fbpx
සඳුදා, දෙසැම්බර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වැලිසර කඳවුරෙන් මතුවෙන ඉන්දු සයුරේ විශාලම කෝවිඩ් පොකුර

වැලිසර නාවික කඳවුරතුළ කොරෝනා පැතිරෙනවා ද? සෙබලුන්ගේ ජීවිත සිතා මතාම අවදානමට පත්කරළා ද?

editor by editor
මැයි 20, 2020
in සමාජ
0
Share on FacebookShare on Twitter

වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ –

කොවිඩ් 19 වසංගතය මේ වනවිට අපේ රටේ මැනවින් පාලනය කොට ඇති බවට සමාජයට ඒත්තු ගන්වන ආකාරයට සියලු හැසිරීම් පෙළ ගැසී ඇත.  පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අනුව නම් සියලුම “කොවිඩ් පොකුරු” මේ වන විට අක්‍රිය කර හමාරය.  සමාජයට පැතිරීමක් නොමැත. නමුත් වැලිසර නාවික හමුදා කඳවුරේ “කොවිඩ් පොකුර” පමණක් ක්‍රියාකාරීව තිබේ. ඊයේ බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වීමට නියමිතව තිබූ රණ විරු උළෙල සැලසුම් සහතග ලෙස පවත්වා ගැනීමට නොහැකි වූ ප්‍රධානම කාරණාව වූයේ එතෙක් පුහුණු වීම් කටයුතු වලට පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීමය.  රණ විරු උළෙලේ සැලසුම් අවුල් සහතග වූවා සේම පොලිසියේ 122 හා නාවික හමුදාවේ විශාල සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවිය.

මේ වනවිට රට තුළින් හමු වී ඇති   කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 50 ක් නාවික හමුදා සාමාජිකයන්ය. මේ පවතින තත්වය පිළිබඳව කෙරෙන විමසුමකි.

RelatedPosts

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

වැලිසර නාවික හමුදා කඳවුර

පසුගිය 17 දා මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැනුණා.  ඉන් 19 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් වනවා.

නාවික සෙබලුන්ට රෝගය බෝවුනේ අප්‍රේල් 8වෙනිදා හෝ ඒ ආසන්න දිනක ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ලෝලී පුද්ගලයන් කිහිපදෙනෙක් අල්ලාගැනීමට උත්සාහ කිරීමේදී බවයි කියවෙන්නේ. එසේ ආසාදනයවූ අයෙකුගෙන් අප්‍රේල් 22 දින රෝග ලක්ෂණ මතුවී කොරෝනා ආසාදිතයෙකු බවට පරීක්ෂණ මගින් තහවුරු වූ වහාම වැලිසර නාවික හමුදා කඳවුර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කොට නිවාඩු ලබාගිය සෙබලුන්ද වහාම එහි කැඳවනු ලැබුවා.

අප දන්නා පරිදි ලෝකයේ ඉතාමත්ම විනයගරුක හමුදාවක් ලෙස පවසන ශ්‍රී ලංකාවේ නාවික හමුදාව නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම පිළිපදිනු නිසැකයි. නොඑසේ නම් සාමාන්‍ය ජනතාවගෙන් එවන් හැසිරීමක් කෙසේවත් බලාපොරොත්තු වන්න බැහැ. එවිට මහජනයා අතර “කොවිඩ් පොකුරු” සෑදෙන විට ඒ අයගේ වගකීම් විරහිත නොසැලකිළිමත් හැසිරීම ලෙසින් චෝදනා කරන වගකිවයුත්තන්, නාවික කඳවුර තුළ රෝගය පැතිරයාමේදී ඔවුන් එය දකින්නේ වෙනත් ආකාරයකින්.

වැලිසර නාවික කඳවුරෙන් දිනපතා අඛන්ඩව රෝගීන්..

අප්‍රේල් 22 සිට නාවික කඳවුර නිරෝධායන කඳවුරක් කළේ නම්, එතුළ රෝගය බෝවීමේ අවසානය ආරමභ වන්නේ එදිනයි.   ඒත් එතැන් සිට අද දක්වා දින 26 ක් ගත වී තිබෙනවා. අප්‍රේල් 22 දින රෝග කාරකය ආසාදනය වුවෙකුට වුවත් ඉන් දින 14ක් ඇතුළත එනම් මැයි මස 06 දින වන විට රෝග ලක්ෂණ මතුවිය යුතු වනවා. උපරිම වුනොත් දින 21 ක් එනම් මැයි 13 වන විට හෝ ඔවුන්ගෙන් රෝග ලක්ෂණ මතුවිය යුතු වනවා. මුලින් දින 14 ක් ව තිබූ, පසුව දින 21ක් දක්වා දිගුකරනු ලැබූ නිරෝධායනයේ පදනම වන්නේද මෙයයි.

නමුත් ගැටලුව වන්නේ එම එම කාල පරාසයන් පසුවී තිබුණත් තවදුරටත් වැලිසර නාවික කඳවුරෙන් දිනපතා අඛන්ඩව රෝගීන් වාර්තාවීමයි.

නිවාඩු ගොස් පැමිණි සෙබලුන්ගෙන් අනෙක් අයට රෝගය බෝවීමට ඇති හැකියාව ඉතා අඩු වන්නේ, එසේවූවේ නම් ඔවුන්ගේ නිවසේ සාමාජිකයන්ට ද රෝගය ආසාදනය වී ඔවුන් ද රෝගීන් ලෙස හඳුනාගත තිබිය යුතු වීමයි.

