බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

by editor
මැයි 29, 2023
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන  
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

සති තුනකට පෙර සිට උපදේශනයට පැමිණි ගැටවර වයසේ පිරිමි දරුවන් තිදෙනෙකුම ගංජා භාවිතයට යොමු වී සිටීම හද පාරවන තරම් විය.

ඔවුන්ගෙන් දෙදෙනෙකු , අද(29) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

ඔවුන් තිදෙනාම මා හට කියා සිටියේ ගංජා භාවිතයෙන් කිසිම නරකක් සිදු නොවන බවයි. එය ඖෂධයකි.
වෙන රටවල තහනමක් නොවූ දෙයකි. යනුවෙනුයි.

එහෙත් ඔවුන් තිදෙනාට

  • – නිදිබර ගතිය
  • – අමතක වීම
  • – ආහාරයෙහි ප්‍රිය නැති බව
  • – අවධානය යොමු කළ නොහැකි බව
  • – නුරුස්සන බව
  • – අපිළිවෙල
  • – කම්මැලි බව
  • – පාඩම් කිරීමට අපහසු බව

පැවතුනි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ ලක්ෂණ ගංජා ගැනීමට පෙර නොතිබුණු අතර ඔවුහු හොඳින් ඉගෙනීමේ කටයුතු කළ දරුවෝ වූහ. එක් අයෙක් පිහිනුම් ශූරයෙක් විය.

උපදේශන සැසි දෙකකින් පසු තිදෙනාම එක්ව ගෙන සමූහ උපදේශනයකට යොමු කළෙමි.

ඖෂධ ප්‍රතිකාර සහ උපදේශන මගපෙන්වීම යටතේ විභාග අපේක්ෂකයන් දෙදෙනා විසින් විභාගය අවසන් වනතුරු මෙයින් වැළකී සිටීමට සහය ඉල්ලා සිටියේය. ඔවුන් ඉල්ලා සිටියේ ඔවුන්ව තනි නොකරන ලෙසයි.

ඔවුන්ගේ මව්වරු එම කාලය මුලුල්ලේ ඔවුන් සමග සිටීමට එකඟ වූහ . දරුවෝ ද මව්වරුන් එසේ සිටීම ගැන කැමති වූහ.
යන එන ගමන් බිමන් හිඳිනා තැන් සියල්ලම මව්වරු සමග යෑමට එකඟ වූහ. දරුවන්ගෙන් මා ඉල්ලා සිටියේ මේ කෙටි කාලයේ වටිනාකම තේරුම් ගෙන තමන්ටම අවංක වී හැකි තරම් අධ්‍යාපන කටයුතුවල නිරත වී හොඳින් විභාගයට මුහුණ දෙන ලෙසයි.

මව්පියන්ට මා දුන් අවවාදය නම් දරුවාට අනවශ්‍ය ලෙස අවවාද දීම, අතීත ක්‍රියා ඇදගෙන ආඩපාලි කීම, සැකයෙන් බැලීම නවතා, ආදරය පෙරදැරි කරගනිමින් ඔහු විශ්වාස කරන බව අඟවමින් ඉවසීමෙන් සිටින ලෙසයි.

හදිසියේ හෝ කිසියම් අන්දමකින් ඔවුන් නැවත ඒවා භාවිතා කරන්නට යෙදුනහොත් මා දැනුවත් කරන ලෙසයි. හොඳින් ආහාර පාන ලබාදී හොඳ නින්දක් ලබා ගන්නට ඉඩකඩ ලබා දෙන ලෙසයි.

දවස් ගෙවි ගොස් අවසානය. මේ දක්වා ඔවුන් හැකිතරම් උත්සහයෙන් අද පටන් ගන්නා විභාගයට මුහුන දෙන්නට වී ඇත.
ඔවුන් ඇතුළු දැයේ සියලු විභාග අපේක්ෂකයන්ට උසස් ප්‍රථිඵල ප්‍රාර්ථනය කරමි.

දෙයක් කියමි.
ඔබ ගංජා හෝ කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම් මේ ඉල්ලීම ඔබගෙනි.

ඔබට එය අතහැරීමේ අදහසක් ඇත්නම් , එයට උපකාර විය හැකි ආයතන බොහෝ ඇත.
ඔබට එය අතහැරීමේ අදහසක් නැත්නම් එය කරගෙන යන්න.
එහෙත් කිසිදිනක ඔබේ මිතුරන්ට ඒවා ගැනීමට පෙළඹවීමෙන් වැළකී සිටිමින්, හොඳ මිතුරකු වන්න.

ඔබ නිසා මත්ද්‍රව්‍යවලට පෙළඹුනු දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් විඳින දුක් පීඩාවල වග උත්තරකරුවකු නොවන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානය සමග එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

Next Post

ඊයේ වැස්සට සේදුනු IPL අවසන් මහා තරගය අද හවස 7.30ට….

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.