බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

චීන කුණු පොහොර ගනුදෙනුව යට සිටි  ශෂීන්ද්‍රලාගේ  නිරුවත  විගණනය හෙළි කරයි…

by editor
සැප්තැම්බර් 4, 2022
in සමාජ
Hippop-Street
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • කිසිම  වගකීමකින් තොරව චීන සමාගමට  ගෙවූ   මිලියන 1382ක අත්තිකාරම එම මුදල් ගෙවූ අයගෙන්    නඩු දමා අය කරගන්න…

  •  ජිවානුහරණය නොකරණ ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා  පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට  නීතිරිති ගලපවා ගැනීම සඳහා  සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාකරලා…

රසායනාගාර පරික්ෂණවලදී දෙවතාවක්   අසමත්ව  තිබු විනාශකාරි  බැක්ටිරියා සහිත චීන කාබනික පොහොර  නෞකාව  සඳහා අත්තිකාරම් ගෙවිමේ දී   කිසිදු සුරක්ෂණයකින් තොරව  අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට  සිදුවි ඇති රුපියල් මිලියන 1382ක පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකරගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත.

නිතිමය ක්‍රියාමර්ග අරන් වන්දි ගන්න..

එමෙන්ම  අදාල පොහොර සැපයුම්කාර සාමගමට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනීමටත්  මෙරට නීතිරීති ප්‍රකාරව  ගිවිසුම්වලට අනුකුලව ක්‍රි යානොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරිමටත් නිර්දේශ කර ඇත. 

මෙකී පොහොර  ගනුදෙනුෙවන්  ගණනය  නොකළ    පාඩුව අති විශාල බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2021/2020 මහ කන්නයේ දී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පොහොර  මෙට්‍රික්ටොන් 96000ක් නොයෙදිම නිසා අහිමිවු අස්වැන්න  නිසා ආර්ථිකයට වු පාඩුව,  විනාශකාරි  බැක්ටිරියා සහිත පොහොර තොගයක් රට තුළට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන්  අපේක්ෂිත වන්දිය ගණනයකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාබනික පොහොර සැපයිම වෙනුවෙන්  ඇතිකරගත් ගිවිසුම මත රජයට අනාගතයේ දි යම් වන්දියක්  ගාස්තුවක් වියදමක් ගෙවීමට සිදුවුවහොත් එම පාඩුව පිළිබඳ  විගණනය මගින් අනාවරණයකොට ඇත. 

පොහොර නෞකාව සඳහා මුදල් ගෙවිමේ දී  අදාල සුරක්ෂණයන් කල් ඉකුත්වීමට පෙර මුදල් කරගැනීම හෝ  සුරක්ෂණයන්ගේ  කාලය දිර්ඝ කරගැනීමට කටයුතු කර නොමැතිබව විගණනය මගින්  අනාවරණය කොට ඇත. මෙම පොහොර සැපයුම්කාර සමාගම සමග  ඇතිකරගෙන තිබු සමථ කොන්දෙසි ප්‍රකාරව  ණයවර ලිපියේ හා කාර්යසාධන බැඳුම්කරයේ කාලය දිර්ඝකර එය වලංගුව තබාගතයුතුව තිබුණි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ මුග්ධ හැසිරීම

එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස  12වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනිදින කාර්යසාධන බැඳුම්කරය කල්ඉකුත්වී තිබුණි.   එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හා කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකිවයුත්තන් සිය වගකීම් පැහැරහැර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පොහොරවල ප්‍රමිතිය  තිරණය කිරිම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය  නිසිලෙස සිදුවී නොමැති  බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ආදාල පොහොර සැපයුම්කරු පොහොර අයදුම්පත්‍රයට දින මුද්‍රා තබා නොතිබුණි. අයදුම්පත්  විවෘත කිරීම හා ලේඛනගත කිරීම ප්‍රසම්පාදන විධිවිධාන ප්‍රකාරව විනිවිදභාවයකින් යුක්තව සිදුවී නොමැතිව බවද විගණනය මගින්  අනාවරණය කොට ඇත.

එමෙන්ම  ජිවානුහරණය නොකරණ ලද පොහොර වර්ග ගෙන්වීම සඳහා  පවතින බාධාවන් නොතකා හරිමින් පවතින පොහොරවල ප්‍රමිතියට  නීතිරිති ගලපවා ගැනීම සඳහා  සැපයුම්කරු හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාකර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. එහි ප්‍රථිපලයක් ලෙස 2021 සැප්තැම්බර් මස 17 දින ණයවර ලිපි විවෘතකරගෙන තිබුණි.

