බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මහින්දානන්දලා නෙරපා දැමූ මහාචාර්ය බුද්ධි මාරඹේ අන්තිමට මේ රටට කියා ගිය තිගස්වන කතාව….

අනාගතයම විනාශ කළ හැකි ඔය චීන පොහොර තොගය ගොඩබෑමේ ජාතික අපරාධය කරන්න එපා... මහාචාර්ය බුද්ධි මාරඹේ..

by editor
ඔක්තෝබර් 27, 2021 - Updated on ඔක්තෝබර් 28, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

මහාචාර්ය බුද්ධි මාරඹේ මේ රටේ සිටින කාබනික ගොවිතැන සම්බන්ධව සිටින ලෝකය පිළිගත් ප්‍රමාණික විද්වතෙකි. මේ රට මහා ව්‍යසනයන්ගෙන් ගලවා ගත්,  ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන්ට අනුකූලව පරිසර ය සහ මිනිසා ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රමිති සකස් කිරීමේ කමිටුවේ වසර හයක සේවය කළ විශිෂ්ටයෙකි. දේශගුණික විපර්යාස සහ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙනුත්  පැලෑටි විද්‍යාව සම්බන්ධයෙනුත් දිගින් දිගට ම පර්යේෂණ සිදුකරමින් 2003 වසරේ සිට පේරාදෙණිය සරසවියේ මහාචාර්යවරෙයෙක් ලෙස කටයුතු කළ ප්‍රමාණිකයෙකි.

මේ වනවිට චීන නැවක පටවාගෙන රටට තර්ජනය කරමින් සිටින කාබනික ජෛව බෝම්බයක් බඳු පොහොර තොගයෙන් සිදුවියහැකි ව්‍යසනය සිය ලෝක සම්භාවිත පර්යේෂණ දැනුමින් විග්‍රහ කිරීමේ වරදට මහින්දානන්දගේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඔහුව අමාත්‍යාංශයේ සියලු තනතුරුවලින් ඊයේ නෙරපා දැම්මේය.

මේ නෙරපා දැමීමෙන් අනතුරුව සිය ප්‍රථම  සම්මුඛ සාකච්ඡාව ලබා දෙමින් ලංකසර වෙබ් අඩවිය හා කළ සංවාදය මෙසේ පෙළගස්වමු. මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය.  

  • කාබනික වගාවෙ කළ හැකි සහ නොකළහැකි දේ ගැන අපි ප්‍රායෝගික පරීක්ෂණවලින් අත්දැකලා තිබුනා.  ඒ අත්දැකීම් පිළිගත්තා නම් අද මේ රට සාර්ථක කාබනික ගොවිතැනක් කරනවා…

  • වැරදි තීරණ විද්‍යාත්මක පදනමක පිහිටා නැවැරදි කිරීමට උත්සාහ කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනයක් නොවෙයි… එහෙම හිතනවා නම් මට ඒ ගැන කරන්න දෙයක් නෑ…

  • කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ නැවේ තිබෙන ලංකාවට නොසුදුසු පොහොර තොගය ලංකාවේ පොළවට ගොඩ බාන්න තබා කිට්ටු කරන්න හෝ හීනෙන් වත් හිතන්න එපා. අපි වන්දි ගෙවන්න බැරි වරදක් මේ පොලොවට, මේ රටේ අනාගතයට සිදුකළ වරදකරුවෝ වේවි.

මහාචාර්ය බුද්ධි මාරඹේ
  • ප්‍රශ්නය – ඔබව කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු තනතුරුවලින් ඉවත් කළා කියලා  නිවේදනයක් නිකුත් කරලා තියනවා. ඔබව අයින් කළේ ඇයි.

පිළිතුර – මා ඉවත් කළ බව මා දැනගත්තේ මාධ්‍ය හරහා පමණයි.  ඒ හැර ලිපියකින් හෝ ඇමතුමකින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මා වෙත තවමත් නිල දැනුම් දීමක්   සිදු කර නැහැ.

