බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මේ මම මුහුණ දුන් අභියෝගවලින් එකක් විතරයි… මුරලි බී.බී.සීයට කියයි….

by editor
ඔක්තෝබර් 30, 2020
in සමාජ
Muththayiya-Muralidharan
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

  • සේතුපතිට ඉවත්වෙන්න කිව්වෙ මම.. මේක මගෙ ප්‍රශ්නයක්.. මම නිසා ඔහු විනාශ විය යුතු නෑ…
  • ප්‍රධාන නළුවා දැන් ඉවත් වෙලා… ඒත් චිත්‍රපටය සැලසුම් කළ විදිහට කරනවා..
  • ලෝකය මේ සිනමා කෘතියට කැමති වේවි…

දකුණු ඉන්දියාවේ දැවැන්ත විරෝධතාවක් ඇති කිරීම නිසා ප්‍රධාන නළුවා ඉවත්වූවත් තම ජීවිත කතාව අළලා නිර්මාණය වන චිත්‍රපටය සැළසුම් කළ පරිදි සිදුකෙරෙන බව මුත්තයියා මුරලිදරන් ‘බී.බී.සී.‘ සේවයට කීවේය. එම පුවත් සේවයේ නාලිනි සිවදාසන් සමග සාකච්ඡාවකට එක්වෙමින් චිත්‍රපටය වටා ගොඩනැගී ඇති මතභේදාත්මක සිදුවීම් ගැන මුරලි කතා කළේය.

මුත්තයියා මුරලිදරන්…

‘ක්‍රිකට් විතරක් නෙවෙයි මම බොහෝ මතභේදාත්මක සිදුවීම්වලට මුහුණ දී සිටිනවා. මට එවැනි බාධක ගණනාවක් පසු කිරීමට ද සිදුවුණා. මේක මම මුහුණ දුන් අභියෝගවලින් එකක් විතරයි.‘ තම චිත්‍රපටය වටා නැගෙන මතභේද ගැන 48 හැවිරිදි මුරලි එසේ කීවේය.

සිංහල බහුතරයක් සිටින ආරක්ෂක හමුදා සහ දෙමළ බෙදුම්වාදීන් අතර දිගුකාලීන සිවිල් යුද්ධයක් අතරතුර සුළුතර දෙමළ ජාතිකයකු ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙමින් ඔහු ජාතිවාදයට අතුල් පහරක් එල්ල කළේය. 

ඉන්පසුව, පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධව ඔස්ට්‍රේලියාවේදී පැන නැගුණු තම පන්දු යැවීම ‘නිපන්දු‘ ලෙස නම් කර පන්දුව දමා ගසන බවට සිදුකළ චෝදනා හා මතභේද සමග ගැටී ක්‍රිකට් ලෝකයේ මෙතෙක් දැක ඇති වඩාත් ප්‍රබලතම පන්දු යවන්නකු බවට පත්විය. කෙසේ වෙතත් වාර්තා බිඳ දැමූ ටෙස්ට් කඩුලු 800 නිසා ‘800‘ නමින් නම් කර ඇති ඔහුගේ චරිතාපදානය ඔහුගේ විශාලතම අභියෝගය ද විය හැකිය. 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශ්‍රි ලංකා රජය එල්.ටී.ටී.ඊ ය සමග සාම ගිවිසුමකට බැඳී සිටි 2002 වසරේ සැප්තැම්බර් 01 දා යාපනය මධ්‍යමහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැත් වූ සුහද ක්‍රිකට් තරගයක දී යාපනයේ ප්‍රේක්ෂක පිරිසක් මුරලි වැළඳගත් අයුරු….

රූගත කිරීම් මෙතෙක් ආරම්භ නොවූවත් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු විජේ සේතුපති ප්‍රධාන භූමිකාව රඟපාන බවට චිත්‍රපට පෝස්ටරය නිකුත් වීමෙන් පසු දැවැන්ත විරෝධතාවක් ඇති විය. 

