බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

by editor
මාර්තු 22, 2022
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන 
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

අප සැවොමගේම ජීවිත ක්‍රියාකාරකම්වල අවසාන අපේක්ෂාව සතුට ලබා ගැනීමයි.
අප සියල්ල කරනුයේ සතුට අරමුණු කරගෙනය. සතුටක් නොලැබේ නම් අප කිසිවක් කිරීමට උනන්දු නොවනු ඇත.
අප අධ්‍යාපනය ලබන්නේ ඉන් ලැබෙන සමාර්ථ ඔස්සේ අනාගතය සාර්ථක කරගැනීම උදෙසාය. හොඳ ආර්ථික තත්ත්වයක් , රැකියාවක්, නිවසක්, වාහනයක්, නිවසක්, පවුලක් හිමිකර ගනිමින් සතුටින් ජීවිතයගත කිරීමට අවශ්‍ය අධ්‍යාපන කඩයිම් සපුරාගන්නට අපි උත්සහ කරන්නෙමු. අපේ පවුල්වලින්ද සැමවිටම තල්ලුව ලැබෙන්නේද එවන් ඉලක්ක සඳහාය.

එසේ වුවත් අප, අපගෙන් විමසීමක් කළහොත් දවසේ හෝ විවේක වේලාවක් අප සතුටක් ලැබීමට කරන කාර්‍යය පිළිබඳව සෑම පුද්ගලයෙකුටම යම් නිශ්චිත ක්‍රියාවක් ඇත.
පහත පින්තූර වල දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

– බොහෝ දෙනා උදෑසන තේ කෝප්පය ඉතාම නිවී සැනසිල්ලේ බොහෝ වේලාවක් ගනිමින් පානය කරන්නට කැමැතිය. දවසේ සියලුම කාර්‍යයන්ට අවශ්‍ය උද්‍යෝගය එම තේ එකෙන් ලබා ගනිති.

එවන් තවත් සමහරක් මෙසේ දැක්විය හැකිය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

  • චිත්‍රයක් ඇඳීම
  •  සංගීතයට සවන්දීම
  •  සොබාදහම් චාරිකාවේ යෑම
  •  ආදරය කරන අය සමග ගැවසීම
  • සුරතල් සතුන් සමග කල් ගෙවීම
  •  නිදාගැනීම
  • විවිධ අත්කම්වල යෙදීම
  • කියවීම

ආදී දේවල් එකක හෝ කිහිපයක බොහෝ අය නිරත වෙති.

ජීව්තයේ ඇති කර්කශ , රළු ස්වභාවය දරාගැනීමට අවශ්‍ය අභිප්‍රේරණ ඔවුන් ඉන් ලැබ ගනිති.

ජීවිතය විඳින්නට එම බාහිර ලෝකයේ ක්‍රියාකාරකම් හා කිසියම් මානසික බැඳීමක් ඇතිකර ගනිති.

එහෙත් සමහරෙක්ට මේ සියලු ඉලක්ක සපුරාගෙන සිටියද, ඉහත දැක්වූ විවිධ ක්‍රියාකාරකම් කළද ඔවුන් තුළ සතුටක් නැති බවට මැසිවිළි නගති.
දොම්නසින්, නොරිස්සුමෙන් සහ උද්‍යෝගයකින් තොරව කල්ගෙවති.

ඔවුන් සතුට ළඟාකර ගැනීමට රිසිව නොයෙක් දේ කරති. නොයෙක් දේ පසුපස යති. එහෙත් අවසානයේ ඒ කිසිවකින් බලාපොරොත්තු වන සතුට නැතිවී යැයි සිතමින් පීඩාවිඳිති.

සතුට ඇත්තේ කොහේද?  සතුටුවිය හැක්කේ කෙසේද?

සතුට ඇත්තේ ඔබ තුළය. සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය.

අත්පත් කරගැනීමෙන් , පොදිගසා ගැනීමෙන් ලබන සතුටක් ඇතත් ගොඩගසා පොදිගසා ගත් දේ කිසිදා ඇති යැයි නොසිතෙන නිසා ඔවුන්ගේ සතුටුවීමේ අවස්ථාව සැමවිටම ඇත්තේ අනාගතයේය. හිතන්න…..

