නොරොච්චෝලේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙක් අද දිවයිනට පැමිණ තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටින බවය.
මෙම ජනන යන්ත්‍රය අක්‍රීය වීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ධාරිතාවක් අහිමි වී ගියේය.
විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසන්නෙ ලබන 26 දා වනවිට මෙම අක්‍රීය වූ ජනන යන්ත්‍රය ක්‍රියාත්ක කළ හැකි බවය.