#ShameOnVijaySethupathi නමින් හෑෂ් ටැගයක් තමිල්නාඩුව හරහා හමා යෑමට ආරම්භ වූ අතර බහුතරයකගේ ඉල්ලීම වූයේ ඔහු එම භූමිකාවෙන් ඉවත් විය යුතු බවය. 

තරුණ පරපුර දිරිගැන්වීමේ අභිප්‍රාය ඇතිව චිත්‍රපටයේ නිෂ්පාදකයන් එය ක්‍රීඩා චරිතාපදානයක් ලෙස හැඳින්වූවත් එය දේශපාලන මතභේදයකට තුඩු දෙනු ඇතැයි විචාරකයෝ බියට පත්වූහ. 

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මුරලිදරන් විසින් ප්‍රකාශ කරනු ලැබූවක් විරෝධතා රැල්ලට ආසන්නතම හේතුව විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කළ මුරලිදරන් කියා සිටියේ 2009දී යුද්ධයේ නිමාව ඔහු සැමරූ බවය. එහිදී දෙමළ බෙදුම්වාදීන් මුලිනුපුටා දමා යුද්ධය නිමාවට පත් කරනවිට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 

2009 යුද්ධය නිමාවූ දිනය තම ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය ලෙස මුරලි හැඳින්වූයේ ‘ශ්‍රී ලංකාවට දැන් කිසිදු බියකින් තොරව ඉදිරියට යා හැකි‘ බව නිසාවෙනි. 

ඇස්තමේන්තු කර ඇති පරිදි යුද්ධයේ අවසාන භාගයේදී සිවිල් දෙමළ වැසියන් 40,000ක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර එය එකම භාෂාව කතා කරන එකම ජාතියකට අයත් පිරිසක් වීම නිසා තමිල්නාඩුව හැඟුම්බර වීමට තුඩු දුන් සිදුවීමක් විය. 

‘මුරලිදරන් දෙමළ ජාතිකයකු වූවත් ඔහු දෙමළ ජාතිකයකු ලෙස හැසිරුණේ නෑ. ඔහු කිනම් මුහුණුවරක් යටතේ වුණත් තමිල්නාඩුවට ඇතුල්වීම අපට අවශ්‍ය නෑ. පෞද්ගලිකව හෝ චිත්‍රපටයකින් හෝ‘ චෙන්නායි පදනම් කරගත් තරුණ ක්‍රියාකාරිකයකු වූ වී. ප්‍රභා එසේ පැවැසීය.

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මුරලිදරන් වැරදි ගණනාවක් කළා. ඔහු දෙමළ ප්‍රජාව අතර වීරයකු කරන්න අපට අවශ්‍ය නෑ.‘

වර්ෂ 2005 ජනවාරි 03 දා මුරලි කින්යා ප්‍රදේශයේ දී ජනතාව සමග

නමුත් මුරලිදරන් පවසන්නේ ඔහුගේ කතාවෙන් ඇතැම් වචන ඉවතට ගෙන ඒවා නැවත නැවතත් විකෘති කර ඇති බවය.

‘මම අදහස් කළේ 2009න් පසු අපට මේ රටේ සාමය ඇතිවුණා. මට අනුව නම් යුද්ධය ඉවරවුණා කියන්නේ මගේ ජීවිතයේ සතුටුදායකම දවසක්. මොකද සාමය ඇතිවීම නිසා. නැතිව දෙමළ සිවිල් වැසියන් මිය යාම නිසා නෙවෙයි. ‘ අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන ඩුබායි නුවර සිට සාකච්ඡාවට එක්වෙමින් ඔහු කීවේය. එම තරගාවලියට සහභාගිවන සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ඔහුය. 

