බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වගකීම් සහ වගවීම් බිඳුන ප්‍රතිමාණ විරහිත සමාජයක කතාවක්!

by editor
මාර්තු 14, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ප්‍රතිමාන විරහිත සමාජයක කිසිවෙක් කිසිවෙකුට වගවීමක් නැත. කිසිවෙකුට කිසිවෙක් පිළිබඳ වගකීමක් ද නැත. එම සමාජ ස්වරූපයේ  තරම වඩාත්ම දැනෙන්නේ පාසලක් තුළ දරුවෙක් ව්‍යසනයට පත්වන විටය.  ව්‍යසනයක් පිළිබඳ කෙරෙන ප්‍රශ්නකිරීමක දී සියලු දෙනා එක්ව ප්‍රශ්න කරන්නා වෙනුවට ප්‍රශ්න කරන්නාගේ වින්දිත දරුවා විනාශකරන්නට උත්සාහ කරන කාලකණ්ණිකම ඇත්තේ අපේ පාසල් පද්ධතිය තුළ පමණක් යැයි විශ්වාස කරමු.

මේ අම්මාගේ කතාව ඇයගේ මුහුණුපොතෙන් උපුටා පල කරන්නේ ඇය හරියටම ඒ ජරපත් යථාර්ථය හෙළිදරව් කරන බැවිනි.  

දරුවගෙ අස්වීම ගන්න පාසලට ගියා.

නාගොල්ල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

වෙනදා අක්කා කියූ නංගී කියූ සියලු ගුරුවරියන් නිහඬය. නාදුනනා ලෙස අහක බලාගත්වනමය. අස්වීම අත්සන්  කරන්නටයැයි වයිස් ප්‍රින්සිපල් Anupama Wadduwa  මට පොත ලං කළාය. මම එහි අත්සන් තැබීමට පෙර දරුවාගේ අස්වීමේ සහතිකය බලන්නට අවශ්‍ය බව පැවසුවෙමි.

අහෝ…..හත වසර ඉගෙනුම ලබන මගෙ දරුවාගේ කාර්‍ය සාධනය හිස් ය…හැසිරීමට ඉදිරියෙන් ඉරි කෑල්ලකි. මම එය භාර ගත නොහැකි බව පැවසූ විට විදුහල්පති H.T.Wijesekara මහතා අසල සිටි ගුරුවරියකට හැසිරීම සාමාන්‍ය ලෙස සටහන් තබන ලෙස පැවසුවාය. මම එයටද හරස් වූයෙමි. කාර්‍ය සාධනයක සාමාන්‍ය ලෙස සටහන් තබන්නේ නරකම කෙනෙක්ට එය කීමට නොහැකි නිසාය. මම රාජ්‍ය නිළධාරිනියක ලෙස වසර දහතුනක් කාර්‍ය සාධන ලබා ගන්නා බැවින් ඒ පිළිබඳ හොඳාකාරවම දනිමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රණ්ඩු වෙලා අමාත්‍යංශයට කෝල් එකක් ගන්න ලෑස්ති වෙද්දි හොඳයි කියල ලියපු බවත් සටහන් තබමි. දරුවා පංති නායක…විෂය නායක ලෙස   සිට ඇති නමුත් ඒ කිසිවක් සටහන් කලේ නැත. මාතලේ විජය විද්‍යාලයේ පැවති කථික තරඟ සහ කියවීමේ තරඟයෙන් ස්ථාන දිනා මහනුවර ස්වර්ණමාලි විද්‍යාලයේ පැවති පලාත් තරඟයට සහභාගී වූ දරුවාගේ ලබා ඇති ජයග්‍රහණ ඉදිරියේ සටහන් කරන ලෙස ඉල්ලා සිටියද ඒ පිළිබඳ ඔවුන් ලඟ දත්ත නැති බැවින් එසේ සඳහන් කළ නොහැකි බව පවසා තරඟයට සහභාගී වූ බව පමණක් සටහන් කරන ලදී.

ඒද මාගේ මැදිහත් වීමෙන් පලා යා නොහැකි වූ විටය.

අගතියට පත් වූයේ අප ය. දින පහක් රෝහල් ගතව සිට අදට දින පහලවක් පාසල් නොයැවූ දරුවා ඔවුන්ගේ ඒ අමානුෂික හැසිරීම දරාගත නොහැකි තැන මම පාසලට ගොස් අස්වීම රැගෙන ආවෙමි.

මේ සිදුවීම මෙතෙක් මුල සිට කියනවා නම් 2024.02.26 වන දින දහවල් 1.15ට පමණ පාසලේදී බැට්  එකක් මුහුණ පුරා වැදීමෙන් අනතුර සිදු වෙනවා…එදා තාත්තට කතා කරල තාත්තා එනතුරු දරුවා ඩෙස් එකක දිගා කරවගෙන ඉන්නවා ගුරුවරු. .තාත්තා එද්දි පාසලත් ඇරිලා. තාත්තා එයාගෙම ත්‍රී රෝද රථයෙන් එන්නෙ පාසලට. . ඒත් දරුවා සමඟ පිටුපසින් වාඩි වෙන්න ගුරුවරයෙක් එන්නෙ නෑ. පංති භාර මැඩම් Ishani Wijeratna තමයි දරුවා තාත්තට භාර දෙන්නෙ. ඒ අවස්ථාවෙදි ඇය පියාගෙන් අහනවා තනියට ළමයෙක් එවන්නද කියලා .පාසල නිම වී පාසල් භූමියේ රැඳී සිටි වෙනත් දරුවෙකුගේ වගකීම ගන්නට බැරි නිසා පියා ඊට අකමැති වෙනවා.

දරුවා මාතලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කළ විට රෝහල් ගත කළ යුතු බව පවසනවා. 2024.2.26 වන දින දරුවා රෝහල් ගත කරනවා. සිද්ධිය සිදු වූයේ 1.15ට…දරුවා දෙන්නෙ පියා භාරයට 1.30ට. එතැන් සිට 2.30-3.30-4.30-5.30-6.30-7.30-8.30-.ආදී වශයෙන් එදා දිනය ගත වෙද්දී මම රෑ 8.55ට පංති බාර  ගුරුතුමියට කතා කරනවා. ඒවත් එයා බබාට කොහොමද අහන්නෙ නෑ.. මම බලෙන්ම දරුවා රෝහල් ගත කළ බව පවසා පහුවදාට උනේ මොකක්ද කියල බලන ලෙස ඉල්ලා හිටියා.

පහුවදා එනම් 2024.2.27දහවල් එකොලහ හමාරට විතර මම නියෝජ්‍ය විදුහල්පතිනියට  වට්සැප් හරහා දරුවාගේ පිංතූරයක්  යවනවා. එයා ඒක බලල මම විදුහල්පතිතුමාට යොමු කලා යනුවෙන් පණිවිඩයක් තබනවා. නමුත් දරුවා ගැන කිසිත් විමසන්නෙ නෑ. එදින 1.30ට පමණ මට නාදුනන දුරකතන අංකයකින් කෝල් එකක් එනවා.

“හෙලෝ. මේ සදෙව්ගෙ අම්මද. මම ප්‍රිංසිපල්……”

“ආ..ඔව් කියන්න සර්” (මම හිතුවේ දරුවා ගැන අහන්න කියලා).

“ඔයා මොකද මේ දරුවගෙ පොටෝ එඩිට් කරල එවන්නෙ. මොනව බලාපොරොත්තුවෙන්ද …  ළමයි සෙල්ලම් කරනකොට එහෙම තමයි… ඒ විදිහට එන්න එපා… බ්ලා..බ්ලා.බ්ලා… “.මෙ

හෙම කියන්නෙ අඩුම පාසලට ගියෙවත් ප්‍රශ්න කිරීමක් කළේවත් නැති මට…..ඒ බැනුම අසාගෙන මා හඬා වැටෙන විට මාගේ සහෝදරයා කලාපය දැනුවත් කරන තුරුවත් මම එහෙම දෙයක් කලේ නෑ….  පස්සෙ කලාපෙන් කතා කලාම ගුරුවරියන් තුන් දෙනෙක් රෝහලට ගියා… ඊටත් පහුවදා ප්‍රින්සිපල් ගිහින් පිරිත් නූලක් දාලා..

“.මගෙ කොල්ලා අහනවා දැන් මට ඇහැ පෙනෙයි නේද අම්මා… ලොකු සර් ඇවිත් පිරිත් නූලක් දාලා දැන් හොඳ වෙයි කීවා” කියලා.

එපමණයි……..ඊට පස්සෙ අද අස්වීම ගන්න ගියාට පස්සෙ උන දේ…

විශේෂයෙන්ම කියන්න ඕනෙ…

දැන් පුතාට හොඳයි…ක්ලි නික් එකෙන් කීවා ටික කාලයක් බලලා කණ්නාඩි දෙකක් දාමු කියලා.

මාතලේ  රෝහල් කාර්‍ය මණ්ඩලය අති විශිෂ්ඨයි… පුදුම තරම් හොඳින් අවශ්‍ය දේ කාර්‍යක්ෂමව කළා…  ඒකමයි පුතාගෙ ඇහැ බේරුනේ. ඉදිරියේ බලපෑමක් ආවොත් මා තනිව දරා  ගත යුතුයි.

අපේ රටේ බොහෝ විට අගතියට පත් පාර්ශවයට සාධාරණයක් වෙන්නෙ නෑ…හැමෝම එකතු වෙලා අනෙකා බේරගන්නවා…

විදුහලේ හැසිරීම මෙහෙම උනාට උනේ මගෙ දරුවා පාසලෙන්  අස් කරගැනීම… තව පුලුවන්ද බැලුවා චරිතයටත් හානි කරන්න.. .මා මෙතෙක් පාසලේ නමයි ගුරුවරුන්ගේ නම් හෙළි කලේ නෑ… අස්වීම දෙන්න හැදුව ක්‍රමය නිසා මෙහෙම ලියන්නෙ..

අස්වීමෙ පෑනෙ තීන්ත දෙකයි……අත් අකුරු  දෙකයි… දෙමාපියනි අවධියෙන්…..

මට කිසිසේත් දරුවාට පාසලක් අවශ්‍ය නැත…මොවුන්ට විරුද්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමි.. – Thushari Dilkshi Weerasinghe  

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්..

Next Post

මනම්පිටියේ වැලි නවතී…  මංකඩල ලභීන් කම්කරුවන් ටිපර් රථ රියදුරන් මනම්පිටිය වැලි සමාගමේ නිලධාරීන් කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවයක!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.