ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර වන දේශසීමාව හෙවත් ඩුරන්ඩ් රේඛාව හරහා පකිස්තානය විසින් වැටක් ඉදිකිරීම හේතුවෙන් දෙරට අතර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
දෙවන ඇන්ග්ලෝ-ඇෆ්ගන් යුද්ධයෙන් පසුව 1893 දී විධිමත් කරන ලද, කිලෝමීටර් 2,670 ක දුරින් යුත් ඩුරන්ඩ් රේඛාව බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය වෙන් කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.
එමගින් පෂ්තුන් නිජභූමි බෙදා වෙන් කළ බවට චෝදනාවක් එල්ල වූ අතර මේ වනතුරැත් ඒ ආශ්රිත අර්බුද නිමවී නොමැත.
ඇෆ්ගන් පකිස්තාන දේශසීමාව හෙවත් ඩුරන්ඩ් රේඛාව දෙපස ජීවත් වන පෂ්තුන් ගෝත්‍රිකයන් වෙන් කිරීමට පාකිස්ථානයට අයිතියක් නැති බව තලේබාන් සංවිධානයේ අදහස වී තිබේ.
එම දේශසීමාව ආශ්‍රිතව වැටක් ඉදිකිරීම නීති විරෝධී බවත් එය හෙළා දකින බවත් තලෙයිබාන් ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක එනයතුල්ලා ක්වාස්මි පවසයි.
පකිස්ථාන හමුදාව විසින් ඉදිකරන ලද දේශසීමා මායිම් කොටස්වලට තලේබාන් සටන්කාමීන් විසින් පසුගියදා හානි ද පමුණුවා තිබිණ.