බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

අසාමාන්‍ය ලිංගික චර්යාවල මනෝ විද්‍යාත්මක ස්වරූප…

by editor
අගෝස්තු 17, 2021 - Updated on අගෝස්තු 18, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා 
එෂාමා කාරියකරවන

ලිංගික ආශය ගැන සාමාන්‍යයෙන් මං කතා කරන්නෙ නැති උනත් මේ දිනවල සමලිංගිකත්වය පිළිබඳවත් වෙනත් ලිංගික ආශයන් පිළිබඳවත් විවිධ මත පළවන නිසා යම් දෙයක් ඔබේ දැනුමට එකතු කරන්න හිතුවා.

සොබාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් වන ස්ත්‍රිය සහ පුරුෂයා එක්වීමෙන් මිනිස් ප්‍රජාව බෝවී වර්ධනය වෙන බව අප සැවොම දන්නා දෙයක්.

මේ බෝවීම සඳහා ස්ත්‍රියගේ ශරීරය තුළ හටගන්නා ඩිම්බ සෛලයක් පුරුෂ ශරීරය තුළ හටගත්නා ශුක්‍රාණු සෛලයක් හා එක්වීම හෙවත් සංසේචනය සිදුවිය යුතුයි. මේ එක්වීම සිදුවන්නේ ස්ත්‍රී ශරීරය තුළදීයි. ස්ත්‍රී ශරීරය තුළට ශුක්‍රාණුව ඇතුල් වන්නේ ලිංගික සංසර්ගය හෙවත් ප්‍රජනනය නම්වූ ක්‍රියාවලිය මගින්.

තම වර්ගයා බෝකිරීම සඳහා ස්ත්‍රීපුරුෂයන් අතර ප්‍රජනනය සිදුවිය යුතුයි. වර්තමානයේ විවිධ කෘතීම ක්‍රම මගින් මෙම සංසේවනය සිදුකළත් කළලය වර්ධනයට මව්කුසක් තිබිය යුතුයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම තම වර්ගයා බෝකිරීම ඉතා අත්‍යවශ්‍ය , වැදගත් කාර්‍යයක් වුවත් ඒ සඳහා වූ ලිංගික සංසර්ගය වෙහෙසකර වේදනාත්මක එකක් වූයේ නම් මේ සඳහා මානව වර්ගයාගේ පෙළඹීමක් සිදු නොවනු ඇත. එමනිසා සොබාදහම මේ වැදගත් කාර්‍යයට පෙළඹවීම සඳහා එම ක්‍රියාවලිය සතුට උපදවන කායික මානසික තෘප්තිමත් බවක් ඇතිවන අයුරින් ත්‍යාගයක් එකතුකර තිබේ. ඇත්ත වශයෙන්ම මිනිස් ශරීරය ලිංගික තෘප්තිය විඳීම සඳහා මනාව සකස් වූ පද්ධතියකි.

විවාහය යනු තම වර්ගයා බෝකිරීම පිණිස ස්ත්‍රියක් සහ පුරුෂයෙකුට අන් අයගේ බාධාකිරීම් වලින් තොරව නිදහසේ ලිංගික ජීවිතයක් ගත කිරීමට සමාජය දුන් නීතිමය අනුමැතියයි.

ඉඳින් මේ කියන ලිංගික තෘප්තිය ස්ත්‍රිපුරුෂ සම්භෝගයෙන් ඇතිවී එය සතුටින් විඳීමත් දරුවන් බිහිකිරීමත් සාමන්‍ය තත්වයකි.
එසේම ලිංගික තෘප්තිය ලැබීමට වැඩිහිටි සැමටම අයිතියක් ඇත.

සමාජය තුළ ඇති මතය නම් ලිංගික තෘප්තිය ලැබිය හැක්කේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර සිදුවන ලිංගික සංසර්ගයකින් පමණක් බවය.

එහෙත් සොබාදහම මිනිසාට එතරම් සරල ආකාරයෙන් සලකා නැති බව ලිංගික තෘප්තිය පිළිබඳ විමසා බැලීමේදී පෙනෙයි.

