බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ලෝකයේ පැහැසර හෙට දවස වනසන ළමා අපයෝජනය

by editor
අගෝස්තු 8, 2021
in විනිවිද
Child
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා.

මේ දිනවල සමාජය තුළ දරුවන් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන කතාබහ තරම් සුබදායක නැත. දරුවකුගේ වටිනාකම මකාදමන අනාගතය සඳහා පෞරුෂවත් දරුවකු බිහිවීමට ඇති ඉඩකඩ අහුරා දමන අනිසි වැඩකටයුතු වැඩිහිටි සමාජය අතින් දරුවන්ට සිදුවන බව ප්‍රවෘත්ති සෑම තැනින්ම ගලා එයි.

මෙම විශාල කතාබහ ගොඩ නැගුනේ සිද්ධි දෙකක් මල්කරගෙනය. එම සිද්ධි දෙකම ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙනි.

– වයස පහළෙවෙක් දැරියක් මව විසින් ගණිකා වෘත්තියට යොදවනු ලැබීම
– ඉෂාලිනී නම් දැරිය මෙහෙකාර වෘත්තියේ යෙදී සිටියදී ගින්නට හසුවී මියයෑම

ප්‍රථමයෙන් සදහන් කළදැරිය මව විසින් සළෙළුන්ට අළෙවි කර ඇති අතර එම දැරිය මිළදී ගත් සළෙළුන් අතර සමාජයේ සෑම තරාතිරමකම වෘත්තිකයෝ , සහ ප්‍රබල චරිත වූහ. ඉෂාලිනී දේශපාලකයෙකුගේ නිවසේ මෙහෙකාර වෘත්තියේ යෙදී සිටියදී ගින්නට හසුවී මියගියාය. ඇය දැඩිලෙස වසර කිහිපයක් ලිංගිකව අපහරණය වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී එළිවී ඇත.

මේ සම්බන්ධධව නීති ප්‍රකාරව කටයුතු සිදුවුවද , මාධ්‍ය හරහා ප්‍රචාරය වන ප්‍රවෘත්තිත් නීතියත් යන දෙකම වින්දිතයන් තවතවත් අපහරණය කරමින් සිටින ආකාරයක් විනා වැදගත් ආකාරයෙන් එම කටයුතු මෙහෙයවන බව දකින්නට නැත. අප ජීවත්වන්නේ කුමණ මනෝභාවයක් සහිත වැඩිහිටි සමාජයක දැයි ඉන් වටහාගත හැකිය.

මෙම ලිපියේ අරමුණ දරුවා යනු කවුද? අපයෝජනය යනු කුමක්ද? හඳුන්වා දීමය.

ළමයා යනු කවරෙක්ද?.
සාමාන්‍යයෙන් වයස 18 ට අඩු පුද්ගලයන් ළමුන් වශයෙන් නීතිය විසින් සලකනු ලැබේ. ලිංගිකව සිදුවන දූෂණයකදී මේ තත්වය නීතිය හමුවේ වෙනසක් සිදුවෙයි. එවිට නීතිය වයස 16 ට අඩු අය ළමුන් ලෙස සලකනු ලබයි. වයස අවුරුදු අටට අඩු දරුවකු සිදු කරන වරදක් වරදක් ලෙස නීතිය පිළි නොගනී. වයස 14ට අඩු දරුවන් මෙහෙකාර වෘත්තියේ යෙදවිය නොහැකිය. මෙම වයස 14ට අඩු නීතිය වයස 16 දක්වා දීර්ඝ කරන ලද අතර පසුගියදා ඉෂාලිනීගේ සිද්ධිය හරහා වයස 18 දක්වා දීර්ඝ කරන ලද බව කියැවෙයි.

මනෝ විද්‍යාවේදී පුද්ගලයකුට කායික වයස සහ මානසික වයස යනුවෙන් වයස් වර්ග දෙකක් ඇත. දරුවා උපතේ සිට වයස ගණනය කරන යම් මොහොතක් දක්වා කාලය කායික වයස වේ. මානසික වයස යනු දරුවාගේ මානසික ක්‍රියාවලිය හෙවත් ප්‍රජානනය සංවර්ධනව ඇති මට්ටමයි. මේ අනුව දරුවන් කාණ්ඩ තුනකි.