‘යුද්ධය සම්බන්ධව මම කිසිම පැත්තක් ගත්තේ නෑ. රාජපක්ෂ පාර්ශ්වය හෝ අනෙක් පාර්ශ්වය හෝ. මම හිටියේ මැද. ඉන්දියාවේ ඉන්න මිනිස්සු දන්නේ නෑ ශ්‍රී ලංකාවේ මොකක්ද වෙන්නේ කියලා.‘ මුරලිට ඉන්දියාව සමග විශේෂයෙන් තමිල්නාඩුව සමග සමීප සබඳතා ඇත. ඔහුගේ බිරිඳ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් අතර ඔහු චෙන්නායි නගරය නියෝජනය කරමින් 2008 සිට 2010 දක්වා අයි.පී.එල්.තරගාවලියේදී චෙන්නායි සුපර්කිංග්ස් පිලට ක්‍රීඩා කළේය. එමෙන්ම කණ්ඩායමේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයකු බවට ද පත්විය. 

මුත්තයියා මුරලිදරන්..

ඉතින් ඔහුගේ චිත්‍රපටය මෙතරම් විවාදාත්මක වන්නේ ඇයි…?

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී දෙමළ ජනතාවට සිදුවුණේ මොකක්ද කියලා 2010දී තමිල්නාඩුවේ මිනිස්සු දැන සිටියා. නමුත් ඔවුන් එය මුරලිදරන් සමග සම්බන්ධ කළේ නෑ. ‘ප්‍රභා එසේ කීවේය.

‘ඊට පස්සේ අපි ඔහු ශ්‍රී ලංකාවේ රජයට සහාය දැක්වූ ආකාරය ගැන පෙන්නුම් කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කළා. 2013 දී ඔහු සහ අනික් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් තමිල්නාඩුවට පැමිණීම තහනම් කරන්න අපට හැකිවුණා. 

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට නැගුණු චෝදනා නිසා 2013දී තමිල්නාඩු රජය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි වන අයි.පී.එල්. තරග තමිල්නාඩුවේ පැවැත්වීම තහනම් කළේය. චෙන්නායි නුවර නිදහස් මාධ්‍යවේදිනියක වන කවිතා මුරලිදරන් කියන්නේ මුරලිදරන්ගේ චරිතාපදානය පිළිබඳ කෝපය මෙතරම් උග්‍ර වී ඇත්තේ 42 හැවිරිදි විජේ සේතුපති එහි ප්‍රධාන නළුවා වීම නිසා බවය. 

‘සේතුපති ජනප්‍රියත්වයට පත්වෙමින් සිටින නළුවකු බව පෙනෙනවා. ඔහු සමාජ විරෝධී අර්බුද  රැසක් සම්බන්ධව හඬක් නගන කෙනෙක්. ඒ නිසා ඔහු මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපනය කිරීමට තෝරා ගැනීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වුණා.‘ඇය කීවාය.

‘තමිල්නාඩුවේ ජනතාව සිනමාව සළකන්නේ හරි බැරෑරුම් දෙයක් විදිහටයි. එහේ චිත්‍රපටයක් කියන්නේ චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි. දෙමළ සිනමාවයි, දේශපාලනයයි අන්තර් සබැඳියාවක් තියෙනවා.‘

විජේ සේතුපති

කොලිවුඩ් සිනමාවට නිරතුරුවම දෙමළ ජාතිකවාදය එක්වෙයි. තමිල්නාඩුවේ බොහෝ ප්‍රධාන ඇමැතිවරු දේශපාලනයට පිවිසීමට පෙර නළුවෝ වූහ. සේතුපතිට මුරලි චිත්‍රපටයෙන් ඉවත්වීමට බලපෑම් කරනු ලැබුවේ චිත්‍රපට නළු නිලියන් සහ දේශපාලකයන් විසිනි. 

නමුත් එය මුරලිදරන්ගේ විස්මය දනවන මැදිහත්වීමකි. චිත්‍රපටයෙන් ඉවත්වන ලෙස ඔහු නළුවාගෙන් ඉල්ලා සිටියේය. 

‘ඇයි සේතුපති මේ චිත්‍රපටය නිසා අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙන්නේ ? ඇයි මම මේ ප්‍රශ්න ඔහු මත පටවන්නේ ? මුරලි අසයි. 