Qingdao seawin biotech group
චීන පොහොර සැපයූ චීනයේ ක්වින්ඩාවෝ ස්වීන් බයෝටෙක් සමාගම…

චීන සමාගමට  බියවී  ගෙවූ යළි නොලැබෙන  මුදල

අදාල පොහොර සැපයුම්කාර සමාගම විසින් චිනයේ කින්ඩාඕ වරාවේ සිට කොළඹ වරයාට  පොහොර මෙට්‍රික්ටොන් 20550ක් එවා තිබුණි.  එහෙත් අදාළ සැපයුම්කාර සමාගමට  ශාක නිරෝධායන පනතට අනුව ජිවානුහරණය නොකළ කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබෑමට නොහැකිවිම හේතුවෙන් මතබේදාත්මක තත්වයක් නිර්මාණය විය.

ඇතිවු මතභේදාත්මක තත්වය සැලකිල්ලට ගෙන  නෞකාවේ අන්තර්ගත පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75ක් සඳහා නොසැපයු පොහොර තොගයක් වෙනුවෙන්  ඇමරිකානු ඩොලර්මිලියන  6.9කට සමාන රුපියල් මිලියන 1382 අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි.

සමථ කොන්දෙසි අනුව  අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දෙසියක් අදාල සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාගෙන නොතිබුණි. අදාල සමාගම විසින්  ප්‍රමිතිගත පොහොර ලබානොදිම තුළ ඒ සඳහා ගෙවු මුදල අයකරගැනීමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ නිසා පොහොර සඳහා ගෙවු මුළුමුදලම රජයට සිදුවු පාඩුවක් බවට පත්ව ඇති බවද විගණන කාර්යාලය පවසයි.

කෙසේවුවද  අදාල සැපයුම්කාර සමාගමෙන්ගත් පොහොර සාම්පල් දෙවතාවක් පරික්ෂාකොට තිබුණි. එම අවස්ථා දෙකේදීම පොහොර ජිවානුහරණයකර නොමැති බවත් අර්විනියා  සහ බැසිලස්  යන අහිතකර බැක්ටිරියා  ඇතුළත් බවත් ජාතික ශාක නිරෝධායන සේවය නිර්දේශයකොට තිබුනි. එපමණක් නොව  පොහොර ගෙන්විම සඳහා සැපයුම්කරු හා  රජයේ  පොහොර සමාගම් අතර  ණයවර ලිපිනිකුත් කිරීම අත්හිටුවා තිබුණි. 

එහෙත් මෙකී ප්‍රශ්නගත පොහොර තොගය සම්බන්ධයෙන් තිරණයක් ගැනීම සඳහා පත්කරනු  ලැබු විශේෂ කමිටුව විසින් සිදුකළ  ශාක සත්ව හා මානව සෞඛ්‍යට  අහිතකර බැක්ටීරියා අඩංගු නොවන  එහෙත් හිතකර බැක්ටිරියා අඩංගුවිය හැකි පොහොර  ජිවානුහරණය කළ පොහොර යන නිර්වචනය පදනම්කොටගෙන මෙම පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදි තිබුණි. 

මෙම නිර්දේශය මෙම  මතභේදාත්මක ගණුදෙනුවට  එක් ප්‍රධාන හේතුවක් වි ඇති බව විගණනය මගින්  අනාවරණය කොට ඇත.

2021/2022 මහකන්නය සදහා කාබනික පොහොර මෙට්‍රික්ටොන් 96000ක්  මෙට්‍රික්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට  චිනයේ  සිමාසහිත    කින්ඩාඕ සිවින් බයෝටෙක් සමුහ සමාගමෙන් ආනයනය කිරිමට  සැලසුම් ක්‍රියාත්මකකොට තිබුණි.

මේ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් නැගුණු අතර එහිදී සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතානගේ චෝදනා කෙළේ හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය   ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ ගනදෙනුවට වගකිව යුතු බවයි. එසේම මේ වනවිට චීන සමාගම විසින් අයකරගනු ලැබ අති ඩොලර් මිලියන 6.9 සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාෂිකර්ම අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වනේ කමිටුවක් පත් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරාජයේ අවමානය යටකොට ශ්‍රී ලංකාව පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට දුන් උත්තරය….

Next Post

රම්පේ කොලයේ අප නොදත් විස්මය..එය  රසකාරකයකට එහා ගිය විශිෂ්ට ආහාරයක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.