1) කායික වයස සහ මානසික වයස සමාන දරුවන් – සාමාන්‍ය දරුවන්. සාමාන්‍ය බුද්ධිය

2) කායික වයස මානසික වයසට වඩා අඩු දරුවන් – මොවුන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගණයට වැඩේ. සෙමින් ඉගෙන ගන්නා දරුවන්, මන්ද මානසික දරුවන්, උදාහරණ වේ. මෙම දරුවන්ට සාමාන්‍ය පංති කාමරයේ සිටිය හැකි මුත් ඔවුන්ට ගුරුවරුන්ගේ විශේෂ අවධානය අවශ්‍ය වේ. එසේම එම ශ්‍රේණියට අයත් විෂය නිර්දේශය ඉගෙනුම ලැබීමේ හැකියාව දුර්වල වේ.

3) කායික වයසට වඩා මානසික වයස වැඩි දරුවන් – මොවුන්ගේ බුද්ධි මට්ටම ඔහුගේ වයසට වඩා ඉදිරියෙන් ඇත. එමනිසා සාමාන්‍ය පංති කාමරයේ සිටියද ඉහත විශේෂ අවශ්‍යතා දරුවන්ට මෙන් විශේෂ අවධානයක් මොවුන් වෙත යොමු කිරීමද අවශ්‍ය වේ. පංතියට අදාල විෂය නිර්දේශයට වඩා ඉහළ මට්ටමකින් මොවුන්ට අධ්‍යාපනය ලබාදීමට පියවර ගැනීම වැදගත්ය. සුභග ළමුන් මේ ගණයට අයත් වේ.

මේ ආකාරයෙන් විවිධ බුද්ධි මට්ටම්වල ඉන්නා දරුවන්ගෙන් මව්පියෝ සහ ගුරුවරු එකම දක්ෂතා කුසලතා අපේක්ෂා කිරීම ඉහත අපයෝජනයන් සිදුවීමට ඉඩකඩ විවෘත කරයි. දරුවාගේ මට්ටමට ගැලපෙන ඉලක්ක සහ අභියෝග ලබාදීමත් එපමණින් සෑහීමට පත්වීමත් මව්පියන්ගේ වගකීමකි.

මෙයට අමතරව දරුවා ලබන සමාජානුයෝජනය මගින් වර්ධනය වන ඔහුගේ චින්තනය සහ චර්යාවද එක්තරා ප්‍රමාණයකින් ආරයද දරුවාගේ බුද්ධියට සහ පෞරුෂ්‍යට බලපෑම් ඇති කරයි. දරුවා සමාජානුයෝජන ක්‍රියාවලියට හසුවන වයසේදී දරුවාට ලැබෙන අත්දැකීම් මෙහෙකරුවෙක් ලිංගික ශ්‍රමිකයෙක් අවප්‍රමාණ වන ජීවියෙක් ලෙස වේ නම්
ඔහුගේ අනාගත ජීවිතය සමාජයට අහිතකර වනවාට වඩා දැඩි ලෙස ඔහුට අහිතකර වේ. සමාජ විරෝධියෙක් වීමට ඇති ඉඩකඩ වැඩිවේ. බොහෝ දෙනාට යටත් වූ බයාදු වූ යැපෙන සුළු වූ පුද්ගලයකු නිර්මාණය වේ. කලාතුරකින් දරුවකු මේ සියලු පීඩා මැඩගෙන ජීවිතය ආර්ථික සාමාජීය වශයෙන් සාර්ථකව ගොඩනගා ගනිමින් විශිෂ්ටයෙකු වෙන අවස්ථා දක්නට ඇතත් සෑම දරුවකුගේම ජීවිත එසේ වන්නේ නැත.

අපයෝජනය යනු කුමක්ද? අපයෝජන වර්ග හතරකි.

