සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පොලිස්පති අණ නොතකා රවී සෙනවිරත්න හිරේ දාන්න දේශබන්දුලා ගහපු ගේම සාක්ෂි එක්කම මාට්ටු!

by editor
ඔක්තෝබර් 7, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

වැල්ලවත්ත මුහුදු මාර්ගයේ දී දේපල හානි පමණක් සිද්ධ වූ රිය අනතුරක් මුල් කරගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම යම් සැලසුමකට අනුව සිදුවූ කුමන්ත්‍රණයක් බව ඒ සම්බන්ධයෙන් කෙරන මූලික විමර්ශනවලින් අනාවරණය වෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

ඒ නුව මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඒකකය (SIU) පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

මෙම අනතුර සිදුවන පසුගිය වසරේ ඔක්තොම්බර් 28 දා වන විට පොලිස්පතිවරයා වන ඩී.සී.වික්‍රමරත්න විසින් සහටන්  තැබූ පොතක් ද එම ඒකකය සිය භාරයට ගෙන ඇති එම ආරංචි මාර්ග පවසයි.

එදින රාත්‍රි කාලයේ රවී සෙනවිරත්න බම්බලපිටිය දෙසට ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී වැල්ලවත්ත ප්‍රදේශයේ පාර අයිනේ නවතා තිබූ ජිප් රථයකට ගැටී තිබිණි.  එම අනතුර දේපල හානියක් පමණක් සිදුවු අතර කිසිම පුද්ගලයෙකුට සීරීම් තුවාලයක්වත් ඇති වී තිබුණේ නැත. කෙසේ නමුත් ඔහු සිටියේ බීමත්වය.

වැල්ලවත්ත පොලිසිය අනතුරක් වළක්වා නොගැනීම සහ බීමතින් රිය පැදවීමේ චෝදනාමත රවී සෙනවිරත්න අත් අඩංගුවට ගත්තේය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙම සිද්ධිය පොලිස් ඇප දිය හැකි වරදක් වුවත් එවකට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් සහ එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ බලපෑම මත රවී සෙනවිතරත්න අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලසුම් කර තිබිණි. ඒ බව එවකට පොලිස්පති ඩී.සී.වික්‍රමරත්නට දැනගන්නට ලැබී ඇත. පොලිස්පතිවරයා වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුමක් ලබා දි අනතුර ගැන විමසා අනතුරේ ස්වභාවය අනුව රවී සෙනවිරත්නට පොලිස් ඇප ලබා දිය හැකි බැවින් ඇප ලබා දෙන ලෙස දැනුම් දී ඇත.

එහිදී වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ බස්නාහිර පළාත් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එසේ ඇප ලබා නොදෙන ලෙස තමන්ට දන්වා ඇති බවය.

එහිදී පොලිස්පතිවරයා වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයට දන්වා ඇත්තේ ඇප ලබාදීම පොලිස්පතිවරයාගේ නියෝගයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් ඒ සම්බන්දව පොලිස් පොතේ සටහනක් යොදන ලෙසත්ය.

අනතුරුව එවකට පොලිස්පතිවරයා එවකට කොළඹ දකුණ භාර ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාට ද ඇමතුමක් දී රවී සෙනවිතරත්න යනු පොලිසියේ සිටි කීර්තිමත් නිලධාරියෙක් බැවින් ඔහුට පොලිසියෙන්ම අගතියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙසය.

එවිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද තමන්ට දේශබන්ධු තෙන්නකොන්ගෙන් සිද්ධවන බලපෑම සම්බන්ධව පොලිස්පතිවරයාට දන්වා තිබේ.

මේ තත්ත්වය තුළ පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකොන් වෙත දුරකථන ඇමතුමක් ලබා දී නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් අනවශ්‍ය බලපෑම් පහළ නිලධාරීන්ට සිදු නොකර රවී සෙනවිරත්න සම්බන්ධව සාධාරණව කටයුතු කරන ලෙසත් දන්වා ඇත.