එසේනම් විය හැකි වන්නේ නාවික කඳවුර තුළින්ම මෙය පැතිරයමින් පැවතීමයි. එය එසේනම් ඒ සඳහා නාවික හමුදා වෛද්‍ය බලකාය ඇතුලු නාවික හමුදා බලධාරීන් වගකිව යුතු වනවා. කඳවුර තුළට සියලුම නාවික සෙබලුන් කැඳවා, ඉන් පිටතට යා නොදී රඳවාගෙන, රෝගයට ගොදුරුවීමට අවකාශ සැලසීමක් සිදුවන්නේ නම් එය දැන දැනම එම සෙබලුන්ගේ ජීවිත අනතුරට ලක්කිරීමක් වනවා. එය දන්ඩ නීති සංග්‍රහය අනුවත් දඬුවම් ලැබිය හැකි වරදක්.

සෙබලුන් තරුණ සහ ශක්තිමත් අය නිසා රෝගයට ගොදුරු වී එයට ප්‍රතිශක්තිය ඇතිවේ යයි සිතාගෙන එලෙස රෝගය පැතිරීමට ඉඩදෙන්නේ නම්, අතීතයේ වසංගත රෝග මර්දනය කළ ක්‍රමවේදය නාවික කඳවුර තුළ ක්‍රියාත්මක කිරීමක් වෙනවා. එය එසේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද වනවා.

සමහරවිට නාවික කඳවුර තුල භාවිතා කරනවා යැයි ප්‍රචාරය කරන “හෙල ඔසු” දුම් හට්ටි, කැඳ හැලි සහ වෙනත් “ඖෂධීය පානයන්” මෙන්ම විවිධ පුද්ගලයන්ගේ බෙහෙත් වට්ටෝරු, යම් හෙයකින් එතුළ සත්‍ය වශයෙන්ම භාවිතා කරන්නේ නම් ඒවා නිසාද මෙම තත්වය ඇතිවීමේ හැකියාව තියෙනවා. එසේ වන්නේ එම දේවල් වලට රෝගයේ බීජෞෂණ කාලය එනම් රෝගය ආසාදනය වී රෝග ලක්ෂණ මතුවීමට ගතවන කාලය දිගුවීමේ හැකියාවක් තිබිය හැකි වීමයි.

 පැතිරෙන්නේ ප්‍රමාණවත්  ඉඩක් නැති නිසා ද

නාවික කඳවුර තුළ නිරෝධායනය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා රෝගය පැතිරෙන්නේ නම් එහි වගකීම අදාල නාවික බලධාරීන් විසින් භාරගත යුතු වනවා. එසේ වූවේ නම් සෙබලුන්ගේ ජීවිත අනතුරේ නොදා පරීක්ෂණ සිදුකොට නිරෝගී පුද්ගලයන් නිවෙස් වලට යැවීමට හෝ වෙනත් නාවික කඳවුරු වලට යැවීමට පියවර ගත හැකිව තිබුණා. නොඑසේ නම් වෙනත් ස්ථානයක රඳවා තැබීමට තිබුණා.

දිනෙන් දින අලුතින් රෝගය කඳවුර තුළ පැතිරයාමට හේතූන් සොයා වහාම එය නවතාගැනීමට කටයුතු කළ යුතු වනවා. රාජ්‍ය බුද්ධිඅංශ ප්‍රධානියා මීට දින කිහිපයකට කලින් ජන මාධ්‍යට ප්‍රකා ප්‍රකාශ කළේ ඇතිවන ඕනෑම “කොවිඩ් පොකුරක්” සුනු විසුනු කර “සීරෝ” කිරීම තමන්ට ඉතා සුලු දෙයක් බවයි. එසේ නම් මේ එයට සුදුසු වේලාව නොවේද? ඇයි තවම නොකර ඉන්නේ?

ඉන්දීය සාගරයේ විශාලතම “කොරෝනා පොකුර” බවට පත්ව ඇති වැලිසර නාවික හමුදා කඳවුර වෙත දැඩි සහ ඉක්මන් අවධානය යොමු කොට නාවික සෙබලුන් රෝගයට ගොදුරුවීම වහාම වලක්වාලීමට පියවර ගතයුතු වනවා

 

Tags: නවතම
Share74Tweet46

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

මහනුවර හෙදියෝ විරෝධතාවයක

Next Post

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

RelatedPosts

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න…    හෙට අය-වැය!
පුවත්

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

නොවැම්බර් 12, 2023
Dinesh-Shafter
සමාජ

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

නොවැම්බර් 4, 2023
මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 
සමාජ

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

ඔක්තෝබර් 23, 2023
Next Post
එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5297 shares
    Share 2119 Tweet 1324
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    187 shares
    Share 75 Tweet 47
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    804 shares
    Share 322 Tweet 201
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    373 shares
    Share 149 Tweet 93
  • වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

    235 shares
    Share 94 Tweet 59
  • රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

by editor
දෙසැම්බර් 4, 2023
0

Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

by editor
දෙසැම්බර් 4, 2023
0

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන  ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

නවතම ලිපි

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි  02ක් ගලවා ගත් මෙහෙයුම….

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

by editor
දෙසැම්බර් 4, 2023
0

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

by editor
දෙසැම්බර් 4, 2023
0

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
0

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

දෙසැම්බර් 4, 2023
Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

දෙසැම්බර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  •  ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!
  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!
  • ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.