බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

චීන ණය සහනය කෙරෙන දීගයක් වෙයිද?

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2022 - Updated on ජනවාරි 1, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

 

මීට වසර දෙකකට පෙර සමස්ත ජාතියටම මහත් බලාපොරොත්තු ලබා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙ වනවිට රටේ ජනතාව පෙර නොවූ විරූ වේදනාබර ජීවිතයකට ඇද දමා ඇත. රටේ දුප්පතුන් දෙගුණයක් බවට පත් කරවමින් රට ගිලී ඇති අර්බුදයේ තරම ඇතැම් විට තවමත් රටේ සෑම පුද්ගලයකුම වටහාගෙන ඇද්ද හෝ එය ඇදහිය හැකිද යන්න පවා  සැක සහිතය.

රටේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ආහාර ඉන්ධන විදුලිය ඇතුළු මූලික අවශ්‍යතාවන්ට සරිලන මුදල් සංචිතයක්වත් නැති තත්ත්වයට පත් වූ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් බොහෝ අයගේ එකම සහනය ලෙස ප්‍රකාශිත වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්  ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.8ක විස්තීරණ ණය පහසුකමය. රට මේ තත්ත්වයට පත් කිරීමට මූලික වූ ගෝඨාභය රාජපක්ෂ බලය අතහැර පළායන්නටත් මත්තෙන් ආරම්භ වූ ජාත්‍යන්කර මූල්‍ය අරමුදලේ ශ්‍රි ලංකාව සම්බන්ධ ඇගයීම් ක්‍රියාවලියේ  මූලික අදියර පසු කරද්දී සැවොම බලාපොරොත්තු වූයේ 2022 වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබන ණය සහනයේ මූලික කටයුතු අවසන් වනු ඇතිය යනුවෙනි. මූලික කටයුතු යන්නේන් අදහස් කෙරුණේ මෙම ණය සහනය ලබා දෙන බවට ස්ථිර පිළිතුරක් නොඑසේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇතිය යන්නය. එහෙත් එය එසේ වූයේ නැත.

පසුගිය දා බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ  ශ්‍රි ලංකාවේ  ආර්ථිකය පිළිබදව පළ වූ ලිපියකින් ප්‍රකාශ වී තිබුණේ  ශ්‍රි ලංකාවේ විඳවිල්ල තවමත් අහවර නැති බවය. එය ඇත්තය.මේ වනවිට ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති බොහෝ අය  එය ප්‍රතිව්‍යුහගත කරන්නට සැරසෙන්නේ ලබා දුන් ණයෙන් කොටසක් හෝ ලබා ගැනීම හෝ ඒ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ යම් කැපකිරීමක් බලාපොරොත්තුවෙනි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති ආයතනික විදේශ ණයවලින්  වැඩි කොටසක්  ලබාගෙන ඇත්තේ බ්ලැක්රොක් සහ ස්ටැන්ලි මෝගන් යන ආයතන දෙකෙනි. මෙම ආයතන ශ්‍රි ලංකාවේ ණය ආපසු ලබා ගැනීම සහ ප්‍රතිව්‍යුහගතකරණයට වෙනම කණ්ඩායමක් ලෙස එක්ව ක්‍රියා කරනු දැකිය හැකිය.

කෙසේ වුවද ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන් ලබා දුන් ණයවලින් කොටසක් ශ්‍රි ලංකාවෙන් ලබා ගැනීමය. එය මූල්‍ය විශ්ලේෂකයන් පවසන ආකාරයට ඩොලර් බිලියන 12කට ආසන්නය.

මෙම ආයතන සතුව පවතින ණයවලට අමතරව ද්වී පාර්ශ්වික  ණය ලෙස විවිධ රටවලට ශ්‍රි ලංකාව ණය වී ඇත. එයින් වැඩිම කොටස් දරන්නේ චීනය වන අතර තවත් බරපතල කොටසක් ඉන්දියාවද දරයි. පසුගිය කාලය තුළ ශ්‍රි ලංකාවේ අත්‍යවශ්‍ය හදිසි මිලදී ගැනීමේ අවශ්‍කතා සඳහා දිගින් දිගටම සවිය ලබා දුන්නේ ඉන්දියාවයි. ඉන්දියාව විසින් ලබා දෙන ලද ණය මුදල් සහ භාණ්ඩ මිලදී ගැනීමට අදාළ හුවමාරු ණය තීරය පහසුකම් මේ වනවිටත් ශ්‍රි ලංකාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වමින් සිටි

ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් මේ වනවිට අදාළ යෝජනා එහෙ මෙහෙ වෙමින්  පැවතුණද ද්වී  පාර්ශ්වික ණය සම්බන්ධයෙන්  අපෙක්ෂිත මට්ටමේ ප්‍රතිඵලයක් ලබා ගෙන නැති බව පෙනී යයි.

මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව කතා බහ නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මුල වනවිට අවසන්ව මේ පිළිබඳව වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දීමට කලින් සැලසුම් කර තිබුණද මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු වන ෂෙහාන් සේමසිංහ පසුගියදා පවසා තිබුණේ මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල ණය සඳහා වන අනුමැතිය ලැබී   වසරේ මුල් කාර්තුවේදී එම ණය ලබා ගැනීමට හැකි වනු ඇති බවය. එයින් ඔහු පවසන්නේ අපේක්ෂිත  කාලය තුළ ආදළ එකඟතාවන්ට පැමිණීමට මෙතෙක් අදාළ ණය ලබාදුන් ආයතන සහ හ්‍රි ලංකාවේ පාර්ශ්වයට නොහැකිකි වීමය. ඊට බලපාන සාධඛ බොහෝමයක් පවතින බව වටහා ගත යුතු කරුණකි.