යම් හෙයකින් මව ඉවත් කර ඇත්නම් ඒ සඳහා ඔවුන්ට අයිතියක් තිබෙනවා. මම පත් කළා වගේම අයින් කරන්නත් ඔවුන් ට පුළුවන්. පත්කරන්නට වගේම ඉවත් කරන්නටත් අයිතිය ආණ්ඩුවට තිබෙනවා.. මට මේ මොහොතේ මගේ පැත්තෙන් කිව හැක්කේ මගේ විද්‍යාත්මක දැනුමෙන් මම ඒ අයට ඉතා හොඳ සේවයක් ලබා දුන්නා කියන එකයි… මම ඒ ගැන ආඩම්බරයි…”

  • ප්‍රශ්නය – කෘෂිකර්ම අමාත්‍යවරයා ඔබට චෝදනා කරනවා ඔබ රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කරනවා, ඔබ විශ්විද්‍යාල ප්‍රජාව ප්‍රකෝප කරන ප්‍රකාශ නිකුත් කරනවා කියලා. ඔබ එහෙම කළා ද?.

පිළිතුර – මම මගේ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන යම් කිසි දෙයක් විග්‍රහ කරනවා විනා පදනමක් නැතුව විවේචනය කරන්නේ නෑ. මා හුදෙක් කරන්නෙත් ශාස්ත්‍රීය සේවයක් පමණයි. දේශපාලන දැක්මක් මට නැහැ.

  • ප්‍රශ්නය – ඇයි රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කළේ?

පිළිතුර – රටට නුසුදුසු ඕනෑම ප්‍රතිපත්තියක් විවේචනය කරන්න තරම් ශක්තියක් මට තියෙනවා. මොකද අපි උගත් දෙයින් අපේ රට ගහකොළ සතා සීපාවා ගේම මිනිස්සු ආරක්ෂා කරගත යුතුයි. ඒක කෙනෙක් විවේචනයක් ලෙස දැකිය හැකියි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

  • ප්‍රශ්නය – ඇයි ඔබ කාබනික වගාවට මේ තරම් අකමැතියි කියලා රජය කියන්නෙ.

පිළිතුර – (සිනාසෙයි..) මම කාබනික වගාවට අකමැති නැහැ.  කාබනික වගාව ගැන දශක ගණනක්  පර්යේෂණ කරල එහි නිශ්චිත ප්‍රතිඵල ලෝකයට දුන්න කෙනෙක් මම.

මගෙ ආචාර්ය උපාධිය ලබාගත්තේ  ජපානයේ හිරෝෂිමා විශ්වවිද්‍යාලයෙන්.  සත්ව අපද්‍රව්‍ය වලින් සකසනු ලබන කොම්පෝස්ට් සහ එම කොම්පෝස්ට්වලින්   ස්වභාවිකව ඇති වන විෂ ද්‍රව්‍ය යොදා වල් පැලෑටි මර්දනය කිරීම යන  ව විෂයන් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලට තමයි මට ආචාර්ය උපාධියත් හිමි වුනේ.

ශාක පරිසර විද්‍යාවට   සත්ව ද්‍රව්‍ය වලින් සකසන කොම්පෝස්ට් කුමන මට්ටමේ බලපෑමක් ඇති කරයිද යන්න ගැන මා පුළුල් ලෙස පරීක්ෂණ කළ කෙනෙක්.  කොම්පෝස්ට් නිෂ්පාදනය කොම්පෝස්ට්වල ඇති පෝෂකවල හැසිරීම අපද්‍රව්‍ය වලින් ඇති වන හානිය ශාකවල බීජ ප්‍රවාහයට ඇතිවන බලපෑම, ශාක වර්ධනයට ඇති වන බලපෑ ඇතුළුව පුළුල් ක්ෂේත්‍රයක අප විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුකරලා එහි ප්‍රතිඵල ලෝකයට දීලා තියනවා.

මගේ විෂය කාබනික වගාව. මා  ඊට අකමැති වෙන්නෙ ඇයි?. ගැටලුව තියෙන්නේ විෂයේ මූලධාර්මික පදනම අවභාවිත වීමයි. එය පිළිබඳව සංවාදයක් ඇති කිරීම කාබනික වගාවට අකමැතිවීම ලෙස අර්ථ දැක්වෙනවා නම් ඒක මගේ ගැටලුවක් නොවේ.

තවත් දෙයක් කිව යුතුයි.

මා කාබනික වගාව මේ රටේ ප්‍රායෝගික කරන්න විද්වත් මණ්ඩලයක් එක්ක කටයුතු කරන්න ගත්තෙ  වර්ෂ 1999- 2003 කාලෙදි.  අපි ලංකාවෙ කාබනික කෘෂිකර්මාන්තයෙ ප්‍රායෝගික අවස්ථා සම්බන්ධයෙන් විද්වත් මඩුල්ලක් සමග එක්ව කටයුතු කළා.

