බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නිල් තල්මසුන් මිරිස්ස මුහුදු තීරය අත්හැර ගිහින්!

by editor
පෙබරවාරි 14, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මිරිස්ස මුහුදු තීරය ගැන සදහන් කරණවිට නිල් තල්මසුන් ගැන සදහන් නොකරම  බැරිය. මිරිස්ස මුහුදු තීරය ලොව  ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  නිල් තල්මසුන් ඉතා සමිපව දැකගත හැකි මුහුදු තීරයක් ලෙසය. එහෙත් මේ වනවිට මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන්   මිරිස්ස මුහුදු තිරයේ තල්මසුන්ගේ ගහනය අඩුවි ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පෙන්වා දෙයි.

ඇතැම් පුද්ගලයින් නිත්‍යානුකුල නොවන අයුරින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස්  තල්මසුන්ට හිංසාවන අයුරින්  කිමිදිම් කටයුතු කිරීම නිසා මෙම තත්වය උදාවි ඇති බවද ඔවුහු පෙන්වාදෙති.

 

ඇතමුන් තල්මසුන් සමග පිහිනමින් ඔවුන් අතපතා ගාමින් කටයුතු කිරීම නිසා තල්මසුන් බිය වි මිරිස්ස  මුහුදු තිරයෙන් ඈත්වෙමින් යන බවද මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පවසයි.

රංගන චන්දි සහ රාජසිංහ

මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරකිමේ සංගමයේ  සභාපති රංගන මනෝජ්  මෙසේ කිවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“දැනට වසර තුනක පමණ සිට  මිරිස්ස අවට  මුහුදු තිරයේ නිල් තල්මසුන්ගේ ගැවසිම අඩුවෙලා තියෙනවා. නිත්‍යානුකුල නොවන අයුරින් ඇතැම් පුද්ගලයින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස්  තල්මසුන් සමග කිමිදිමට පටන් අරගෙන තියෙනවා. මේ නිසා මෙම ව්‍යාපාරය කඩා වැටිමට ලක්වෙලා තියෙනවා.”

“තල්මසුන්ට හිංසාවන අයුරින් කටයුතු කිරිම  නිසා තල්මසුන් බිය වෙලා මිරිස්ස අවට මුහුදු තිරය අත්හැර ගිහින් තියෙනවා. දැන්  විදේශිකයින්ට පෙන්වන්න තල්මසුන් නැහැ. ඩොල්පින් පමණයි පෙන්විමට හැකිවෙලා තියෙන්නේ. මුහුදේ නැති තල්මසුන් වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව රුපියල් 7000ක මුදලක් විදේශිකයකුගෙන් අය කිරීම හරිම අසාධාරණයි. එම මුදල අඩුකරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. “

“දියවැල් රටාව අනුව තමයි තල්මසුන් අපේ මුහුදට එන්නේ  උණුසුම් වතුර, කෑම සහ ගැඹුර නිසා තමයි තල් මසුන් මිරිස්ස අවට මුහුදු තිරයට එන්නේ. නමුත් ඒ සතුන්ට කරදර වෙන නිසා එම සතුන් මිරිස්ස අවට මුහුදු තිරය අත්හැරලා යනවා. තල්මසුන් බැලිමට  මිරිස්ස ධිවර වරායෙන් යන බෝට්ටු සදහා රක්ෂණ සහතිකය, නාවික ඉංජිනේරු සහතිකය. ආදි සුදුසුකම් සපුරාගෙන තමයි මුහුදට යන්නේ. “

“ උණවටුණ, තල්අරඹ, බණ්ඩරමුල්ල, මාතර, යන  ප්‍රදේශවලින් ද කුඩා බෝට්ටුවලින් තල්මසුන් බැලිමට  විදේශිකයින් රැගෙන  යනවා. ඒ අයට වනජිවි දෙපාර්තමේන්තුවට  කිසිදු මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබද කිසිදු නියාමනයක් නැහැ. මිරිස්ස ධිවර වරාය තුළ පමණයි මේ නිති ක්‍රියාත්මක වෙන්නේ.”