1) කායික අපයෝජනය – දඬුවම් කිරීම, පහරදීම , කායිකව වධදීම, ළමා මෙහෙකාර වෘත්තිය, ළමා ශ්‍රමිකයන්
2) මානසික අපයෝජනය – අවමන් කිරීම, අවප්‍රමාණ කිරීම, බැණ වැදීම්, උපහාසයට ලක්කිරීම, අනිසි සංසන්දනය කිරීම්,
3) නොසලකාහැරීමේ අපයෝජනය – හැකියාව සහ වගකීම තිබියදී දරුවාගේ අවශ්‍යතා ඉටුනොකර සිටීම. ආහාර, ආරක්ෂාව, රැකවරණය, පිළිගැනීම නොසලකා හැරීම, ඔහුගේ අවශ්‍යතා සිතා මතා පැහැර හැරීම
4) ලිංගික අපයෝජනය – නීතිය තුළ ළමා වයසේ සිටින්නන් හට ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත මත හෝ බලහත්කාරයෙන් හෝ කෙරෙන අයුතු ලිංගික ක්‍රියාකාරකම් සහ ළමා විවාහ
මෙම සිවු ආකාරයේ අපයෝජනයන්ට දිනපතා නිවසේදී පාසලේදී මගතොටේදී දන්නා හඳුනනා තැන්වලදී පොදු ස්ථානවලදී දරුවා ගොදුරු වේ. වැඩිහිටයන් දරුවන්ව ගොදුරු කරගනිද්දී දරුවන් එයට එරෙහිවීමට තරම් ශක්ති සම්පන්නයෝ නොවෙති. එමනිසා බියවද්දා හෝ රවටා හෝ දරුවා ගොදුරක් කර ගැනීමට වැඩිහිටියා සමත් වේ. දරුවා බියවැද්දීමෙන් සමහර අපයෝජන සමාජයට නීතියට හෙළිදරව්වීම වැළැක්වීමටද අපයෝජකයා සමත් වේ.



කායික අපයෝජනය

මෙහිදී දරුවාට කායික වශයෙන් ලබාදෙන හිංසන පිළිබඳ සැලකේ. මව්පියන් දරුවාගේ විනය ඇති කිරීම පිණිස විවිධාකාරයේ දඬුවම් පමුණුවති. දරුවකුට සාමාන්‍යයෙන් සදාචාර සංවර්ධනය ඇති කිරීමට වයස අවුරුදු හත සම්පූර්ණ විය යුතු බව මනො විශේෂඥයින්ගේ අදහසයි. නමුත් ඊටත් කුඩා දරුවන් අතින් නොදැනුවත්ව සිදුවන වැරදිවලට දැඩි දඬුවම් දෙන මව්පියන් සිටී.
වරක් අට හැවිරිදි තම කුඩා දියණිය මා වෙත යොමු කළ මවක් දියණිය පිළිබඳව කී විස්තරය මෙසේය.

“ කියන දේ අහන්නේ නැහැ. පාඩම් කරන්නේ නැහැ. මල්ලිට හිරිහැර කරනවා. බොරු කියනවා. උදේට ඇහැරවන්න අමාරුයි. මගේ මහත්තයා රට ඉන්නේ. ළඟපාතක මගේ කවුරුත් නැහැ. සේරම වැඩ කරන්න ඕන මමයි. මම පුදුම මහන්සියක් වෙන්නේ. එහෙම තියෙද්දී මෙයා මෙහෙම හැදෙනකොට මට තරහා යනවා. මම මෙයාට හොඳටම ගහනවා. ඉනේ බඳින පටියෙන් ගහන්නේ“
මේ මව තම කුඩා දියණියට වයස හතරේ සිට මෙම පහරදීම කර ඇත. ඒ අනුව බලන විට මෙම අනිසි දඬුවම වසර හතරක් මුළුල්ලේ සිදුකර ඇත. දරුවාගේ මානසික තත්වය කෙසේ විය හැකිද?. සමහර අවස්ථාවල වැඩිහිටියෝ තමන්ට මුහුණු පෑමට සිදුව ඇති සියලු පීඩනවලින ඇතිකරන ආතතිය සමනය කරගැනීමට දරුවන් කායික සමානසික අපයෝජනයට ලක්කරති. සැමියාගෙන් හිංසනයට ලක්වන බිරින්දෑවරු එම පීඩනය දරුවන් වෙත මුදාහරිති.