කාබනික වගාව සාර්ථකව කළ හැකි අන්දම පිළිබඳ ප්‍රථම වතාවට ගොවීන් තුන්සියයක් පමණ සහභාගී කරවාගෙන ගන්නෝරුව පැළෑටි ජාන මධ්‍යස්ථානයේ දී 2002 වසරේ සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. ඊට සහභාගි වූයේ එවකට කෘෂිකර්ම ඇමති එස් බී දිසානායක ඇමැතිවරයා. ඔහු පැමිණියේ උත්සවය ආරම්භක අවස්ථාවට පමණයි. නමුත් අපගේ වැඩපිළිවෙළ අවබෝධ කරගෙන ඔහු වැඩසටහන අවසන් වන තෙක්ම අප සමඟ රැඳී සිටියා. එට ඉතා සාර්ථකව සිද්ධ වෙච්ච වැඩසටහනක්.

කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ අගය එකතු කරල ද  ඵලදායි වගා ක්‍රමයක්. ඒ ඔස්සේ ඉතා හොඳින් විදේශ විනිමය උපයන්න හැකියාව තියනවා. කිසිම තර්කයක් නෑ.  අපි මෙම වගාක්‍රමය දියුණු කරන්න ඕනේ.

මේ වගේ ප්‍රායෝගික ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්වලදි අප හඳුනගත්තා කාබනික ගොවිතැනෙන් කළ හැකි දේ සහ කළ නොහැකි දේ මොනවද කියන එක. මොකද අපි ජීවත් වෙන්නේ මිථ්‍යාව රජ කරන ලෝකයක. ඉතින් කළ හැකි දේ කළ නොහැකි දේ හඳුනා ගැනීම ඉතා වැදගත් බව අප අවබෝධ කරගත්තා. “

අප එදා අවබෝධ කරගත්තු ප්‍රායෝගිකව කළ හැකි දේ සහ කළනොහැකි දේ  මත පදනම්ව දිගටම කටයුතු කළා නම් මේ වෙන විට කාබනික වගාව සාර්ථක මට්ටමෙන් දිවයින පුරා ව්‍යාප්ත කරන්න තිබුණු බව නම් ඔබට සහතික කර කිව හැකියි.  ”

  • ප්‍රශ්නය – ඔබ රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂවරයෙක් කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ලිඛිතව චෝදනා කරනවා.

පිළිතුර – මා මගේ සේවය රාජ්‍ය හා පෞද්ගලික අංශය යන දෙඅංශයටම ලබාදී තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම මා පිටස්තර පුද්ගලයෙකු ලෙස පිටස්තරව සිට ම තමයි ඔවුනට සේවය ලබා දුන්නේ. කෙටියෙන්ම කියනවනම්  පූර්ණ කාලය ම යෙදවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කෘෂිකර්ම පීඨයේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසායි.

ඔය කියන කතාවට මූල හේතුව මේකයි. වර්ෂ 2009 දී එවකට උපකුලපතිවරයාට ආරාධනාවක් ලැබී තිබුණා සීඅයිසී ආයතනයේ කටයුතු සඳහා මගේ සේවය ඉල්ලලා.  ඒ අනුව උපකුලපතිවරයා මා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ කටයුතු ශිෂ්‍ය කටයුතුඥ, දින කටයුතුවලට බාධා නොවන අයුරින් ඔවුනට එම සේවය ලබා දෙන ලෙස.

ඒ අනුව මම සීඅයිසී ආයතනයේ  ප්‍රධාන පාලක මණ්ඩලයට එකතුවෙලා වසරකට දින හයක් ඒ අයගෙ රැස්වීම්වලට සහභාගි වුණා. මගේ තාක්ෂණික   දැනුම ලබා දුන්නා. ඒ සියල්ල සිදු කළේ විශ්වවිද්‍යාල කටයුතුවලට බාධා නොවන අයුරින් කියලා මම දැනුත් කියනවා.

2018 වසරේ එම ආයතනයේ විවිධාංගීකරණ කටයුතු හේතුවෙන් මා ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වුණා. පෞද්ගලික පොහොර ආයතනයක සේවය කරනවා කියන චෝදනා එන්නේ මේ හරහා. ඒ චෝදනාව කරන්නේ ඇත්ත නොදන්නා පිරිස් පමණ යි…..”

