බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සුද්දන් ලඟ පදිරි වෙන රටේ නිරෝධායන නීතිය…

by editor
ජනවාරි 28, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

සම්පත් දෙණිපිටියගේ –

රටේ නීතිය නම් එකය.  එක රටක් එක නීතියක් ගැන අපට හොඳටම කියා දුන්නේ මේ ආණ්ඩුවය. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටවූයේය. අපේ ඤාණසාර හාමුදුරුවෝ එහි සභාපති තුමෝය. රටට සතුටුය.

මේ වනවිට රටේ වඩාත්ම සංවේදී සිවිල් නීතිය කොවිඩ් හා බැඳුණු සෞඛ්‍ය උපදේශනයන් හා බැඳී ඇත්තේය. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් නිරෝධායන නීති රීති හඳුන්වා දීමෙන් පසු  නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට බලය ශ්‍රී ලංකා පොලිසියට සහ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුනේය.

ඉතින් නීතිය ක්‍රියාත්මක වන්නනේය.

කොටවිල පොලීසිය සහ  අකුරැස්ස පොලිසිය ඊයේ පෙරේදාත් ඒ නීතිය අකුරටම ක්‍රියාත්මක කලේය.   මුව ආවරණ  රහිතව  මහමග ගමන් කළ පුද්ගලයන් 3 දෙනෙකු   බදාදා දින  මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.   ඒ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතියට අකීකරු වීම යන චෝදනාව යටතේය.  අකුරැස්ස පොලිසියේ පොලිස් සැරයන්  16856 මනම්පේරි  පොලිස් සැරයන්  88589 විජේසිංහ   විසින්  මෙම විත්තිකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. චූදිතයන් මාතර මොරවක  සහ අකුරැස්ස පදිංචිකරුවන්ය.     තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි.  එක් අයෙකුට රුපියල් දස දහස බැගින්   රුපියල් තිස් දහසක දඩයක්   මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පසුගිය 26 වැනිදා මාස්ක් එකක් නොමැතිව පා පැදියෙන් ගිය පුද්ගලයෙක් කොටවිල පොලිස් අත්අඩංගුවට පත් විය. කොටවිල පොලිසියේ උප පොලිස් පරීක්ෂක අනුර පොලිස් සැරයන්  59773 බන්දුල  සහ පොලිස් සැරයන්  55877 වන්නියාරච්චි  යන නිලධාරින් විසින් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරුවේය.

ඔහුවත් බදාදා (26) අධිකරණයට ඉදිරිපත් කෙරනි.  ඔහුට   රුපියල් එකොළොස් දහසක දඩයක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම විය.

මීට පෙර තිහගොඩ පොලිසිය  සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව  නිරෝධායන නීති නීතිරීති උල්ලංඝනය කරමින් දහවල් දානයට වැඩම කළ  බටුවිට ප්‍රදේශයේ  ස්වාමින් වහන්සේ නමකට එරෙහිව නඩු පැවරුවේය. උන්වහන්සේට රුපියල් 1500ක දඩයක් අධිකරණය නියම කළේය. ඒ අපට අකුරට නීතිය වැඩ කරන හැටිය.

සුද්දන්ට නැති නීතිය

එහෙත් මේ නීතිය දේශපාලන බලය සහිත යම් යම්  තැනැත්තන් ඉදිරියේ නැමෙන බවත්   විදේශික සංචාරකයන් ඉදිරියේ හතරගාතෙන් වැටෙන බවත්  අපට මිනිස්සු කියති. කිව්වත් නැතත් ඇස් ඇත්තෝ දකිති.

මේ වන විට දකුණු පළාතේ  සංචාරක ප්‍රදේශයක් වන මාතර මිරිස්ස සහ වැලිගම ප්‍රදේශ සංචාරකයන් ගෙන් පිරී  තිබේ .  එහෙත් ඒ  බොහෝ දෙනෙක්  රටට නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තඹයකට මායිම් කරන්නේ නැත. සුනාමියක් සේ යළිත් පැතිරීමේ අවදානමක් ඇති   කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කිසිදු නිරෝධායන නීතියක් අනුගමන කරන්නේ නැත.