එක් එක් අයගේ ලිංගික තෘප්තිය ඇතිවන්නේ විවිධ නිමිති අරමුණු කරගෙනය

  • එය මේ ආකාරයෙනි
  • විරුද්ධ ලිංගිකයන් කෙරෙහි
  • සමාන ලිංගිකයන් කෙරෙහි
  • කුඩා දරුවන් කෙරෙහි
  • මෘතදේහ කෙරෙහි
  • සතුන් කෙරෙහි
  • අනුන්ගේ ලිංගික ක්‍රියා දෙස බලාසිටීමෙන්
  • තමන්ගේ ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමෙන්
  • කාන්තා යට ඇඳුම් සමග කරන ලිංගික ක්‍රියා

සහකරුගේ සහකාරියගේ ලිංගික ඉන්ද්‍රියන්‍ට වදදීමෙන්, තුවාල සිදුකිරීමෙන් හෝ තමාගේම ඉන්ද්‍රියන්ට වධ දීම හෝ තුවාල කිරීමෙන් ලබන තෘප්තිය

ආදී වශයෙනි.

මෙසේ සිදුවන්නේ අපගේ දේහ හා ජීව විද්‍යාත්මක් ක්‍රියාවලියේ සිදුවන අසාමාන්‍ය තත්ත්ව හේතුවෙනි. ස්ත්‍රී පුරුෂ ලිංගික චර්‍යා හැර අනෙකුත් ලිංගික චර්‍යා අසාමාන්‍ය ලිංගික චර්‍යා ලෙස මනෝවිද්‍යාව තුළ හැඳින්වෙයි.

මේවා විකෘති ලෙස හඳුන්වනවාට වඩා අසාමාන්‍යතාවන් ලෙස හැඳින්වීම මනෝවිද්‍යාව තුළ පිළිගැනේ.

මෙහි ඇති සමාන ලිංගික ආකර්ශනය මනෝවිද්‍යාව තුළ විකෘතියක් හෝ රෝගයක් ලෙස පිළිනොගනී. එය මොළයේ සිදුවන ව්‍යූහාත්මක වෙනසක් නිසා ඇතිවූවක් බැවින් පුද්ගලයා එයට වැරදිකාරයකු කිරීම නිවැරදි නොවන බව මනෝවිද්‍යාව පවසයි.

නමුත් එම සමාන ලිංගිකයන් තමා වැනි වූ සමාන ලිංගිකයන් තෝරා නොගෙන සමලිංගිකත්වය කෙරෙහි ආකර්ශනයක් නැති අනෙකුත් පුද්ගලයන්, දරුවන් තම අභිමතාර්ථ වෙනුවෙන් බලහත්කාරයෙන් හෝ රැවටීමන් හෝ යොදාගැනීම නීතිය ඉදිරියේ වරදක් වෙයි. එම වරද සමලිංගිකයන් අතින් පමණක් නොව විෂම ලිංගිකයන් අතින් සිදුවුවද ඒ සිදුවීම නීතිය ඉදිරියේ වරදකි.

මෙහිදී අප තේරුම් ගත යුතු කරුණ නම් ඉහත කී යම් ලිංගික නැඹුරුවීමක් ඇතිවීම සඳහා කිසියම් පුද්ගලයෙකුගේ දේහ විද්‍යාත්මක හා ජීවවිද්‍යාත්මක සංදර්භ නිමාවී ඇත්නම් ඔහුට ඒ ක්‍රමයෙන් හැර වෙනත් ආකාරයකින් ලිංගික තෘප්තියක් ලැබිය නොහැකි බවයි. සමාජ සම්මතය ඉදිරියේ ගරුකටයුතු අන්දමින් ජීවත්වීමට විවාහයක් සිදුකරගන්නා සමහරු රහසින් ඔවුන්ගේ මේ අසාමන්‍ය ලිංගික තෘප්තිය සොයා යයි.

