fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

මාස 2ක් ago
in විනිවිද
478 5
0
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

ඔවුන් කැඳවාගෙන පැමිණියේ ඔවුන් දෙදෙනාගේ මව්පියන් විසිනි.

තරුණ යුවතිපතීන් ගෙන් සැමියාට බිරිඳගෙන් දික්කසාද වීමට අවශ්‍ය විය. විවාහ වී නොබෝ කලකින්ම එසේ වීම මව්පියන් බලවත් සේ පීඩා කරවීය. යුවතිපතීන්ට ප්‍රථමයෙන් මව්පියෝ සිව්දෙනම පැමිණියා නොව එක්වරම උපදේශන කාමරයට කඩා වැදුනාහ.

හතර දෙනාම එකවර කතා  කරන්නට වූහ.

” මැඩම් මේ දෙන්නා බැඳලා මාස හතරයි. කිසිම අඩුවක් නෑ. හැමදේම තියනවා. මගේ පුතා තමයි වෙන්වෙන්න ඕන කියන්නෙ”

” මගේ දුව නරක කෙනෙක් නෙවෙයි. වරදක් තියනව නම් හදාගන්න පුළුවන්නෙ”

” නෑයන්ට මුහුණ දෙන්නෙ කොහොමද?”

කතා වල සාරාංශය එය විය. ඔවුන් කාමරයෙන් පිටතට යැවූ මම තරුණ යුවළ කාමරයට කැඳවීමි.

අපූරු පෙනුමැති තරුණ යුවළ සිත පහන් කරවිය.

දෙදෙනාම රැකියා කරති. සැමියා Work from home නිරත වෙද්දී බිරිය සේවා මුර සහිත උසස් රාජකාරියක නිරත වෙයි.

රාජකාරි හමාර කර නිවසට පැමිණෙන බිරිඳ ” අද කවුද ගෙදරට ආවේ ” යනුවෙන් විමසන්නීය. බොහෝ විට නිවසට යහළුවෙක් නෑයෙක් කවුරු හෝ පැමිණි බව සැමියා පවසයි. සමහර දිනෙක කිසිවෙකු පැමිණියේ නැති බව කීවත් බිරිඳ පිළිනොගනී. පසුව සැමියාට පැමිණි කෙනා මතක් වෙයි.

බිරිඳ මෙසේ කියන්නේ කෙසේද යන්න සැමියාට මහත් ගැටළුවකි.

ගෙදර මොන දේ කළත් ඒවා බිරිඳ තිබ්බ තරම්ම හොඳට හොයන්න බැරි වෙන්නම නැවත සකස් කර තිබ්බත් බිරිඳ එය සොයාගන්නා ආකාරය ඔහුට පුදුමය දැනවීය.

කවුරුන් හෝ පැමිණ ගිය පසු සැමියා නිවස තිබූ තත්වයෙන්ම ඒ අයුරින්ම සකසයි. විශේෂයෙන් මිතුරන් පැමිණ ගියවිට එසේ කරයි.

එහෙත් බිරිඳ කවුරුන් හෝ පැමිණි බව  දැනගනී. මෙය සැමියාට විටෙක කරදරයක් විය.

” කොහොමද මෙයා මං කරන දේවල් දැනගන්නෙ” ඔහුගේ සිත විමසන්නට විය. නරකම සිදුවීම වූයේ ඔවුන් මා හමුවීමට සතියකට කලිනි. එදින නිවසට කිසිවෙකු පැමිණියේ නැති බව සහතිකය.

බිරිඳ විමසද්දී සැමියා,  “නැත” යන උත්තරය දිගටම දුන්නේ කිසිවෙක්ම නිවසට නොපැමිණි බැවිණි. බිරිඳ එය පිළිගත්තේ නැත.

එදා රාත්‍රිය අමිහිරි විය. සැමියා කෝප විය. ඔහු බිරිඳට තරයේ දොස් නැගීය.

” මාව සැක කරනවා, මට එපා වෙලා තියෙන්නෙ” සැමියා ගෝරනාඩු කළේය.

