බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සාෆියා වගේ ද අප්පා සෙව්වන්දි…

by editor
ඔක්තෝබර් 28, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රත්තරන් පුරෝගෙන ආවා සැබෑය. රත්තරන් පදක්කම්ම 16ක් ය. ඒ අතර දකුණු ආසියාවේ වේගවත්ම යුවතිය ත් සිටින්නීය. ‍ඇය සාෆියා යාමික්ය. මීටර් 100 තරගයේදී තරගාවලි වාර්තාවක් තැබු ඇය මීටර් 200 තරගයේ දී  ඉන්දියාවේ පුරාවෘත්තයක්වූ වේග රැජන පී.ටී ඌෂා 1998 දි තැබු වාර්තාව අවුරුදු 27කට පසු බිඳ බිඳ හෙළුවාය.  තුන්පිම්ම කාන්තා ඉසව්ව සහ දුර පැනීම කාන්තා ඉසව්ව රනින් දිනා ගත්   මදුෂාණි හේරත් ද සාෆයා සමග සිටින්නීය.

චමෝද් යෝධසිංහ – මීටර් 100 පිරිමි (තත්. 10.30)  පසිඳු මල්ෂාන් – තුන්පි­මිම් පිරිමි (මී. 16.19), තරිඳු දුෂාන් – උස පැනීම පිරිමි (මී. 2.17) කාලිංග කුමාරගේ – මී. 400 පිරිමි   (තත්. 46.21), හර්ෂ කරුණාරත්න – මී. 800 පිරිමි (මි. 1:51.96), දසුනි කෞශල්‍යා – මීටර් 400 කඩුලු කාන්තා (තත්. 58.66),  රසාරා විජේසූරිය – මී. 10000 කාන්තා (මි. 34:39.95), රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීම පිරිමි (මී. 84.29), දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසිකිරීම කාන්තා (මී. 60.14), මීටර 100 සහාය දිවීම කාන්තා සහ පිරිමි ශූරතා වෙනුවෙන් දිනූ රන් පදක්කම් සහිතව පැමිණ තිබුණේය. රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් අපේ කණ්ඩායමටය.

බරට පදක්කම් අරන්  ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට ආවේ අළුයමය. ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ගුවන් තොටුපලට ගියා සැබෑය.  ඒත් ඇත්ත වශයෙන්ම කියනවා නම් සෙව්වන්දි කිවයිනට ආව එවිල්ලට පැත්තකින්වත් ඒ පැමිණීම තියන්නට බැරිය.

ගැම්ම තිබුණේ සෙව්වන්දි ආපු දවසේය. පැයෙන් පැය ලොකේෂන් කියන්නේය. ෆ්ලයිට් එක ට්‍රැක් කරගෙන ගුවනින් එන කලාපත් දැනුම් දෙන්නේය. මීඩියා කෙලින්ම ගුවන් යානයේ දොරටුව අසලය. මීඩියාවල සෙව්වන්දි ආගමනය ලයිව් දෙනවාය. අපට සිරිය. රතු පලස එලුවේ නැතිව පමණය. ලස්සනට හිනාවෙලා සෙව්වන්දි ප්ලයිට් එකෙන් බහින හැටිත් පේන්නේය. ඇය යන විදිහ ඇයගේ ලතාව ඇයගේ හිනාව එක් එක ඈන්ගල්වලින් ලයිව් පෙන්වන්නේය. අනතුරුව රවුම් කරගෙන පෙන්වන්නේය.

කට්ටිය ලොබී එකට එන්නට බස් එකට නැග්ග පසු මීඩියා බස් එකටත් නග්ගන්නේය. දෙව්වන්දිගේ හිනාව කතාව ලතාව එක එක ඈන්ගල් වලින් රූපගත වන්නේය.  එහෙම එකක් නම් සුසන්තිකා ඔලිම්පික් දිනාගෙන ආවාට පස්සෙවත් ලැබුන නැති එකේ සාෆියා යාමික්ට ලොවෙත් ලැබෙන්නේ නැති බව කිව යුතුය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

කාලකණ්ණි අපරාධකාර ගෑනියෙක්   අත් අඩංගුවේ ගෙන එන අවස්ථාව ආවරණය කිරීමට මීඩියා සෙට් පිටින් ගුවන් යානය ලඟට යැව්වේ කවුද, එහි අරමුණ කුමක්දැයි මේ වනතුරුත් එකේක ප්‍රශ්න කර නැත. සාෆියා යාමික්ලා, මධුෂාණි හේරත්ලා, චමෝද් යෝධසිංහලා, රුමේෂ් තරංගලා, කාලිංග කුමාරගේලා  ලංකාව රනින් සරසාගෙන දිවයිනට එන විට උන්ව රතු පලස දමා පිළිගන්වා ආවරණය කරන්නට මීඩියා ගුවන් යානය අසලට යැව්වේ නැත්තේ ඇයි කියා අසන්නත් එකෙක් නැත.

අප යෝජනා කරන්නේ මේ තුට්ටු දෙකේ ලාභ ෂෝ දැන් නැවැත්විය යුතු බවය. අපරාධකාර පාදඩයෙක් රටට ගෙනා විට උන් වීරයින් නොකර ගුවන් තොටුපලෙන් ගෙනියන්නට බැරි නම් ඉන් පෙන්නේ ප්‍රබුද්ධ ආණඩුකරණයක් නොවේ.  කුණු කානුපල්ලේ වැටී කරන දුප්පත් තොරොම්බල් කිරීමක් පමණය.

එවැනි ගොබ්බ වැඩ යළිත් අපේ දෑහට පේන්නට ඉඩ නොතිබිය යුතු බව අප මේ ආණ්ඩුවෙන් කරන එකම ඉල්ලීමය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දානන්දගේ සහ නලීන් ප්‍රනාන්දුගේ දඬුවමට එරෙහි අභියාචනා කැඳවීමට දින නියම වෙයි!

Next Post

ටී.බී. සරත් ලඟ තියාගෙන ඩඩ්ලි කියපු කතාව… සංවර්ධන ව්‍යාපෘතිවලට බැංකුවලින් ණය දීලා තියෙන්නේ 14% යි… මේක ජනාධිපති තුමාට කියන්න… කිව්වේ නැතිනම් මම කියනවා…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.