අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඝාතනය වුණු ලංකාපුර පරිපාලන නිලධාරිණියගේ සැමියා මාධ්‍යයට කියන “අන්ධ භූත“ කතාව…

by editor
ජූලි 4, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

“මට නින්ද ගිහින් හිටියෙ… එකපාරටම ඇහැරුණා. එතකොට දොරෙන් කලුපාට උස මනුස්සයෙක් මා ළඟට ආවා. පස්සේ මම කුණුහරපයකුත් කියාගෙන බැස්සා මූට ගහන්න. “

“ඒත් එක්කම මුගෙ අතේ තිබ්බා පොල්ලක් හරි, මිටියක් හරි, පිහියක් හරි, මොකද්ද කියලා මට තේරෙන්නෑ… ඒකෙන් මට කෙටුවෙ, මට කොටනකොටම නෝනා එක පැත්තක නිදාගෙන හිටියා. කොටන කොටම නෝනගේ තමයි වැදුනේ..“

“මම ඌ පස්සේ පැන්නුවා. පන්නාගෙන යනකොට මගේ ගේ ඇතුලේ මට වඩා හොඳට ඌ දුවගෙන ගියා., ඒ වෙලාවේ ගෙදරට ලයිට් නිවලා තිබුණේ.  ඒත් එක්කම ඌ පැනලා ගියා.“

කපිල බණ්ඩාර

එලෙස මාධ්‍යයට අදහස් දැක්වූයේ අද ( 4  ) වැනිදා අලුයම 2,30 ට  පමණ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය වූ එම්.එල්. යමුනා පද්මිණී  කපා කොටා ඝාතනය කෙරුණු සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමක දී ඇගේ ස්වාමියා වන හතළිස් තුන් වියැති කපිල බණ්ඩාර නැමැත්තාය.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීනිය යමුනා පද්මිණී  4වැනිදා  අලුයම දෙකයි තිහට පමණ ඇයගෙ දෙමහල් නිවසට පැමිණි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා පවසන බව ලංකාපුර පොලිසියත් සඳහන් කරයි,

මෙම සිදුවීම් වෙද්දි ඝාතනයට ලක්වූ ඇගේ ස්වාමියා වන කපිල බණ්ඩාර  සහ ඔහුගේ දරුවන් දෙදෙනාද නිවස තුළ සිට ඇති අතර සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පුළුල් පරීක්ෂණයක් මේවන විට ආරම්භ කර   ඇතැයි  ලංකාපුර පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. පී. කේ. පතිරණ  අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඝාතනය වුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය එම්.එල්. යමුනා පද්මිණී

මෙම පරිපාලන නිලධාරිනියගේ සැමියා මුරකරුවෙකි. ඔහු ලංකාපුර කෑගලු ගම කනිෂ්ඨ විද්‍යාලයේ මුරකරුවෙකු ලෙස සේවය කරන්නේය.   ඔහු සිය   බිරිඳගේ ඝාතනය සම්බන්ධව මාධ්‍යයට මෙලෙසද අදහස් දැක්වූයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම දෙකයි විස්සට විතර නැගිටලා වොෂ්රූම් ගියා, ඊට පස්සේ නෝනගේ නෙට් එකේ ඇතුලේ ඉන්න මදුරුවො එලවලා, මගේ නෙට් එකේ ඉන්න මදුරුවොත් එලවලා මම නිදා ගත්තා. ඒ වෙලාවේ   දෙකයි විස්සට විතර ඇති. මම ඊයෙ නිවාඩු. වැඩට ගියේ නෑ. නිදාගත්තට පස්සෙ මට ටක් ගාලා සද්දයක් ආවා, එතකොට මට නිදා ගත්ත හැටියෙමයි. මට හොඳට නින්ද ගියේ නෑ. සද්දෙ එනකොට මට එක පාරම  ඇහැරුණා,“

“එතකොට කරුවලයි, එවෙලෙ ලයිට් ඕෆ් කරලා තිබුණේ. ඌ ගහන පාර මට වැදුන් නෑ . මට වැදෙනවා නං කොන්දට තමා වඳින්න තිබ්බේ,  නෝනට තමයි වැදුනේ, ලොකු දුව කෑගැහුවා අප්පච්චි කියලා.  එතකොට මම , එලියේ අරු  පස්සෙ දුවගෙන ඇවිත්.  මම හිතුවා තව කවුරුහරි  ගෙයි තුළ ඉන්නවා කියලා.  ආපහු ගෙට  මම දුවගෙන ගියා. ඒ නිසා ගලකින්වත් ඌට ගහ ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඌ හෙල්මටයක් වගේ දාගෙන හිටියා., ඒක  තමයි ටක් ගාලා මට ශබ්දයක් අර ඇහුනේ.“

“පස්සේ මගේ දරුවො දෙන්නා වඩාගෙන ඉස්සරහ ගෙදර  මාමාලාට කෑ ගැහුවා. කඩුවක්, මන්න  පිහියක්, එහෙම අරං ඇවිල්ලා අපි බැලුවා  ඌ ඉන්නවද කියලා.  හිටියේ නෑ.“

අපරාධ ස්ථානය…

“ඒ කරලා  මම ඕ.අයි.සී  මහත්තයට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ 1990  කතා කළා. හොස්පිටල් එකට අරන් ගිහිල්ලා පැයකට පස්සේ තමයි මගේ නෝනා නැති වුණේ. මම හැමෝටම  වචනෙකින් හරි උදව් කර මනුස්සයෙක්. කවුරුවත් තරහාකාරයො හිටියේ නෑ. විනාඩි තිහක් පමණ නෝනා  රෝහලට අරන් යන්න පරක්කු වුණා. මැදිරිගිරියේ ඉඳලා තමයි 1990 ආවෙ.  විනාඩි විස්සක් විතර ඒකට කල් ගියා.“

ඝාතනයට ලක්වූ  යමුනා පත්මිනි  මහත්මියගේ ස්වාමියා වන කපිල බණ්ඩාර   වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නොමැති අතර  පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි  ඔෂාන් හේවාවිතාරණගේ උපදෙස් පරිදි ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.පි.කේ පතිරණගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එදා මං කෑ ගැහුවෙ නැතිනම් අද හාල් කිලෝ එක රුපියල් 350ට වත් නෑ… ඩඩ්ලි පොලොන්නරුවේ දී කියයි…

Next Post

හෙට හෝ අනිද්දා බෝම්බ ගැහිල්ලේ කතාව තහවුරු නොකළ බුද්ධි තොරතුරක්.. ආරක්ෂක අමාත්‍යාංශය

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.