බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මියන්මාර හමුදා ආණ්ඩුවේ අත් අඩංගුවට පත් ශ්‍රී ලංකා ධීවරයින්ගේ ඛේදවාචකය!

by editor
දෙසැම්බර් 27, 2023
in සමාජ
මියන්මාර් හමුදා රජයේ අත් අඩංගුවට පත් රයන් පුතා යාත්‍රාව...

මියන්මාර් හමුදා රජයේ අත් අඩංගුවට පත් රයන් පුතා යාත්‍රාව...

Share on FacebookShare on Twitter

බීබීසී –

මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන් අටදෙනෙකු කළුවර කාමර දෙකක් තුළ සිරගත කර ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත.

දෙසැම්බර් 2 වැනිදා මියන්මාර දේශ සීමාවේදී එරට නාවික හමුදාව විසින් මේ ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙය වාර්තා වුයේ මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ද වාර්තා වෙමින් පවතින පසුබිම තුළය.

කල්පිටිය ධීවර වරායෙන් “රයන් පුතා” බහුදින ධීවර යාත්‍රාවෙන් මේ ධීවරයන් පිටත්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 8 වැනි දිනයි. ඔවුන් නත්තලට පෙර නැවත ගම් බිම් බලා ඒමට නියමිතව තිබිණි.මේ ධීවරයන් කල්පිටිය,තලවිල හා අනුරාධපුරයේ පදිංචි කරුවෝ වෙති.

මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයන් අවස්ථා කීපයකදී ඥාතීන් ට දුරකතනයෙන් කතා කර ඇති අතර එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ තමන්ට නිසි අයුරින් ආහාර පවා නොලැබෙන අතර සිව් දෙනෙකු රෝගී තත්ත්වයේ සිටින බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

තමන්ට අමතරව තවත් බහුදින යාත්‍රාවක ධීවරයන් අටදෙනෙකුද මියන්මාර අත්අඩංගුවේ සිටින බව මේ ධීවරයන් දැනුම් දී තිබේ.

සබීතා සංජීවනි

මියන්මාරයේ සිරවී සිටින ධීවරයෙකුගේ බිරිඳක්වන කල්පිටියේ සබීතා සංජීවනි තම ස්වාමිපුර්ෂයා මුහුණ දී සිටින තත්ත්වය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියාය.

“මුදලාලි කිව්වා අපිට මියන්මාර හමුදාව අපේ ධීවරයන් අල්ලන් ගියා කියලා. ගමේ අයත් කිව්වා. ඊට වැඩිය කිසිම තොරතුරක් අපිට කියන්නේ නැහැ. ඉතින් මං ගොඩක් අසණරයි.

මගේ මහත්තයාව මට පුළුවන්තරම් ඉක්මනට ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලනවා. මගේ ගේ ඔක්කොම තෙමෙනවා. මට ඉන්නවත් තැනක් නෑ. ගෙදර මට උයන් කන්නවත් කිසිම දෙයක් නෑ. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියනවා අපේ මහත්වරුන්ටත් කන්න නැහැ කියලා. ඒ රටේ ඉන්න කෙනෙක් තමයි අපිට ඒ තොරතුරු දුන්නේ.”

මහේෂි ලක්ෂිකා කල්පිටියේ පදිංචිකාරිණියක වන අතර ඇගේ ස්වාමිපුර්ෂයා වන නිශාන් ධනුෂ්කද මේවන විට සිටින්නේ මියන්මාර අත්අඩංගුවේය. මහේශි කියා සිටියේ මේ වන තෙක් කිසිදු ආයතනයක් පැහැදිලි පිළිතුරක් මේ සම්බන්ධයෙන් ලබා දී නොමැති බවයි .

” බෝට්ටුව බෝඩර් පැනලා හින්දා එයාලව අත්තඩංගුවට අරන් කියලා තමයි අපිට ආරංචිය ආවේ . අපි මෙහෙන් ධීවර අමාත්‍යංශයේ නම්බර් හොයාගෙන ඒගොල්ලන්ට කතා කරද්දී පවා අපිට දැනුම් දුන්නේ බෝට්ටුව බෝඩර් පැනලා හින්දා අල්ලාගෙන ගියා කියලා . එහෙ අත්තඩංගුවේ ඉන්නවා කියලා.. කොච්චර කාලෙකට දඬුවම් දීලද කියලා තාම දන්නේ නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ මට දරුවෙක් ඉන්නවා .අවුරුදු දෙක හාමාරයි. ඇත්තටම මහත්තයා ගෙදර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. එයා ධීවර රැකියාවට ගියෙත් දරුවා නිසයි.ඒ වගේම මේ ය අතරේ රෝගීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට බෙහෙත් පවා නැහැ.”

මහේෂි ලක්ෂිකා

මහේෂි ලක්ෂිකා   කල්පිටියේ  පදිංචිකාරිණියක වන අතර   ඇගේ  ස්වාමිපුර්ෂයා වන නිශාන් ධනුෂ්කද මේවන විට සිටින්නේ මියන්මාර අත්අඩංගුවේය .

මේ පිළිබදව කළ වීමසීමකදී ධීවර දෙපාර්තුමේන්තුව කියා සිටියේ කල්පිටියේ හා මීගමුවේ බහුදින යත්‍රා දෙකක් මියන්මාර හමුදා ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවය.

එම යාත්‍රාවල ධීවරයන් 15 දෙනෙකු සිට ඇති බව ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

‘රයන් පුතා’ බෝට්ටුවේ හිමිකරු බීබීසී සිංහල සේවයට අද (දෙසැම්බර් 27වැනිදා) ප්‍රකාශ කළේ, මියන්මාර අත්අඩංගුවේ සිටින තම ධීවරයින්ට මාස තුනක කාලයකට ආහාර හා බෙහෙත් සැපයීම වෙනුවෙන් රුපියල් අටලක්ෂ හැටපන් දහසක මුදලක් ලබා දුන් බවය.

‘අපේ නියෝජිතයන් මියන්මාරය තුළ සිට නෙමෙයි වැඩ කරන්නේ.එයට හේතුව ඔවුන්ට මේ රටේ නිදහසේ වැඩ කිරීමේ නොහැකියාව .  හමුදා පාලනය ඊට ඉඩක් ලබා දෙන්නේ නැහැ.” මේ පිළිබඳව කළ විමසීමකදී ලෝක ධීවර සම්මේලනයේ මහ ලේකම් හර්මන් කුමාර පැවසීය.

“අපිට පුළුවන් වෙන්නේ අපේ නියෝජිතයන් හරහා මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න පමණයි . මේ සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතුයි.”

“අපිට දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව යැන්ගොන් කියන පොලිසියේ තමයි මේ පිරිස රඳවා තිබෙන්නේ. මේ පිරිස බලා ගන්න වගකීම මුලික වශයෙන් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට තිබෙනවා. ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට තිබෙනවා. අපිට පෙනෙන විදිහට මේ සියලු ආයතන තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කර නැහැ. මේ ධීවරයන්ට යම්කිසි කරදරයක් සිදු වුව හොත් මේ සියලුදෙනා වගකියන්න ඕනෑ.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු සෞඛ්‍ය ඇමතිගේ නීතිඥයා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක්… කෙහෙළියගේ සදාචාරය කුමක්දැයි වෘත්තිය සමිති අසති!

Next Post

ඌරු උණ වෛරසය සහිත චීනයෙන් ආනයනය කළ මස් තොගයක් වැලිසර ගබඩාවක… වෛරසය ඇතුළුවුනා නම් රටේ ගොවිපල ඉවරයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.