බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බංකොලොත් රටවල් මළගෙවල් කිරීමට නියමිත ව්‍යසනය  දකිමින්  දේශපාලන හැළියේ   දිය කෙළින කකුළුවෝ…   

ගෝලීය ආහාර අර්බුධයේ සුළි කුණාටුව ලෝක විනාශය කරමින් හමා යන අයුරු .

by editor
ඔක්තෝබර් 17, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා

දැන් අප බංකොලොත් රටකි. මින් ඉතිහාසයේ අප බංකොලොත් වී සිටියේ නැත.

එහෙත් ණය හිමින්ට ගෙවිය යුතු ණය ගෙවීමට අපොහොසත්  වී රටවල් බංකොලොත් වීම ලෝකයට ඒතරම් අලුත් දෙයක්  නොවේ.  යුරෝපා මහාද්වීපයේ රටවල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක්, අප්‍රිකාවේ රටවල්වලින් 40%ක් සහ ආසියාවේ රටවල්වලින් 30%ක් පසුගිය සියවස් දෙක තුළ බංකොලොත්භාවය ප්‍රකාශ කළහ. මේ ඇතැම් රටවල් වසර කිහිපයකින් අර්බුධයෙන් ගොඩ ආවේය.  ඇතැම් රටවල් දීර්ඝකාලීනව අර්බුධයේ ප්‍රතිවිපාක විඳිමින් සිටිති.

නොසලකා හළ අනතුරු ඇඟවීම්

පශ්චාත් කොවිඩි – 19 වසංගත තත්ත්වය සහ යුක්රේන – රුසියා යුද්ධය නිසා ගෝලීය වශයෙන් ලෝකයේ දුප්පත්ම රටවල් බොහෝමයකට ඛේදනීය බලපෑම් එල්ලවන බවටත් ආර්ථිකය අස්ථාවර වී   රටවල් ආර්ථිකව  බංකොලොත් වනු ඇති බවත්    එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සහ මානුෂීය ආයතන කීවේ  මේ අර්බුධය පටන් ගැනීමටත් පෙරය.

එමෙන්ම ජාත්‍යන්තර විශ්ලේෂකයින් පුන පුනා කීවේ  2008 – 2012 වර්ෂවලදී මුහුණ දුන් ආර්ථික අවපාතයකට සහ කඩා වැටීමකට සමාන හෝ ඊට වඩා වැඩි අර්බුදයකට ලෝකය මුහුණ දෙන බැවින් විශේෂයෙන්, දුප්පත් ආර්ථිකයක් තියෙන රටවල් වඩාත් උපායමාර්ගික ක්‍රමවේද සහ ප්‍රතිපත්තිවලට යා යුතු බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

යුක්රේන යුද්ධය ආරම්භ වෙනවාත් සමගම, ඒ වන විටත් ආර්ථික බංකොලොත්භාවය පෙනී පෙනී තිබුන ලෝකයේ රටවල් 70කට ආසන්න සංඛ්‍යාවකට මෙම පීඩනය දරා ගැනීමට නොහැකිවනු ඇති බව  ජාත්‍යන්තරය අනතුරු අඟවා තිබිණ.  බොහෝ දෙනෙක් කී දේ ඇසුවේ නැත.   ණය අර්බුදයේත් අන්ත  දූෂණයේත්  කරවටක් ගිලී සිටින රටවල්  බොහොමයක් දැන් හතරවටින් පහර වැදෙන බරපතල ආහාර අර්බුදය සමඟ පොරබදමින්  සිටිති.

ඉදිරි වසරේ සිට අපටත් දැනෙන බංකොලොත් බවේ වේදනාව

ඒ වනවිටත්   විටත් බංකොලොත්භාවය අත් විදිමින් සහ ලොව දිළිඳුකමේ පල්ල අතගාමින්  සිටි රාජ්‍යයන් වන හයිටිය, සිම්බාබ්වේ, සෝමාලියාව, ලෙබනනය, වෙනිසියුලාව, එල්සැල්වදෝරය, ඝානාව, බුරුන්ඩි, මොසැම්බික් මැඩගස්කරය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල තත්ත්වය වඩා දරුණු අතට හරවමින් සහ අලුතින්    තව තවත් රජ්‍යයන් රාශියක් දරුණු ආර්ථික සමාජයීය ඛේදවාචකවලට ගොදුරු කරවමින් මේ ආර්ථික කුණාටුව ලෝකය පුරා  ගමන්  කරමින් සිටී.

ශ්‍රී ලංකාවත් දැන් ඒ මහා කුණාටුවේ ඇඹරෙමින් ඇති දුගී ගොදුරක් වෙමින් ඇත.