  1.  ඔබ ඉතාම ආසා කරන ඉතා වටිනා ඇඳුමක් අමාරුවෙන් මුදල් ඉතුරු කර මිළදී ගත් බව. ඔබ ඒ ඇඳුමට ඉතාම ලස්සනට පෙනුන බවට. හැමෝම ඒ ඇඳුමින් ඔබ සැරසී සිටින විට ඔබව හැමෝම වර්ණනා කරන බව. ඒ ඇඳුම මිළදී ගත් මොහොතේ , එයින් සැරසී පළමු දෙවන තුන්වන අවස්ථාවන්හි වින්ඳ සතුට සිහි කරන්න.
    එහෙත් ඒ ඇඳුම ඔබට එකම කණ්ඩායම සහභාගි වන අවස්ථා කිහිපයකටම අඳින්නට සිදුවුවහොත් ඔබ එම ඇඳුම මිළදී ගත් දා, පළමුවරට සැරසුනදා වින්ඳ සතුටම විඳිනවාද?. වසරක් දෙකක් ගතවූ පසු එම ඇඳුම අල්මාරියේ දකිද්දී ඒ සතුට ඒ අයුරින්ම විඳිනවාද?. දැන් ඔබේ සතුට ඇතිවන්නේ තවත් අලුත් ඇඳුමක් අල්මාරියට එකතු කිරීමෙන් නොවේද?.
  2. මේ අයුරින්ම ඔබ , ඔබේ ප්‍රියතම වර්ගයේ වාහනයක්, මිළඳී ගත් පසු ඒ දිනවල ඔබ වින්ඳ සතුට, වාහනයට සැලකූ අන්දම සිහි කරන්න. ඒත්, වසර කිහිපයක් ගතවූ පසු ඔබට ඒ මිළදීගත් දා හෝ ඒ අලුත ඔබ වින්ඳ සතුට ඒ අයුරින්ම ඔබ විඳිනවාද?.පවතිනවාද?.
    වසර කිපයකට පසු ඔබ උත්සාහ ගන්නේ වාහනය හොඳ මිළකට ව්කුණා ඊටත් වඩා හොඳ වාහනයක් මිළදී ගැනීමට නොවේද?.
  3. අපේ ජීවිතයේ සතුට ඇත්තේ යස ඉසුරු , කීර්තිය , බලය ආදිය මත නම් ඒ සියල්ල ඇති ලෝකපූජිත මිනිස්සු ගැහැණු ගැන අතිශය දුක්බර කතා අසන්නට ලැබෙන්නේ ඇයි? සමහරු ජීවිත අතහරින්නේ ඇයි?.

පිළිතුර සරල වුවද , අර්ථය ගැඹුරුය…. පිළිතුර, මේ මොහොතේ අපට ලැබී ඇති දෙයින් සතුටුවීමට හිත පුහුණුවී නැතිවීමය

අප සැමවිටම අපව අනෙකා සමග සංසන්දනය කිරීමය

අප සැමවිටම අපට ඇති දේ අනෙකාට ඇති දේ සමග කිරා මැන බැලීමය.

අපේ තත්වය අනෙකාට වඩා පහළ නම් අප පීඩා විඳී. ඔහු අභිබවා යන තරගයකට වැටී හැල්මේ දුවමින් දුක්විඳී

අපේ තත්වය අනෙකාට වඩා හොඳ නම්, අනෙකා කොයි මොහොතේ හෝ අප පසුකර යාවීදෝයි බයෙන් සැකෙන් වෙසෙයි. ඔහුට බාධක ඇති කරයි.

මේ අනෙකා යනු කවුද?

අනෙකා පිටසක්වළ ජීවියෙක් නොවේ. අනෙකා ඔබ හොඳින් දන්නා කෙනෙකි.
හෙතෙම, ඔබේ සහෝදරයකු විය හැකිය, ඥාතියෙකු විය හැකිය, අසල්වැසියකු විය හැකිය, රාජකාරි ස්ථානයේ කෙනෙකු හෝ මිතුරකු විය හැකිය.