මෙහෙකාර සේවයේ යෙදෙන දරුවන්ට සිය හාම්පුතුන් ගෙන් ලැබෙන තාඩන පීඩන විටෙක ඉහත ආකාර හතරටම අයත් වෙයි.

මානසික අපයෝජනය.

මානසික අපයෝජනය පසුකාලීනව දරුවා මානසික වශයෙන් ගැටළු සහගත වූ පුද්ගලයකු බවට පත්කළ හැකි එකකි. දරුවාගේ ජීවිතය පසුපසට තල්ලු කර දමන, ඔහුගේ පිබිදෙන කුසලතා මොට කර දමන අපයෝජනයකි. බොහෝ මව්පියවරු දරුවන්ට දුව පුතා කියා වර්තමානයේ ආමන්ත්‍රණය නොකරති. එහෙත් දරුවන් අතින් සිදුවන අඩුපාඩුවකදී සිවු පා සතුන්ගේ නම් වලින් ඔවුහු දරුවා අමතති. “ගොනා, බූරුවා, හරකා, වඳුරා, බල්ලා“ යනුවෙන් නොසරුප් වදන් මව්පියන්ගේ මුවින් තමන් වටිනාම සම්පත වෙත නිකුත් වෙයි. මෙහිදී දරුවාට මව්පියන් තමාට බණින්නේ ඇත්තටම යැයි සිතයි. දරුවා බිය වෙයි. කණගාටු වෙයි. තමාට කවුරුත් ආදරේ නැතැයිද තමා තනිවී ඇතැයිද යන කාංසාමය සිතුවිළි ඔහුට ඇති වෙයි. එදිනෙදා ඔහු අතින් සිදුවිය යුතු දේ මග හැරෙයි. එවිට නැවත දඩුවම් ලැබෙයි. මෙය චක්‍රයක්ව සිදුවෙයි.

එපමණක් නොව වැඩිහිටියන් දරුවාගේ බුද්ධිය, කුසලතා සහ අත්දැකීම් පිළිබඳ කිසිදු තක්සේරුවක් නොමැතිව ඔහුව අන් දරුවන්ගේ දක්ෂතා සමග සංසන්දනය කර සිත රිදවත්. දරුවෝ තමාව අන් අය හා සංසන්දනය කිරීම පිළිබඳව දැඩි අකමැත්තක් දක්වති.
“ එහාගෙදර සුපුන් හැමදාම පංතියේ පළවෙනියා. ඔයාට තමා බැරි”
“ පළවෙනි ආපු ළමය දිව්ව ලස්සන. ඒකට මෙයා කොරවක්කෙක් වගේ ගියේ”
“ ඔයා වගේ නෙවෙයි මල්ලි සුදුයිනේ”
මෙවැනි සංසන්දනයන්ගෙන් දරුවන්ගේ සිත රිදෙන බව මව්පියෝ කිසිකළෙක නොසිතති. දැනුනත් දරුවන් හොඳින් හදාවඩා ගත හැක්කේ එළෙස බව සිතති. දරුවා උනන්දුවෙන් වැඩ කරනු ඇත්තේ මෙසේ යැයි සිතති. සිතා ඒ වරද දිගටම කරති.

