fbpx
සඳුදා, දෙසැම්බර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

නින්ද දරුවාගේ අයිතිවාසිකමකි.

editor by editor
ජූනි 7, 2020
in විනිවිද
0
Share on FacebookShare on Twitter

මනෝ උපදේශනයට යොමු කරන බොහෝ දරුවන්ගෙන් ප්‍රකට වන ලක්ෂණයක් නම් ඔවුන්ගේ නින්ද ක්‍රමවත් නොවූ බවයි. විශේෂයෙන් දරුවන් බොහෝ රෑබෝවන තුරු අවධියෙන් පසුවීම නිසා උදෑසනින් අවදිවීම අසීරු වී ඇති බවයි. රූපවාහිනිය නැරඹීම, පරිගණක ක්‍රීඩා ආදියට යොමුවී නින්දට යෑම පමා කරවන දරුවන් කෙරෙන් දැඩි වෙහෙසකර බව සහ නිතර කෝපවන ලක්ෂණය දකින්නට ලැබුණී. එසේම පාසැලෙන් ටියුෂන් පංතියෙන් ලැබෙන ගෙදර වැඩ ප්‍රමාණය අධික වීමෙන් නින්දට යෑමට පමාවන දරුවන්ද මේ තත්වයේම පසුවිය. මේ පිළිබඳව මව්පියන් සේම ගුරුවරුන්ද මනා අවධානයක් යොමු කළයුතු වෙයි.

දරුවකුගේ ජීවිතයේ කායික මානසික සහ ප්‍රජානන සංවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වූ සාධකයකි නින්ද. බිළිඳු අවධියේ දවසින් වැඩි කොටසක් නිදා ගන්නා බිළිඳා වයසින් වැඩෙත්ම නිදාගන්නා ප්‍රමාණය අඩු කරයි. එහෙත් ළමා අවධියේදීද ඔහුට සැළකිය යුතු නින්දක් අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් ළමා වයසේදී දරුවකුට එක දිගට පැය අටක නින්දක් අවශ්‍යය වෙයි.. අධ්‍යාපනය, ක්‍රීඩාව, වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලින් දිවා කාලයේ ක්‍රියාශීලී වන දරුවාගේ කායික මානසික විවේකයට මෙම නින්ද උපකාරී වෙයි. ශරීරයේ ගෙවී ගිය සෛළ නැවත අළුත්වැඩියා වීමටද නින්ද අවශ්‍ය වෙයි. ප්‍රමාණවත් තරමින් සුවදායි නින්දක් ලැබූ දරුවා එසේ නොලැබූ දරුවාට වඩා ප්‍රාණවත්ය, ප්‍රියමනාපය , ක්‍රියාවෙහි කඩිසරය. කඩින් කඩ නිදා ගැනීම හෝ බොහෝ රෑ බෝවී නිදා ගැනීම දරුවකුට නුසුදුය.

RelatedPosts

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

 අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

කළුතර දැරියට ගේ මරණයට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?

සමහර දරුවන් පාසැල් ගොස් පැමිණි පසු දහවල් ආහාරය ගෙන නින්දට යයි. ඉන්පසු සවස් වී අවදි වී මධ්‍යම රාත්‍රිය වන තෙක් රූපවාහිනී නැරඹීම, පරිගණක ක්‍රීඩා ආදියෙහි නිරතවන බැව් වැඩිහිටියෝ පවසති. මෙය එතරම් හොඳ දෙයක් නොවේ. එවිට ඔවුහු පසුදා උදෑසන අවදිවීමට මැළිකමක් දක්වති. ශරීරයට කෙඩෙත්තු ගතියක් ඇතිවෙයි. එවිට නුරුස්සනා හැඟීම් ඇතිවී මව්පියන් හා ගැටෙයි. මේ තත්වය ඇති නොවීමට මව්පියන් වග බලා ගත යුතු වෙයි. අඩුම තරමේ වයස අවුරුදු දහයට අඩු දරුවන් රාත්‍රී නවය වන විටවත් නින්දට යා යුතුය. දහවල් නිදා ගැනීමට ඉඩ හරින්නේ නම් පැයකට වඩා වේලාව දික් නොකළ යුතු වන අතර එම නින්ද අඳුර වැටෙන්නට ආසන්නයේ ලබා නොදිය යුතුය.

