අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බෞද්ධ ලෝකයේ නොවියැලෙන කඳුළු තුළ දියවුණු ම්ලේච්ඡ ඝාතනය

 අරන්තලා භික්ෂු ඝාතනයට අදට අවුරුදු 33 යි.

by editor
ජූනි 2, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

එස්. අමර බන්දු –

පුරා වසර 33 ගතවී ඇත. එහෙත් තවමත් ඒ මතකය සියොලඟ හිරිගඩු නන්වයි. බෞද්ධ සමාජය බිහිවී හැදී වැඩුණු සහශ්‍ර දෙකක කාලය තුළ මහා බරසාර අධ්‍යාත්මික ගැඹුර ප්‍රකාශ කළේ මහා සංඝරත්නය විසිනි.  බෞද්ධයෝ චීවරයෙන් සංකල්පීය ලෙස බුදුන් දුටුවහ. මීට වසර 33කට පෙර ඒ ඝාතකයන් කපා කොටා මරණීය වේදනාවට පත් කලේ පුද්ගලයින් සමූහයක් නොව, සමස්ථ ලෝක වාසී බෞද්ධයන්ගේ හදවතේ ගැඹුරුම පත්ලේ තැන් පත් වී තිබූ සංවේදනාවන්ය.  වසර 33 ගතවූ මොහොතේ පවා හඬා වැටෙන වේදනාවකින් ඒ අතීත පවත සිහි කරන්නට අප පොළඹවන්නේ ඒ වේදනාව ය.

අරන්තලාව භික්ෂු ඝාතන සිද්ධියේ දී යළි යළිත් සිහිවන මහා පුරුෂයෙක් වෙති. ඒ හෑගොඩ ඉන්දසාර හිමියන්ය. හෑගොඩ නිග්‍රෝධාරාමයේ පැවිදිවන උන් වහන්සේ  දිගාමඬුල්ලට වැඩම කරන්නේ වර්ෂ 1956 දී ය. එවකට මුළු ගල්ඔය මිටියාවතටම තිබුණේ විහාරස්ථාන 04 කි. මුළු දගාමඬුල්ලේම බෞද්ධ ප්‍රබෝධය ගොඩනැගෙන්නේ උන්වහන්සේ වටාය. එතුමෝ කුල දරුවන් පැවිදි කරවමින්, සංඝ සමාජය පෝෂණය කරමින් විහාරස්ථාන 40ක්  දිගාමඬුල්ල පුරා පිහිට වූහ. උන්වහන්සේ තවත් සංඝයා වහන්සේ පිරිසක් සමග ඝාතනය වන්නේ මේ ධර්ම ප්‍රවර්ධන මෙහෙවර දිගාමඬුල්ල කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යමින් සිටි අවස්ථාවේ දී ය.

ඒ වර්ෂ  1987 ජුනි 02 වනදා ය. ඉන්දසාර හිමියන් කැළණියට දිගාමඬුල්ලේ සිට කැළණියට වැඩම කිරීම සැලසුම් කර තිබුණේ කතරගම දක්වා ධර්ම ප්‍රචාරය කරමින් පා ගමනින් වඩින්නයට. උන්වහන්සේ ඒ ගමනයට අම්පාර විද්‍යානන්ද පිරිවෙණේ කුඩා හිමිවරු එක් කරගන්නට අදහස් කරගෙන සිටියහ.  ඒ අවුරුද්දේ ගම්උදාව සංවිධානය කර තිබුණේ කතරගමය. ඒ වනවිට ඉන්දසාර හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිනමක් වූ කිරිඳිවෙල සෝමරතන හිමියෝ කැලණිය සරසවියේ අධ්‍යාපනය ලබමින් උන්හ. කැලණියට වඩින ස්වකීය ගුරු හිමියන් හා සහෝදර සංඝයාවහන්සේ පිළිගන්නට සෝමරතන හිමියන් කටයුතු  සම්පදානය කර තිබුණහ.