බොහෝ පවුල්වල ගෙදර දොර අසමගිය, දරුවන්ට නිසි ආදරයක් ගෞරවයක් නැතිකම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මව විදෙස්ගතවීම, අඟහිඟ ආදිය නිසා දරුවෝ විශාල පීඩාවකින් සහ අනාරක්ෂිතව කල් ගෙවති. ඔවුන්ගේ පීඩා ගැන පැවසිය හැකි විශ්වාසවන්ත වැඩිහිටියෙක් නැතිකමින්ද දරුවන්ට සිදුවන බොහෝ අපරාධ සැඟවී පවතී. එමනිසා මව්පියන් හට පළමුවෙන් මෙම ගැටලු විසඳා ගන්නා ආකාරයත් එම ප්‍රශ්න මැද වුවද දරුවන් සමග ගණුදෙනු කළයුතු ආකාරයත් වටහා දිය යුතුය. එමගින් දරුවාට රැඳී සිටීමට ප්‍රිය උපදවන ආකාරයෙන් නිවසක් සකස් කර ගත හැකිය. නිවස තරම් දරුවාට ආරක්ෂාව සපයන වෙනත් ස්ථානයක් නැති වුවද නිවස ප්‍රශ්න වලින් පිරී පවතින විට දරුවෝ නිවසින් ලැබිය යුතු ආදරය පිළිගැනීම රැකවණය වෙනත් තැනකින් හෝ අපේක්ෂා කරති. ඒ අවස්ථාවේ වැරදි පුද්ගලයකුගේ ග්‍රහණයට දරුවා හසුවුව හොත් සිදුවිය හැකි විනාශය විශාලය .


වරක් උපදේශනයට පැමිණි නිවුන් අක්ක නගෝ දෙදෙනෙකු පැවසුවේ මව්පියන්ගේ අඩදබර නිසා පාසැල ඔවුන්ගේ ප්‍රියතම ස්ථානය වූ බවයි. පාසැල් යෑම අසනීපයක් නිසාවත් ඔවුන් නතර නොකළ අතර පාසැල ඇරුණු පසු නිවසට ඒම අප්‍රසන්නවූ බවයි. ඔවුන්ගෙන් වැඩිමහල් තරුණිය පැවසුවේ නිවස කෙතරම් පීඩාකාරීද වූයේ යත් නැගණිය ක්‍රීඩා පුහුණුව සඳහා සවස් කාලයේ පාසැලේ නතර වූ දිනවල ඇය නිවසට නොගොස් කොළඹ සිට යක්කල දක්වා යන බසයක නැගී ගොස් ආපසු කොළඔ කරා පැමිණ නිවසට යන බවයි. එම ගමනේදී ඇය අමිහිරි අත්දැකීම් වලටද මුහුණ දී ඇති බවයි.

සාමාන්‍ය පෙළ පංතියේදී හමුවූ නව ගුරුතුමිය දරුවන්ට ඉතාම කාරුණික වූ බැවින් දරුවන් ඇය සමග ඔවුන්ගේ විවිධ ප්‍රශ්න කතා කර ඇත. දරුවන්ගේ අරමුණු නව මානයකට යොමු කළ එම ගුරුතුමිය සියලු පීඩාවන් අධ්‍යාපන ජයග්‍රහණයන්ගෙන් යටපත් කරගත හැකි බවට සිසුවියන්ට අවබෝධ කරදී තිබේ. අද මේ තරුණියන් දෙදෙනා උසස් රැකියාවන්හි නියුතුවේ. අයාලේ ගොස් විනාශවීමට බොහෝ ඉඩකඩ තිබූ තම ජීවිත සාර්ථක කරගන්නට මං පෙත් විවර කළ එම ගුරුතුමියට ඔවුහු මවටත් වඩා ආදරය කරති.

එවන් අයුරින් කිසියම් හෝ සහයක් නිසි අවස්තාවේ නොලද දරුවන් අවසානයේ වයස 18 වන විට සමාජයට වැඩිහිටියකු සේ පැමිණෙන්නේ ප්‍රශ්න, රිදවීම් සමුදායකින් හෙම්බත් වූ පුරවැසියකු ලෙසය.