තල්මසුන් සමග කිමිදෙන විදේශිකයින්…

“විදේශිය සංචාරකයකු රැගෙන නාවක සැතපුම් 30ක් 40 ගිහින් තල්මසුන් සමග කිමිදෙන බොට්ටුවක් අල්ලන්න වෙරළ ආරක්ෂක බලකායට පුළුවන් කමක් නැහැ.‍ වනජිවියෙන් තල්මසුන් බැලීම සදහා රැගෙන යන විදේශිකයින්ගෙන් මුදලක් අයකරණවා.  මේ මුදල්වලට වෙන්නේ මොනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මාසයකට එක් දිනයකදිවත් නිල් තල්මසෙක් දකින්න නැහැ. මේ නිසා තල්මසුන් බැලිම සදහා එන විදේශිය සංචාරකයින් අඩුවෙලා. “

“මිරිස්ස  ධිවර වරායෙන් තල්මසුන් බැලිම සදහා දෙස් විදෙස් විදේශිකයින් රැගෙන යන බෝට්ටු 60ක් විතර තියෙනවා. නමුත් දැනට මෙම ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ බෝට්ටු පහක් හයක් පමණයි. තල්මසුන් දකින්න නැති දිනවල දි මුදල් අයකරන්න එපා කියලා අපි වනජිවි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කළා. අපිට සහනයක් දෙන්න කියලා කිවා. නමුත් ඒ අයගෙන් සුභවාදි ප්‍රතිචාරයක් නැහැ මෙම ව්‍යාපාරය රැකගෙන ඉදිරියට කරගෙන යන්න.”

තල්මසුන් නැරඹිම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැගෙන යන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මිරිස්සේ  චන්දි අබේවර්ධන මෙසේ කිවාය.

“නිල් තල්මසුන් ඉතා සමිපව නැරඹිට  පුළුවන් මිරිස්ස අවට මුහුදු තිරයේ දි පමණයි. දැනට වසර 16ක් තිස්සේ මෙම ව්‍යාපාරය අපි කරගෙන යනවා. තල්මසුන් බැලිම සදහා රැගෙන යන  විදේශිය සංචාරකයින්ගෙන් අය කරණ මුදලින් කොටසක් අපි වනජිවි දේපාර්තමේන්තුවට ගෙවනවා. ඉන් විදේශිකයාට, යාත්‍රාහිමිකරුට, රටට ප්‍රතිලාභයක් හිමිවිය යුතුයි. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. විශාල මුදල්  අරගෙන සංචාරකයින් 10 දෙනෙකු රැගෙන යනවාට වඩා   සාමාන්‍ය මුදලක් අරගෙන සංචාරකයින් 100 දෙනෙකු රැගෙන ගියොත්  රජයට මෙන්ම අපිටත් ප්‍රතිලාභයක් හිමිවෙනවා.”

“2011 වර්ෂයේ ඉදලා  මිරිස්ස අවට මුහුදු තිරයේ දි දක්නට ලැබුණු  තල් මසුන් පිළිබද තොරතුරු අපි සටහන් කරගන්නවා. සතුන් කීදෙනෙක් දැක්කාද ආදි කරණු අපි දිනපතා සටහන් කරගන්නවා.  මෙම වර්තා දිහා බැලුවිට නිල් තල්මසුන්ගේ ගහනය විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා.  “

