බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ඉල්ලූ දේ නොලැබුනොත් ගෙදර යකා නටන නිසා උපදේශනයට ගෙනා පුංචි එකා….

by editor
නොවැම්බර් 28, 2022
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන

සති දෙකකට පෙර වයස අවූරුදු හතරක සිඟිති දරුවා උපදේශනයට ගෙන ඒම ගැන මම පුදුම නොවෙමි.

සමාජය තවමත් උපදේශනය කුමක්දැයි දැනගනිමින් සිටියි.

මව මගෙන් බලාපොරොත්තු වූ උපදේශනය දරුවාට නොලැබුණි. එහෙත් මවට මගපෙන්වීමක් කළෙමි.

දරුවාගේ ගැටලුව ඔහුට අවශ්‍ය යමක් වෙතොත් එය අනිවාර්යයෙන් ඔහුට ලැබිය යුතුවීමය. එය නොදුනහොත් එය ලබාදෙන තෙක් පෙරළෙමින් නිවස දෙවනත් කරමින් හැඬීමය. අතට හසුවන දේ විසිකිරීමය. කඩා දැමීමය.

දරුවා යමක් ඉල්ලූ විට මෙම මවපියන් මුලදී ” බැහැ'” යනුවෙන් පවසයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එවිට දරුවා ඉහත කී අයුරින් හැසිරෙයි. ඔහුගේ කෑගැසීම දරාගන්නට බැරි තැන මව්පියන් ආච්චී සීයා වහාම ඔහු ඉල්ලූ දේ සපයයි.

දැන් දැන් ඔහුගේ ඉල්ලීම් වැඩිවෙමින් ඇත.

ඔබ සිතන්නේ කුමක්ද?

දරුවා එසේ හැසිරී තම අවශ්‍යතාව ලබාගැනීමට ඉගෙනගත්තේ කෙසේද? කාගෙන්ද?.

ඔහු එය උගත්තේ වැඩිහිටියන්ගෙනි. ඔහු ඉල්ලූ දේ ලබා දීමට මුලදී එකඟ නොවී ඔහු කෑගසා, අඬා පෙරළී කලබල කළ පසු  දෙන්නට “බැහැ” කියූ දේ මව්පියන් ලබා දීමෙන් සිදුවූයේ දරුවා තමාට අවශ්‍ය දේ ලබාගැනීමට කුමක් කළ යුතුදැයි ඉගෙන ගැනීමය.

දරුවා කරන කෑගැසීම බඩු පෙරළීම අසල්වැසියන්ට කරදරයැකැයි සිතා  මව්පියන් ඔහුගේ ඉල්ලීම සැපිරීමය.

මෙයින් සිදුවන්නේ කුමක්ද?

දරුවා වැඩෙන විට ඔහු ඉල්ලන දේවල් සංකීර්ණ වීමය.  බැරෑරුම් වීමය. එය නොදී සිටිනවිට, එය ලබාගන්නට යොවුන් දරුවා අනුගමනය කරන පියවරයන්ද බැරෑරුම් සංකීර්ණ ඒවා වීමය. සමහරු මව්පියන්ට පහරදීමටද පෙළඹෙති.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?

දරුවා ඉල්ලූ සැනින් “බැහැ” නොකියා දීමද?

කිසිසේත් නැත.

ඔබ කළයුත්තේ, දරුවා ඉල්ලන දේ දරුවාට අවශ්‍යදැයි මුලදී තීරණය කිරීමය. එය ලබා දියහැකි වත්කමක් ඔබට ඇත්දැයි තීරණය කිරීමය.

ඔබ එය දෙන්නට තීරණය කළහොත් එය දෙන බව කියන්න. නමුත් එසැනින් නොදෙන්න.

ඔහුට ඒ වෙනුවෙන් බලා සිටීමට උගන්වන්න.