නොසලකා හැරීමෙන් අපයෝජනයට පත්කිරීම

දරුවකුගේ ළමා සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය ආහාරපාන, ආරක්ෂාව, පිළිගැනීම, ඖෂධ, අධ්‍යාපනය, වැනි උවමනා ඉටුකිරීම හිතා මතා පැහැර හැරීමෙන් දරුවකුට සිදුවන අගතිය නොසලකා හැරීමේ අපයෝජනය යටතේ ගැනේ. දිළිඳු මව්පියන් අතර පමණක් නොව සමාජ තත්වයන් ඇතිව ජීවත්වන පවුල්වල වැඩිහිටියෝ පවා මෙම නොසලකා හැරීම් සිදුකරති.
මේ නිසා අපමණ දරුවෝ දුක්විඳිති. අනාරක්ෂාව බරපතළ අනතුරු දරුවන්ට උදා කරයි. ජනමාධ්‍යයන්හි පළවන කිරිකැටි දරුවන් ළිඳේ වැටී මියයාම, අනතුරුවලට මුහුණ දීම ආදිය කෙතරම් සුලබද?. ඖෂධ මාත්‍රා නොසැලිකිලිමත් කමින් වරදවා දීම නිසා අනතුරේ වැටෙන දරුවන් කොපමණද?. දරුවකුට පවා ගරුත්වයක් අභිමානයක් ඇතැයි සිතා ඔහුට නිසි පිළිගැනීම නොදීමෙන් කෙතරම් දරුවෝ මානසිකව පීඩා විඳිද?.

සමහර නිවෙස්වල පාසල් යන දරුවන් සිටියදී ඔවුන්ගේම වයසේ දරුවෝ මෙහෙකරුවන් ලෙස ඒ නිවසේම සේවයේ යෙදී සිටිති. එහිදී මෙහෙකාර දරුවාගේ මානසිකත්වය මොන අයුරින් ක්‍රියාත්මක වනු ඇද්ද?. තම දරුවා සුවපහසු කාමරයක ඇඳක සුවසේ නිදියද්දී මෙහෙකාර දරුවා නිවසේ කොණක පැදුරු කඩමාල්ලක නිදියාගනී. ආහාර පාන ඔහුට දෙන පිඟාන කෝපපයෙන් පවා ඔහු අවප්‍රමාණ වෙයි. මේ දුක මේ පීඩාව වැඩිහිටියෝ කිසිදා තේරුම් නොගනිති. එපමණක් නොව මෙහෙකාර දරුවාට කෙතරම් අපූරු නමක් ඔවුන්ගේ මව්පියන් යොදා තිබුණද වෙනත් කෙටි නම් වලින් අසැබි වදනින් ඔහු ආමන්ත්‍රණය කරමින් කම දරුවන්ටඉතාම මිහිරි වදනින් අමතයි.

මේ සෑම දෙයකින්ම දරුවා යන වැදගත් ජීවියා අවප්‍රමාණ වෙයි. අපයෝජනයට පත් වෙයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ලිංගික අපයෝජනය

මානව වර්ගයා අතින් සිදුවන අතිශයින්ම සදාචාර විරෝධී අපයෝජනය ලිංගික අපයෝජනය වෙයි. නීතිය ඉදිරියේ ළමයෙකු ලෙස පිළිගැනෙන පුද්ගලයෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව එම දරුවා ලිංගික වශයෙන් අපහරනය කිරීම, දූෂණයට ලක් කිරීම ලිංගික අපයෝජනයයි.
කුඩා කාලයේ ලිංගික අපයෝජනයට ගොදුරු වූ බොහෝ පුද්ගලයෝ වැඩිහිටියකු වූ පසු ඔහු විසින් දරුවන් අපයෝජනය කිරීම බාලවියේ ලිංගික අපයෝජනයට ලක්වීමේ භයානක ප්‍රතිඵලයයි.
දරුවන්ගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පද්ධතීන් ළමා වයසේදී මෝරා පරිණත තත්වයට පත්වී නැති බැවින් දූෂණයකදී ඇතිවන තෙරපුම් පීඩාවලින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවී පූර්ණ ආබාධිත හෝ මරණයට පත්වීම සිදුවිය හැකිය.