ලෝක බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙන්නේ, දැනටමත් ණය අර්බුදයේ ගිලීි සිටින හෝ ඉහළ අවදානමක් ඇති දුප්පත් රටවල් සඳහා ආහාර ආනයන බිල්පත් ඉදිරියේ දී  වේගයෙන් ඉහළ යනු ඇති බවයි.

ඉදිරි වසර තුළ, මෙම රටවලට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් ද ආනයනය කර ගැනීමට නොහැකි වීම සහ කෘෂිකාර්මික කටයුතුවලට යන දේශීය යෙදවුම්වල මිල ගණන් දරා ගත නොහැකිවීම වැනි කාරණා නිසා ආහාර නිෂ්පාදනයද දරුණු කඩා වැටීමකට ලක් වනු ඇති බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  ආනයනය සඳහා වන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි වර්ෂයේ දී එය මෙම වර්ෂයේ වැඩිවීමේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වන අතර, මෙම තත්ත්වය කුඩා හා මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයන් සහිත රාජ්‍යයන්වල ආහාර සුරක්ෂිතතාවය ඉතා දරුණු ලෙස කඩා වැටීමකට ලක්කරවන බවට ජාත්‍යන්තර ආයතන පුරෝකථනය කරයි.

ආහාර අර්බුදය යනු කුසගින්නම නොවේ…

ගෝලීය ආහාර අර්බුදයක් ස්වභාවයෙන් ඉතා විනාශකාරී ය. නිදසුනක් වශයෙන්, 2008 – 2012 ආහාර අර්බුදය, විශේෂයෙන්ම ළමුන් අතර මන්දපෝෂණයේ බරපතල වැඩිවීමක් ඇති කළේය.   ආහාර අනාරක්ෂිත භාවය නොහොත් ආහාර අර්බුදය මූලික වශයෙන් ආහාර වේල සමග බැදුණු පෝෂණ අවදානමක් වුවද, එය බෝවන සහ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ද ඉහළ නැන්වූයේය.  සමස්ථයක් ලෙස ප්‍රජාවේ   කායික මානසික අධ්‍යාත්මික සහ සමාජයීය    අංශවලට  කෙටි හා දීර්ඝකාලීන විපාක රාශියක් අත්කළේය.

ආර්ථික අර්බුදවලට ගොදුරු වූ රටවල්වල සහ ප්‍රජාවන් තුළ තම ආහාරය සීමා වීම සහ ආහාර සොයා ගැනීමේ අර්බුදය විසින් ගිළගත් මිනිසුන් වෙතින් එළි දැක්වෙන සමාජ විරෝධී ආන්තික සහ අසාමාන්‍ය ගති ලක්ෂණ පිළිබඳව තොරතුරු එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන විසින් ලේඛනගත කර ඇත.

එම තොරතුරුවලට අනුව ඔවුන්ගෙන් ඇතමුන් ආහාර ජලය විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් බාධාවකින් තොරව නොලැබීම නිසාවෙන් විරෝධතා දැක්වූ, ඇතම්හු ප්‍රචණ්ඩකාරී වූහ.      සමහරු තම වකුගඩු  වැනි ශරීර කොටස්  හෝ තම දරුවන් පවා විකුණා දැමීමට පෙළඹුනහ.  ඇතැම්හු  සොරකම්, මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් වැනි විවිධ සමාජ විරෝධී ක්රියාවලට නැඹුරු වූහ. කාන්තාවෝ ගණිකා වෘත්තියට යොමුවීමේ ප්‍රවණතාවය වැඩි විය.    දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටිනි.    දෙමවුපියන් තම දරුවන් ළමා ගණිකා වෘත්තියට සහ මෙහෙකාර සේවයට යොදවා මුදල් ඉපැයීමේ ප්‍රවණතා වැඩි විය. සමාජ අධ්‍යාත්මික බිඳ වැටීම ආහාර අර්බුදයත් සමග ලෝකයෙන් වාර්තා වූයේ එසේය.

ආහාර අහේනිය නිසාම දුප්පත්ම පවුල්වලට තම දරුවන් පාසැල්වලින් ඉවත් කිරීමට සිදු වී තිබෙන බවත්, අර්බුද පවතින  රටවල්වල පාසැල් දරුවන්ගෙන් හරි අඩක් පමණ පාසල් අධ්‍යාපනය හැර ගොස් ඇති බවත් 2008 – 2012 ආහාර අර්බුදයේ උගත් පාඩම් අපට පෙන්වා දී ඇත.