දෙදෙනාම බඩගින්නේ නින්දට ගියහ. සැමියාට නින්ද යාගෙන එනවිටම යමක් මතක් විය.

සපත්තු මහන්නකු මිදුළට කැඳවා තම සපත්තුවේ අඩුපාඩුවක් හදාගත් අයුරු සිහිවිය.

සැමියා ඒ මොහොතේම බිරිඳව අවදිකර තමාට අමතකව ගිය නිවසට පැමිණි පුද්ගලයා ගැන පැවසීය.

” මං දන්නවා”  කියූ බිරිඳ අනිත් පැත්ත හැරී නිදාගත්තාය.

සැමියා පසුදා උදෑසන බිරිඳ එය දැනගත් ආකරය විමසීය. බිරිඳ එය පැවසීම ප්‍රතික්ෂේප කළාය.

“මේ වගේ භයානක ගෑනියෙක් එක්ක ඉන්න බෑ… මට දික්ක්සාද වෙන්න ඕන”  යනුවෙන් පවසමින් සැමියා මව්පියන්ගේ නිවසට ගොස් නතර වී ඇත.

දෙදෙන තනිව කතාකරන විට බිරිඳගෙන් මම මේ ගැන විමසුවෙමි.

” එයා මං තියල තියන ඒවා වෙනස් විදියකට හදල තියල තියනව. හවස එනකොට මං දකිනව. එතකොට මං අහනව. වෙන දෙයක් නොවෙයි”

“වෙනස් විදියකට කිව්වෙ?”

” ඒ කිව්වෙ සෝෆා එක උඩ තියන කොට්‍ට ඕඩර් එක මාරුකරලා, ඒවා උඩයට මාරු කරලා තියනව. භාජන පාවිච්චි කරල ආපහු තියන විදියෙන් තමා දැනගන්නෙ”

” එතකොට මේ අන්තිම සිද්ධිය දැනගත්තෙ කොහොමද? කවුරුත් ගෙට ඇවිත් නෑනෙ”

” ඔව් කවුරුත් ගෙට ඇවිත් නෑ. එයා ඒ උනාට තේ හදල තියනව. එයා තේ බොන්නෙ නෑ”

” ඔයා කොහොමද දැන ගත්තෙ තේ හැදුවා කියලා?”

” මං හැමදේම පිළිවෙලකට තියන්නෙ. මං සීනි බෝතලේ හැන්ද තියන්නෙ වම් පැත්තට ඇල කරලා. ඒත් මං එනකොට ඒක දකුණු පැත්තට ඇල කරලා තිබ්බෙ”

සැමියා තේ සෑදූ බව පිළිගත්තේය.

පසුව දෙදෙනාට අවශ්‍ය  උපදේශනය ලබා දුනිමි.

බිරිඳට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට උපදෙස් දුනිමි.

ඇය OCD ( Obsessive Compulsive Disorder)  හෙවත් ග්‍රස්ථිය  නම් සුළු මානසික තත්වයක සිටියාය.

ඔවුන් දික්කසාද වූයේ නැත. සතුටින් වෙසෙති.

පවුල් ජීවිතයේ ඉතාම සුළු සිද්ධීන්වලට මහා වැදගත්කමක් දී  එය එකම සතුට කරගැනීමට යෑමත්, අනවශ්‍ය කලබලයකට පත්ව විවාහය හැරදමා යෑමත් යන කාරණා දෙක  දෙසම සන්සුන්ව ඉවසීමෙන් විසඳා ගැනීම විවාහ දිවියේ සතුටට සහ ප්‍රිතීයට හේතු වේවි!!

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඔට්ටුයි රනිල් රට ගොඩ දානවා!

Next Post

නයිජීරියාවේ පල්ලියට ප්‍රහාර එල්ල කළේ ‘යතුරුපැදි ධාවන කල්ලියක් ද?’

Related Posts

child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

මාර්තු 22, 2022
Loneliness Teenage Girls

විශාදයෙන් මිදෙනු හැකියි.!

ජනවාරි 31, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • රෂ්ඩිට ප්‍රහාරය එල්ල වී ස්වල්ප වේලාවකින් පසු...

    ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist