බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රාජ්‍ය සේවකයෙක් ආණ්ඩුවේ හීලෑ කිරීමට යටත්වූවෙක් නොවෙයි… හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස්

අත්අඩංගුවට ගත් ඉඩම් කොමසාරිස්ගේ අයිතිය ගැන ජ්‍යෙෂ්ඨ පරිපාලන ප්‍රවීණයෙක් පෙනී සිටී !

by editor
මැයි 23, 2021 - Updated on මැයි 24, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයන් යනු ආණ්ඩුවේ සේවකයන් නොවන බවත්, ඔවුන්ටත් ස්වාධීන මතයක් දැරීමේ ශුද්ධ අයිතියක් ඇති බවත් ආණ්ඩුව මේ පළමු වෙඩිමුරය තබන්නේ දහතුන් ලක්ෂයක් පමණ වන මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ මතයක් දැරීමේ නිදහසට බවත් හිටපු අමාත්‍යාංශ ලේකම් හා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති අශෝක පීරිස් පැවසීය.

ඔහු මේ බව පවසන්නේ මීට සිවු මසකට එපිට දී සිංහරාජයේ වන විනාශය ගැන අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබූ ෆේස් බුක් සටහනක් තමන්ගේ ගිණුමින් “ෂෙයා කිරීමේ“ වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 21 දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙ සහකාර කොමසාරිස්වරයෙක් වූ චමිල ජයසිංහ අරභයා දියත් කළ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පලකිරීම සඳහා ජාතික විද්වත් සංවිධානය විසින් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී ය.

නීතිඥ උපුල් කුමාරප්පේලි, හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් හා නීතිඥ චරිත් ගල්හේන පුවත්පත් සාකච්ඡාවට එක් වෙමින්…

පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 121 වගන්තියේ ප්‍රතිපාදනවලට අනුවය. රටක නීත්‍යානුකූළ පරිපාලනය කුමන්ත්‍රණයක් මගින් හෝ විප්ලවයක් මගින් පෙරළා දැමීම වැනි බරපතල අවස්ථාවක දී අර්ථගන්වන වගන්තියක් පුද්ගලයෙක් විසින් පරිසර විනාශයට එරෙහිව අන්තර්ජාල සටහනක් හුවමාරු කරගැනීම වරදක් කර උසාවියට ගෙන යෑමට යොදා ගැනීමේ බරපතලකම ගැන මෙම සාකච්ඡාවේ දී මතුකෙරිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පිරීස් කියා සිටියේ පරිසර විනාශයක් සම්බන්ධව සිවු මසකට පෙර පල කරන ලද අදහසක් නිසා චමිල ජයසිංහගේ නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය තුනක් පුරා ඔහුව ප්‍රශ්න කිරීමකට ලක් කිරීම තුළ පෙනෙන සිදුවීමට වඩා වැඩි දෙයක් ගැබ් වී ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සෞඛ්‍යය වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ අදහස් දැක්වීම වාරණය කරමින් තමන්ට අයත් නැති පළාත් සභාත් ආවරණය වන සේ හාස්‍ය ජනක ගැසට් නිවේදනය නිකුත් කරන්නේත්, කොවිඩ් සම්බන්ධව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකුට විනය පරීක්ෂණයක් පවත්වන්නේත් චමිල ජයසිංහ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේත් දියත් කිරීමට සැරසෙන එකම මර්ධනයක කොටස් ලෙස බව ඔහු පෙන්වා දුන්නේය.

මේ ආකාරයේ හැසිරීම් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම් නොමැති බව අ‍ශෝක පිරීස් කීවේය.

Ashoka-Peris
හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පිරීස්..



මෙහිදී අදස් දැක්වූ නීතිඥ උපුල් කුමාරප්පේලි ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති එක් ප්‍රධානම අයිතිවාසිකමක් වන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුව විසින් එහිම එක් වගන්තියක් වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් විනාශ කරන බවය.

රටේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කලකට පෙර විපක්ෂය මෙහෙයවමින් නායකත්වය දුන් ජනඝෝෂා විරෝධතාවයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මේ රටේ ඉතා වැදගත් තීන්දුවක් බව කී නීතිඥවරයා රාජ්‍ය වර්ණනා කිරිම සේම රජය විවේචනය කිරීමේ අයිතියත් ජනතාවට ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගුණාංගයක් බවත් සඳහන් අධිකරණ තීන්දුව සිහි කළේය. එහෙත් ඊටම සමාන විරෝධතාවයක් චීන දූත පිරිසකට එරෙහිව දැක්වූ තරුණයෙක් පොලිස් අත් අඩංගුවට ගත් ආකාරය ගැන ඔහු කීවේය.

“ රජයට විරුද්ධව මතයක් දරන පුද්ගලයෙක් අරන් ඇවිත් දණ්ඩ නීති සංග්‍රයෙ 120 වගන්තිය අනුව රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීම කියලා අධිකරණයට රැගෙන යනවා. මේ 120 වගන්තිය මේ පුවත්පත් සාකච්ඡාවත් දාලා අර්ථ නිරූපණය කරන්න පුලුවන්. පුවත්පත් ලිපියකින් රජය විවේචනය කරන තැනැත්තාවත් ඒ තුළට දාලා අර්ථ නිරූපණය කරන්න පුලුවන්. එහෙත් එසේ අර්ථ නිරූපණය කරලා අත්අඩංගුවට ගන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලින්ම ඔප්පු වෙනවා. පොලිසිය පරිස්සම් වෙන්න අවශ්‍යයයි… මේ සිදුවීම්වල ප්‍රතිපළ වෙනත් ආකාරයෙන්ක එළියට එන්න පුලුවන්. ජනඝෝෂා නඩුවෙදි පොලිස් අත්අඩංගුවට ගැනීම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝණය කළා කියලා. මේ වගන්තිය තමන්ට අවශ්‍ය විදිහට නවලා දිගඇරලා අර්ථ නිරූපණය කිරීම රජයකට කරන්න බෑ. ජනතාව ඒ ගැන දැනුවත් වීම වැදගත්.

නීතිඥ චරිත් ගල්හේන

120 වගන්තියෙම කියනවා ආණ්ඩුවෙ වැරැද්දක් පාලනයේ වැරැද්දක් යුක්තිය විසඳමට හෝ දෝෂ නිවැරදි කිරීමට නීතියෙන් පෙන්වා දෙනු ලැබූ කරුණක් පෙන්වා දීම මේ වගන්තිය යටතේ වැරැද්දක් නෙමෙයි කියලා.

මර්ධනයේ භයානකම තියෙන්නෙ මර්ධනයේ පළවෙනි සංඥාව ආණ්ඩුවක් දෙනකොට වටේ ඉන්න පිරිස පාලනයට සම්බන්ධ පිරිස ආණ්ඩුබලයේ ඉන්න පිරිස තමන්ගේ පෞද්ගලික කාරණාවලට ආණ්ඩු බලය අතට ගැනීමයි.

මේ අතරෙම ආණ්ඩුව ගේන්න යනවා අන්තර්ජාලය හැසිරීම් නියාමනය කරන්න නීති රීති. නියාමනයක් අවශ්‍යයයි. ඒත් මතක තබා ගත යුතුයි…. දැන් මේ මර්ධනය දියත් වෙන්නේ වගන්ති දෙකක් තියාගෙන. 120 වගන්තිය මේ යොදාගන්නෙත් වැරදි අර්ථ නිරූපණයකින්. සමාජ මාධ්‍ය නියාමනය කරන්න හදන නීති පද්ධතියක් කොහොම මේ පොලිසිය විසින් පාලනය කරයි ද? . ඒ අත්දැකීම නිසා අප සමාජයක් ලෙස මේ නියාමනයට ගේන නීති රීතිවලට විරුද්ධ විය යුතුයි.


RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති සුදර්ශනීගේ නමත් විකුණා වෛද්‍ය උපකරණ ඉල්ලන කණ්ඩායමක්

Next Post

සිය පාසල් භූමියේම නිධන් හෑරූ විදුහල්පති අත්අඩංගුවට….

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.