්ටීක් බඩු නෙ මල්ලි. රිටර්න් ඒ ගොල්ලො බාර ගන්නේ නෑ. හැබැයි කැමති වුනත් නැතත් එයාලගෙ බිස්නස් එක ලොස් වෙනකොට ඒ රිටර්න් එක නම් අපිට බාර ගන්න වෙනවා. ඒවා එන්නේ එකට දෙක ගානේ. රැපියල් නෙමෙයි ඩොලර්, ගෑස්, පොහොර වගේ වෙස්වලාගෙන. අනාගතේදී ප්‍රෙට්රල් ඩීසල් හාල් පොල් වෙලත් ඒවා නොඒවියි කාටද කියන්න පුළුවන් ?”

“එතකොට බැරි බව දැන දැන පන්දාහක් දෙන්නම් කිව්වෙත් අපිටම රිටර්න් එක දෙන්නද?” මම ඇසුවෙමි.

“මම කිව්වේ ඒ ගොල්ලෝ බය නෑ පන්දාහ අත්හිටවන්න. මොකක් අත්හිටෙව්වත් තාම දෙදාස්පන්සීය ඉතිරියිනේ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්‍රීය වූ නොරොච්චෝලෙ ජනන යන්ත්‍රය ගොඩ දාන්න චීනයෙන් පැමිණෙයි!

Next Post

මෙහෙම ගියොත් රට යළි පුපුරා යාවි… සෞඛ්‍ය අංශ තීරණාත්මකව අනතුරු අඟවයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.