සුද්දෝ රිසි සේ නගරයේ සැරිසරති. ව්‍යාපාරික ස්ථාන තුළට මෙන්ම රාජ්‍ය ආයතනවලට, බැංකුවලට    දෑත් පිරිසිදු කිරීම සහ මුව ආවරණ පැළඳීම සිදු නොකර ඇතුළු වෙති.     ඉතා ජනාකීර්ණ ප්‍රදේශවල මුව ආවරණ නැතිව සැරිසරති.

මෙම තත්වය හමුවේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය දැඩි අසීරුතාවයට පත්ව ඇති බව දකිමු.  ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට නොව ඒ දෙස බැලීමට පවා අකමැති බව පෙන්නුම් කර ඇත.

“ පොලිසියට ඉංග්‍රීසි බෑ.. වෙන භාෂාවන් දන්නෙත් නෑනෙ.  ඉතින් හරියට කියන්න දන්නෙ නෑ මාස්ක් එක දාගන්න කියලා. ඒකයි. පොලිසියට බැනලා වැඩක් නෑ.“  මේ පිළිබඳව අදහස් දක්වන අයෙක් අපට කියයි.

තවත් පුද්ගලයෙක් කියන්නේ මෙසේය.

“ අපේ ඩොලර් හිඟා කන තැනක ඉන්නෙ. සුද්දන්ට මාස්ක් දාගන්න කියන්න තරම් අපට හයියක්නෑ. උන් රට දාලා යාවි කියලා බයයි. පොලිසියට කරන්න දෙයක් නෑ. අපි ඉන්නෙ ඒ වගෙ තැනක.“

ඒත් සමහරු මේ පිළිබඳව ඉන්නේ පිපිරෙන තරමේ අරෝවකය.

“මේ රට   එක රටක්. හැබැයි නීති දෙකක්.   .හැමදේටම මේ රටේ නීති දෙකක්  තියෙනවා. ඉතින් නිරෝධායන නීතියටත් දෙකක් තිබීම පුදුම වෙන්න කාරණයක් නෙමෙයි.“

අප පුදුමාකාර ලෙස දීන වෙමින් පඩංගු වෙමින් ඇත. බඩගින්නේ මිය යන්නට ආසන්න බව සැබෑය. නමුත් ගෙට ගත් එකා සුතනඹුව දූෂණය කරනකම් බලා ඉන්නවා සේ රටේ පොදු නීතිය පහරන්නට ඉඩ දී බලා සිටින්නට තරම් නිවට වීම අන්තිම නරක ඛේදවාචකයක් බව ලියා තැබි යුතුය.

“ තවත් කියනවා එක රටක් එක නීතියක් කියලා… ආච්චිගෙ රෙද්ද… කට ගොන්නක් බීගෙන හෙල්මට් නැතිව බයිසිලක් පදින සුද්දො ඉස්සහ පොලිසිය පදිරි වෙන විදිහ දැක්කම නොදෝමකින් කියලා හිතෙනවා. “

මා සමග අදහස් දක්වමින් සිටින අයෙක් කියයි.

හිඟමනට වැටී හිඟා කන එකෙක් මුලින්ම නැති කරගන්නේ ආත්ම ගෞරවය සහ අභිමානය ය.  රටක් සම්බන්ධවත් ඒක වලංගුය.

“තවත් කියනවා එක රටක් එක නීතියක් කියලා… ආච්චිගෙ රෙද්ද“ ඒ පුද්ගලයාගේ හඬ තවමත් මට ඇසෙමින් ඇත. අප රටක් ලෙස ලෝකය ඉදිරියේ පදිරි වෙමින් ඇති ආකාරය රට වැසියන්ට තේරුම් කරමින් සිටිමු.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුද්දකට ප්ලාස්ටීක් හැඳි මිලියන 600ක් පරිසරයට එක් වෙනවා – පරිසර ඇමති!

Next Post

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා අර්බුදයක්

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.