කුසගින්නේ අවසන් ප්‍රතිඵල

ආර්ථික අර්බුදයක ඉතාමත් බරපතල ප්‍රතිවිපාක ආහාර අනාරක්ෂිතභාවය විසින් ඇති කරනු ලැබු අත්දැකීම් තිබිණි.  වැඩිවන කුසගින්න සහ තම දරුවන් කුසගින්නෙන් ආහාර ඉල්ලා හඬා වැළපීම් දරාගත නොහැකි පුද්ගලයින් සියදිවි නසාගැනීමට පෙළඹී තිබුණහ.  ගෘහස්ථ ප්‍රචන්ඩත්වය වැඩි විය. අවසානයේ දී  තම පවුලේ සාමාජිකයින් පවා මරා දැමීමට යොමු වීම වැනි ඉතා භයානක තත්ත්වයන් සුලභ ලෙස එවැනි අර්බුදවලට ගොදුරු වූ රටවල්වලින් වාර්තා වූයේය.

පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල ඇතැමුන් අන්තගාමී සටන්කාමී කණ්ඩායම්වලට එක්වී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වී තිබෙනු  දැකිය හැකි විය. ආහාර අනාරක්ෂිතභාවය තුළ උත්පාදනය වන ඇතැම් පුද්ගල හැසිරීම් නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, සමාජ-දේශපාලන අස්ථාවරත්වයද ඇති කරනු ලබන බවට අත්දැකීම් ලෝකයේ ඇත්තේය.

අපට සිදුවිය හැකි දේ

ආහාර අර්බුදයක් රටක ණය අර්බුදය  සමඟ සමපාත වූ විට, එහි ප්‍රතිවිපාක ඉතාමත්ම දරුණු වේ.  අප ඉන්නේ එවැනි තත්ත්වයක මුවවිටය. මෙවැනි තත්ත්වයක් තුළ අධික ණය, රාජ්‍යයන් අඩපණ කරන අතර, ජාත්‍යන්තර ආධාර සහනාධාර එකම පැවතුම් මාර්ගය බවට පත්වේ.

2008 දී ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදය අපට දැඩිව දැනුනේ නැත.  රට තුළ නිශ්ඡිත කෘෂිකාර්මික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. එහෙත් 2008 ආහාර හා ආර්ථික අර්බුදයෙන්  ලෝකයෙන් අඩක්   අසරණ විය. ඒ ආර්ථික සහ ආහාර අර්බුදය ඉක්මවා යන අර්බුදයකට ලෝකයට මුහුණ දීමට සිදුවන බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් සහ සංවිධාන අනතුරු ඇඟවූයේ 2019 වර්ෂයේ සිටය.  දැන් අපත් ඒ අර්බුදය ඇතුළේය.

එහෙත්  ඤාණාන්විත ආර්ථික උපාය මාර්ග වෙත ප්‍රවිශ්ඨ වීම පසෙක ලා   තම ආනයනික වියදම් සීමා කරගෙන දේශීය නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහා ආහාර සහ පොහොර අපනයනය සීමා කළ රටවල් විය.     2022 ජූනි මස මුල වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 34 ක් එසේ කර ඇතැයි වාර්තා වේ.    එහෙත් එවැනි ප්‍රයත්නයන්හි නරක ප්‍රතිඵල නොවැළැක්විය හැකි ලෙස යළි තමන් වෙත පැමිණෙනු   ඇති බවට ජාත්‍යන්තර ආයතන පුන පුනා අවධාරණය කර තිබිණ.

මේ අනුව 2022 දී ඇරඹුන වර්ථමාන ගෝලීය ආර්ථික අර්බුදය සහ ආහාර අර්බුදය ලොව දුප්පත්ම රටවල් සහ ශ්‍රී ලංකාව ඇතුළු  බංකොලොත්භාවය දැනටමත් ප්‍රකාශ කර ඇති රටවල් ඉතිහාසයේ අන් කවර දාකවත් මුහුණ නොදුන් අන්තරායන්ට සහ ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි ජාත්‍යන්තර සංවිධාන අනාවැකි පල කරයි.

මෙම තත්ත්වය දුප්පතුන් ලෝකයෙන්  අතුගා දැමෙන විනාශකාරී ප්‍රතිඵල උදා කර දෙනු ඇත. ලොව පුරා සිටින ප්‍රතිපත්ති සම්පාදකයින් එය වැලැක්වීම සඳහා කඩිනම්න් සහ තීරණාත්මකව ක්‍රියා කිරීම සඳහා සාධනීය උපායමාර්ග වෙත වහ වහා ගමන් කිරීමේ වැදගත්කම පුන පුනා අවදාරණය කරන්නේ එබැවිනි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අහුංගල්ල වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට…

Next Post

දිස්ත්‍රික්ක තුනකට නායෙ යෑමේ රතු අවදානම් නිවේදන නිකුත් වේ…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.