හොඳම දෙය නම් පාසැල ඇරී පැමිණ ඇඟපත සෝදා පිරිසිදු වී දිවා ආහාරය ගන්නට ඉඩදීමයි. ඉන්පසු පාසැලෙන් නිවසේදී කරන්නට ලබාදී ඇති ගෙදර වැඩ කරන්නට ඉඩදී ඒවා අවසන් වූ පසු ක්‍රීඩා කරන්නට ඉඩදීමය. අඳුර වැටුණ පසු ඉක්මනින් රාත්‍රී ආහාරය ලබාදී  වේලාසනින්  නින්දට යැවීම වඩා සුදුසු ක්‍රමයයි.. නමුත් සමහර මව්වරුන් ඔවුන් නරඹන රූපවාහිනී වැඩ සටහන් හමාර වූ පසු නිවසේ ඉවුම් පිහුම් කිරීම, දරුවන්ට රාත්‍රී ආහාර ලබාදීම සිදු කරන බව උපදේශනයේදී මා අත්දකින දෙයකි. එවිට දරුවන් නිදි කිරමින් මව්වරුන් වටා කරකැවෙමින් හෝ මව්වරුන් නරඹන ටෙලි නාට්‍ය නරඹමින් හෝ කාලය ගත කරයි. මෙයින් දෙයාකාරයක අයහපතක් දරුවාට සිදුවෙයි. එකක් ඔහුගේ නින්ද ප්‍රමාණවත් හා සුවදායක ලෙස නොලැබීමය. අනෙක් කාරණය දරුවන්ට කිසිදු ආකාරයේ ආදර්ශයක්, පෞරුෂ සහ ආකල්ප සංවර්ධනයක් සිදු නොකරන අවර ගණයේ කතා ඔහුගේ මනසට කාන්දු වීමය.

එක්තරා විදුහලක ගුරු මහත්මියක් මා හා පැවසුවේ එම විද්‍යාලයේ හය හත ශ්‍රේණි වල දැරියන් පෙම් සබඳතා ඇතිකර ගැනීම නිසා බරපතළ ගැටලුවකට ගුරුවරුන් මුහුණ දී ඇති බවයි. එසේම මේ දරුවන් ලියන්නා වූ පෙම් හසුන් වල අඩංගු කාරණ කිසිසේත් තාත්වික නොවූ සිහින හෝ මායාවන් බවයි. එම ලියුම් වල අඩංගු බොහෝ වදන් ටෙලි නාට්‍ය වල අඩංගු දෙබස් බවද විදුහල්පතිතුමිය පැවසුවාය.

මේ පිළිබඳව සැලකිලිමත් වීම මව්පියන්ගේ දැඩි වගකීමකි. එසේම ටෙලි නාට්‍ය බලන්නට ඉඩ නොදෙන සමහර මව්පියෝ කාටූන් සහ වීඩියෝ ක්‍රීඩා වරදක් නැතැයි සිතති. එහෙත් වර්තමානයේ අප රටේ විකාශනය වන කාටූන් දරුවන්ගේ යහගුණ සංවර්ධනයට සදාචාර සංවර්ධනයට කිසිසේත්ම ගුණාත්මක දායකත්වයක් නොදෙන අතර සමහර කාටූන්වල භාෂා හැසිරවීම ඉතා පහත් මට්ටමක පවතී. මේවා පිළිබඳ වගකිවයුතු පුද්ගලයන් සැලකිලිමත් නොවන බැවින් තනි තනිව හෝ මව්පියන් තම දරුවන් මේවායින් රැක ගත යුතුව ඇත. මැරීම්, කෙටීම්, භයානක අවිආයුධ පරිහරණය කිරීම් අනෙකාට හිංසා පීඩා කිරීම්, වංචා කපටිකම් කිරීම්, රැවටීම, සුරාපානය, දුම් පානය මෙම කාටූන් වල බහුලය. අප බොහෝ වැර වෑයම් කර කැපවීම් කර හදාවඩා ගන්නා දරුවන් අපේ අනුමැතියෙන් නරඹන්නේ මේවා නම් අනාගතයේ ඔහු කෙරෙන් අපට දකින්නට ලැබෙන්නේ කවර අන්දමේ වැඩිහිටියෙක් දැයි ඔබ සිතා බලා තිබේද?

