බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

ඒ පුවත්පත් ටොයිලට් පේපර් වගේ... පුලුවන්නම් 2005 දි එල්.ටී.ටී.ඊය එක්ක දාපු ඩීල් හෙළි කරන්න...

by editor
ජූනි 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2005 වසරේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වන ආකාරයෙන් කටයුතු කිරීමට  එල්.ටී.ටී.ඊ සංවිධානයට අල්ලස් ලබා දීම පිළිබඳව සියලු දේ හැකි නම් වහා හෙළි කරන්නැයි තමා මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වලට අභියෝග කරන බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි. මෙම පුවත්පත් කිසිදු අවස්ථාවක ජනතාව වෙනුවෙන් සත්‍යය ලිවීමේ පුරුද්දක් නොමැති බවත් විවිධ අර්බුද නිර්මාණය කිරීමට පමණක් ඔවුන් තම පෑන භාවිත කරන මේ පුවත් පත් වැසිකිලි යාමෙන්  අනතුරුව පසුපස ප්‍රෙද්ශය පිසීමට පමණක් සුදුසු බව  මහාචාර්ය හූල්, විදියල් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් පවසයි.

මහාචාර්ය හූල් පවසන්නේ තම දියණිය සාර්ථක ව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ බවට සහතිකයක් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව ලබා දී තිබියදී  දියණිය නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ නොකළ බව පවසමින්අසත්‍ය පුවතක් මෙම පුවත්පත් පළ කළ බවයි. මෙම පුවත නිවැරදි කිරීමට තමන් පුවත් පත් සමාගමට කතා කළ මොහොතේ එම ප්‍රවෘත්තිය ආයතනයේ සභාපතිවරයා විසින්  මෙම පුවත සැපයු බැවින් එය නිවැරදි කිරීමට තමන්ටකළ නොහැකි බව පුවත් පතේ කර්තෘවරයා පැවසූ බව පවසන මහාචාර්ය හූල් එම පුවත් පත් ආයතනයේ තත්ත්වය  එවැන්නක් බව ද ප්‍රකාශ කොට තිබේ.

“මේක කිළිටි පත්තරයක්. ඒක සුදුසු ටොයිලට් පේපර් එකක ට පමණක් යයි  මම යළි යළිත් කියනවා.

පසුගිය දිනවල මතභේදයට ලක් වූ ඩෑන් ටීවී රූපවාහිනි නාළිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවද විකෘතිකොට පළ කර ඇති බව සඳහන් කළ මහාචාර්ය හූල් විදියල් වෙබ් අඩවියට මෙසේ ද පවසා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මම ඩෑන් ටීවී එකට දුන් සාකච්ඡාවේදී කිවේ ජනතාවට බොරු කරන අය ට ඡන්දය දෙන්න එපා කියලයි. එය මාර්තු 12 ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියක්. මත් කුඩු ජාවාරම් කරන මත් ජාවාරම්  කරන ගණිකා ව්‍යාපරය කරන අයට ඡන්දය දෙන්න එපා කියල. ඒ ප්‍රතිපත්ති මැතිවරණ කොමිසමත් අනුමත කළා. සෙසු දේශපාලන පක්ෂ සහ මහජනතාවද එකසේ අනුමත කළා. මම යළිත් ඒ ගැන මතක් කළා. මම කීවේ නරක මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කියලයි. අනෙක මම කිව්ව කියල සිංහල භාෂාව කසලයි කියල.එය වැරදියි . මට සිංහල කියවන්න  බැහැ. මම කීවේ ඔවුන් සිංහලෙන් ලියන කසල දේවල් කියවන්න බැහැ කියල විතරයි. නමුත් ඔවුන් මා කෙරෙහි වෛරය උපදවන අකාරයට එය පළ කර තිබුණා. මම තවදුරටත් කිව්ව මව්බිම හෝ සිලොන් ටුඩේ පත්තර යම් පුද්ගලයකුට ඡන්දය දෙන්න කියල අනුමත කරනවා නම් ඒ බොහෝ විට නරක නුසුදුසු ඡන්ද අපේක්ෂකයෙක් විය හැකියි. ඔවුන්ට නම් ඡන්දය දෙන්න එපා කියල.

Tags: නවතම
Share96Tweet43
Previous Post

නින්ද දරුවාගේ අයිතිවාසිකමකි.

Next Post

කොවිඩ්-19 මෙල්ල කරන්න කහ, කොහොඹ, ගම්මිරිස් සහ අමුක්කරා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.