ඝාතනයට ලක් වූ හිමිවරු

හිමිවරු 01 දා රාත්‍රියේ අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ සිට අම්පාර මහාවාපී විහාරස්ථානයට වැඩම කළහ. 02 දා අලුයම තුනට පමණ නැගිට සියල්ලෝම ගමනට සූදානම් වූහ. සැලසුම් කර තිබුණේ මහියංගනයේ දී හීල් දානය වැළඳීමටය. ගමන සඳහා අම්පාර ඩිපෝවේ 60 ශ්‍රී 3599 දරන කුඩා තනිදොර බස්රථය පැමිණ තිබිණි.  බස්රථයේ රියදුරා සමරපාලය. කොන්දොස්තර ජිනදාසය. ගිහියන් ලෙස වසන්ත ජයවර්ධන නම් තරුණයෙකුත්, සාමනේර භික්ෂුවකගේ පියෙකුත් ඇතුළු ගිහියෝ 04 දෙනෙක් වූහ.  සාමනේර වරුන් ඇතුළු භික්ෂූන්වහන්සේ 40ක් පමණ ගමන යන්නට එක් වී සිටියහ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

උදෑසන 6 ට ගමන ආරම්භ විය. ගමන සැලසුම් වී තිබුණේ උහන මාර්ගයේ මහනුවරට ගොස් දළදා වහන්සේ වැඳගෙන කැළණිය වෙත ගමන් කිරීමය.

මේ මග වැටී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයට නිරන්තර ලක්වන කලාපයක් හරහා ය.  ඒ අවධියේදී උහන පසුවන විට හමුවන නුවරගලතැන්න ගම්මානයට සහ අම්පාර මහඔය මාර්ගය දෙපස සිටි ජනතාවට විටින්විට රුදූරු ත්‍රස්ත ප්‍රහාර එල්ල විය.    මංගලගම යුධ හමුදා කදවුර ද පසු කරමින් පිම්මේ ඇදෙන බස් රිය  අරන්තලාව 28 කණුව ආසන්නයට ලඟා විය.

ඒ සමගම යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් මහමගට පැන බස් රිය නතර කරන්නට සංඥා කළේය. පෙනුම හමුදාවේ මෙනි. කිසිවෙක් කලබලයට පත් වූයේ නැත. එහෙත් බස් රියට ගොඩවුණු ඔහු ගිනි අවිය රියදුරු වෙත අමෝරා රථය මාර්ගයෙන් ඉවතට ගෙන කැලෑව දෙසට ගෙන යන්නට අණ කළේය.

“කරදර කරන්න එපා. මේ හාමුරුවරු ටික වන්දනා ගමනක් වඩින ගමන්.“ රියදුරු සමරපාල කීවේය. මේ ත්‍රස්තවාදීන් බව දැන් සියල්ලන්ටම පැහැදිලි විය.

ටිකෙන් ටික බස් රථය මාර්ගයේන් හැරි වැලි පාර දිගේ තේක්ක කැලය දෙසට  ගෙන යන්නට සමරපාලට බල කෙරී තිබිනි.

බස් රිය සැතැපුම් කාලක් පමණ කැලැව දෙසට ගියේය. රථය නවතන්නට අණ ලුබුණි. එහි සිටි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියා රථයෙන් බැස  ගියේය.  ත්‍රස්තවාදීහු සන්නද්ධව බස් රිය වට කොට සිටියහ. බස්රථයේ සිටි හිමිවරුන්ට මරණ බිය දැනෙමින් තිබිණි. බස් රථයට යළිත් ගොඩවු ත්‍රස්තයෙක් මනි, වොච්, වොච් යැයි පවසමින් බස් රථය තුළ සිටි හිමිවරුන්ගෙන් සහ ගිහියන්ගෙන් මුදල් සහ ඔරලෝසු එකතු කරන්නට පටන් ගත්තේය. මුදල් සහ ඔරලෝසු එකත් කළ ත්‍රස්තවාදිය ද බසයෙන් බැස ගියේය.

අනතුරුව මහ මගට පැන බස් රිය නැවත්වූ ත්‍රස්තවාදියා බසයට නැග්ගේය. අනතුරුව වෙඩි පිට වෙඩි තබා රියදුර සමරාලව මරා දැම්මේය. ඒ සමගම බස්රථයට ගොඩ වූයේ මිටි මහත බිහිසුණු පෙනුමක් සහිත මිනීමරුවෙකි. දැන් සාමනේරවරු මර බියේ ගැහෙමිනි. උන්වහන්සේලා ජීවිතය ඉල්ලා වැලපෙති. ඉන්දසාර හිමියෝ නැගී සිටියහ.