නිදසුන් ලෙස තම ලිංගික අවයව ප්‍රදර්ශනය කරන පුද්ගලයන් ලිංගිකව තෘප්තිමත් වන්නේ එසේ ප්‍රදර්ශනය කිරීමෙනි. එය දකින කාන්තාවන් බියවී කෑ ගසමින් පළා යෑම ඔහුගේ ලිංගික තෘප්තිය සම්පුර්ණ කරනු ලබයි.

මදක් සිතන්න. බොහෝ මිනිස්සු ඉතාම සුවපහසු ලෙස ප්‍රීතිමත් ආකාරයෙන් ලබන ලිංගික තෘප්තිය ලබාගන්නට ඔවුන්ට සිදුවී ඇති කර්කශ ස්වභාවය කෙතරම් දුක්මුසු තත්වයක් ජීවිතයට ගෙන දෙන්නේද යනවග. එසේම යම් අවස්ථාවල අවමානයට , හිංසනයට ගොදුරුවන්නේද යනවග.

එසේම පුංචි දරුවන් කෙරෙහි ඇතිවන ලිංගික ආශාවන් සහිත පුද්ගලයන්ගේ සහ අන් අයගේ ලිංගික ක්‍රියාවලි දෙස බලාසිටින පුද්ගලයන්ගේ තත්වයන්ද එසේමය. විෂබීජ කන්දරාවක් මුදාහරින මෘතදේහ සමග සංසර්ගයේ යෙදෙන මිනිස්සු ගැන සමාජ ධර්මතා අනුව සිතනවිට අපට ඇතිවන හැඟීම් කෙසේද?

එසේම මෙහි තවත් වැදගත් කරුණක් නම් මෙම තත්වය ශරීරයේ ඇතිවන අසාමාන්‍යතාවය හැරුණුකොට තවත් ආකාරයකින්ද පුද්ගලයන්ට ඇතිවිය හැකි බවයි.
එනම්, කුඩා කාලයේ ලිංගික අපයෝජනයෙන් දිගින් දිගට පිඩා ලැබූ දරුවන්, සමලිංගිකයන්ගේ ගොදුරු බවට පත්වූ දරුවන්,
නැරඹුම් කාමයන්ට ගොදුරු කරගත් දරුවන් ආදී ලෙසින් කුඩා කළ විඳි ලිංගික අත්දැකීම් නිසා වැඩිහිටි වියේදී එබඳු ක්‍රියාවන්ට ගොදුරු වීමේ මෙන්ම අන් අයව ගොදුරු කර ගැනීමේ ප්‍රවණතාවන් ද ඇති බවයි.

මෙහිදී කිසියම් අයෙකුට මෙවන් අසාමාන්‍ය ලක්ෂයන් ඇත්නම් , ඒවාට අකමැත්තෙන් ගොදුරු වී ඉන් මිදීමේ උවමනාව ඇත්නම් ඔවුන් හමුවිය යුත්තේ විශේෂඥ මනෝ වෛද්‍යවරුයෙකි. මන්ද, ලිංගිකත්වය , ලිංගික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මානසික වූවක් බැවිණි.

එසේම සදාචාරසම්පන්න සමාජයක් පවත්වාගෙන යෑම සඳහා පුද්ගලයාගෙන් කවරාකරයේ හෝ නීතියට පටහැනිව සිදුවන ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ. එය අන් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රැකදීම සඳහා අත්‍යවශ්‍ය වේ.

එමනිසා තමන්ගේ ලිංගික ආශයන් සඟවාගෙන ජීවත් වෙමින් රහසේ ඒවා ක්‍රියාත්මක කරමින් තෘප්තිමත් වන පුද්ගලයෝ සමාජයේ වෙසෙති. කෙසේ වුවත් එවන් පුද්ගලයන්ට පහරදීම, අනතුරුකිරීම ආදී ක්‍රියාවන්ට නොයා මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් නීතියට හෝ මනෝ ප්‍රතිකාර වලට යොමුකිරීමෙන් ඔහුටත් සමාජයටත් සිදුවන්නේ යහපතකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැන් එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය කරන්න බෑ.. විශේෂඥ වෛද්‍යවරු කියති

Next Post

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ සුනඛයින් 15ක් වස එන්නත් කර මරලා…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.