  • ප්‍රශ්නය – ඇත්තටම ඔබ ආණ්ඩුවෙ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ආපු රසායනික පොහොර සමාගම් නියෝජිතයෙක් ද?

පිළිතුර – කොහෙත්ම නෑ. මම පොහොර සමාගම් නියෝජිතයෙක් විදියට කටයුතු කළෙත් නැහැ. ඒ හැමදෙනාටම උවමනා වුණේ මගේ විද්‍යාත්මක පරීක්ෂණ මත ගත් නිගමන සහ ඒවා ඒ අයගේ නිෂ්පාදන සඳහා යෙදවිය යුත්තේ කෙසේද යන තීරණ ගැනීම් සඳහා මගේ දැනුම පමණයි.

  • ප්‍රශ්නය – දැන් චීන පොහොර තොගය රටට ඇවිත් තියනවා. ඔවුන් විශාල බලපෑම් කරමින් තවමත් නැව රඳවාගෙන ඉන්නවා. මේ විදිහ ගැන ඔබ කියන්නෙ මොකක්ද?

පිළිතුර – ඇත්තටම මේක ප්‍රශ්නාර්ථයක්. දින වකවානු හරිහැටි ගලපලා බැලුවම පරීක්ෂණ සිදු වූ දින වාර්තා එළිදැක්වූ දින සහ නැව චීනෙන් පිටත් වූ දිනය අතර ආන්දෝලාත්මක කතාවක් තියෙනවා. නමුත් ඒකෙ වගකීම ගන්න කෙනෙක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිවම කියා සිටිනවා ඔහුගේ අත්සනක් නොමැති ව කිසිදු අවස්ථාවක නැවේ තිබෙන පොහොර තොග ලංකාවේ ඇතුළට ගන්න බැහැ කියලා. එය තමයි මේ රටේ සම්මත නීතිය. වලංගු නෛතිකභාවය.  මේ වගේ පසුබිමක් මත මේ පොහොර ගනුදෙණුව සඳහා මැදිහත්ව කටයුතු කලේ කවුද යන්න තවමත් සැකයක්.

  • ප්‍රශ්නය – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියනවා චීන පොහොර තුන්වන සාම්පල් පරීක්ෂාවක් කරන්න ඕන නෑ. පොහොර ප්‍රතිකෂේපිතයි කියලා. රාජ්‍ය ඇමති කියනවා තුන්වන සාම්පලයක් පරීක්ෂා කරන්න රජය එකඟ වුනා කියලා. මේ තත්වය රටට බලපාන්නෙ කොහොම ද?

පිළිතුර – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා පැහැදිලිවම කියන්නේ නැවේ තිබෙන පොහොර නැවත පරික්ෂා කළ යුතු නැහැ කියලා. ඒ අතර වෙනත් උදවිය වෙනත් ක්‍රියාමාර්ග ගන්නවා ද කියන්න මම නිශ්චිත වශයෙන් දන්නේ නැහැ. මොකද ඒ බව මට දැනුම් දීලා නැහැ. නමුත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ නැවේ තිබෙන ලංකාවට නොසුදුසු පොහොර තොගය ලංකාවේ පොළවට ගොඩ බාන්න තබා කිට්ටු කරන්නවත් හීනෙන් වත් හිතන්න එපා. අපි වන්දි ගෙවන්න බැරි වරදක් මේ පොලොවට, මේ රටේ අනාගතයට සිදුකළ වරදකරුවෝ වේවි.

මා මේ ප්‍රකාශය කරන්නෙ මගෙ දැනුම මත පදනම්වයි.  මේ පොහොර අපේ පසට අතිශයින්ම නුසුදුසුයි. ඒ නුසුදුසු බවය අප වරින් වර පෙන්වා දුන්නා. මා පමණක් නෙවෙයි කෘෂි  ක්ෂේත්‍රයේ ආචාර්ය මහාචාර්යවරු තරුණ විද්‍යාඥයෝ පර්යේෂකයෝ මේ සියලු දෙනාම ඉතා හොඳින් දන්නවා මේ කියන චීන නැවේ තිබෙන්නෙ ශාක නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට නොගැලපෙන පොහොර කියලා. ඒ පොහොර තොගය මේ රටට  අතිශය භයානකයි කියලා.

