බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සැලුන් එකේදී සුදු වෙන්න ගාන ක්‍රීම් එක දෙස ගාන්නට පෙර හොඳින් බලන්න

රසදිය මුසු සම සුදු කරන මාරක ක්‍රීම් ජාවාරමක් යලිත් පිටකොටුවෙන් හසුවෙයි

by editor
සැප්තැම්බර් 20, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

පිටකොටුව වෙනත් දේවල මෙන්ම  විවිධාකාරයේ රූප ලාවන්‍ය නිෂ්පාදනවලද තොග වෙළෙඳාමේ මර්මස්ථානයයි. එහි ඇති රූපලාවන්‍ය නිෂ්පාදන සහ උපකරණ තොග පිටින් අලෙවි කෙරෙන වෙළෙඳසැල් ගණනාවක් පවතින අතර ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නේ බොහෝවිට  විට සිල්ලර ව්‍යාපාරයේ හෝ බෙදා හැරීමේ කටයුතුවල නිරත වන්නන් හෝ සැලෝන් පවත්වාගෙන යන අය සැලොන්වලට නිෂ්පාදන බෙදා හරින අයයි.

ඔවුන්ට මේ නිෂ්පාදනවල වෙළෙඳ නාම පවා හුරුය. පුරුදුය. මේ නිෂ්පාදන අතරේ වැඩියෙන් ම ජනප්‍රිය නිෂ්පාදන පෙළක් වන්නේ සම සුදු කිරීමේ ආලේපනයි. විශේෂයෙන් මෙම සම සුදු කිරීමේ ආලේපන වැඩිපුර ගල්වන්නේ තරුණියන්ය. එය සිදුවීම් පෙළක දිග හැරුමකි. ළඟදී විවාපත් වීමට සිටින තරුණියන්   තම විවාහ නැකත බැලීමෙන් පසුව මුලින්ම කරන කාර්යයක් වන්නේ ඒ දවස තම සිත් ගත් රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ හමුවීම් වෙන් කර ගැනීමය.. ඔවුන්ගෙන්   ඇඟ පත හදා ගැනීමේ සිට සමේ පැහැය ගැනද විවධ උපදෙස් ලැබෙයි. “නංගි ටිකක් හම සුදු වුණානම් හරි. අහවල් වයිට්නින් ක්‍රීම් එක පාවිච්චි කරන්න. කඩේ නැත්නම් ඔයා ෆේෂල් එකක් දාන්න එන දවසට මම දෙන්නම්.“

අමුතු  වයිට්නින් ක්‍රීම්

අධි විෂ සහිත රූපලාවන්‍ය ආලේපන

මෙය බොහෝ විය සිදුවන දෙයකි. මෙලෙස කඩෙන් සොයා ගන්න බැරි අමුතු ආකාරයේ සන්නාමවලින් ඇති වයිට්නින් ක්‍රීම් අපේ තරුණ තරුණයියන් අතට පත්වන්නේ ඒ අනුවය. එහෙත් මෙහි පවතින භයානකකම වන්නේ කිසිදු ප්‍රමිතියකින් තොරව විවිධ විෂ සහිත බැර ලෝහ සහිත මෙම වයිට්නින් ක්‍රිම් මෙරට වෙළෙඳපොලට හොර රහසේ පැමිණීමය.

පසුගියදා පොලිසියේ  විශේෂ විමර්ශන කණ්ඩායමක් සහ පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව පිටකොටුව් කූට තොග ව්‍යාපාරිකයන් විසින් මෙරට විකිණීම සඳහා ගෙන්වා තිබූ එවැනි සම සුදු කිරීමේ ක්‍රීම් වර්ග ඇතුළු ප්‍රමිතියකින් තොර රූපලාවණ්‍ය නිෂ්පාදන තොගයක් සමග එම ජාවාරම සිදු කළ ව්‍යාපාරිකයන් වැටලුවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මෙරට ක්‍රියාත්මක වන ඖෂධ සහ සුවඳ විලවුන් පනත අනුව මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳව තත්ත්ව සහතිකයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් ගෑවොත් ටක්කටෙම සුදු වෙන මෙම ක්‍රිම්වර්ගවලට එවැනි නිල ලියාපදිංචියක් හෝ මෙරට අලෙවි කිරීමට හෝ භාවිතය සඳහා කිසිදු අවසරයක් නැත.