ළමා විවාහ නීතිය ඉදිරියේ වරදක් වීමට ලිංගික දූෂණය හේතුවනවා සේම එයට අමතරව අමතරව දරුවා සාමාජීය වශයෙන් පරිණත වු පුදගලයකු නොවූ බැවින් මාතෘත්වය පීතෘත්වය යන තනතුර දැරීමේ හැකියාව එහි කාර්යභාරය, වගකීම් ඉසිලීමේ හැකියාව අතින් දැනුවත්භාවය සපුරා නොමැතිවීම නිසා අනාගත සමාජයට අවශ්‍ය වැඩිහිටියා නියමාකාරයෙන් ඔවුන් අතින් නිර්මාණය නොවීමේ ඛේදවාචකයද බලපායි.

වර්තමානයේ දරුවන්ගේ ජීවිත ඇස් මායිමෙන් මොහොතකදු ඉවත් කර තැබිය නොහැකි තරම් බරපතළ ලෙස අනාරක්ෂිතය. එහෙත් ඒවා අවබෝධ කරගන්නට තරම් දරුවන් මුහුකුරා නැත. එමනිසා දරුවන්ට ආදරය කරන මව්පිය ගුරුවරු වැඩිහිටියන් ඔහුට කායික මානසික වශයෙන් හානිවිය හැකි ස්ථාන, පුද්ගලයන්, සහ අරමුණු පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.
රැකෙන හැටි කියා දෙන්න.

මව්පියන් කරන ලොකුම වරද නම් දරුවාට ලෝකය ගැන කියා නොදී මව්පියන් විසින් රැකවල් දා පමණක් දරුවන් රකින්නට යෑමයි. දරුවකු නිදහස ප්‍රිය කරන අතර හේතුවක් නැතිව සිරකරුවකු වන්නට කැමති නැත. එමනිසා දරුවාගේ සහය නොමැතිව ඔහු ආරක්ෂා කිරීම ලෙහෙසි නැත. එමනිසා මව්පියන් දරුවාට මේ පියවර ගැනීමට හේතුවී ඇති කාරණා ඔහුගේ වයසට, බුද්ධියට සරිලන ආකාරයෙන් කියාදිය යුතුය.

හොඳම දෙය නම් දරුවාට ඉතා කුඩා අවදියේ සිටම ඔහුගේ වයසට අනුව ආරක්ෂක උපක්‍රම කියාදීමයි. නාඳුනන අය සමග අම්මා තාත්තා නොමැතිව කතා නොකිරීම, නාඳුනන අය ගෙනැත් දෙන දේ ආහාරයට නොගැනීම. නිවසේ දොරට තට්ටු කරනු ඇසුනහොත් මව්පියන් නැතිව තනිව ගොස් දොර නොහැරීම, නාඳුනන අය සමග තමාගේත් නිවසේත් තොරතුරු කතා නොකිරීම ආදිය කියාදීම වැදගත්ය. එසේම දරුවා ළමා ශ්‍රමිකයෙකු, ගෘහ සේවකයකු කිරීම, දැන දැන ලිංගික අපහරණයට ලක්වීමට ඉඩදීම නීිතිය ඉදිරියේ බරපතළ වැරදි බව මව්පිය වැඩිහිටියෝ දැනුවත්ව සිටිය යුතුය.

දරුවාට සිය ළමාකාලය දරුවකුගේ අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි වාතාවරණයක ජීවත්වීමට සැලසීම සෑම වැඩිහිටියෙකුගේමත් සමාජයේත්, රජයේත් වගකීමය. දරුවා වයස 16 සම්පූර්ණ වන තෙක් රටේ අධිකරණයට අයත් පුරවැසියකු ලෙස සැලකෙන්නේ ඔහුගේ ජීවිතය වඩාත් සුරක්ෂිත වීම අවැසි නිසාය. නමුත් සමාජයක් ලෙස සරල නීති කාරණා පවා නොදන්නා මිනිසුන් බහුල වීමත් දරුවන්ට සිදුවන අපරාධ වර්ධනය වීමට හේතුවක් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කහ ගෑස් සිලින්ඩරේට නිල් ගෑස් ගනිද්දී නීතිමය ප්‍රශ්නයක්

Next Post

වැඩිවෙන ගම්පහ කොවිඩ් දේහ ආදාහනයට ඇමති ප්‍රසන්න විසඳුමක් කියයි

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.