“හෙට දෙන්නම්”

“ලබන සතියේ දෙන්නම්”

“නත්තලට දෙන්නම්”

ආදී වශයෙන් දෙන දිනය පොරොන්දු වෙන්න. ඒ කියන දිනට එය ලබා දෙන්න. ඔබේ වත්කමේ හැටියට භාණ්ඩය වෙනස් විය හැකි බව ඔහුට ඒත්තු ගන්වා ඔහු එකඟ කරවා ගන්න.

නමුත් ඔහු අවශ්‍ය නැති දෙයක් ඉල්ලන්නේ නම්, එය නොදෙන බව කියන්න.

නිවසේ සියලු වැඩිහිටියන් නොදෙන බව එක තීරණයක ඉන්න.

දරුවා හැඬුවොත් හඬන්න අරින්න. හැඬීම ගැන බිය නොවන්න. ඔහුගේ සෙල්ලම් බඩු කෝපයෙන් කඩා දැමුවොත් නැවත ඒවා රැගෙන නොදෙන්න.

මෙමගින් දරුවා , හැඬූ පමණින් සියල්ල නොලැබෙන බව ඉගෙන ගනී. ඔහුම හැඬීම නවතාවි.

ඔබ ඔහුට හඬන්නට පුරුදු කර ඇත්නම් මේ හැඬීම වරක් දෙවරක් තෙවරක් සිවුවරක් විවිධ දේ අරබයා කරනු ඇත. එහෙත් ඔබ “නොදෙමියි” ඍජු තීරණයක සිටියහොත් ඔහුට හැඬීමෙන් පලක් නැති බව වැටහී , ඉල්ලූ පමණින් හැඬූ පමණින් සියල්ල නොලැබෙන බව තේරුම් ගනීවි.

බලා හිඳීමට පුරුදු වේවි. මව්පියන් අවශ්‍ය දේ දෙන බවට සහ අනවශ්‍ය දේ නොදෙන බවට විශ්වාසය ඇතිවෙයි.

යෞවනයේදී, ගැටවර වියේදී ඔබට මුහුණ පෑමට සිදුවන බොහෝ කරදර අවම වේවි.

දිනක් සාප්පු සංකීරණයකදී යමක් ඉල්ලා බිම වැටී අඬන විදේශික කුඩා දරුවෙක් දුටිමි. ඔහුගේ මව ඒ හැඬීම සතපහකට මායිම් නොකර ඇයට අවශ්‍ය දේ මිළට ගෙන ඔහුට ආපසු යෑමට කතා කරද්දී දරුවා බිම හිඳගෙන ඇයට එකඟ නොවී සිටියේය. මව දරුවා දමා සාප්පුවෙන් එළියට නිසොල්මනේ යන්නට ගියාය. ආපසු හැරී දරුවා දෙස නොබලා ඇය ඉදිරියට ගියාය. ඇය යන දෙස බලා සිටි දරුවා වහාම හැඬීම නවතා  මුහුණ පිස දමමින් දිවගොස් මවගේ අතේ එල්ලුනේය.

ඉල්ලූ සෑම දෙයම විමසා නොබලා ලබාදීමෙන් ඔබ පෙන්වන්නේ ආදරයට වඩා සතුරුකමක් බව තේරුම් ගෙන දරුවාට යහපතක් වන දේම සිදු කරන්න.

ඔවුන් ජීවිතය උගත යුත්තේ ඔබගෙනි.

උපදේශනයට ගෙන ආ දරුවාට ඒ නිවසේ වැඩිහිටියෝ දැන් ජීවිතය කියාදීම අරඹා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අවුරුද්දේ මුල් කාර්තුව තුළ පමණක් වන සතුන් නිසා රුපියල් බිලියන 30ක ආහාර භෝග හානි වෙලා! 

Next Post

පාස්කු විමර්ශනයේ සැකකරුවෙක් මට්ටක්කුලියේ දී කපා කොටා ඝාතනය කරයි!

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.