ගෙනත් තිබුණෙ පකිස්ථානයෙන්

අත්අඩංගුවට ගන්නා ලද ආලේපන වර්ග

පිටකොටුවේ සිදු කරන ලද වැටලීමේදී අත්අඩංගුවට ගත් මෙම සම සුදු කිරීමේ ආලේපන සියල්ලම මෙරටට ගෙනවිත් තිබුණේ පාකිස්ථානයෙනි. ඒවා ගෙනවිත් තිබුණේ මෙරට වෙළෙඳ ප්‍රදර්ශනයකට ඉදිරිපත් කරන බව පවසමිනි. මෙම සම සුදු කිරීමේ ආලේපන අතර රසදිය, ආසනික් කැඩ්මියම් වැනි විෂ සහිත බැර ලෝහ අන්තර්ගත බවත් ඒවා පිළිකා ජනක  මෙන්ම තවත් අර්බුද ගණනාවක් නිර්මාණය කරවන ආලේපන බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය. මෙම පුද්ගලයන් සමඟ භාණ්ඩ අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළද ඔවුන් අදාල දඩය හෝ දඬුවම විඳීමෙන් පසුව යළිත් කරන්නේ මේ ව්‍යාපාරයමය.

හම සුදු වන්නේ කෙසේ ද?

අධි විෂ සහිත ආලේපනයක්

කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන ශාකසාර නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය ටී.ඩී එම්.සීකේ විජේවර්ධන   පවසන්නේ සම සුදු කිරීමේ ආලේපනවල ඊට බලපාන ප්‍රධානතම සංඝටකය වන්නේ රසදිය බවයි. එහෙත් එය සම්මත අගයයන්ට අනුව තිබිය යුත්තේ මෙම ආලේපන කිලෝ ග්‍රෑම් එකකටය මිලි ග්‍රෑම් 1කි. එහෙත් ඉක්මනින් අත්දුටු ප්‍රතිඵල දෙනවා යයි කියන මෙම වයිට්නින් ක්‍රීම් ඇතැම් වර්ගවල එම සම්මත අගය මෙන් නව දහස් (කිලෝ ග්‍රෑම් එකක මිලි ග්‍රෑම් 9000ක්) ගුණයක්ද පැවැති අවස්ථා පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇත. මෙම අගය කිලෝ ග්‍රෑමයට මිලි ග්‍රෑම් පහක් 10ක් තරම් වීම පවා සෞඛ්‍යයට  අහිතකර බවට පිළිගැනුණද මෙලෙස මිලිග්‍රෑරම් දහස් ගණනින් හමුවීම කෙතරම් අනාරක්ෂිත තත්ත්වයකදැයි වටහා ගැනීම අපහසු නැත.  ඒවා භාවිතය සමට මෙන්ම සමස්ත සෞඛ්‍යයටම දැඩි සේ අහිතකරය.

බොහෝ විට මෙම අත්දුටු සම සුදු කිරීමේ ක්‍රීම් එන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් හෝ  තායිලන්තයෙනි. මෙම රටවල ඇතැම් විට කුඩා පරිමාණයේ ගෘහ නිෂ්පාදන ලෙසින් පවා මේවා සැකසෙන අතර ඒවායේ නිෂ්පාදන ප්‍රමිතිය පවතින්නේ ඉතා අවම මට්ටමකටය.

වයිට්නින් ක්‍රිම්වලට අමතරව මෙසේ වෙළෙඳපොලට එන තවත් නිෂ්පාදනවලද ඊයම්, ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහ පවතින බව හඳුනාගෙන තිබේ. විශේෂයෙන් මේක් අප් බාම්, ක්ලෙන්සින් ක්‍රිම්, මොයිචරයිස් ක්‍රිම් සහ සන්ස්ක්‍රින් ක්‍රීම් මෙන්ම ලෝෂන් වර්ගවලද එම බැර ලෝහ නියමිත අගයය්ට වඩා වැඩි වන අවස්ථා ඇත. මෙම තත්ත්වයෙන් බේරීමට නම් වෛද්‍යවරුන් දෙන පළමු උපදෙස වන්නේ පිරිසිදු සිතින් යුතුව තමන්ට ලැබුණු ශරීර වර්ණය පිළිබඳව සෑහීමකට පත්ව ක්‍රියා කිරීමය. මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරනවා නම් ඒවා GMP (Good Manufacturing Practises) නිෂ්පාදන ක්‍රමවේදවලට අනුගතව නිපදවා ඇතිද යන්න තහවුරු කර ගත යුතුය.

කෙසේ වුවද පාරිභෝගික අධිකාරිය පවසන්නේ විශේෂයෙන් රූපලාවණ්‍යාගාරවලදී ඔබේ අවසරයකින් ඇතිව සහ නැතිව ගල්වන ආලේපන පිළිබඳව විමසිලිමත් වන ලෙසය. ඊට හේතුව මෙම වංචනිකයන් තම නිෂ්පාදන වැඩි හරියක් රට පුරා පවතින සැලුන්වලට මුදා හරින නිසාය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

නුවරට හිසරදයක් වූ පෙම්වතුන් කොල්ලකන කෙල්ලන් ගේ කොල්ල කල්ලිය

Next Post

නුවර බූවැලිකඩ පස්මහල් ලෙව්කේ නිවස ඊයේ රෑ ගිලා බසී

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.