මෙහිදී ද්වී පාර්ශ්වික ණය සැලකීමේදී එහි වඩිම කොටසක් දරන චීනය මෙහිදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව මේ වනවිට ලොක්යේ බොහෝ  ජාතීන්ගේ අවධානය යොමුව ති‍බේ.

කෙසේ වුවද පසුගියදා චීනයේ සංචාරකයක නියැළුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා  ක්‍රිස්ටිනා ජෝර්ජයේවා එහිදී ශ්‍රි ලංකාව සහ සැම්බියාව සම්බන්ධයෙන් චීනයේ ඇති ණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ම අරමුදල ප්‍රකාහ කළේය. එහිදී චීනය මේ සම්පන්ධයෙන් දක්වන සුබවාදී ආකල්පය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ඉඟි කර තිබිණි. මෙයට අමතරව චීන විදේශ අමාත්‍යංශයද පසුගිය කාලය තුළ කිහිප වරක්ම ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්  සහයෝගීතාව පළ කරමින් ණය ප්‍රතිව්‍යූහගතකරණයන්ට සහය දෙන ආකාරයේ ප්‍රකාශ කළද  ඔවුන් වාචිකව ප්‍රකාශ කළ තරමේ පුරෝගමී ප්‍රායෝගික පියවරක් මෙතෙක් ගෙන නැත.

මේ සම්බන්ධයෙන්  චීනයේ  අත හෝදා ගන්නා සුලු හැසිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගියදා කොලඹ දී පැවැති ආර්ථික සමුළුවක් අතරතුරදී පිරිසක් සමඟ ප්‍රකාශ කළ බව වාර්තා විය.එහිදී ඔහු පවසා තිබුණේ චීනය රාජ්‍යයක් ලෙස අදාල ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ මැදිහත්වීම්වලට නොපැමිණ චීන බැංකු දෙකක් ඒ වෙනුවෙන් පත් කර ඔවුන් අත සෝදා ගන්නට ක්‍රියා කරන බවය. එයින් පෙනෙන්නේ තවමත් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය කෙරෙන දීගයක මට්ටමට පැමිණ  නැති බවය.

මේ තත්ත්වය තුළ ශ්‍රි ලංකාව ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දොර හැර  ගැනීමට අවශ්‍ය තීරණාත්මක යතුරක ප්‍රමාදයක් මේව නවිට  බොහෝ පාර්ශ්වවලට නිරීක්ෂණය වී ඇත. චීනය විසින් පෙන්නුම් කරන යම් යම්  සුබවාදී ලකුණු තුළ එය ඒ තරම්ම ඉස්මතුව පෙනෙන්නේ නැත.

එසේ වුවද චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙතෙක් පවතින අත්දැකීම ඒ තරම්ම මිහිරි නැත. ද ඩිප්ලොමැට් වෙබ් අඩවියට පවතින අර්බුදය පිළිබඳව ලිපියක් ලියන විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන උමේෂ් මොරමුදලි සහ තිළින පඩුවාවල පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාව සීමා රහිතව චීනයට ණය වෙන්නට පටන් ගත්තේ 2010 න් පසුව වන අතර විශේෂයෙන් මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය සහ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉලක්ක කරගෙන ගත ලබා ගත් ණය කැපී පෙනෙන බවය. එයින් ශ්‍රි ලංකාවට දැරිය නොහැකි  මට්ටමට ණය ගමන් කළ නිසාවෙන් හම්බන්තොට වරාය සදහා ණය ගෙවිමේ සහනයක් ශ්‍රි ලංකාව අපෙක්ෂා කර ඇත. ඒ 2014 වසරේ චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රි කාලංවට පැමිණි විටදීය. එහිදී සිදුව ඇති සාකච්ඡාවලදී මෙම ණය සහනය ලබා දෙන්නට චිනය එකඟතාව පළ කර ඇත්තේ මෙම වරායේ තවත් ව්‍යාපෘති කිහිපයක චීන සමාගමකට ලබා දීමත් සමඟය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි මස මැතිවරණයෙන්  පරාජය වූ අතර එතනින් පසු මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ කතාවලට චීනය පැමිණ නැත. අවසානයේ සිදුවුයේ මෙම වරාය ඩොලර් බිලියන 1.1ක මුදලට යළි චීනයටම පැවරීමටය. මේ පියවර ලෝකය පුරා ශ්‍රි ලංකාව චීන ණය උගුලක සිරවී සිටින බව ට පසක් කරවීමට තරම් ප්‍රබල විය.

මෙවරද තවමත් චීනය  කොළ, කහ එළි දැල්වුවද තවමත් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සෘජු මාවකට ප්‍රවේශ වී නැත. ශ්‍රි ලංකාව 2022 අතහැර 2023ට යන්නේ එවැනි තත්ත්වයකය. එහෙත් පවතින අර්ඉුදස අතහැර අමතක කනර අපට 2023 වැලඳ ගත නොහැකි තරමට අඅර්ඉුදස අප වසාගෙනය.එවැනි තත්ත්වයක් හමුවේ පවතින අඳුරු වලා තල්ලු කිරීම මුලින්ම කළ හැක්තේ චීනයටය.

 

 

Share69Tweet43
Previous Post

ඉන්දියාවේ පළමු මුස්ලිම් ප්‍රහාරක ගුවන් නියමුවරිය

Next Post

“පළමුව බිත්තරේද?  කිකිළියද?“  කුකුළු  කර්මාන්තයම ලොකු අවුලක !

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.