බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නුවර පාර වහලා දාන්නම වෙයි ද? ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්  පිළිතුරු දෙයි!

by editor
නොවැම්බර් 12, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

නුවර පාර ඊයේ (11) සිට  පහළ කඩුගන්නාවෙන් වසා දමාය.  කඩුගන්නාවේ ගල විදපු හන්දියට පහළින්  කවුරුත් දන්නා පළතුරු කඩපේළියට ඉහළ කන්දේ විශාල පැල්මක් සොයාගෙන ඇති බව කියන්නේය. පේරාදෙණිය විශ්විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ට මහාචාර්ය අතුල සේනාරත්න  නායෙ යෑමක් පිළිබඳ  සියලුම ලක්ෂණ මේ භූමියෙන් ප්‍රකට වන ආකාරය කීවේය. දැන් මොකද වෙන්නෙ?. ලංකසර අපි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඉංජිනේරු ( ආචාර්ය ) ආසිරි කරුණාවර්ධන විමසුවෙමු.

මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඉංජිනේරු ( ආචාර්ය ) ආසිරි කරුණාවර්ධන
  • කන්ද පුපුරල ද?

කන්ද පිපිරීමක් නෙමෙයි.  මහා මාර්ගයට ඉහළ කොටසේ   මීටර 100ක් පමණ දිගට පැල්ම ඇති වී තිබෙනවා.    ඉහළ කොටසේ තුනී පස්තට්ටු මතයි මේ පැල්ම ඇතිවෙලා තියෙන්නෙ.

  • දැන් මොකද වෙන්නෙ.  දිගටම නුවර පාර වහන්න වෙයිද?

නැහැ. වර්ෂාව පාලනය නොවීම හේතුවෙන් තමයි පාර වසා තිබෙන්නේ. වරින් වර වර්ෂාව ඇදහැලෙද්දි නැවත ජලය පොළොවට එකතු වෙනවා. අස්ථාවර භූමිය ස්ථාවර මට්ටමකට ගෙන ඒම අපගේ කාර්යයක්. මේ මොහොතේ පාර වසා තබන්න සිදු  වී ඇත්තේ වර්ෂාව තව දුරටත් පවතින නිසායි.

භූමියේ පැල්මක් සිද්ධ වෙලා තියනවා.  මේ වන විට පැලුම් තුළින් අස්ථාවර භූමිය ඇතුළට ගොස් තිබෙන ජලය පිටතට ගැනීම සඳහා විදුම්කරණය ඔස්සේ ඊට අදාල කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ ආසන්නයේ තිබෙන පළතුරු කඩ ඇතුළු සෙසු කුඩා වෙළද සැල් ඉවත් කිරිමේ කටයුතු සිදුකරමින් තිබෙනවා. ඒ සඳහා මේ වන විට කටයුතු සිදුවෙමින් පවතිනවා. තව දුරටත් මාර්ගයේ තත්ත්වයන් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරමින් මේ කටයුතු යාවත්කාලින කරන බව කියන්න කැමතියි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

  • ජනතාව තුල දැන් බියක් තියෙනවා මේ මාර්ගයේ ගමන් ගැනිමට සහ අවට පදිංචියට.

ඇත්තෙන්ම බියක් ඇති කර ගත යුතු නැහැ. මේ වන විට මේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සියළුම නිළධාරින් අවධානය යොමු කර තිබෙනවා. අපේ අධික්ෂණයන් යටතේ කෙටි කාලින සහ දිගු කාලින විසඳුම් ලබා දිමේ සැලසුම් තිබෙනවා.

මේ හැම කාර්යයක් සම්බන්ධයෙන්ම මේ වන විට අප ක්‍රියාත්මකයි. ජනතාව බිය යුතු විය යුතු නැහැ දැන්.  මෙවැන්නක් කලින් හඳනා නොගත්තා නම් බිය විය යුතුව තිබුණා. දැන් තත්වය හඳුනාගෙන පිළියම් කරමින් ඉන්නෙ.

  • මේ භූමිය අස්ථාවර වීමේ  අවධානමට මුල් වී ඇත්තේ ඉහළින් ඇති දුම්රිය මාර්ගය ද? එහි නිරන්ත දෙදරීම භූමියට බපා නැද්ද?  

නැහැ. එක හේතුවක් කියලා කියන්න බැහැ.. දුම්රිය ගමන්කිරිමේදි ඇතිවන පීඩනය ඍජුවම මේ තත්වයට බලපෑ බවක් කියන්න බැහැ. පොළව විවිධ අවස්ථාවන්වලදි ලක්වන විවිධ වෙනස් වීම් මේ තත්වයට බලපාන්න ඇති කියන අදහසේ අප ඉන්නවා.

  • ඉදිරියේදි මෙම මාර්ගයේ ගමන් කිරිමේ අවධානමක් තියනව ද?

නැහැ. දුම්රිය මාර්ගයත් පොදු මහාමාර්ගයත් ඉදිකොට ඇත්තේ මව්පාෂාණ මත.  මෙම පැල්ම ඇති වී තිබෙන්නේ මහාමාර්ගයට ඉහළ කොටසේ තුනී පස්තට්ටු මත.  ඒ නිසා ඉදිරියේදි මාර්ගයේ ගැටලුවක් ඇතිවන්නේ නැහැ .

  • මේ තත්වයට පිළියම් ලෙස  ඔබ ඉදිරිපත් කරන විසඳුම් මොනව ද?.

අපි හැමවිටම බලන්න ඕන  මේ මාර්ගවලට බාධකයක් ඇති නොවන විසඳුම් ලබා දෙන්න. මේ වන විට අපි ඒ සඳහා කටයුතු කරනවා.

කෙටිකාලින විසඳුම් දෙන අතරේ දිගුකාලින විසඳුම් සඳහා මා යෝජනා වගේම ක්‍රියාත්මක සැලැස්මක්  ඉදිරි සතියේ  ලබා දිමට බලාපොරොත්තු වෙනවා.

  • මේ තත්ත්වය කලින් හඳුනා ගත්තා නම් කළ හැකි පිළියම් තිබුණ ද?

ඇත්තෙන්ම මේ කලින් හඳුනා ගත් අවස්ථාවක් තමයි. අනතුරක් සිදුවිමට පෙර හඳුනා ගැනීමක්. ස්වභාවික  සංසිද්ධියක් කියන්නේ ඇතැම් විට අනුමාන මත පදනම් වු දෙයක්.

මේ අවස්ථාව වන විට අපි හොදම අවස්ථාවක මෙය හදුනා ගෙන තිබෙනවා. අනතුරක් සිදුවිමට පෙර ක්‍රියාත්මක වීම කියන තැන අපි අද ඉන්නවා

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයවැය හිඟය රුපියල් බිලියන 1628ක්

Next Post

අද කොවිඩ්  මරණ 23ක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.