“ ඕනනම් මාව මරා දමපල්ලා.. හැබැයි මගේ දරුවෝ ටික මරා දමන්න එපා” එසේ පවසත්ම මාරක කඩු පහරක් උන්වහන්සේගේ හිස මත පතිත විය. උන්වහන්සේ ඒ පහරින් ඇද වැටිනි. අනතුරුව තවත් කඩු පහරක් උන්වහන්සේ මත පතිත විය. නා හිමියෝ ඒ ඝාතකයාගේ පහර කාගෙන අවසන් ගමන් ගියහ. උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ සිරුරට එක පිට එක කඩු පහර එල්ල වනවිට තවත් එකෙක් ගිනි අවියෙන් උන්වහන්සේගේ සිරුරට වෙඩි වරුසාවක් එල්ල කළේය.

අනතුරුව මොර ළදරු හිමිවරු කැති ගාමින් කොටි ත්‍රසත්වාදීන් බසය මස් මඩුවක් බවට පත් කරන්නට වූහ.  හිමිවරු මරණීය කෙඳිරියකින් අනතුරුව නිහඬ වූහ.

අද අම්පාර සාම විහාරාධිපති හඟුරන්කෙත පුඤ්ඤසාර හිමි එදා ඒ බස්රියේ සිදුවූ නින්දිත අපරාධය සියැසින් දැක අත්විඳ ජීවිතය බේරා ගැනීමට වරම් ලද හිමි නමකි. උන්වහන්සේ ඒ බිහිසුණු පවත මෙසේ සිහිගන්වති.

“මා හිටියෙ බස්රියේ පිටුපස අසුනක. වාවින්නේ ගුණවංශ හිමියන් එම අසුනේ වම් පසින් සිටියා.  මාපාකඩ විපුලසාර හිමියන් මගෙ දකුණු පසින් උන්නා. මරණ බිය සහ ජීවිතය කියන්නෙ මොකක්ද කියලා ඒ තත්පරයෙ මට තේරුණා. මුලු රථයෙන්ම ඇහෙන්නෙ මරණීය විලාපයක්. මගේ අම්මා තාත්තා මතක් කරන් මම ඔළුව ඔඩොක්කුවෙ ගහගත්තා… කපලා දාන මගෙ සහෝදර හිමිවරුන්ගේ ලේ වලින් මාව පෙඟිලා ගිහින්. ඒ අයගේ මරණීය කෙඳරියෙන් මාව විකල්වෙලා ගිහින්. මමත් හිටියෙ මැරිලා වගේ. මම ජීවතුන් අතරය කියන හැඟීම මට තිබුණෙ නෑ..“ උන්වහන්සේ මතක් කිරීමට අකමැති ඒ අතීත මතකයේ එක් අංශුවක් අප සමග කීහ.

“ ටිකකින් වෙඩි සද්දෙ නැවතුනා… ඇහෙන්නෙ මරණීය කෙඳිරියක් විතරයි. මං හිතුවා ඔක්කොම මැරිලා කියලා. යන්තම් ඔලුව උස්සලා බලනකොට දැක්කෙ කෑලි වලට කපලා දාලා ඉන්න නායක හාමුදුරවන් වහන්සේ. දකුණු පැත්තෙ හිටපු මාපාකඩ විපුලසාර හාමුදුරුවන්ගෙ හිස දෙපලු වෙලා… අනික් පැත්තෙ හිටපු වාවින්නෙ ගුණවංස හාමුදුරුවො කඩු පාරට ලක්වෙලා අවසන් ගමන් ගිහින්. ඒ තත්පරයක මතකය තාමත් මාව තිගස්සනවා.“ පුඤ්ඤසාර හිමියෝ කියති.

උන්වහන්සේත් සිටියේ වෙඩි වැදීමෙන් ලද තුවාලවල වේදනාව දරාගනිමිනි. සියල්ල දරාගෙන තවත් පැය බාගයකට ආසන්න කාලයක් ස්වකීයන්ගේ මල මිනී අතර මිනියක් සේ නිහඬව සිටින්නට පුඤ්ඤසාර හිමියෝ තීරණය කළහ.

තවත් ටික වෙලාවකින් ඒ ගැලවීමේ හඬ ඇසිනි.

“ තුවාල වෙච්ච හාමුදුරුවරු ඉන්නවානම් එළියට එන්න අපි හමුදාවෙන්“

බස් රථයෙන් ඇසෙන්නේ කෙදිරිලි හඬක් දෙකක් පමණි.

