සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මංගල ඡන්දය දැමීමට පෙර ට්‍රම්ප් මරන්න හැදූ තරු සම්මාන ලැබූ උපාධිධාරී කොළුගැටයා!

ගණිත සහ විද්‍යා දැනුම උරගා බලන ජාතික තරගාවලියේ දී තරු සම්මාන ලද උපාධිධාරි තරුණයෙක්...

by editor
ජූලි 14, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඝාතනය කිරීමට තැත් කිරීමේ සැකකරු ලෙස පෙන්සිල්වේනියාවේ බෙතෙල් පාර්ක්හි 20 හැවිරිදි තරුණයෙක්වන තෝමස් මැතිව් කෲක්ස් හඳුනාගෙන ගත් බව FBI ප්‍රකාශ කළේය.

පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැළියක කතා කරමින් සිටි ට්‍රම්ප්ගේ වේදිකාව දෙසට වෙඩි තැබූ බව කියන සැකකරු එම සිද්ධිය වී තත්පර කිහිපයකින් රහස් ඔත්තු සේවය විසින් වෙඩි තබා මරා දමනු ලැබුවේය.

මේ දැක්වෙන්නේ ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහොතය රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබූ අයුරුය.

ප්‍රහාරයේ චේතනාව නිශ්චය කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන FBI ප්‍රකාශ කර ඇත්තේ රැලියට සහභාගී වූ අයෙකු මිය ගිය බවත් රැළියට එක් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති. බවත්ය. වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප් ගේ කන් පෙත්ත සිදුරු වී තිබිණි.

මැතිව් කෲක්ස් ජීවත් වී ඇත්තේ බට්ලර්හි වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට පැයක් පමණ ගමන් දුරකිනි. එමෙන්ම කෲක්ස් ලියාපදිංචි රිපබ්ලිකානුවෙකු බව ප්‍රාන්ත ඡන්දදායක වාර්තා පෙන්වා දෙයි. එළැඹෙන නොවැම්බර් 5 මැතිවරණයට මැතිව් කෲක්ස් ඡන්දය ලබා දෙන්නට නියමිතව සිටියේ සිය ජීවිතයේ මුල්ම අවස්ථාවට ය. ජනාධිපතිවරණ සටනක ඡන්දය දීමට තරම් ඔහු වයසින් මුහුකුරා ගිය පළමු අවස්ථාව මෙයය .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෲක්ස්ගේ ගේ පියා 53 හැවිරිදි මැතිව් කෲක්ස් පැවසුවේ තමා ද මේ සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමට උත්සාහ කරන බවය. තම පුතා ගැන කතා කිරීමට පෙර නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ කතා කරන්නනට තමන් බලා සිටින බව ඔහු CNN වෙත පවසා තිබිණි.

තෝමස් කෲක්ස් 2022 දී බෙතෙල් පාර්ක් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් තරුණයෙකි. ඔහු ගණිත සහ විද්‍යා දැනුම් උරගා බලන National Math and Science Initiative ජාතික ඉසව්වෙන් වෙතින් ඩොලර් 500 ක “තරු සම්මානයක්” ලබා ගත් තරුණයෙකි.

නිව් යෝර්ක් ටයිම්ස් විසින් උපුටා දක්වන ලද 2022 උපාධි ප්‍රදානෝත්සවයේ වීඩියෝවක් පෙන්නුම් කරන්නේ කෲක්ස් ඔහුගේ උසස් පාසැල් ඩිප්ලෝමාව ප්‍රශංසාවට ලක් කරමින් ලබා ගන්නා ආකාරයයි.

එම උත්සවයේ වීඩියෝව අන්තර්ජාලයේ පළ කර ඇත්තේ කෲක්ස් කළු උපාධි ඇඳුම සහිතව කණ්නාඩි පැළඳ පාසල් නිලධාරියෙකු සමඟ පෙනී සිටින ආකාරයයි.

නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සෙනසුරාදා කියා සිටියේ කෲක්ස් වෙඩි තැබීම සිදු වූ ස්ථානයට කිසිදු හැඳුනුම්පතක් රැගෙන නොගිය අතර වෙනත් ක්‍රම භාවිතා කරමින් හඳුනා ගැනීමට සිදු වූ බවය.

එෆ්බීඅයි භාර විශේෂ නියෝජිත කෙවින් රොජෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් පිළිබඳ හඳුනා ගැනීම් තහවුරු කිරීමට ඩීඑන්ඒ පරීක්ෂණ වෙත යොමු වී ඇති අයුරුය.

මේ වනවිට තෝමස් මැතිව් කෲක්ස්ගේ නිවස පිටත නීතිය බලාත්මක කිරීමේ ආයතනව වාහන දුසිම් ගණනක් ස්ථානගත කර ඇති අයුරු USA Today වාර්තා කරයි. මධ්‍යසාර, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජිතයෝ ද එම ස්ථානයේ වෙති. බෝම්බ නිශ්ක්‍රීය අංශයේ විශේෂඥ කණ්ඩායමක් ද සැකකරුගේ නිවසේ විමර්ශනයට එක් වී සිටින බව USA Today වාර්තාවේ දැක්වේ. සැකකරුගේ නිවස වටා කහ පොලිස් අනතුරු ඇඟවීමේ පටියක් ඇද ආරක්ෂා කර ඇත.

මේ කොලුවා මේ සිදුකළේ කුමක් ද?. ලෝකයම වික්ෂිප්තව විමසන්නේ එය ය. පහත දිගුවෙන් රොයිටර් වාර්තාව වෙත යා හැකිය.

https://www.reuters.com/world/us/heres-what-we-know-about-thomas-matthew-crooks-suspected-trump-rally-shooter-2024-07-14/

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝවිලට ගිය සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ තරුණයින් 03ක් අත් අඩංගුවට…

Next Post

හෙළිකොප්ටරයෙන් මල් ඉසිද්දී ඒ ජනාධිපති සහ මේ ජනාධිපති එක්ව දීඝවාපී දාගැබේ ධාතු නිධන් කරති…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.