ඔබ මේ තරග කරන්නේ ඔබ හොඳින්ම දන්නා අයකු සමගය.
සමහර විට ඔබ තරග නොකර තරග පිටියට ඔබ යවන්නේ ඔබේ දරුවන්වය. ඔවුන් කෙතරම් පීඩා වින්ඳද තරගයේ සිටිය යුතුය . කුමක් සඳහාද? ඔබේ සතුට සඳහා.

අවසානයේ මෙවන් අය සතුට නොලබාම නික්ම යති.

එසේ නම් සැබෑ සතුට ඇත්තේ කොතනද?

සැබෑ සතුට ඇත්තේ

  • සරල වීම තුළය. සංසිඳීම තුළය
  • යස ඉසුරු , නිල, බල, කීර්ති ප්‍රමාණය මේ ” ඇති ” කියා හිතන්නට ඇති හැකියාව තුළය
  • මේ මොහොතේ අත ඇති සම්පත් පිළිබඳව සෑහීමක් ඇතිවීම තුළය.
  • සීමිත සම්පත් බෙදාගැනීමේදී අන්‍යන්ටද ඉතුරු කරන්නට හැකිවීම තුළය
  • තමන්ට මෙන්ම අනෙකාටත් යහපතක්ම වේවා! කියා හිතන්නට ඇති හැකියාව තුළය
  • අන් අයට තමාට නැති ජයග්‍රහණ, යස ඉසුරු ලැබෙනු දකිද්දී හිත පුරා සතුටු වෙන්නට ඇති හැකියාව තුළය.
  • අවංකවීම තුළය. වරදක් පිළිගන්නට නිහතමානි වීම තුළය.
  • තමාගෙන් ලබාගත් උදව් නිසා තමාටත් වඩා ඉහළට ගොස් ඇති අය දෙස සතුටින් බැලීමට ඇති හැකියාව තුළය. ඉහළට ගිය අය එතැන සිට ඔබ නොතකා හැරියද එය සිනාවෙන් බාරගන්නට හැකියාව ඇති විටය
  • දැනුවත්ව කිසි දිනක කුරා කුහුඹුවකුටවත් හිංසා නොකළ බව හිතන්නට හැකිවිටය
  • ඉපයූ සෑම ධනයක්ම ඉතාම වෙහෙස මහන්සියෙන් සාධාරණව ඉපැයූ බව සිතන්නට හැකි විටය
  • ජීවිතය දුෂ්කර වී නම් උත්සහය අත නොහැර වීරිය වඩා ක්‍රියාකිරීම තුළය
  • අන් අයටද තමා මෙන්ම ආදරය, කරුණාව, ගෞරවය ලැබීමට අයිතියක් ඇති බව සිතා ඒ අයුරින් සැලකීම තුළය.
  • අන්‍යන්ගේ දුක සමග දුක්වීමට හැකිවීම තුළය. කිසිදු ලාබාපේක්ෂාවකින් තොරව ලෝකයට කරන උපකාර තුළය.
  • තමා මැරෙන කෙනෙක් බව සිතා සෑම මොහොතකම සතිමත්ව ගත කිරීම තුළය

සතුට ඇත්තේ අප තුළය. අපගේ ක්‍රියාකාරකම් හෘද ශාක්ෂ්‍යය සමග සමපාත වනවිටය.

අප තුළ මේ මොහොතේ සතුට උපදවන බීජයන් නැත්නම් මේ මොහොතේ හෝ සෙමින් සෙමින් එකින් එක හෝ රෝපණය කරගනිමු . එම බීජයන් පැළවී දළු දමා අතුපතර විහිදා සිතපුරා පැතිරෙද්දී වසරකට එක් දිනක් නොව සෑම දිනකම ඔබ සතුටින් සිටිනු ඇත.
සුන්දරම දෙය නම් මේ සතුට බෝවීමය.

සතුට බෝ වේවා!!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිර්වින්දන වෛද්‍යවරු නෑ… ගාල්ලේ රෝහලක සියලුම සැත්කම් ඇනහිටී…

Next Post

ඇෆ්ගනිස්ථානයේ අලුත් අවුරුදු සැමරුම් තහනම් වෙයි

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.