“මෙම සංචාරක සමයේ දි නිල් තල්මසුන් දකින්නට ලැබුණේ ඉතා කලාතුරකින්. නොවැම්බර් මාසයේ සිට  අප්‍රේල් මාසය දක්වා තමයි තල්මසුන් බැලිම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැගෙන යන්නේ. දෙසැම්බර් 21 නිල් තල්මසුන් දෙදෙනෙකු දැක්කා.. ඊට පස්සේ  නිල් තල්මසෙකු දැක්කේ හරියටම මාසයකට පස්සේ ජනවාරි 21 දින. මිට පෙර සිසන්වල දි දින 150ක් තල් මසුන් බැලිමට ගියහොත් දින 140 කදිවත් නිල් තල්මසෙකු දක්නට පුළුවන්. නමුත් දැන් නිල් තල්මසෙකු දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්”

ඇය කිවාය. මේ සදහා හේතුවු කරුණු කාරනා  ගැන සමුද්‍රජිවි විද්‍යාඥයින් විසින් ගවේෂණය කළ යුතුයි.

ඉස්සර තල්මසුන් බහුලව මේ මහුදු තීරයේ හිටියා….

මිරිස්ස ධිවර වරායේ තල්මසුන් බැලිම සදහා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන බෝට්ටුහිමියකු වන ආර්. රාජසිංහ    මෙසේ කිවේය.

තල්මසුන් බැලිම සදහා රැගෙන යන බෝට්ටු 02ක් මටත් තියෙනවා  .වනජිවිය අපෙන් මුදල් අයකරනවා විතරයි.   ඔවුන් අපට  තල්මසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ  සොයාදිය යුතුය.නමුත් ඒ අයගේ එහෙම වැඩපිළිවෙළක් නැහැ. නැතිනම් ලබා ගන්න මුදල අඩුකරන්න ඕන. මුලදි කිවේ  විදේශිකයකුගෙන් අය කරන්නේ ඩොලර් 08ක් කියලා නමුත් ඩොලර් දහ අට හමාරක්  අය කරනවා. මේ මුදල් සැර වැඩියි. ඉන්ධන සඳහා යන වියදම් එක්ක අපි විදේශිකයකුගෙන් ඩොලර්  60ක් අයකළ යුතු වෙනවා. නමුත් විදේශිකයින් කියනවා මුදල වැඩියි කියලා. 

වනජිවියෙන් අය කරණ මුදල වැඩියි. පර්ල් නෞකාව ගිනි ගැනිම නිසා තල්මසුන්  විශාල  ප්‍රමාණයක් මැරිලා ගියා. නිත්‍යානුකුල නොවන අයුරින් විදේශිකයින්  රැගෙන මිරිස්ස අවට මුහුදු තිරයට  තල්මසුන් බැලීම සදහා යන කණ්ඩායමක් ඉන්නවා.  ඔවුන් විදේශිකයින් සමග දියට බැහැලා තල්මසුන් සමග පිහිනනවා. මේ නිසා තල්මසුන් බිය වෙනවා. මිරිස්ස වරාය අවට සිටි නිල් තල්මසුන් සොයා ගැනීම  ඉතා අපහසු තත්වයට පත්වෙලා තියෙනවා.  

විදේශිකයින්ට තල්මසුන් පෙන්විමට නොහැකිවෙලා තියෙනවා. විදේශිකයින් කියනවා “මිරිස්ස අවට තල්මසුන් නැහැ  බොරුකියනවා” කියලා. 

තල්මසුන් බැලිම සදහා යන බෝට්ටු වලින් කෝටි ගණනක මුදලක් වනජිවි දේපාර්තමේන්තුවෙන් එකතු කරලා   ඇති. නමුත් ඔවුන්ගෙන් කිසිදු සේවාවක් වෙන්නේ”   හෙතෙම පවසයි..

විදේශිකයින් කියනවා “මිරිස්ස අවට තල්මසුන් නැහැ  බොරුකියනවා” කියලා

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ කන්නයේ වී අස්වැන්නට රජයෙන් සහතික මිලක්!

Next Post

සෞඛ්‍ය සේවයට ඩීසල් දෙන්න ජපානයෙන් ඩොලර් මිලියන 38ක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.