ඉන් ටික වෙලාවක් ගතවත්වම එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඩි.සි. වික්‍රමරත්න හිටපු පොලිස්පිතවරයාට දුරකථන ඇමතුමක් දී රවී සෙනවිතරන්තට ඇප ලබාදීමේ නියෝගයට දොස් තබා අවශ්‍ය දේ අවශ්‍ය ලෙස සිදුවන බැවින් පැත්තකට වෙන ලෙස දන්වා තිබේ.

අවසානයේ පොලිස් ඇප මත නිදහස් වීමට සුදුුසු වරදක් කර තිබුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමය.

මේ සිද්ධියෙන් පසු විශ්‍රාමික පොලිස් නිලධාරීන් සංවිධානගතව මෝසමක් මගින්  රවී සෙනවිතරත්නට ඇප ලබා ගැනීමට කටයුතු කළේය.

ටිරාන් අලස් හෝ දේශබන්දු තෙන්නකොන් සිහිනයෙනුදු නොසිතූ පරිදි දැන් ටිරාන් සිටි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිතරත්නය. රටේ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායකය. අනුර කුමාර දිසානායක බලයට පත් කිරීම සඳහා විශ්‍රාමික පොලිස් සාමුහිකය ගොඩ නැගී විශාල ගාමක බලවේගයක් නිර්මාණය වන්නට රවී සෙනවිතරත්නට එල්ලවන මේ දේශපාලන කුපාඩිකම එක් හේතුවක් වන්නේය. ඒ නිතිය යනු උන්ගේ අවශ්‍යතාවය මත හැසිරෙන කුණුහරපයක් බවට පත්වන ආකාරය සමාජයේ දැනුම්වත් සිවිල් පුරවැසියන්ට පෙනී යමින් තිබූ නිසාය.

එහෙත්  දූෂිතයින්ගේ නම් වට්ටෝරුවක් කියාගෙන යද්දී  ටිරාන් අලස්ගේ නම කියාගන්නට බැරිව වසන්ත සමරසිංහ ඇඹරුන විදිහට ටිරාන්ගේ සහ ජාතික ජන බලවේගයේ ඇති සමීප සම්බන්ධතාවයක් ගැන මේ වනවිට සමාජය තුළ කුකුසක්  මතුවෙමින් ඇත. දේශපාලන ලෝකයේ හැසිරෙන බොහෝ දෙනා දැනුම්වත් මේ සාධකය දැන් වසන්ත සමරසිංහ විසින්  මිනිස්සු අතරටත් ගෙනැවිත්  තිබේ.

කෙසේ වෙතත් දේශපාලනය යොදාගෙන වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්නට දේශබන්දුලා ගැසූ ගේමේ සියලුම තොරතුරු, සාක්ෂි සහිතව මේ වනවිට පොලිස් විමර්ශන ඒකකය (SIU) අතේය.

පොලිස්පතිවරයා ඉක්මවා ගොස් දේශබන්දු තෙන්නකොන් සිය පොලිස්පති හුරතලාකරගෙන රැකගැනිම සඳහා සියලු සදාචාරාත්මක සීමා කුඩු කරගෙන  හැසිරුන ටිරාන් අලස්ගේ දේශපාලන වියරුවේ එක් පුංචි  කතාවක් දැන් එළියට ඇවිත් තිබේ.

දැන් මේ  ආණ්ඩුවට කියන්නට ඇත්තේ සියවස් ගනනක් අප දුටු සිහිනය අපත් සමග වළලා මේ  ආණ්ඩුව කුඩු කරගැනීමට ටිරාන් අලස් පමණක් වුවද ප්‍රමාණවත් බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපේ පොලිස් ඉතිහාසයේ පළමු වරට සී.අයි.ඩී. අධ්‍යක්ෂ ධූරයට කාන්තා නිලධාරිනියක් !

Next Post

වෑන් රථයකට  වන අලි ප්‍රහාරයක්…  රියදුරා මිය යයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.