තම දරුවන් රූපවාහිනියෙන් ඈත්කරගැනීමට අවශ්‍ය වූ එක්තරා මවක් මගෙන් එයට පිළියමක් විමසූ අවස්ථාවේ මා ඇයට දුන් උපදෙස නම් “පළමුව  ඔබ රූපවාහිනියෙන් ඈත්වන්න“ යනුවෙනි. අප රූපවාහිනියට නිවසේ මුල්තැනක් දීම දරුවන් ඊට ග්‍රහණය වීමට හේතුවකි.

එසේම උදෑසන පාසැල් එනවිටත් සවස පාසැල ඇරී නිවසට යනවිටත් පාසැල් වෑන් රථය තුළ නිදා ගන්නා කුඩා දරුදැරියන් ඕනෑ තරම් දැකිය හැකිය. බොහෝ දුර බැහැර සිට පාසැල වෙත එන මේ දරුවන්ගෙන් සමහරක් වෑන් රථයට ගොඩ වන්නේ පාන්දර පහ පහමාරට පමණය. ඒ වේලාවට වෑන් රථයට ගොඩවීමට ඔවුන් හතරහමාරට පමණවත් අවදිවිය යුතුය. මේ දරුවන් නිවසට යන විට සවස හතර පමණ වෙයි. සිතා බලන්න මේ දරුවන්ගේ තත්වය කෙතරම් ශෝචනීයද යනවග. අඩුම තරමේ ප්‍රාථමික අධ්‍යාපනයවත් නිවස ආසන්නයේ පාසැලකින් දරුවකුට ලබාදීමට මව්පියන්ට හැකි නම් එය දරුවා වෙනුවෙන් කරන උපකාරයකි. මේ දරුවෝ අවශ්‍ය සුව නින්දක් නොලබති. බොහෝ පාසැල් වෑන්රථ කිසිදු පහසුකමක් නැති වෑන්රථයේ ඉඩ ප්‍රමාණයට වඩා දරුවන් පටවාගෙන යන අබලන් වාහන වේ. සමහර වෑන්රථ වල වාතාශ්‍රය අවමය. එබඳු රථවලදී පවා දරුවන් නිදාගන්නේ ඔවුන් වෙහෙසට පත්වීම හේතුවෙනි. ලැබී ඇති නින්ද ප්‍රමාණවත් නොවූ බැවිණි.

එබැවින් බුද්ධිමත් මවිපියෝ දරුවාගේ ජීවිතය සමබර පෞරුෂයකින් හෙබිවීම සදහා අධ්‍යාපනය , ක්‍රීඩාව සහ නින්ද පිළිබදව සමානව සැලකිළීමත් වෙති. විශේෂයෙන් කිසියම් ප්‍රමාණයකින් දරුවාගේ ජීවිතය සකස් කරති. සැලසුමකට අනුගත කරති. ඔහුගේ වැඩකටයුතු වලට කාල වේලාවක් වෙන්කරදී ඒ ඒ වේලාවන්ට ඒ ඒ ක්‍රියාකාරකමෙහි යොදවති. නින්දත් ඒ කාලසටහනේ එක් ප්‍රධාන වැදගත් කොටසක් බව දැන නිසි වේලාවට දරුවන් නින්දට යවති.

 

 

 

 

Tags: නවතම
Share76Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

කොවිඩ්-19 ඡන්ද පෙරහුරුව මැකොසගේ ගමේ දැන් පැවැත්වෙයි

Next Post

රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

RelatedPosts

කංසා  දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින්  සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…
විනිවිද

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

මැයි 29, 2023
 අනාගත  වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන   අම්මලා තාත්තලා!  
විනිවිද

 අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

මැයි 21, 2023
කළුතර දැරියට ගේ මරණයට  සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?
විනිවිද

කළුතර දැරියට ගේ මරණයට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?

මැයි 11, 2023
Next Post
රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5297 shares
    Share 2119 Tweet 1324
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    187 shares
    Share 75 Tweet 47
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    804 shares
    Share 322 Tweet 201
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    373 shares
    Share 149 Tweet 93
  • වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

    235 shares
    Share 94 Tweet 59
  • රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

by editor
දෙසැම්බර් 4, 2023
0

Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

by editor
දෙසැම්බර් 4, 2023
0

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන  ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

නවතම ලිපි

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි  02ක් ගලවා ගත් මෙහෙයුම….

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

by editor
දෙසැම්බර් 4, 2023
0

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

by editor
දෙසැම්බර් 4, 2023
0

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
0

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

දෙසැම්බර් 4, 2023
Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

දෙසැම්බර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  •  ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!
  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!
  • ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.