“අපි හමුදාවෙන්… බේරුණු හාමුදුරුවන් ඉන්නවා නම් එළියට එන්න. බය වෙන්න එපා“

එසේ කියමින් හමුදාවේ පිරිසක් බස් රථයට ගොඩවිය. ඒ සමගම හිමිවරු කීප නමක් කැපුම් තුවාල සහිතව වේදනාවෙන් හඬ නගමින් යම් චලන පෙන්වූහ. ඒ සැනින් තුවාල වී සිටි හිමිවරු අම්පාර රෝහලට කඩිනමින් රැගෙන ගියහ. බරපතල තත්වයේ සිටි උන්වහන්සේලා වහාම නුවර රෝහලට මාරු කර යැවිනි.

අවසානයේ හෑගොඩ ඉන්දසාර හිමි ඇතුළු හිමිවරු 31 නමක් හා ගිහියන් තිදෙනෙක් සහිතව 34 දෙනෙක් එක ගැන ඝාතනය වී සිටියහ.

මේ අයුරින් මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා දම්බරාවේ සෝනුත්තර‍, වලල්ලාවිට විමලඤාණ, ආඳා උල්පත බුද්ධසාර, හගුරන්කෙත පුඤ්ඤසාර යන හිමිවරු තුවාල ලබා වසර ගණනාවක්  ප්‍රතිකාර ගනිමින් උන්හ.   ප්‍රහාරයෙන් තුවාල ලැබු ආඳාඋල්පත බුද්ධසාර හිමි සදාකාලිකවම ආබාධයට ලක්වි බිබිල රිදිමාලියද්ද ප්‍රදේශයේ විහරස්ථානයක වැඩ වෙසෙති.

අදට ඒ නින්දාසහග ඝාතනය සිදුවී අවුරුදු 33 කි.    ගුරු හිමියන් ඇතුලූ මහා සඟරුවන ඝාතනය  කිීරිම සිහි කරමින් එලෙස ඝාතනයට ලක් වු සියලූ දෙනා හට පිං පෙත් අනුමෝදනා කරමින් අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති උතුරු නැගෙනහිර  අධිකරණ සංඝ නායක කිරිදිවෙල සෝමරතන නාහිමිපානන් සෑම වසරකදීම   සමාජ සද් කාර්යයන් රැසක් සිදුකරමින් සිටිති.

අරන්තලා භීක්ෂූ ස්මාරකය නිර්මාණය වන්නේ උන්වහන්සේගේ අනුදැනුම මතය. දැන් ඒ භූමියේ ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයක් ඉදි කිරීමට උන්වහන්සේ කටයුතු කර කර ඇත.

හෑගොඩ නාහිමිගෙන් පසුව දිගාමඩුල්ලේ බොදු උරුමය උදෙසා මහත් මෙහයක් ඉටු කරනු ලබන  අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය කිරිදිවැල සෝමරතන නාහිමියයෝ මෙසේ අදහස් දක්වති.

“සෑම ජුනි 02 වනදා අපවත්වු හිමිවරුන් වැඩසටහන්  රැසක් සංවිධානය කරනවා.  මෙවර කොරෝනා උවදුර නිසා සෞඛ්‍ය හා ආරක්ෂක බළධාරින්ගේ උපදෙස් මත  ආරාධිත අමුත්තන් නොමතිව  ජනපති සහ අගමතිතුමන්ගේලා සහ ආරක්ෂක ලේකම් තුමාගේ දැනුවත් භාවය මත එම අනුස්මරණ පූපෝත්සවය චාම්ව පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙම පුදබිම අපි ගොඩ  නැගුවේ දහසක්වු බාධක හා අපහසුතා මැද. මේ අරන්තලා ගම්මායන වතුර පොදක් රහිත අතිශය දුෂ්කර ගමක්. අරන්තලාව වැව සහ අරන්තලාව නගරය නිර්මාණය කරන්න  සැලසුම් පහුගිය කාලෙ තිබුණා. එය සිදුවුනොත්  මෙම ගම්මාන දියුණු වේවි. සෝමරතන හිමියෝ කියති.   අද උන්වහන්සේලා මේ බිම රකිමින් කුසට දානෙ වේලක් රහිතව අසීරු දිවියක් ගත කරති.

මෙම පින්බිම ගොඩ ගන්නට  ඔබගේ සහය අවශ්‍යය. ඒ සහයෝගය ලබා දෙන්න… එය ජාතියක් වශයෙන් කළ හැකි ප්‍රාර්ථනා කළ යුතු පුණ්‍යකර්මයකි.

 

 

Tags: විශේෂ
Share87Tweet43
Previous Post

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගය ගැන අවසන් තීන්දුව හෙට

Next Post

බන්ධනාගාර ඇතුළේ පාතාල වැඩ වහාම නතර විය යුතුයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.