‘මේක මගේ සටනක් මිස ඔහුගේ සටනක් නෙවෙයි. ඒ නිසා මම සටන බාර ගන්නම්.‘

ඔහු ඉතා පුළුල් ලෙස ක්‍රීඩා වීරයකු ලෙස සළකනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය මිශ්‍ර හැඟුම් පිරුණු එකකි. 

‘ඔහු ගැන කියන චිත්‍රපටයක් දැකීමට මම කැමැතියි. ඔහුගේ ගුණ වර්ණනාව දැකීමට නෙවෙයි. නමුත් ඔහුගේ විවිධ වූ අන්‍යනතාව වගේ කුමක් හෝ දෙයක් තිරයේ දිග හැරෙනවා දකින්නට.‘ කොළඹ ක්‍රිකට් ලේඛකයකු වන ඇන්ඩෘ ෆිඩෙල් ප්‍රනාන්දු එසේ කීවේය. ඔහු මුරලිදරන්ගේ ක්‍රිකට් ජීවිතය පිළිබඳ පුළුල් ලෙස ලියූ ලේඛකයෙකි.

‘චිත්‍රපටයට එරෙහිව හදිසියේම නැගුණු විරෝධතාව හාස්‍යජනකයි. මේ චිත්‍රපටය කොයි විදිහේ එකක් ද කියලා අපි දන්නෙවත් නෑ.‘ 

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ අතුරුදන් වූ අයගේ පවුලේ සාමාජිකයන් විවේචන වැඩි වශයෙන් එල්ල කළ අතර ඇතැම්හු මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අවලංගු කරන්නැයි ද ඉල්ලා සිටියහ. ‘මුරලිදන්ගේ වචනයෙන්ම 2009 ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය යැයි පැවසූ විට ලොව පුරා සිටින දෙමළ ජනතාවට එය කොරෝනා වසංගතයට වඩා දරුණු ලෙස බලපෑවා.‘ අතුරුදන්වූවන්ගේ පවුල් නියෝජනය කරන ගෝපාලක්‍රිෂ්ණන් රාජ්කුමාර් බී.බී.සී. දෙමළ සේවයට එසේ පැවැසීය.

‘මොකද ඔහු දෙමළ ජාතිකයෙක් නිසා. ඔහු ජනප්‍රිය වූ නිසා. නමුත් ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ.‘

චිත්‍රපටයේ නිෂ්පාදකයන් වන ඩාර් මෝෂන් පික්චර්ස් ( ද ලන්ච්බොක්ස් සහ අග්ලි බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයන්) සහ මූවි ට්‍රේන් මෝෂන් පික්චර්ස් මේ චිත්‍රපටය 2021 මුල් භාගයේදී රූගත කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි. ප්‍රධාන නළුවකු නොමැතිව එය දැන් නොකෙරෙන බවක් දිස්වෙයි.

නමුත් තම ජීවිත කතාව තිරගත වනු ඇතැයි මුරලිදරන් විශ්වාස කරයි.

‘එය නිෂ්පාදනය වනු ඇති. එය තමිල්නාඩුවට පමණක් නෙවෙයි. නිෂ්පාදකයන් මුම්බායි නුවර අය. එය දෙමළ, සිංහල, හින්දි, බෙන්ගාලි, තෙළිඟු, මලයාලම් හා ඉංග්‍රීසි උපසිරස්තල සහිතව ආදි වශයෙන් විවිධ භාෂාවලින් කිරීමට ඔවුන්ට අවශ්‍යයි.‘ ඔහු කියයි. 

‘ඒක ක්‍රීඩා චිත්‍රපටයක්. ඒක කොහොමද මතභේදාත්මක වෙන්නේ..?‘

නමුත් 800 වටා ඇති විරෝධතා යෝජනා කරන්නේ මේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයාගේ කතාව දේශපාලනයෙන් බෙදා වෙන් කිරීම අසීරු වනු ඇති බවය.

(බී.බී.සී. වෙබ් අඩවිය ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

බියගම පොලිස් ස්ථානාධිපති ලක්මාල් අමරසේකර හදිසියේ මිය යයි

Next Post

පාස්කු කොමිසමේ විමර්ශන පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.