  • ප්‍රශ්නය – ඔබ ප්‍රමිති සකස් කරන කමිටුවේ සභාපතිවරයා . මේ මොහොතේ ඔබ ඉන් ඉවත් කළ බවට සමාජජාලාවල ප්‍රවෘත්ති පළ වෙනවා. මේ සම්බන්ධයෙන් මේ මොහොතේ ඔබ දරන මතය කුමක්ද.?

පිළිතුර – මා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන්ට අනුකූලව පරිසර ය සහ මිනිසා ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රමිති සකස් කිරීමේ කමිටුවේ වසර හයක සේවය සපයන අයෙක්.

යහපත් කෘෂිකර්ම ප්‍රමිතීන් සම්පාදනයේ දී සෘජු තීරණ ගන්න අපිට හැකි වුණා. අද කතා කරන 1704 ප්‍රමිතිය නොවෙන්නට අද රටේ පරිසරයට විශාල තර්ජනයක් එල්ල වෙලා. 2010 වසර වන විට ආනයනික රසායනික පොහොර සඳහා ප්‍රබල ප්‍රමිතීන් තිබුනෙ නෑ. මට පෙර සභාපතිත්වය ඉසිලූ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වීරකෝන් ආරම්භ කළ ප්‍රමිති සකස් කිරීම සාර්ථකව නිම කිරීමට හැකියාව මට ලැබුණා.

මෙම ප්‍රමිති විශ්ලේෂණය කරමින් රටතුළ ට විදෙස් රටවලින් පැමිණි ය හැකි විවිධ උපද්‍රව වලක්වා ගැනීමට අප කටයුතු කළා. 1704 ප්‍රමිතිය ඊට බෙහෙවින් සහාය වුණා.

කෙසේ වෙතත් මේ වග ඔබට කිව යුතුයි. යම් හෙයකින් මේ ප්‍රමිති වෙනස් කළොත් රටට ඇතිවන්නේ භයානක තත්ත්වයක්.

  • ප්‍රශ්නය – මේ කාබනික වගා පටලැවිල්ලෙන්  සිදුවන විනාශයක් වෙනව ද?. එය කොයි වගේ එකක් කියලා ඔබ හිතනව ද?

පිළිතුර – ඇත්තෙන්ම මේ කාබනික වගාවෙන් සිදු වන හානිය කොයි කොයි තරම්ද කියලා ගණනය කරන්න පෙර සුදුසු පරිදි කාබනික වගාවක් රට තුළ ඇතිකරන්න උත්සහ ගන්න ඕනේ. පරිසරය සහ මිනිසා යන දෙකොටස ආරක්ෂා වූයේ නැත්නම් රටට පැවැත්මක් නැහැ. වෙනත් අන්දමකින් කාබනික පොහොර රටට සුදුසු ලෙස රට තුළ නිෂ්පාදනය කර ගැනීම හෝ රටට ගැළපෙන පරිදි කාබනික පෝර ගෙන්වීමට හෝ කටයුතු කරමින් ගොවියා දිරිමත් කිරීමට රජයට හැකියාව තිබෙනවා.

රටට නොගැලපෙන, පරීක්ෂණ වාර්තා අසමත්, විනාශකාරී පොහොර තොගයක් ගැන නැවත කතා කළයුතු වත් නැහැ.

නැවතත් මේ රටට කිව යුතුයි. මේ පොහොර තොගය ගොඩබෑවොත් සිදුවන්නෙ බිහිසුණු ව්‍යසනයක්. එය නැවත පුනරුත්ථාපනය කරන්න බැරි වේවි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසාදමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරය විවෘත වෙයි

Next Post

එන්නත් කාර්ඩ්පත අනිවාර්ය කිරීමේ කිසිදු තීරණයක් නෑ… සෞඛ්‍ය අංශ කියයි! 

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

Comments 1

  1. Prof S. A. Kulasooriya says:
    වසර 5ක් ago

    I fully agree with the statements of Prof Marambe regarding the import of contaminated organic fertilizers. As the founder professor of microbiology in the Faculty of Science, UoP, I would like to add that the dangers of using such material could be irreparable. Even I was marginalised from consultations when I objected to the import of organic fertilizers. It’s really lamentable when politicians ignore genuine advice and resort to such decisions with ulterior motives.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.