බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වසර 5ක සිරදඬුවමකින් කෙළවර නොවන දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙයෝල්ගේ ඉරණම!

by editor
ජනවාරි 16, 2026
in සමාජ
Yun
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් පනවනු ලැබූ අසාර්ථක යුද නීතියට අදාළ පළමු තීන්දුව ප්‍රකාශයට පත්  වූයේය.  ඔහුව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයන්ට බාධා කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කර දකුණු කොරියානු අධිකරණයක් විසින් අද (16) ඔහුව වසර පහක සිරදඬුවමකට යටත් කළේය.

යූන් සුක් යෙයෝල්  ජනාධිපති වීමට පෙර ප්‍රධාන රජයේ අභිචෝදකයෙකු ලෙස කටයුතු කළ නිලධාරියෙකි. ඔහු මේ වනවිට   2024 වසරේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ අනෙකුත් ක්‍රියාවන්ට අදාළව නඩු විභාග අටකට මුහුණ දී සිටී. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ව්‍යවස්ථාපිත අධිකරණය විසින් ඔහු ජනාධිපති ධුරයෙන් පහ කිරීමත් සමඟ ඔහුට හිමිව තිබූ  ජනාධිපති මුක්තිය අහිමි විය.

රාජද්‍රෝහී කුමන්ත්‍රණ නඩු විභාගය (Insurrection Trial)

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට නීත්‍යානුකූල පදනමක් නොමැතිව, මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට නියෝග කරමින් රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් මෙහෙයවීම සම්බන්ධයෙන් යූන් හට නඩු පවරා ඇත. මේ සඳහා අභිචෝදකයින් ඔහුට මරණ දඬුවම ඉල්ලා තිබේ.

තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන යූන්, පැය හයක පමණ කාලයක් පැවති සිය යුද නීති ප්‍රකාශනය “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා” ගත් පියවරක් බව පවසා ඇත. දැනට සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින යූන්, මෙම සතිය මුලදී සිය අවසන් ප්‍රකාශය ලබා දුන් අතර සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය මෙම නඩුවේ තීන්දුව පෙබරවාරි 19 වන දින ලබා දීමට නියමිතය.

එමෙන්ම රාජද්‍රෝහී කුමන්ත්‍රණ සහ බලය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හියුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දෙන ලෙසද අභිචෝදකයින් ඉල්ලා ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අත්අඩංගුවට ගැනීම් සහ මුදාහැරීම්

2025 ජනවාරි 15 දින යුන් අත් අඩංගුවට ගත්තේය. ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමග ඇති වුන දීර්ඝ ගැටුමකින් අනතුරුවය.  බලයේ සිටියදී අත්අඩංගුවට ගත් පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා බවට යූන් පත් විය.

එහෙත් චෝදනා පත්‍රයෛ් කාලය සහ විමර්ශනයේ නීත්‍යානුකූලබව පිළිබඳව නෛතික තර්ක මතු විය. ඒ අනුව 2025 මාර්ත් මස 08 වැනිදා ඔහුගේ අත් අඩංගුවට ගැනිමේ වරෙන්තුව අධිකරණයෙන් අවලංගු කළේය. ඒ අනුව මාර්තු මස 08 වැනිදා ඔහු බන්ධනාගාරයෙන් නිහස් වූයේය.

නමුත් අතිරේක චෝදනා විමර්ශනය කරන විශේෂ නඩු පවරන කණ්ඩායම විසින් ඉල්ලා සිටි රැඳවුම් වරෙන්තුවක් අධිකරණයෙන් ලබා දුන්නේය. ඒ අනුව 2025 ජූලි මස 10 වැනි දින යුන් නැවත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

 අද  ලබා දුන් තීන්දුව සහ යුද නීති චෝදනා

අද ලබා දුන් වසර පහක සිරදඬුවමට ප්‍රධාන වශයෙන් හේතු වූ කරුණු කීපයකි.

  1. ජනාධිපති ආරක්ෂක නිලධාරීන් යොදවා ඔහුව අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ගත් උත්සාහයන් වැළැක්වීම.
  2. යුද නීතිය ප්‍රකාශ කිරීමේදී අමාත්‍ය මණ්ඩලය නිසි පරිදි දැනුවත් නොකර නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම.
  3. යුද නීතියට අදාළ නිල ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම.
  4. දුරකථන දත්ත මකා දැමීම මගින් සාක්ෂි විනාශ කිරීම.

වත්මන් ජනාධිපති ලී ජේ මියුන්ග් යටතේ පිහිටුවා ඇති විශේෂ විමර්ශන කණ්ඩායම චෝදනා කරන්නේ, යුද නීති ප්‍රකාශනය සාධාරණීකරණය කිරීමට සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට යූන් විසින් උතුරු කොරියාව කුපිත කර සන්නද්ධ ගැටුමක් ඇති කිරීමට උත්සාහ කළ බවයි.

අනෙකුත් චෝදනා

මෙයට අමතරව යූන් තවත් නඩු කිහිපයකට මුහුණ දී සිටී:

  1. හිටපු අගමැතිවරයෙකුට අදාළ නඩුවකදී අසත්‍ය සාක්ෂි ලබා දීම (Perjury).
  2. දේශපාලන අරමුදල් පනත උල්ලංඝනය කිරීම.
  3. 2023 වසරේ නාවික හමුදා භටයෙකුගේ මරණය සම්බන්ධයෙන් කෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයකට බලපෑම් කර බලය අවභාවිත කිරීම.

යූන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, සිකුරාදා තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් සූදානම් වේ.

මෙම නඩුව දකුණු කොරියානු දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කරයි.  දකුණු කොරියාවේ බලයේ සිටි නායකයෙකුට එරෙහිව පළමු වරට අපරාධ නඩු පැවරීමක්  සිදුවන්නේ මේ අවස්ථාවේ දී ය.  2025 ජනවාරි මාසයේදී කැරැල්ලකට නායකත්වය දීමේ චෝදනා මත යූන්ට අධිචෝදනා ගොනු කරන කර තිබේ.

වරදකරු වුවහොත්, කැරැල්ලකට නායකත්වය දීම ශ්‍රමය සහිතව හෝ රහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම ලැබිය හැකිය.

දකුණු කොරියාව අවසන් වරට 2016 දී මරණ දඬුවම නියම කළ නමුත් 1997 සිට කිසිවෙකුට මරණ දඬුවම නියම කර නොමැත. යූන් සුක් යෙයෝල් හිටපු දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ජිවිතයේ අවසන් කාලය සිර ගෙයක් තුළ ගෙවී යනු ඇති ද?.  ලෝකයම ඒ දෙස බලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිට්වා සුළි කුණාටුවේ ආපදාව අවම කරගැනීමට අපොහොසත් වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වුන බවට නීතිඥයෙක් ගොනු කළ පෙත්සම විභාගයට දින නියම වෙයි!

Next Post

පුද්ගලයෙක් ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කළ වෙඩි තැබීමට අබායා ඇඳුමකින් සැරසී පැමිණි ඝාතකයා…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.