බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සියවසක කතාව අලුත් කර පෑලියගොඩට විතැන් වුණු මැනිං ගේ සීනි ගබඩාව

by editor
නොවැම්බර් 20, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

මීට අවුරුදු සීයකට පෙර සර් විලියම් හෙන්ඩ්‍රි මැනිංගේ ආණ්ඩු කාලයෙ ( 1917-1920) දී කොළඹ නගරයේ වරායට තරමක් දුරින් ආහාර ගබඩාවක් හැදුවේය. මේ ගබඩාවේ ප්‍රධාන පරමාර්ථය වුනේ රටට අවශ්‍ය සීනි නැව් මගින් ගෙන්වා ගබඩා කර තැබීමය. ආණ්ඩුවේ සීනි ගබඩාව මැනිං ගබඩාව විය.

සර් විලියම් හෙන්ඩ්‍රි මැනිං

මැනිං ගබඩාව පිහිටවා තිබුණේ හොඳම නැකතය. කොළඹ නගරය දියුණු වුනේය. පසෙකින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වැඩි දියුණු විය. මහා විදී හැදී සංවර්ධනය වූයේය. අහස උසට ගොඩනැගිලි හැදුනේය. ඒත් මැනිංගේ සීනි ගබඩාව වෙනස් වුනේ නැත. එම පුරාණ ගොඩනැගිලි පරිශ්‍රය තුළ සීනි ගබඩාව ලංකාවේ ප්‍රධානම තොග වෙළෙඳ මධ්‍යස්ථාය බවට පරිවර්තනය විය.

මැනිං වෙළෙඳපල

ලංකාවේ හතරදිග්භාගයෙන් එන එළවළු පළතුරු තොග මිල තීරණය කරන තැන මැනිං වෙළෙඳපල විය. සියවසක් ඉක්මවූ ගොඩනැගිල්ලේ වෙළෙන්දන් සතු කඩ කාමර 1200 ඉක්මවා ගියේය. ඒ කතාව අද සිට එක් වන්නේ ඉතිහාසයටය. අද (20) තව ස්වල්ප මොහොතකින් සියක් වසරක් තිස්සේ කොළඹ නගර මධ්‍යයේ පැවති මේ ඓතිහාසික මැනිං වෙළෙඳපල නිශ්චිත ලෙසම සිය කාර්යය නිමා කරන්නේය. අද සිට මේ භූමිය අතීත සිහිවටනයකි.

වසා දැමූ පැරණි මැනිං වෙළෙඳ සංකීර්ණය…

කොළඹ අග නගරය සැලසුම් සහගතව සංවර්ධනය වත්ම කොළඹ කේන්ද්‍රීය හදබිමක පිහිටි පුරාණ ගොඩනැගිලි සංකීරණයක් සහිත මේ තොග වෙළෙඳ පල නගර සැලසුම තුළ ස්ථාන ගත කිරීමේ ගැටලුව පැන නැගුනේය. ඊට පිළියම් ලෙස කොළඹ නගරසීමා මායිමේ අධිවේගී මාර්ග ප්‍රවේශය අසල මැනිං වෙළෙඳපල විතැන් වුනේය.
පෑලියගොඩට ගිය නව මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) අද (20) පෙ.ව. 10.00 ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වන්නේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපල

නව මැනිං වෙළෙඳපළ අක්කර 13.5 ක් පුරා විහිදෙයි . වෙළඳසැල් 1,192 කින් යුතුය. මහල් හතරකින් සමන්විතය. වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබේ. වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක් සහිතය. එහි රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ. සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විතය. ඉදිකිරීමේ වියදම රුපියල් බිලියන 6.9 කි.

වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතියේ සියළුම ඉදිකිරීම් කටයුතු සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණයන් සිදු කළේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශ (CCB) ආයතනයේ ඉංජිනේරුවරුන් හා වාස්තු විද්‍යාඥයින් විසිනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය දිනවල කඩිනමින් සිදුකෙරිණ.

ඉදිකිරීම් සැලසුම

සැලසුම් සහගත නාගරික සංවර්ධනයක් සඳහා කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී සිදුවන්නේත් මේ නගර සැලසුමේ අංගයක් ලෙසය. එම කටයුත්ත සිදු වන්නේ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදිය. කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් වන්නේ ද එම අවස්ථාවේ දීය.
එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී ආරම්භ කෙරිණි. මේ සැලසුම අනුව මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නොව පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යාමට නියමිතයි.

විශේෂ ප්‍රවේශ පහසුකම් සහිතයි..

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට ගෙනඒම සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ද අවස්ථාව හිමිවේ.
ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදු කළ හැකි අයුරින් අනාගත සැලසුම් සකස් වී ඇත.
ඉතිහාසය වෙනස් වී තිබේ. අද ඇරඹෙන නව ප්‍රවේශය අලුත් කතාවක් ආරම්භ කර ඇත. ඉතිහාසය ගලාගෙන යන්නේ එසේය.






Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ ඇමති දිනේෂ්  යුරෝපා සංගම් තානාපපතිවරුන් හමුවී ආනයන තහනම ගැන පැහැදිලි කරයි…

Next Post

පාරේ ඉඳන් ඉගෙන ගත් කෙලින්කන්දේ දරුවන්ට 4G සිග්නල්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.